Wednesday, September 15, 2010

"නෑ සර්.. මුකුත් නෑ..."

මගේ පරණ දේවල් ගැන මතකෙ එච්චර හොඳ නෑ. ඒත් අපේ අභීත මහත්තයා, පිස්සා වගේ ජොකියො ඒව බ්ලොග් වල ලියනකොට මතක් වෙනව ඕං අපිටත් අතීතෙ. මේකත් මේ පන්තියක කතන්දරයක්, පන්තියක කිව්වට ටියුසන් පන්තියක (හැබෑට ටියුසන් පන්ති ඇරෙන්න ලංකාවෙ වෙන පන්තියක් නෑ නෙ නේද?) කමක් නෑ. ඕං මමත් ගියා ටියුසන් පන්තියකට රසායන විද්‍යාවට. අපරාදෙ කියන්න බෑ ඇස්වහක් කටවහක් නෑ, සර් නං පට්ටම සැරයි. ඩෙස් වල ඈත ඉන්න කොල්ලොන්ට ගහන්න දිග ඇන්ටන් පීවීසී බටයකුත් තියනවා පන්තියේ (වැදගත් තැනක මුල්තැන ඇන්ටන් පීවීසී).  මේක ගහපු කතන්දරයක් නෙවයි, ගහපු කතන්දර ගැන කියනවා නං ඉතින් වෙනමම බ්ලොග් එකක් ඕන.
ඔන්න ඉතින් සර් උගන්නනවා, පොරට උගන්නන අතරෙ කවුරුහරි කතාකරොත් ඉතින් ආයෙ මල අතේ තමයි, එකම කෑමක් තියෙන්නෙ.

එක දවසක් උගන්නකොට කෙල්ලෙක් කතාකරනවා පොරගෙ අංජනමට අහු උනා. පොඩි බැල්මට් වෝනිං එකක් දැම්මා, ම්හු.. දිගටම වට්ටි අම්මා ටෝක දෙනවා. සර් උගන්නන එක නවත්තලා බලාන ඉන්නවා, පන්තියම මීයට පිම්බා වගේ, ඒත් වට්ටි අම්මල දෙන්නා කතන්දරේ දිගටම කොරාන යනවා.

එක පාරටම සර්..

"කෝ.. ඔය මැද ඉන්න ළමය නැගිටිනවා... මොකො?" කියල අහපි..

ගෑනු ලමයත් ඕං ගැහි ගැහි නැගිට්ට..

"මුකුත් නෑ සර්..." පුරුදු උත්තරේ හම්බුනා...

"මුකුත් නෑ...? " සර් ආයෙමත්...

"නෑ සර්.. මුකුත් නෑ..." කෙල්ල බය වෙලා හොඳටම..

"හොඳට බලනව හොඳට බලනව මුකුත් නැත්ද කියල ?" සර් ආයෙමත් ඇහුව..

දැන් අපේ පැත්තෙන් ලාවට හිනා පාරක් යනව මේ වැඩේ නිසා...

"නෑ සර්.. " කෙල්ල ආයෙමත් කිව්ව..

සර් කොල්ලො ඉන්න පැත්තට හැරිල.. "බොලව්නේ.. මේ.. මේකිට මුකුත් නැහැයි කියන්නෙ" කියල කිව්වා... අපේ ගොඩක් උන්ගේ කට කනට ගිහින් .. සමහරුන්ගේ කට ගිහින් කනේ ඇමිණිලා....

ආයෙ සර් කෙල්ලගෙ පැත්තට හැරිලා "මුකුත් නෑ කියල හොඳටම විස්වාසයි නේද? හරි ප්‍රස්නයක් නෙ" කියල ඇහුව...
කෙල්ලත් දැන් ඇඹරෙනවා...

සර් ආයෙමත් මෙහෙම කිව්ව...

"මේ.. මුකුත් නැත්නම් මෙතන ඉඳල වැඩක් නෑ.. යන්න ක‍ටුගෙට!"

 

ඕං අපි ගියා... ක‍ටුගෙට නෙවයි.. අදට අපි ගියා..

පසුවදන..
ඒ ගුරුමහත්තයටයි ඉස්කෝලෙ ගුරුමහත්මියටයි පින්සිද්ද වෙන්න මම ඒ අවුරුද්දෙ රසායන විද්‍යාවට හොඳ ලකුණක් ගත්තා. අද මට මෙතැන ඉන්න පුලුවන් වෙලා තියෙන්න ඔවුනගේ කරමතින්.. හොඳ ලකුණක් කියන්නෙ A එකක්, බහුවරණ වලට හැටෙන් පනස් පහකුත් සමග..!! ඔව් ඔව්.. මේ මට තමා...කතන්දරේ දන්න වෙන අය ඉන්නවනං ඔය නං ගං මෙතන ලියන්නෙපා. ලිව්වත් ඉතින් වැඩක් නෑ.. මම මොඩරේට් කරල නෙව තියෙන්නෙ කොමෙන්ට්ස්...

29 comments:

  1. උබ මහ දසයෙක් නොවැ. ඔය රසායනේට ඒ අකුරක් ගත්ත කියන්නේ. මට නම් මෙලෝ රහක් නැහ ඔය විශය ඒ කාලේ ඉදන්ම.

    පව් බන් ඒ කෙල්ලට ආයෙ පන්ති එන්න නැතිව ඇති..

    ReplyDelete
  2. කතාව නම් එල.මමත් ගියා chem පංතියකට.හ්ම්....කෙල්ලට ඔයාලා හිනා වුන එක හරිද මංදා.එයා කොහෙහරි ඉදන් මේක කියවනවද දන්නෑනෙ අයියා.හරි...හරි...කොහොම උනත් funම තමා.

    ReplyDelete
  3. සර් කවුරු උනත් ඒ සර් ගැන උඹේ blog එකේ ලියලා ගෞරවයක් කරන්න තිබුන චාන්ස් එක උඹ නැති කරගත්තා.. ඒ නිසා මේ කතාව කියවගෙන යනකොට හිනාවක් ඇඳුනත් පසු වදන කියවද්දි ඒක මැකුනා.. :(

    ReplyDelete
  4. හොඳ පාඩම වට්ටි අම්මල වගේ කයිය ගහන කෙල්ලන්ට . ..

    හැබයි ඉතිං ඒ වගේම කයිය ගහන කොල්ලොත් අඩු නෑ නේද . .

    අනික කියන්න තියෙන ඕපාදූපයක් ඉක්මනටම කිව්වේ නැත්නම් කිසි ගතියක් නෑ නේ . . . හි හි

    ඕ පූ කියලා, කියලා දාන්න ඇති අර කෙල්ල . ..

    ReplyDelete
  5. වැම්පා අයියේ මට පොඩි සිංදුවක් ඕන කරලා තියනවා අමරදේව මහත්තයගේ "කිරුලු පලන්දන රජෙක් නැති රට කරවන්නට පුතෙක් නැති" කියන සිංදුව එහෙම තියේද

    ඊළඟට මේ රසායන විද‍‍්‍යා පංතියේ සර්ගෙ නම පටන් ගන්නෙ පි යන්නෙන්ද කියලත් කියන්නකෝ

    ReplyDelete
  6. hikz.... matat chem penna baa... goda gehila note :(

    sure da monawath nee kiyala??? :P

    ReplyDelete
  7. @පිස්සා පලාමල්ල
    අනේ මන්ද බොල, කෙල්ල නං ආයෙ පන්ති ආවා..

    ReplyDelete
  8. @ප්‍රාර්ථනා
    හිනා යනවනෙ නංගි කියන විදියට. අනේ මන්ද අපිටත් පිස්සුනේ ඉතින්. කෙල්ලට කිසි අවුලක් වුනේ නෑ.. දිගටම පන්ති ආවා...

    ReplyDelete
  9. @කාංචන දිනූක
    එහෙම ඕන නෑ මචන්.. සර් ට ගෞරවේ දෙන්න දෙයක් නෑ. ඒ මනුස්සය බොක්කෙන්ම වැඩේ කරන ජාතියෙ පොරක්. ආයෙ ඒකෙ දෙකක් නෑ. කෙල්ලත් පන්ති ගමන නැවැත්තුවෙ නෑ...

    ReplyDelete
  10. @දුකා

    ඒක නං සහතික ඇත්ත දුකා අයියේ. අම්මප.. මම ඔයවගේ ක්ලාස් එකකින් ගුටි නොකා බේරුන අවස්තා තියෙනව තුන හතරක්.. ගුටිකාපුව ඊට වැඩියි...!!

    ReplyDelete
  11. පිස්සු කෙලින ගමන් ගොඩ යන උන්ගෙ වටිනාකම වැඩියි මචන්.....

    ReplyDelete
  12. @අභීත
    හ්ම්ම්.. ඇත්ත.. ඕව ඔක්කොම කරේ නැත්නං කිසි ගතියක් නෑ නෙව..

    ReplyDelete
  13. @තීර්ථ යාත්‍රිකයා
    නෑ මල්ලි.. පි නෙවෙයි..

    සින්දුව දෙන්නං.. ළඟ තිබුණා වගේ මතකයක් තියෙනවා...

    ReplyDelete
  14. @Namila
    එහෙම තමා කිව්වෙ නං...

    ReplyDelete
  15. අනේ මට කතාව තේරුණේ නෑ :(

    ReplyDelete
  16. සිංදුව තියේ නං පුලුවං නං කොහේට හරි අප්ලෝඩ් කරලා ලින්ක් එක මෙතනම දාන්න හොඳේ.(මම ඇණයක්ද මංදා)

    ReplyDelete
  17. වැම්පි, කතාව නං මරු. මේ වැම්පි ගුරු නැද්ද මේදවස් වල කවියක් දෙකක් අහගන්න

    ReplyDelete
  18. කෙල්ල හිතන්න ඇති,"ඕවා කියලා මගේ කට වහයි සර්....හ්ම්"

    ReplyDelete
  19. @ස්වප්නාක‍ටු ගේ කියන්නෙ කෞතුකාගාරෙට.. මුකුත් නැත්නං ඉතින් විශේෂ සත්වයෙක් නෙව...

    ReplyDelete
  20. @තීර්ථ යාත්‍රිකයා

    http://www.mediafire.com/?rmyd0tdymt2


    http://www.youtube.com/watch?v=eamXIhzWej4


    නොමියෙන මිනිසුන් චිත්‍රපටයෙන්...

    ReplyDelete
  21. @බුද්ධි
    අනේ වෙලාවක් නෑ බුද්ධියො.. හරි අමාරුවෙන් මේ ටික හරි කොරන්නෙ..

    ReplyDelete
  22. @sithuwilimandiya

    හෙහෙ.. වෙන්ටැ වෙන්ටැ....

    ReplyDelete
  23. තැන්කූ සිංදුවට. මමත් හොය හොය හිටපු එකක්

    ReplyDelete
  24. පවු වැඩේ හැබැයි කෙල්ල.වැම්පා අයියේ සින්දුවක් හොයලා දෙන්න බැරිද?

    ReplyDelete
  25. @පුබුදුවාපොරොන්දු වෙන්න බෑ.. උත්සාහ කරන්න පුලුවන්...

    ReplyDelete
  26. කතාව නම් හිනා යන එකක්...

    ඒත් මචං ඔය සමහර ගුරුවරු දෙනෝදාහක් ඉස්සරහ කෙල්ලොන්ව නිරුවත් කරන විදිහේ කතා කියන එක මතක්වෙලා හිතට දැණුනෙ දැඩි වේදනාවක්...
    මොනව වුනත් කෙල්ලොනෙ මචං..

    අනික හැමෝටම ආත්ම ගරුත්වය කියල එකකුත් තියෙනවනෙ...

    මේ සර්ගෙ කතාව නම් එච්චරම නරක නැහැ...
    අඩුම තරමේ සර්ගෙ නමවත් කියන්ඩ තිබුණා නේද මචෝ...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails