Monday, September 6, 2010

මාතර මහා ගුරුකම්..! – MataraBloggers ..!

 

logo

ළඟ ළඟ ඉඳන් හොරාට හොරාට බ්ලොග් ගුරුකම් කරන අපේ ම කට්ටිය එකතු කිරීමට, දැනට බ්ලොග් ගුරුකම් කරනන්නන් අතර මිතුදම් වර්ධනය කිරීමට, සිංහල බ්ලොග්කරණයේ යෙදන පිරිස වැඩි කරගැනීමට, ඈත් වූ අය එපා කිරීමට, එපා වූ අය ඈත් කිරීමට, වශී ගුරුකම් කිරීමට,අල්ලපු ගෙදර මිනිහා විදේශගත කිරීමට, දින හතෙන් සිතේ ඇති කෙනා දෙපා මුලට ගෙන්වා දීමට, හදවත සොරාගත් කෙනා හදවත කරේ තියාගෙන දින හතක් වත්ත වටේ ඇවිද්දවීමට, හැරගිය පෙම්වතියගේ මිතුරිය හා යහලු වීමට, හදි හූනියම් කිරීමට, විභාග නඩු හබ ජය ගැනීමට, සතුරු කරදර නැති කිරීමට  ආදී මෙකී නොකී සියලුම දේවල් බාරගනිමු! කැවිලි නැත, පැන්නිලි නැත, ඇනිලි නැත, කෙස්, ලොං, දත් උවමනා නැත.

විදෙස් ගතවී බ්ලොග්කරණයේ නිරතවන මාතර අසරණ දරු දැරියන්ට ඊමේල් මාර්ගයෙන් හා ගූටෝක් මාර්ගයෙන් පිහිටවෙමු!

ලග්නය, උපන් දිනය, නම් ගම් ලියූ මුද්දර ගැසූ දිග ඊ ලියුමකින් හෝ පහත ලිපිනයෙන් අප හා සම්බන්ධවෙන්න..

apply membeship url  http://goo.gl/QtrG

පූජා භාණ්ඩ ඔබ විසින් සැපයිය යුතුයි! පෝය හා රජයේ නිවාඩු දින වුවද අවුලක් නැත. හරිගිය පසු මුදල් අය කරනු නොලැබේ...!

මේ සත්කාර්යයට මුල්වුන දේවමෑණී පබලු, දේව දරු හා පැටික්කී, මංකඩ ලියන කාංචන දිනූක ගුරුන්නාන්සෙ, සුපුන් බුධාජීව ගුරුන්නාන්සේ ප්‍රමුඛව දැනට මාතර ඉඳන් බ්ලොග් ගූරුකම් කරන පිරිස වෙනුවෙන් ඔබව දැනුවත් කලේ

මහා මන්ත්‍රාචාර්ය වැම්පිගුරා..

මාතර බ්ලොග්කරුවන්ගේ සංගමය මෙයින් ප්‍රසිද්ධියට පත්කරන ලද වගයි…

ඉල්ලුම් කරන්න...මෙතැනින්..

apply membeship url  http://goo.gl/QtrG

group එකේ url එක  http://goo.gl/35GS

මොකක් හරි සීන් එකක් වුනොත් අපිට ටෝක් කරන්න ඒ කිව්වේ ඊමේල් කරන්න  http://goo.gl/2cuj

ලෝගෝ නිර්මාණය- මහා මන්ත්‍රාචාර්ය සුපුන් බුධාජීව

ප.ලි.

මේ දවස් වල හරිම බිසී.. ඒකයි මේ පැත්තෙ එන්නෙ නැත්තෙ.. ඒත් පෝස්ට් ඔක්කොම බලනවා කට්ටියගෙම..

අපිට කතාකරන්න  තියෙන මාතෘකාවකට හොඳ පූර්විකාවක් මෙතැනින්...අපේ අභීත මහත්තයගේ ලිපියක්..

http://tikakhinawenna.blogspot.com/2010/07/blog-post_27.html

වික්ටර් ප්‍රේමකීර්ති සුසංයෝගය සමගින් එකතුවෙමු පසුවට..(මට වෙලාව නෑ බොලව්)

නැවත හමුවන තුරු ආයුබෝවන්...!

34 comments:

  1. මචං... සොරි වැරදුණා....
    මහා මන්ත්‍රාචාර්ය වැම්පිගුරෝ...
    අර Half Godsල ඉන්නව වගේ මාත් භාගයක් මාතර කොල්ලෙක්!
    මොකද තාත්තා කොළඹ වුණාට අම්මා බෙලිඅත්තේ...
    අපි වගේ අයට ඕකට සෙට් වෙන්ඩ බැරිද දන්නැහැ නේ????

    ReplyDelete
  2. කස්ටිය සැටි වෙලා කුමන්ත්‍රන එහෙම පටන්ගන්නව නෙවෙයි හරිද....

    සුබපැතුම්..෴

    ReplyDelete
  3. Deviyan Saha Boothayan Viswasa Karana Oba Sandahamay Me Sangarawa Nikuth karala Thiyenne.Me sangarava aran balanna...Me gana Wadi Visthara Dana Gana Oni Nam Potha Athule Teliphone Number Thiyanawa....Meya Saththayay...Nuwal Name-DEVIYO saha BOOTHAYO

    ReplyDelete
  4. මාතරට විතරද වෑම්පො?

    ReplyDelete
  5. Deviyan Saha Boothayan Viswasa Karana Oba Sandahamay Me Sangarawa Nikuth karala Thiyenne.Me sangarava aran balanna...Me gana Wadi Visthara Dana Gana Oni Nam Potha Athule Teliphone Number Thiyanawa.Nawal Name-DEVIYO saha BOOTHAYO

    ReplyDelete
  6. Deviyan Saha Boothayan Viswasa Karana Oba Sandahamay Me Sangarawa Nikuth karala Thiyenne.Me sangarava aran balanna...Me gana Wadi Visthara Dana Gana Oni Nam Potha Athule Teliphone Number Thiyanawa.Nawal Name-DEVIYO saha BOOTHAYO

    ReplyDelete
  7. ඇයි බොල ඕක බෙන්තර ගගෙන් එහා වගෙ කොලා නම් දකුණු ලක අග නගරෙ අපිටත් එන්ට තිබ්බ නොවැ...

    ReplyDelete
  8. මේ, අපි මාතර නෙවෙයි.. මොකද ඔය මාතර කට්ටිය විතරක්ම එකතු කර ගත්තෙ? ඇයි කොළඹ කෙල්ලො කොල්ලො කළුද?

    ReplyDelete
  9. ඒ..ඒක හරිනෑ බොලව්.. ඔන්න ඔන්න කල්ලි ගැහෙන්න පටං ගත්තා.. අපි මාතර නෙවෙයි කියල අපි ඔටුවොද?

    ඒක නෙවේ.. අපිටත් බැරිවෙයිද ගුරුකමක් කොර ගන්ට..

    ReplyDelete
  10. ඇයි ඔහෙලගෙ මාතර සංගමේට " සොඳුරු සිතක් " ඇති " වත් " නැතෙයි? එහෙම කරන එක හරිය ? මෙහෙම කල්ලි ගැහෙන එකට මගේ බලවත් විරෝධය !!!! කවුරු හරි බස්නාහිර පළාත් ගුරුන්නාන්සේ කෙනෙක් ඉක්මනින්ම සංගමයක් හදපියෝ!! මමත් ඒකට එනවෝ!!!
    :D :D :D :D

    ReplyDelete
  11. අනේ බොලව්... මේක කල්ලියක් නෙවයි බං.. ළඟ ළඟ කට්ටිය සෙට් වෙන්න, පොඩි අඩියක් පුඩියක් ගහන්න.. කට්ටිය අහුලනවා.... :)

    ReplyDelete
  12. අඩා අලියගෙ කකුලක් බකල්... අනික මේක නිල්පාට වුනේ කොහොමද ??? අලි කොළ නේ....

    ReplyDelete
  13. මල්ලි.. ලෝගෝ එකේ විස්තරයක් දාන්නං ඉක්මනින්ම..

    ReplyDelete
  14. එල එල එල මචන්ලා
    අපි වමේ ගියාට දකුනේ කොල්ලො

    matara inna set eka facebook eke mage groupe ekatath join wela share karan podi help ekak denna

    http://www.facebook.com/#!/group.php?gid=34770083341&ref=ts

    groupe ekata gihin balanna wade hodaida kiyala

    ReplyDelete
  15. පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුනා.
    කට්ටියට ඇයි මාතර විතරක් කියල ගැටලුවක් ඇවිල්ලනේ. වැම්පා උත්තරයක් දීලා ඒකට. සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය කියල එකක් තියනවා. අපේ වැඩේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ විකල්ප පෙරමුණවත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ ම පාර්ශවය වත් නෙවෙයි. මේක මාතර ඉඳන් බ්ලොග් ලියන කිට්ටුවපාත අය එකතු කරගන්න කරන වෑයමක්. මේ වැඩෙන් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයට කිසිම හානියක් නෑ තවත් ශක්තියක් වීම මිසක්. අනික සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය ආරම්භ කරන්න මූලික වුන සාමාජිකයෙකුත් අපි අතර ඉන්නවා. ඉතින් කොහොමත් ගැටුමකක් ඇතිවෙන්නේ නෑ. අපේ වැඩේ අරමුණ තමයි අපි අතර සුහදතාව වර්ධනය කරන එක. ඉතින් අපි අපි අතර සම්බන්ධතාව ගොඩනගාගන්න පළමු පියවර විදිහට තමයි ඉස්සෙල්ලාම මේ group එක හැදුවේ.

    මාතර නොවන අයට මේකට එකතු වෙන්න ක්‍රමයක් තියනවා. කොල්ලෙක් නම් මාතරින් කෙල්ලෙක් හොයාගෙන බින්න බහින එක. කෙල්ලෙක් නම් මාතරින් කොල්ලෙක් හොයගෙන දීගෙක එන එක. :p

    @හරී
    වත් අකක්ව අමතක කරන්නේ කොහොමද. එයා තමයි එයත් නොදැන මේකට අඩිතාලම දැම්මේ ලිපි 198ක් ලියලා. වත් අක්කා ආරම්භක සාමාජිකයෙක්.

    @all
    කවුරුහරි ඔය රූපෙ ඉන්න අලියා කවුද කියල දන්නවනම් කියමු බලන්න.

    ReplyDelete
  16. අපෝ.. අඩි කල්ලියක් :S

    ReplyDelete
  17. පොඩි බකප් පාරක් ලෙස මගේ මුණු පොතේද මෙම විස්තරය ලීක්කර හරිමි. බුධා, වැම්පිගුරු ඈතුලු සියල්ලන්ට ටයිල් අල්පු දේවාල පොඩ්ඩක් සාදා ඉක්මනට එකේ සැට් වන්න ලැබේවායි ද පතමි.

    ReplyDelete
  18. @ වැම්පයර්, කාංචන
    මම කල්ලියක් කිව්වෙ විහිළුවට, කට්ටිය එකතු වෙන එක මොන තරම් හොඳද, මම දන්න මාතර කට්ටිය ගෙන් වත් බ්ලොග් ආරම්භක සාමාජිකයෙක්, ඒ නිසයි ඇහුවෙ. මම හිතන්නෙ වත් මම කියපු දේ ගැන අමනාප නොවෙයි, පොඩි විහිළුවක් ඒක.

    ReplyDelete
  19. @හරී
    මට කලින් කියන්න අමතක වුනා.. ගුරුන්නාන්සේලා හොය හොය ඉන්නේ අක්කට පුළුවන්නේ දේවමෑණී කෙනෙක් වෙන්න :p

    ReplyDelete
  20. ෂා මරු නේ..
    ඔන්න මමත් සෙට්zZz උනා..

    ReplyDelete
  21. @හරී:වත් අක්ක අනිවා ඉන්න එපයි.අපිත් පොඩි පොහේ විදිහට කොලඔ දිසාවෙනුත් එකක් පටන් ගමුද?

    ReplyDelete
  22. වැම්පි ඇදුරු තුමෝ මම කැමතිම ගුරුකම නම් "අල්ලපු ගෙදර මිනිහා විදේශගත කිරීමට" . . . . . කීයක් විතර යයිද ?

    ReplyDelete
  23. අහ්... නියම වැඩක් වැම්පයර් .....

    ReplyDelete
  24. ආයුබෝ වේවා!!දේව මැණි පබලු සැපැමිණියා...ටන් ටනන්,,,,

    සිරි ලක්දිව සිරි වඩවන
    මාතර සුරපුරය වනා
    එහි සිටිනා බ්ලොග් කාරයෝ
    රැස් කරන්න හිතක් වුනා....

    කංචන ,හා පැටික්කිටත්
    බුධා වැම්පා එකතු වුනා
    MataraBloggers නමින්
    පංචාස්රය කූඩු වුනා....

    ඉතිරිය පසුවට කවි කරන්නම් ….බ්ලොග්කරණයේ නිරතවන මාතර වසන්නට කෙරෙන සුහද ඇරයුමයි!!

    ReplyDelete
  25. @දුමී

    ඉස්සෙල්ලා ගෑනු කෙනා යාලු කරගෙන හිටින්කෝ.. ඊට පස්සෙ වැඩේ සිම්පල්..!! හික් හික්..

    ReplyDelete
  26. ඒ මචන්. අර එහෙට මෙහෙට වෙලා තියෙන්නෙ අලියගෙ කකුලක්ද?

    ReplyDelete
  27. වැම්පි ගුරා...සහ ගෝල නඩයට මගේ සුභ පැතුම්..
    මෙයට මාර ගුරු

    ReplyDelete
  28. "ඉස්සෙල්ලා ගෑනු කෙනා යාලු කරගෙන හිටින්කෝ.. ඊට පස්සෙ වැඩේ සිම්පල්..!! හික් හික්.."

    හයියෝ . . . වැමිපි ඇදුරුතුමාට වැරදිලානෙ බොලේ . . . මට නම් ඒ දැරිවිව යාළු කරගන්න උවමනාවක් නැහැ. සහෝදර ප්‍රේමය නිසා පොඩි උදව්වක් කරන්න කියල හිතුනා . . . ඒකයි හස් බන්ඩව රට යවන්න පොඩි උදව්වක් වෙන්න හිතුවෙ !

    ReplyDelete
  29. මේ පැත්තේ එන්න බැරිවුණාට සමාවෙන්න ඕන්....වැඩ රාජකාරී ගොඩ ගැහිලා....
    අහ් ඒකෙන් මේකෙන් වැඩක් නෑ...

    ඔන්න අපේ ෴ සාඩම්බර හසී පවුල ෴ වෙනුවෙන් ෴ හසියා ෴ මුළු හදවතින්ම සුභ පතනවා....

    අහ් මේ ඒක නෙවේ....හිතේ ඉන්න කෙල්ලෙක්ව සෙට් කොරල දෙන්න කීයක් විතර ගන්නවද දන්නෑ නේද?‍‍‍...
    ඩිස්කවුන්ට් එහෙම නැද්ද....???

    ReplyDelete
  30. 'අනේ බොලව්... මේක කල්ලියක් නෙවයි බං.. ළඟ ළඟ කට්ටිය සෙට් වෙන්න, පොඩි අඩියක් පුඩියක් ගහන්න.. කට්ටිය අහුලනවා....'
    මොකක්ද බොල ඔය කියලා තියෙන කතාව... අම්මප....
    ඔය ගුරාලා නං ඕව කලාට කමක් නැහැ.. ඒත් මේ දේවමෑණියන්ටයි... දේව දරුවටයිත්... අඩි පුඩි ගහන්ඩ...?

    (ඔය සෙට් වෙන වෙලාවට අපිටත් හොරෙන් මැසේජ් එකක් දාපන්...
    ඉන්ටර්සිටියක හරි එන්නං)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails