Friday, September 10, 2010

කුනුහරුප සින්දු ..!! | Slang Songs..!!

 

පහුගිය දවසක මට අම්බානකටම මල පැන්නාය. කොච්චර පැන්නාද කිව්වොත් තව පොඩ්ඩෙන් උගේ ගෙදරම ඉඳන් ඌට අම්මබානක නෙලනවාය. සිද්දිය මේකය. සුලු සිද්දියක් වීමටද පිලිවන්ය. ඒත් මගේ මල අම්බානය. ඒ මම නූතන සඟිස්කුරුතයට නොගැලපෙන පරණ මොඩලයක් වීම නිසාද යන්න මම දන්නේ නැතිය.

අපේ ලංකාවේ ඉන්න බුවාලා හොඳ ජීවිතයක් ගතකිරීම සඳහා විදේසගතවනවාය. බොහෝ විට මේ සඳහා ‍තෝරාගන්නේ ඕස්ත්‍රේලියාව, කැනඩාව වැනි රටවල්ය. අමතක කරන කරුණ නං මේවායේ සුද්දො කියල ඉන්නෙ ඔරිමජිනල් සුද්දො නෙවෙන වගය. ඕවයෙ ඉන්නේ එංගලංතෙන් පි‍ටුවහල් කොරපු ඉරහඳ ලෙවකාල ඉන්න ජාතියෙ අයියලගෙන් පැවත එන සුද්දන්ගෙ පරම්පරාවය. ඒකට ඉතින් කමක් නැත. බොහෝ උන්ගේ ඇතුල ලංකාවෙ ඉන්න ඇවරේජ් පොරකට (හොරෙක් ? ) ට  වඩා ටිකක් හොඳය. ඒකත් පැත්තකින් තියමු...

ලංකාවෙ පොරකුත් උගේ හැත්ත බුරුත්ත එක්ක මේ රටකට ආවාය. ඉතින් ඒවායෙ ඉන්න ලංකාවෙ උන් හැටියට අපි සෙට් වූවාය. මිතුරෝත් උනාය. උගේ ළමයිත් මෙහේ ඉස්කෝල වලට දැම්මාය. මෙහේ ඉතින් පොඩි පොඩි ගතමන්ට් කාරිය ලොකු මහත්තයට දෙන්න ඕනෑ නැතිය. ඉස්කෝලෙ ඒරියා එකේ ඉන්නවනං කොහොමත් පොඩි එකා ඉස්කෝලෙට ගන්නවාය.

මට පොඩි එකාගේ හැසිරීම ටික දවසකින් ඇල්ලුවේ නැතිය. මූ නිකං වලංකඩේ ගොනා වගේ හැසිරෙනවාය. මට මොන පු යන්නක්ද කියලා හිටියත් ලංකාවෙ කමට මම මහ එකාටත් කිව්වාය. මහ එකා මගේ කීම ඇහුවාය. මම පොඩි එකාටත් ඉතින් ලොකු දේසනාවක් දුන්නාය.. ඌ හොඳය.. ටිකකින් ඌට තේරුනාය. දැනටත් ඌ හොඳින් ඉන්නවාය.

ඊට කාලෙකට පස්සෙ මට මහ එකාගේ වෙනසක් පේන්ට ගත්තාය. මහ එකා සුද්දා වගේ හැසිරෙන්න ගත්තාය. කඩ්ඩ සින්දු අහන්න පටන්ගත්තාය. ඒක හොඳය. මොකද කඩ්ඩ නැත්තං හාමතේ මැරෙන්න වෙනවාය. ඒත් සුද්දා වගේ වෙන්න ඕනෑ නැතිය.

සිද්දිය සැකෙවින් මේකය...

එක දවසක් මම උන්ගේ ගෙදර යනවිට කඩ්ඩ සින්දුවක් පලු පැලෙන්න දාලාය. මම පොඩ්ඩක් ඇහුංකන් දුන්නාය. ඒක නිකං ඇහුවම ඇඹරිලා යන සයිස් එකේ කුනුහරුප තියෙන සින්දුවක්ය. දෙකක් දාගත්තම පාරේ වැනි වැනි කියන ජාතියෙ ඒවාය. ඉතින් මම මේ මොකදැයි මහ එකාගෙන් ඇහුවාය..

ඌ මට හෙන දේසනාවක් දෙන්න පටන්ගත්තාය, මෙහේ ඉන්නවනං ඉතින් මෙහෙම ඉන්න ඕනෑය, අරකය මේකය යැයි කිව්වාය. එතකොටම මට මල අතට ආවාය.

මම ඌට සිංහලෙන් දුන්නාය.  එහෙම ඕනෑ නැති වග ඒත්තු ගැන්නෙන්න කෙස් පැලෙන තර්කද දුන්නාය. මූ පොඩි එකාට හපන්ය. පොඩි එකා වලංකඩේ ගොනා වගේ ඉස්සර හිටියාය. ඒත් මහ එකා ඇත්තටම වලංකඩේ ගොනාය. ගොං වස්සාය. අන්තිමට මම මෙහෙම ඇහුවාය..

"උඹ දන්නවද බොල උඹ ඔය උදේ හවා අහන ඒවයෙ තේරුම?"

ඌ ඔලුව දෙපසට වැනුවාය. මම ඌ කාමරේට එක්කන් ගොස් ජාලය මගින් එක ගීතයක පද මාලාව පෙන්වා එය ඌ ලව්වා මුද්‍රනය කරවා ගත්තාය. ඉන්පසු මධුර හා මලලසේකර මගින් ඒ වචනවල තේරුම ඒ කොලේම ලියලා මට පෙන්නපං කිව්වාය. කියලා මං ආවාය.

පස්සෙන්දා උදේ මගේ දුරකතනෙ නද දෙන්නට පටන්ගත්තාය. මහ ගොනාය..!!

පොරට වැඩේ අහුවෙලාය. මාත් එක්ක ඇඬෙන්න කතාකරාය. මම කිව්වේ මෙච්චරය..

"උඹට ඕව නොතේරුනාට උඹේ පුතන්ඩියට නං ඕව හොඳට තේරෙනවාය.. ඌ තාත්තගේ තරම දැනගන්නට ඇතිය....!!"

මේ ගැන මං කලින් ලිපියක මයියාට කොමෙන්ට් එකකුත් දැම්මාය.. ඒ මේකය...

http://blogvampa.blogspot.com/2010/08/blog-post.html

මයියා said...

මයියා ටත් ඔය සින්දු දේක තුනක් ඇරුනම අළුත් අයගේ සින්දු දිරවන්නේ ම නැත. මයියා හිතුවේ එහෙම වෙන්නේ මයියා වයසට ගිහින් ඇති නිසා කියලා ය,
මොකද ඔය ඉස්සර අමරදේව මාස්ටර් ගේ සින්දු අහපු කට්ටිය ඒ කාලේ ජනප්‍රිය වේදිකා වේ සින්දු කියපු ජෝතිට, මිල්ටන් ලට අම්බානකට බැන්නෝය. පස්සේ ඔවුන් ක්ලරන්ස් ලට , රූකාන්තලට බැන්නෝය...ජිප්සීස් ලව නම් පෙන්නන්ම බැරිය..දැන් බලන කොට අලුත් සින්දු එක්ක බලන කොට ජිප්සීස් ලගේ සින්දු දාහෙන් සම්පතය..
මොනා උනත් මයියා ට දුක හිතෙනේ ට්‍රිප් එකක් ගිය වෙලාවකටවත් හරි හමO සින්දුවක් කීමට අළුත් අය දන්නේ නති එක ගැනය...

වැම්පයර් said...
 
මයියා - මයියා ගෙ අවුල වයස නෙවේය. මොලේ ය. පොඩ්ඩක් හිතන්න පුලුවන්කමය. ඒත් මේ රටේ ඒක හෙන අවුලක් බව මගේ මොලේටත් වැටහෙනවාය. තාලෙකට නොකියන අමු කුනුහරුප වලට නටන්නයි අත් තලන්නයි අපේ උන්ට පුලුවන්නං පාරෙදි එකෙක් කුනුහරුපෙන් මොකක්හරි කිව්වම මල අතට අරං උගේ පස්සෙ එලවන්නේ මක්කටදැයි මගේ මොලේට නං වැටහෙන්නේ නැතිය. අම්මප ට්‍රිප් එකක් ගියාම කියන්නෙත් ඕව නේන්නං, මොකො අපේ ඉරාජ්ලගෙ ඒව කියන්නෙයි. ඒව ඉතින් අම්මල තාත්තල එක්ක කියන්න පුලුවනෑ.

මයියගෙ බසින්ම ලිව්වෙ ඒකය..

කොතැන ගියත් ලංකාවේ විදියට ඉන්නට හිතටගන්න ඕනෑය. රටවල්වල තියෙන හොඳ විතරක් ගන්නට ඕනෑය. පොඩි උන් ගැන විමසිල්ලෙන් ඉන්නට ඕනෑය..

මලෙන් ලිව්වාම මේව කියවන උන්ටත් මල පනිනවාය. ඒක නිසා මට සමාව බාජනයකට දාලා  දෙන්නට සිතට ගත යුත්තේය.

ලංකාවෙත් මේව මෙහෙමම වෙනවාය කියලා මට අහන්න ලැබුනාය. ඒ මෙතැනින්ය.

http://blog.dinuka.com/2010/08/05/post440.htm

17 comments:

  1. පෝස්ට් එක කියවල ඉවර වෙද්දි මට මතක් වුනේ මේන් මේ වීඩියෝ ක්ලිප් එක... http://www.youtube.com/watch?v=cUEkOVdUjHc වැම්පා කියන සිද්ධියට අදාල නෑ වගෙ පෙනුනට අදාල නැත්තෙමත් නෑ කියල හිතුනා....

    ReplyDelete
  2. උබට වගේම මටත් මල පනින වැඩක් තමයි බන් ඕක. සුද්දන්ගෙ රටකට ගියහම මුන්ට සිංහලත් අමතක වෙලා සුද්දන්ට අහවල් එක දෙන්න යනවා. ලංකාවෙ සිංහල බව දැනගෙනත් කතාව කඩ්ඩෙන්ය. ඇයි බොල මුන්ට හෙන ගහනවද මම අහන්නේ සිංහලෙන් සිංහල එකෙක් එක්ක කතා කරහම.

    පොඩි එව්වො අපේ විදියටම හදන්න අමාරුයි මොකද ඉතින් උන්ගෙ යාලුවො ඔක්කොම සුද්දන් වුනු කල උන් සිංහල ම වෙලා අමාරුයි නේ. ඒත් උන්ට අම්ම අප්ප කවුද තන් කවුද කියල දෙන්න ඕඉනි.

    කුනුහරුප කිව්වම... අපි සිංහලෙන් හු යන්නක් කිව්වම අනේ අපොයි මොනාද යකෝ ඔය කියන එව්වො ඉන්ගිරිසියෙන් කැත නැතුව F අකුර කෑමට පෙරත් දානව. අනේ ඉතින් මුන්ගේ ^#%@%!%!%

    ඔව්ව ගැන නම් කතා එප බොල. පිස්සගෙ අවුල් ඔලුව මලෙන් මෙතන මක්ක ලියයිද මන්ද.

    ReplyDelete
  3. වැම්පයර් අයියේ අනේ ඇරපංකෝ කට.....මේ හොද හිතින් කට අරිනවද නැත්නම් මම කට ඇරවන්නද?
    බය වෙන්න එපා බං අයියේ මේ වතුර ටිකක් කටට වත් කොරන්න හැදුවේ.....
    ඇත්තමයි බං අයියේ...අපේ උන් කඩ්ඩ පාවිච්චි කරන්නේ පොර කියල පෙන්වන්න.....මුණුපොතේ,අතරමගදී,ක්ලාස් එකේදී...කඩුව වනන එවුන් අනන්තවත් සෙට් වෙලා තියෙනවා....
    ඇත්ත කඩිඩ ඕනි...මම ඒක නෑ කියන්නේ නෑ...ඒක ඕනි තැනදි විතරක් භාවිතා කරාම ඇති හොදටෝම.....මොකද කඩ්ඩ කියන්නේ තවත් එක්තරා අදහස් හුවමාරුකරගැනීමට තියෙන මාධ්‍යක් මිසක් ආභරණයක් නෙවෙනේ....
    ඇයි ඒත් අපේ මේ ලස්සන සිංහල භාෂාවක් තියෙද්දි ඇයි ඒකෙන් කතා කරන්න බැරි කියන එකයි.ලොකයේ තියෙන ලස්සනම වගේම ඉගෙනගන්න ලේසි හසුරවන්න ලේසි භාෂාවක් අපේ සිංහල භාෂාව...ඒක කියන්නේත් කඩ්ඩේ ප්‍රභුවරුන්...ඒක ඒ අයට තේරෙනවා...ඒත් අපේ මේ ගොන් හරක්ට තේරෙන්නේ නෑ‍‍....
    මේ පට්ට සිංහල කතා කරන්න පුළුහන්කම තියෙද්දි කඩ්ඩ වනනවා....ඔලමොට්ටයෝ කියන්නේ ඔන්න උන්ට තමා‍‍....

    දවසක් ක්ලාස් එකේදි මගෙන් කෙල්ලෙක් නෝට් එක ඉල්ලුවා...මම ඉතිං කොයිටිකද ඕනි කියලා අහල දුන්නා...ඒකි කඩුව වැනුවා...සිංහලෙන් මම කතා කලේ...පස්සේ මේකි ක්ලාස් එකේ උන්ට කියලා "මම කඩ්ඩෙන් කතා කලා...අපෝ හසියා කතා කලේ සිංහලෙන්....". පස්සේ මම ඒ‍කිට හොදට කියලා දුන්නා ක්ලාස් එකේ කට්ටියම ඉන්න තැන...එදායින් පස්සේ ඒකි අපේ ක්ලාස් පැත්ත පලාතේ ආවේ නෑ.....මොඩ හරක්......

    ReplyDelete
  4. මෙවුන් කොච්ච‍ර සුද්දො වෙන්න හදනවද කියනවනම් ඔය සමහ‍ර එවුන් ලංකාවෙ එකෙක් මහමගදි හම්බවුනත් කඩුවෙන් කොටනවනෙ.

    ReplyDelete
  5. ලෝකය වෙනස් වෙනවාය.ඒකට අපිට කොරන්ට දෙයකුත් නැතුවාය.ඉස්සර ජිප්සීස්ලාට බැන්නාට.අද හදන සින්දු ඇහෙනකොට උන් කොයිතරම් නම් හොඳද කියා හිතෙන්නේය.ඕවා ඔහොම තමාය....ලේ කුපිතකොරගන්න එපාය.......:)))

    ReplyDelete
  6. මමත් ඔය වගේ අත්ද්කෙම් වලට මූන දීලා තිබේය . . උඹට මෙන්ම මටත් එවිට මල අතට එනවාය . . . උඹේ මෙන්ම මගේත් කට හොඳ නැති ගතිය නිසාත් හොඳ දේට හොඳයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් කටට හයිය ඇති නිසාත් යාලුවෝ තරහා වෙනවානම් තරහා වෙයල්ලා කියලා හිතා හොඳ ලුනු මිරිස් ඇතුවම කියවාය . .. ඔව්වා ගනන් ගන්න එපාය . . . අපිට හොඳ රසවිඳීමේ හැකියාවක් ඇතිය ඒ කම මදිදැයි අසාගෙන සිටින්න උත්සාහ ගන්න ඇහැක් නම් තවත් හොඳය . .

    ReplyDelete
  7. උඹ කියන එක හරි ය.. බලු වලිගේ උණ පුරුකේ දාලා තිබුණත් නැහැ ඇදේ ඇරෙන්නෙ කිව්වලු...
    මේ මී ගොන් වස්සන් වෙනුවෙන් මල අතට ගන්නට කාරියක් නැත... එයින් නරක් වන්නෙ තමන්ගේම ලේ ටිකය...
    කිව්වා නාහන ගුරු ඉහළ ගියත් එකය.. පහල ගියත් එකය...

    අපිට අනුන් හදන්නට බැරිනං අපිවත් හැදුනහම ඉවරය...

    ReplyDelete
  8. නියමයි මචෝ! හැමෝටම උඹ වගේ වෙන්න පුලුවන්නං තමයි හොද.

    ReplyDelete
  9. දරුවන්ගේ රස වින්දන ශක්තිය කා දැමීමේත්, ගොඩ දැමීමෙත් ප්‍රධාන වගකීම තියෙන්නෙ පවුල ඇතුලෙ. ඔයා හරි. කරපු දේත් හරි. මම හිටිය නං කරන්නෙත් ඕකමයි :)

    ReplyDelete
  10. ඕං මමත් වැම්පා මලයට සැලියුට් එකක් ගහලා අත් දෙකත් ඉම්බේමි...
    උඹේ ජාතියේ උන් ගොඩක් අපිට ඕනෑ කාලයක්ය දැන්...

    ReplyDelete
  11. ඇත්ත ඇත්ත ගීයක, තනුවක, අරථයක, රසවින්දනයක් කියලා නාමයක් දන්නෙ නැති අඳබාලයෝ දැන් දැන් එමටයි. අමාරුයි ඒත් ඉවසීම ප්‍රගුණ කිරීම කුනු විච්ච මොලගෙඩි සුද්ද කරන්න දතකනවට වැඩිය හොඳයි.

    ReplyDelete
  12. කතාව සහතික ඇත්තය.

    ReplyDelete
  13. ඔය ලංකාවේ එවුන් සෙට් උනාම කඩ්ඩෙන් කොටන වැඩේ නම් මටත් අල්ලන්නේ නෑ.
    ඉංග්‍රීසි කුනු හරුප ගැන කියනව නම් 'F#@*" වගෙ වචන සලකන්නේ 'slag' විදිහට. හරියට ලංකාවේ උබ, බන්, බොලන්, තෝ කියනවා වගේ. ඕවා ලංකාවේ වැදගත් තැනක, අම්මා තාත්තා ඉස්සරහා පාවිච්චි නොකලත් කුනු හරුප නෙමෙයි.
    අනිත් එක තමයි 'My car My Pertol'. පොර සල්ලි දීලා 'sound system' එකක් අරන් ඉන්නේ පොරට ඕන ඒවා අහන්න මිසක් ගෙදරට එන අය අනුමැතිය දෙන ඒවා අහන්න නෙමෙයිනේ
    නොතේරෙන්න වගේ අමු කුනුහරුප කියන අපෙ සින්දු කියන අයියලාගේ වැඩ අහන්න මෙන්න මේ සින්දු අහන්න. හොදට සින්හල පුලුවන්නම් තේරුම තේරෙයි.
    http://www.youtube.com/watch?v=RBu8OvWm52I
    http://www.youtube.com/watch?v=aido5Hr0QLM

    ReplyDelete
  14. මාරයා නං ඉතින් කොහොමත් කඩ්ඩ බැරි එකා වෙච්චි.
    ඉතින් දොඩන්නේ කොහොමැයි..?
    මක්ක උනත් කඩ්ඩ හරහාට දමා නොගෙන මාරයා එක්ක හෙළුවෙන්ම වනනා සහෘදයින්ට මාරයා ආචාර කොරනවාය..

    ReplyDelete
  15. දුකා සහෝ ගේ බ්ලොග් පිටුවක් බලන්න ආපු වෙලාවේ නිකමට මෙතනට ගොඩවෙලා යන්නයි ආවේ. ඒත් සහෝගෙ අපූරු ලිපිය කියවලාම යන්න හිතුණා... පස්සේ හිතුණා කමෙන්ටුවක් දාලම ගියොත් හොඳයි කියලා.

    අපේ සිංහල රටේ සිංහලයින්ට සිංහල අමතක වෙන තරමට ඕකත් කජ්ජක්ද කියලා හිතෙනවාය. ඒත් පිට රටකදී සිංහල කම වැඩියෙන් දැනෙන්න ඕනෑය. අපිට නං සිංහලකම අඩුවක් නැතුව තියෙනවාය. ඒත් මේ කුණුහරුප මාද්දිය අපේ ළමයින්ගේ සිංහල කම කීතු කීතු වලට ඉරා දමනවාය. කියනවානම් කියන්ට දේ ඕනෑ තරම්ය. වැඩිපුර ලිව්වොත් කාළය නාස්ති වෙනවාය. එතෙක් සිංහල කම රැක්කාට ඔබට පිං ය.

    ReplyDelete
  16. සුද්දා දෙන ඕනෑම දහ ජරාවක් හොඳය. මොනවා වුණත් ලොකු වංශෙන් පෙන්නන්න පුලුවන්නේ. අනේ රටකට ගිය කල :(

    ReplyDelete
  17. මේවා වෙන්නේ උන්ගේ ජීවිතවල අඩිතාලම බොල් වූ විටය.එය මගේ හැඟීමය.එය නැතිකිරීමටනං උන් මකා නැවත හැදිය යුතුය!!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails