Wednesday, October 6, 2010

The Harmonic Tunes of Premakeerthi De Alwis and Victor Rathnayaka – Episode 01| ප්‍රේමකීර්ති ද අල්විස් + වික්ටර් රත්නායක සුසංයෝගය - පළමු දිගහැරුම

 image

රණ්බන්ඩා සෙනවිරත්න මහත්තය ගැන ලියැවෙන අතරතුරේදීම මේ ලිපි මාලාවත් පටන්ගත්තාට සමාව අයැදිමි. මීට බොහෝ කලකට පොරොතුව ප්‍රේමකීර්ති හා වික්ටර් රත්නායක ගැන ලියමි යැයි ඔබට පොරොන්දු වූවා මතක ඇතැයි සිතමි. මවිසින් ලියන්නට යෙදුන ලිපියක් මීට පෙර මට වඩා හොඳින් සහෝදර බ්ලොග්කරුවකු වන අභීත එදිරිසිංහ මහතා විසින් ලියන ලද අතර ඒ වෙත පහත සබැඳියෙන් පිවිසිය හැක.

 

http://tikakhinawenna.blogspot.com/2010/07/blog-post_27.html

 

මේ ලිපි මාලාවත් පෙර සේම ගීත ඇතුලුව අසා දැනගත් හා ජාලගතව සොයාගත් කරුණු කැටි කොට ලියැවෙන්නකි. එසේ හෙයින්  සමහර කරුණු වල විශ්වසනීයත්වය පිළිබඳව භොතික සාධක මා සතු නොවන්නට පිළිවන. එහෙත් සැබෑවට සිදුවුනි යැයි මා අසා ඇති, මාගේ මතකයේ පවතින දේ කිසිවෙකුගේ කිසිවකට හානි නොවන අයුරින් පැවසීමට උදක්ම උත්සාහ ගනිමි.ඌණපූරණ ලිවීමට කොමෙන්ට් තීරය විවෘත කොට ඇත. ගීත ඔබගේ පුද්ගලික රස වින්දනය සඳහා පමණක් ඒ යොදාගනු ඇතැයි කතෘ උදක්ම බලාපොරොත්තු වෙයි.

ප්‍රේමකීර්ති වැඩිපුරම ගීත ලියා ඇත්තේ මට යැයි වික්ටර් රත්නායක මහතා පුවත්පතකට පවසා තිබෙනු දුට වග මතකයේ ඇත. ඒ කෙසේ වතුදු ප්‍රේමකීර්ති ගේ සුපිරි බස හැසිරවීමේ හැකියාව ප්‍රබුද්ධ රසිකයා හමුවේ නිරාවරණය වූයේ නම් වික්ටර් ගේ ගීත වලින් වග පැහැදිලි සත්‍යයකි. මේ ගැන කතෘ මේ ලිපි පෙළ පුරාවටම උදාහරණ දක්වනු ඇත. මෙවැනි වූ ප්‍රබල වූ වෙනත් සුසංයෝග ගැන කීමේදී දැනට කතෘ මතකයට නැ‍ඟෙන්නේ රණ්බන්ඩා + කපුගේ, සුනිල් ආරියරත්න + නන්දා මාලිනී හා සේකර + අමරදේව යන ත්‍රිත්වය පමණෙකි.  බුද්ධිමත්හු මා නිවැරදි කොට අමතක වූවන් පෙන්වා දෙත්වා.

රණ්බන්ඩා සෙනවිරත්නයන් සේම ප්‍රේමකීර්ති ද නිර්මාණ වලට වස්තුබීජ සපයාගත්තේ ඔහුගේ පුදගලික අත්දැකීම් වලිනි. සිය දිවියේ සැප සතුට හා දුක් දොම්නස් එක ලෙසම ගීතයනට යොදාගෙන ඇති ආකාරය ඔහු සතුව තිබූ අපරිමිත ප්‍රතිභාව මොනවට පැහැදිලි කරන අදටත් ජීවමානව වැජඹෙන සාක්ෂිකරුවෝ වැන්න.

ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි රැළිලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වෙයි
සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ මගේ . .. . . .

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ . . .

නා ගසක් දලු දමා වසන්තය එලඹිලා
මද පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබේ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ . . .

යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ . .

අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුවත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ

පද- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය- වික්ටර් රත්නායකimage

අරුත් පසිඳලීම අනවස් යයි සිතමි. ඉතා හැඟුම්බර චිත්තරූප මැවීමට සමත් ඉහත ගීතයට යොදා ඇති සරල පදවැලම ප්‍රේමකීර්ති ගේ නම අමරණීය කිරීමට තරම් ප්‍රමාණවත් යැයි කතෘට සිතුන වාර අනන්තය. 

 

 

ආදර ගඟුලෙහි ඉවුරෙ ‍රැඳී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී
ලොවම දැකුම්කලූ

මල්වැල් වන විල් පිරී ගියේ
සෙවන දෙවන්නලූ
බිඟුනද විහඟුන් ඉගිල්ලුනේ
මෙහිම ‍රැ‍ඳෙන්නලූ
පුන්සඳ නැගුනෙත් අහස් තලේ
අපිට බලන්නලූ
දෙනෙතක කඳුලැලු තුරුල් කලේ
පෙමට හඬන්නලූ

මීවද මී පැණි පිරී ගියේ
දෙතොලෙ ‍රැ‍ඳෙන්නලූ
දේදුනු ඕවිලි නැවීගියේ
නුවන පිනන්නලූ
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ
ඔබව ලබන්නලූ
ඒ හැර ලැබුනත් පලක් නැතේ
ඉසුරු මැණික් මලූ

පද- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය- වික්ටර් රත්නායක

මේ ගීයට යුග ගායනයෙන් දායක වන්නේ ශ්‍රීමතී තිලකරත්න මහත්මියයි.

සරසවි දිවියේ ලබන සොඳුරු අත්දැකීමක්  ප්‍රේමකීර්ති අතින් පදවලට නැඟී ඇති අයුරු බලන්න.

මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
අප වෙලී දෙඩූ අද සැඳෑ කලේ
ඔබගෙන් සමුගත් මොහොතේ
ඔබෙ සිත මා පසුපස මගෙ කුටියට ඇවිදින්

ඒ සිත මා ළඟ කතා කරනවා
දෑසම නොපියා බලා හිඳිනවා
දඟකාරකම් කරමින් නෙත් පියන්න ඉඩදෙන්නෑ

නේවාසිකාගාරේ
පොත් අතර ‍රැඳී ඔබ අකුරු කියූවද
කිසිවක් මතකයෙ නො‍රැ‍ඳෙන බව දනිමී
ඔබෙ සිත මගෙ ළඟ හින්දා

ඔබේ සිතට ඔබ කියන්න මිහිරිය ආපසු එන්න කියා

පද- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය- වික්ටර් රත්නායක

වික්ටර් රත්නායකයන්ගේ "ජනප්‍රිය" යැයි සැලකුම් ලබන ගී සියල්ලක්ම වාගේ ප්‍රේමකීර්ති ගේ අකුරින් බස් ටිකට්, දිනපොත් කවර, පත්තර වාටි වල සටහන් වූ ඒවාය.

ආදරයේ උල්පත වූ අම්මා (මුල් පිටපත - ඇත්තේ කොටසක් පමණි)

(කැසට් පටයකින් පටිගත කරන ලද්දක් නිසා ශ්‍රවණ තත්වය ගැන සමාව අයැදිමි)

 

ආදරයේ උල්පත වූ අම්මා (නව පිටපත)

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන්සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

සඳ දියකොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැලවිලි ගීයෙන්
මතකයි මා නැලවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරි දී පණදී
මා දැඩි කළ අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන්සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

තුරුලට ගෙන අත්පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් සේ
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙනදී දිවියට නව පණ ලැබදී
මා දැඩි කළ අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන්සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

 

පද- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය- වික්ටර් රත්නායක

 

තව ලිවිය යුතු වූවත් කාල වේලා ප්‍රස්න නිසාවෙන් නවතිමි. විශේෂයෙන් "ආදරයේ උල්පත" ගැන....!!!

මෙතැන හොඳ එකක් තියෙනවා බලාගෙනම යන්න...

http://cyberyaya.blogspot.com/2010/10/blog-post.html

Coming Up

රණ්බන්ඩා සෙනවිරත්න - අවසන් කොටස

ප්‍රේමකීර්තිගේ උපහාසාත්මක ගී කලාව...

13 comments:

  1. උඹට කොහොම ස්තූති කරන්නද කියලා මට තේරෙන්නෙ නෑ මචන්..... සිරාවටම එල.. විශේෂයෙන්ම අලුත් මල්ලිලා නංගිලාට තමයි මේවා වැදගත්... කොත්තු රොටී මියුසික් අහන උන් මේවා කියවලවත් ඇස් දෙක ඇර ගත්තොත් තමයි හොද නේ.....

    ReplyDelete
  2. ප්‍රේමකීර්ති තමන්ගෙ ජීවිතේ දුක්ක දෝමනස්සයනුත් හිතාගන්න බැරි විදිහට ගීතයට නගල තියනවා.
    ප්‍රේමකීර්ති මමා(ඊට වඩා වයසෙ අයට අයිය කියල කතා කරනවා. ඒත් ඉතිං පුංචි කාලෙ එයා මාමනේ.) අපි පුංචි කාලයේම අපේ සිත් ඇද බැඳ ගත්තේ කාටුන් වල ගීත වලින්. තාමත් කඩපාඩම් ගොඩක් එවා.
    පාහරයෝ.....!!!

    ReplyDelete
  3. මොනවා කියන්නද මටත් වචන නෑ...
    මම මේ දවස්වල නිර්මලා ද අල්විස් (ප්‍රේමකීර්තිගේ මහතාගේ බිරිඳ) විසින් රචනා කරන ලද "ප්‍රේමකීර්තීනී" කියන පොත කියවනවා...
    ඒකේ තියෙන්නේ ප්‍රේමකීර්ති පළමු විවාහයේ දික්කසාදයෙන් පසුව නිර්මලා මහත්මිය මුණගැසීමේ සිට ඔහුගේ මරණය දක්වා සහ ඊට පසුකාලයේ උන සිදුවීම්...
    ඒකේ කියල තියෙන්නෙත් වික්ටර් සහ ප්‍රේමකීර්තී කියන්නේ ගීතවලින් පමණක් නෙමෙයි පුද්ගලික ජීවිතෙත් අපූරුවට ලඟින් හිටි මිනිසුන් දෙදෙනෙක් කියලා....

    ReplyDelete
  4. මේ වගේ වටින මනුස්සයෙක්ව බිලිගත්තෙ මේ තියෙන පාදඩ දේශපාලනය තමයි..

    මචන් " තනි තරුවේ " සින්දුව තියෙනව දියන්කො...

    ReplyDelete
  5. These two are my favourites and the best ever combination in sri lankan music industry.... So sad that we lost such talented ppl...
    Long live Victor Ratnayake!!!

    ReplyDelete
  6. වික්ටර් වගේම ප්‍රේමකීර්තිගේ පදවැල් වලින් පෝෂණය වුණ ගීත රාශියක් කියල තියෙනවා මර්වින් පෙරේරා. ඒ වගේම ප්‍රියා සූරියසේනත් ප්‍රේමකීර්තිගේ පදවැල් සහිත අතිශය ජනප්‍රිය ගීත ගායනා කරල තියෙනවා... මර්වින් ගයන "නිමා නොවන පෙම් හැඟුම්" "කතරක තනිවී" "රන් මීවිත" "සුරංගනාවක් හොරන් ඇවිල්ලා" වගේ ගීත වල වචන භාවිතා කිරීම ගැන කියන්න අපට වචන නෑ...

    ReplyDelete
  7. @පිස්සා පලාමල්ලහැමෝටම පස්සෙ උත්තර දෙනවා.. පිස්සගෙ හදිසි ඉල්ලීම ඉ‍ටු කරන්නංකො මුලින්ම..

    http://www.mediafire.com/?5ru3a5of1dn34nv

    ReplyDelete
  8. මුලින් ගොඩක්ස්තූති කරන්න ඕන මේ වගේ ලිපියක් ලියපු එකගැන...

    ඔය මාධ්‍ය වලින් කරච්චල් සිංදු අපිට බලෙන් ඇස්සෙවුවට මේ වගේ නිවිච්ච සිංදුවක් අහනකොට හිතට පුදුම සහනයක් දැනෙන්නේ.. පුද්ගලිකව මම වික්ටර් රත්නායක ශූරීන්ගේ සිංදු වලට් ගොඩාක් ආසයි.. එතුමාගෙ සිංදු 100 ක් විතර තියෙනව මගේ ලඟ.. [අවශ්‍යතාවයක් උනොත් කියන්න මගේ ලඟ තියෙනවනම් දෙන්නම්...]

    හැබැයි මේ ගීත වල ගීත රචකයා කවුද කියල නම් මම දන්නේ නැ.. ඒක හොයන්න අවශ්‍යතාවයකුත් මට ආවෙ නැහැ.. මොකද සිංදුව හොඳයි නම් කවුරු ලියුවත් මොකද කියලයි මට හිතෙන්නේ..
    ඒ උනාට හැබැයි වික්ටර් රත්නාකයක ශූරීන්ගේ කටහඬට නම් මම කැමතියි ගොඩක්..

    ReplyDelete
  9. තවත් මේ වගේ සුසංයෝගයක් තමයි යමුනා මාලිනි පෙරේරා + දිවුල්ගනේ.

    ReplyDelete
  10. මම අර කලින් කියවනවා කිව්ව පොත කියවලා ඉවරවෙනකොට එකෙක් මරාගෙන මැරෙන්න තරම් තරහක් ආවා..
    මෙන්න මේකව....http://goo.gl/HTsI
    පොතේ කියන විදියට මූ තමා ප්‍රේමකීර්තිව මරලා තියෙන්නේ...

    ReplyDelete
  11. කපුගේට ගොඩක්ම සින්දු ලිව්වෙ රත්නස්‍රී නේද..?

    ReplyDelete
  12. මචං ලඟදි ප්‍රේමකීර්ති ගැන සිරසේ ගියා. මෙතනින් බලන්න පුළුවන්, http://www.youtube.com/watch?v=kuFfFakvS_Y&list=PLAFBCC6C95E30517C&feature=plpp_play_all

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails