Wednesday, October 13, 2010

The Harmonic Tunes of Premakeerthi De Alwis and Victor Rathnayaka – Episode 02| ප්‍රේමකීර්ති ද අල්විස් + වික්ටර් රත්නායක සුසංයෝගය

 

සිංහල ගීතයේ අරුත්බර උපහාසාත්මක පදවැල් ගෙතීම් වලදීත් ප්‍රේමකීර්ති නාමය මං සලකුණු කිහිපයක් සටහන් කිරීමට සමත්විය. සිංහල සිනමාවේ විකට රජු ලෙස විරුදාවලිය ලත් ෆ්‍රෙඩී සිල්වා ජනප්‍රිය stand-alone (සිංහල වදනක් මතකයට නොඒ, කමන්න) ගායකයෙකු ලෙස කරළියට පැමිණෙන්නේ ප්‍රේමකීර්තිගේ පදවැල් කිහිපයක් සමගිනි. ඒ කැසට් පටය හැත්තෑව අග හා අසූව දශකය මුල දී අතිශය ජනප්‍රිය වීය. මතකයේ හැටියට ඒ කැසට් පටය නම් කොට තිබුණේ "කකුළුවා" ලෙසයි. ගී දුසිමෙන් හතක් හෝ අටක් වැනි ප්‍රමාණයක් ප්‍රේමකීර්ති රචනා කර තිබූ අතර වික්ටර් රත්නායකයන් ඒ බොහෝ  තන්හි සංගීතය සපයා තිබූ වග මතකය (මතකය කියන්නේ මතක නැත, මම අසූවේ දශකය හරි මැද උපන්නෙමි, දෙමව්පිය උරුමයෙන් ලද කැසට් පට තොගය නිසාත් පියා හා මව් හොඳ රසිකයන් නිසාත් දනිමි) .

ෆ්‍රෙඩී සිල්වා මුලින්ම ගුවන්විදුලියට පැමිණෙන්නේත් අංකුර ගායකයෙකු ලෙසට ඉදිරියට යෑමට බව මෙහිදී මතක් කිරීම වටී.  ඉන් පසු ඔහුම රඟපෑ චිත්‍රපට වල පසුබිම් ගායනයට සම්බන්ධ වීය. එකල ඉන්දීය ආකෘතීන් අනුසාරයෙන් තැනුණු බොහෝ නිර්මාණයන්හි වීරයා, පෙම්වතිය ළඟට සිටින බොහෝ විට වීරයා ගේ මිතුරා වන විකටයා චරිතය නිරූපණයෙහි ලා ෆ්‍රෙඩී ගේ හැකියාව ඉදිරි ලිපියකින් (කතෘ ට වේලාව හා මතකය තිබුණහොත් පමණක්) ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

කුණ්ඩුමනී මුල් ගැයුම... ෆ්‍රෙඩී සිල්වා (1972)

මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නී
කුණ්ඩුමණී . . .
නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
කුණ්ඩුමණී . . .
සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
කුණ්ඩුමණී. . .
ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
කොම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
කුණ්ඩුමණී. . .
සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
කුණ්ඩුමණී. . .

හඬ - ෆ්‍රෙඩී සිල්වා
පද: ප්‍රේමකීර්ති ද අල්විස්
තනු: වික්ටර් රත්නායක

 

ප්‍රේමකීර්තිගේ බස හැසිරවීමේ කුසලතාවයට ඉතා හොඳ උදාහරණයක් මේ ගීතය සපයන්නේ නොවේදැයි කතෘට සිතුනේ වරක් දෙවරක් නොවේ. සහෝදර දමිළ ඇවතුම් පැවතුම් හා විවාහ මංගල්‍යය අවස්ථාවක් සිංහලයාට තේරෙන බසින් ඉදිරිපත් කර තිබන අයුර ප්‍රසංශනීයයි. වික්ටර් රත්නායක මහතා මේ ගීයට යොදාගෙන ඇති දකුණු ඉන්දීය හා ශ්‍රී ලාංකීය ද්‍රවිඩ සංගීතමුසුව  මගින් මේ ගීතය වර්ණවත්වී තිබෙන අයුරු අගය කිරීම වටී. මෙහි තාලය කාවාඩි නර්තන වලට යොදාගන්නා නර්තන තාලයක් ඇසුරු කරගෙන තනා ඇත්තේය.

ප්‍රේමකීර්ති හා වික්ටර් ගේ පහත නිමැයුම නරඹන්න...

හාස්‍යට අමතරව සමාජයට වැදගත් පණිවුඩයක් ද මේ ගීයෙහි අඩංගුවෙයි.

“අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා...
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා....”

මීට අමතරව ෆ්‍රෙඩී සිල්වා ගැයූ “අලුත් කලාවක් සොයාගත්ත මං දියුණුවෙන්න ඕනෑ නම්.. නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙත්සං..* ”, "දන්නෝ දනිති" ගී ද මෙයට එක්විය යුතුය...

(*සංගීතය - ගලගෙදර එම් එම් ඒ හක්, සුජීවා චිත්‍රපටය)

මීළඟට ...

මිල්ටන් මල්ලවාරච්චි ප්‍රේමකීර්ති හා වික්ටර්….

 

අදාළ සබැඳුම්..

මුල් කොටස

http://blogvampa.blogspot.com/search/label/Premakeerthi%20De%20Alwis

http://tikakhinawenna.blogspot.com/2010/07/blog-post_27.html

9 comments:

  1. ඔය "අලුත් කලාවක් සොයාගත්ත මං..." කියන ගීය නිර්මාණය උනේ එතුමට ගුවන් විදුලියේ දී සිදුවූ අසාදාරණකම් නිසා බව කියවෙනවා... ඔහු ගැන එකට වැඩකරන අයම පෙත්සම් ගැහීම මුල් කරගෙන තමා ඒක ලියවිලා තියෙන්නේ...

    ReplyDelete
  2. සහෝ...යෝජනාවක්...!
    මේ බ්ලොග් එක ඕපන් කල ගමන්ම දකින්න ලැබෙන්නේ ෆලෝවර්ස්ලා සෙට් එක... මම නම් හිතන්නේ ඒක ඔබේ ලිපියේ වටිනාකමට හානියක් කියලා.. මොකද කෙනෙක් එන්නේ ලිපිය බලන්නනේ...අලුත් කෙනෙක් ආවත් හිතෙන්නේ මේ මොකක්ද මේ කියලා වගේ...පහලට යන්න ඕනා ලිපිය බලන්න...
    (මට හිතෙන්නේ ඔය විදියට තමා... :D )
    ඉතින් මම යෝජනාවක් විදියට කරන්න කැමතියි ඒ ලිස්ට් එක පහලට හරි සයිඩ් එකකට හරි දාන්න කියලා...
    තීරණය ඔබේ....! :D

    මේක ප්බ්ලිශ් නොකලාට කම් නෑ....

    ReplyDelete
  3. වටිනා ලිපියක්. buzz submit tweet කියලා පස්සෙන් එන ගැජමැටික් එකන්ම් අවුල් වගේ

    ReplyDelete
  4. මැක්සා...ඔහොම යO....ඉස්සර අපි සෙනසුරාදා උදේට ක්ලාස් යන්නෙ නැතුව සෙට් වෙනවා ප්‍රේමකීර්ති ලොක්කා ටීවී එකේ කියන දේවල් අහන්න..නියම භාන්ඩේ..පොර ටීවී එකේ ආයුබෝවන් එකට එන්නෙ රබර් සෙරෙප්පු දාගේන...ඒක ඒ දවස් වල මාර වෙනසක්... ප්‍රේමකීර්තියි, රවිජෝනුයි, තමිලිනි යි සෙට් උනාම නියමෙට නැගලා ගියා..
    පරන දේවල් මතකයට ගේන්න වැම්පා දරන උත්සහයට මයියා ගේ සැලියුට් එක ඔන්න

    ReplyDelete
  5. නියමයි නියමයි.buzz submit tweet ගැජමැටික් එකනම් අවුල් වගේ වැම්පා අයියේ

    ReplyDelete
  6. උබගේ මේ ලිපි සෙට් එකට මම හුඟක් කැමතියි.. දන්නෙ නැති දේවල් වගේම අමතක උනු දේවල් මතක් වෙනවා... වික්ටර් රත්නායකම මහත්මයගේ ප්‍රසංගයක් ජනවාරි මෙහෙට එනවා යන්න ඕනි අනිවාර්යෙන්ම.

    මයිය ප්‍රේමකීර්තියි, රවිජෝනුයි, තමිලිනි යි ගැන ලාවට මතකයක් තියෙනවා...

    ReplyDelete
  7. හැමදාම වගේ නියමයි මේ සටහන... මේ තුන්දෙනාගෙ සුසංයෝගයෙන් හැදුණ බොහොමයක් සින්දු රසයෙන් පිරිලා, උපහාසයත් ඒ වගේ... ෆ්‍රෙඩී මහත්මයාගෙ ආරොන් මාමා, බාරොන්, තේ කූඩය වගේ සින්දුත් ඔය කියපු කැසට් එකේ නේද තිබණෙ. පුළුවන් නම් ඒ කැසට් එකේ පද සහ තනු සකස් කරපු අයගෙ ලැයිස්තුවක් දාන්න පුළුවන්ද?

    වැම්පගෙ අම්මයි තාත්තයි හොඳ රසිකයො වෙන්න ඇති නේද?

    ReplyDelete
  8. nice work bro!

    blog gadol

    ReplyDelete
  9. ඇ‍යි‍ බං‍ උ‍න්‍ ප්‍රේ‍ම‍කීර්ති‍ව‍ මැ‍රු‍වෙ‍???

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails