Sunday, October 31, 2010

විකල් මතක මැද පහන් තරුව ඔබ | Poems by Premakeerthi

ප්‍රේමකීර්ති ගේ ගුණසමරුවකට පත්‍රයක මාස කිහිපයකට ඉහතදී පළවුණ ලිපියකිනි මේ උපුටනය කරන්නේ. මාගේ මතකයට අනුව නම් පත්‍රය සිළුමිණ විය යුතුයි. ලිපිය එලෙසම වර්ඩ්  ගොනුවකට පිටපත් කරගතිමි. මෙහි ප්‍රේමකීර්ති ගැන ලියැවුණ  දේවල් නිසාවෙන් එම ලිපියේ තිබුණු ප්‍රේමකීර්ති ද අල්විස් අතින් ලියැවුණු කවි පද කිහිපය මෙහි පළකරමි.

ඡන්ද දායකයෝ

කාඩ් කුට්ටමේ
ආසියාත්
රැජිනත්
බූරුවාත් ඇත.
ලින්ටන්
සැල්ටන්
ජොන්සන්
විල්සන්
වටේ වාඩිවෙති
ලින්ටන් කැරපොත්තන්ට බයය
කතා කරන්නේ අහස්යානා ගැනය
සැල්ටන් අහස්යානාවලට බයය
කතා කරන්නේ කැරපොත්තන් ගැනය
ජොන්සන් කැරපොත්තන්ටත් අහස්යානාවලටත්
දෙකටම බයය
විල්සන් ඒ දෙකටම බය නැත
වාරයෙන් වාරයට
කාඩ් කුට්ටමේ
ආසියාත්
රජ්ජුරුවෝත්
රැජිනත්
බූරුවාත්
කැපෙමින් – වැටෙමින් – නැගිටිමින්
ලින්ටන්
සැල්ටන්
ජොන්සන්
විල්සන්
වටේ මාරුවෙති
එහෙත්
ලින්ටන්
සැල්ටන්
ජොන්සන්
විල්සන්
තාමත් උන් හිටි තැන්වලමය
ලින්ටන් කැරපොත්තන්ට බයය
සැල්ටන් අහස් යානා වලට බයය
ජොන්සන් දෙකටම බයය
විල්සන් දෙකටම බය නැත

 

දාස් පෙති මල්

එදා අඳුරු රාත්‍රියකි
ඔහු ගුරු පාරට ආවේය
කලුවරේ පිය මැන්නේය
හිටි අඩියේ පාරට පැනගත් සොරුන්
පිරිසක් ඔහු වටකර ගත්හ. ඔහුගේ
මුදල් පැහැරගන්නට තැත් කළහ. බැරිම
තැන ඔහු කෑ මොර දෙන්නට හදත්ම
එක් සොරෙක් ඔහුගේ ළය පසා
කරගෙන යන්නට පිහිපාරක් ඇන්නේය.
ඔහු මැරී වැටුණි
බියපත් සොරුන් ඔහුගේ මළකඳ
දෙපයින් බිම දිගේ
ඇදගෙන ගොස් අසල වූ පාලු කුඹුරක
මඩෙහි ඔබා යටකර දැමීය
ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු මඟ
බලමින් සිටියාය
එහෙත් ඔහු ආයේ නැත
ඔහුට කුමක්වී දැයි කිසිවෙක් නොදත්හ
පාලු කුඹුරක දාස්පෙති මල් දාහක් පිපී තිබුණි

 

වයලට්!

දැන් අප එක වහලක් යටය
දරුවන්ද සිටී
එහෙත් නොඉවසුමත්
සීමාරහිත බවත්
සුඛාන්තයත්
වැඩිපුර හමුවන්නේ නැත
ලක්ස්ප්‍රේ ටින්වලින් වැහිලා නොඉවසුම
සමූපකාරයෙයි සීමාරහිත බව
ගෙවල් කුලියද – ලයිට් බිලද සුඛාන්තය!
වයලට්! මට සමාවෙන්න!
කන්තෝරුවේදී මිසිස් ජුලියට්ට මා දැකීමත්
මට මිසිස් ජුලියට්ව දැකීමත්
මේ අතරතුර තෘප්තියක් වී තිබේ.

අදාල දේ

http://blogvampa.blogspot.com/search/label/Premakeerthi%20De%20Alwis

7 comments:

  1. රටක් වටිනා මිනිසෙකි..වැම්පයර්ට ස්තූති නැති වූ මතකයන් අවදි කලාට

    ReplyDelete
  2. කියල වැඩක් නැ..මට මතකයි ඉස්සර ටිවි එකෙ පෙන්නන කොට අපි කියනව ප්‍රෙම් මාම කියල...ඒතකොට අපි අතරින් ව්යො වෙලා..ඒත් යහපත් මනුස්සයෙක්ගෙ මතකය නොනැසෙනව කියන එකට හොදම උදාහරණෙ අපි..සැබැවට නොදැක්කට අපි අහපු දැකපු දේවලින් අපි එයාට ආදරෙ කලා...

    ReplyDelete
  3. මේ කවි පද මීට කලින් මම කවදාවත් අහලා නෑ .............මේතරම් කල් මම කොහෙද හිටියේ

    ReplyDelete
  4. බොහෝ දස්කම් රැසක උරුමක්කාරයෙක් අකාලයේ රටට අහිමි උනා.

    ReplyDelete
  5. අපි හැමෝම පූරුවෙ කරල තියෙන මහ පාප කර්මයක් නිසාවෙන් අපිට අකාලෙ අහිමි වෙච්චි රත්තරං මනුස්සයෙක්,

    ස්තුතියි වැම්පයර්, සොඳුරු මතකයක් අවදි කලාට,

    ReplyDelete
  6. වටිනා ලිපියක්.. දේශපාලනයේ ගොදුරක් වෙලා එතුමා අපිට අහිමි උනේ අපේ පවට...

    හුඟ දවසකින් ගොඩ වැදුනෙ බොල... මොනවද වෙන්නේ

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails