Friday, October 1, 2010

Ran Banda Senevirathne 02 - රණ්බන්ඩා සෙනවිරත්න – 02

පළමු ලිපියට මෙතැනින් පිවිසිය හැකිය.

උලලේනෝ ගීතය ගායකයෙකු හා පදරචකයෙකු අතර බැඳීම තුලින් විශිෂ්ඨ ගණයේ නිර්මාණ බිහිවීම පෙන්වීමට ඇති හොඳම සාධකය බැව් මා පැවසූවොත් එය අතිශයොක්තියක් නොවනු ඇත. රණ්බන්ඩා සෙනවිරත්නයන් හා ගුණදාස කපුගේ ගේ කුසලතා සම්මිශ්‍රණය මගින් එලිදැක්වුණ උලලේනෝ ගීතය මතුපිටින් දිවෙන අරුතට වඩා ගැඹුරු අරුතක් ඇති ගීතයකි.

පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා
උල ලේනෝ... උල ලේනෝ...
හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ
නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල ලේනෝ... උල ලේනෝ...
ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ
නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උල ලේනෝ... උල ලේනෝ...
සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

 

‘71 විප්ලවය විසින්  අසරණ කරන ලද විප්ලවයෙන් පසුව වන වැදී සැඟවී සිටින විප්ලවවාදියෙකුගේ සටහනක් ලෙසයි මේ ගීයේ පදවැලෙහි අරුත් පසි‍ඳෙන්නේ.

පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා
උල ලේනෝ... උල ලේනෝ...


උලලේනා හෙවත් උලමා ගේ හැඬීම අවාසනාව කැඳවන්නක්. මරණය කැඳවන්නක්. ඊට පසුව ඇතිවූ තනිකම..!! මෙයින් ගම්‍යකිරීමට උත්සාහ දරා ඇත්තේ තමන්ගේ සගයින් ගේ මරණය, තමා ඇස් ඉදිරිපිට තමා සමග විප්ලවයට සහභාගීවූ සගයන්ගේ මිතුරන්ගේ මරණය...

හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ
නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

සිදුවූ යම් වැරදි මගින් ඛේදාන්තයක් වූ විප්ලවය ගැන පසුතැවී පලක් නැහැ, මේ දුක්ඛාලාප ගැයෙන්නේ උලමා ගේ හැඬීමේන් සංකේතවත් වන මියැදුනු සහෝදරයන් ගේ මරණයේ නමිනි.

ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ
නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

ඉතා සෙමන් වාදනය වෙමින් පැවතුන ගීතය අවස්සානයේ යුධබෙර හඬ මාලාවකින් අවසන් වෙනු නිරීක්ශණය කරන්න. මේ සංගීතඛන්ඩය යොදා ඇත්තේ නැවතවරක් විප්ලවය ඇතිවන බවට ඉඟි කිරීමටයි. රණ්බන්ඩා සෙනවිරත්නයන් නිවැරදිව අනාවැකි පැවසූ ආකාරයට එය  සිදුවූ බවට අතීතය සාක්ෂි දරණවා ඇත (1988-1989 නොසන්සුන්කාරී වාතාවරණය).

සිංහල ගීතයේ විප්ලවීය සලකුණු අතරට කපුගේ ගේ නම ඈ‍ඳෙන්නේ මේ ගීයෙන් හා ඔහු විසින් ගැයුන "සබඳ අපි කඳු නොවෙමු"  යන ගීත වලිනි. එහි මුදුනත නිතරඟයෙන්ම නන්දා මාලිනියට හිමිවිය යුතු වන්නේය.

කුටියේ අඳුරු කොනේ අඟුරෙන් ලියූ - කවි වැල ලියලනවා
කවුළු ඇහෙන් ඉර  කාන්දු වෙනකොට - කුටිය එකම කවියක් වෙනවා

දෑස ගිලී ගිය - මුහුණ දැවී ගිය
හැඩපළු වී ගිය
කවියාණනි

නිය ලියලා ගිය - ඇඟ වියලී ගිය
අත පය වෙවුලන
කවියාණනි

ඔබ යන මඟ ගිය - ඔබ ගිය මඟ එන
දෙනෝ දහක් වෙති
කවියාණනි

දණ බිම ඇණගෙන - ඔබෙ කවි අදහන
ලොව එනු ඇත
කවියාණනි

ඔබේ විලංගුව - කන කර පළඳින
පරම්පරාවක් එනු ඇත මතු දින

රජ අණ නොතැකුව ඔබෙ කවි අදහන
කුලයක් රජ වෙයි කුටියෙදි මතු දින

(රණ්බණ්ඩා සෙනවිරත්න - හිතේ දුකට කියන කවි)

රණ්බන්ඩා සෙනවිරත්නයන් හා ප්‍රේමසිරි කේමදාසයන් ගේ හමුවෙනුත් ගී ස්වල්පයක් බිහිවුණා. ඒ අතරින් අමරසිරි පීරිස් මහතා ගයන “ළඳුනේ.. ඔබේ දෑස දැකගත්තෙමි” ගීතය ප්‍රධානයි. මෙහි නිධාන කතාව ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමි. රණ්බන්ඩා සෙනවිරත්නයන් ප්‍රේමසිරි කේමදාසයන් ගේ එකතුවෙන් තැනුන මාලිනී බුලත්සිංහල මහත්මියගේ පහත ගීතයෙන් අදට සටහන නිමා කරන්නෙමි.

පෙරුම් පුරා රජ බිසවක නූනට
මාත් මවක් විය දියණියනේ
සිඟිති උඹේ උණුහුම දැනෙනා තුරු
කිරිබර ළමැදට වෙහෙස නැතේ

ඈත නොවෙයි දුව දුව පැන හිනැහී
දුවගෙන එන හඬ ඇහෙන දිනේ
එවන් ගෙදර පියෙකුගෙ හඬ දොරකඩ
නැතුවට කම් නැත දියණියනේ

ළමැද මිසක් අවවාද වදන් නොව
මවගෙන් දුවකට හිමිවන්නේ
කිරි සුවඳින් මතු ජීවන සුවඳයි
ඉර හඳ ඇති තුරු පවතින්නේ

මේ ගීය  ගැන කියන්නට අවසන් පද කිහිපයම ප්‍රමාණවත් යැයි සිතමි.

පියාගේ නම ඉදිරියේ
කො‍ටුව හිස්වී තියේ

උඹ කුසට ආදා ඉඳන්
උඹේ අම්මා විඳපු නව නින්දා
උපන්දා සිට ජන්මයෙන් අඩු පාඩු වී
මැරෙන තෙක් උඹ විඳින නව නින්දා

තාත්තෙක් නැති එකා
මොකටදෝ උඹ ඉපදුනේ
තාත්තෙක් නැති එකේ
කොහොමදෝ උඹ ඉපදුනේ

(රණ්බණ්ඩා සෙනවිරත්න - හිතේ දුකට කියන කවි)

අවසන් කොටස බලාපොරොත්තුවෙන් සිටින්න.... ජයවේවා...

අදාළ ලිපි..

http://blogvampa.blogspot.com/search/label/Ran%20Banda%20Senevirathne

http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge

රණ්බන්ඩා මහතා මලියදේව විදුහලේ පැවැත්වූ කථාව

http://tikakhinawenna.blogspot.com/2010/09/blog-post_16.html

http://tikakhinawenna.blogspot.com/2010/09/02.html

http://tikakhinawenna.blogspot.com/2010/09/03.html

http://tikakhinawenna.blogspot.com/2010/09/blog-post_23.html

Disclaimer

අධික වැඩ කටයුතු මධ්‍යයේ වුවත් මේ දිගු ලිපි මාලාව ලියැවෙන්නේ ටිකක් හිනාවෙන්න බ්ලොගය ලියන සහෘද අභීත එදිරිසිංහ මහතාගේ යෝජනාවක් හා අදහසක් මතයි. මෙයට ලැබෙන තුති වලින් කොටසක් ඔහුට නිසැකයෙන්ම හිමි විය යුතුයි. සියලු චෝදනා වල වගකීම් මා විසින් දරනු ලැබේ. වාක්‍ය නොගැලපීම් හා අක්ෂර වින්‍යාස ගැන නොසැලකුවෙමි, දෙවනි වර නොකියැවූයෙමි.

සෙනවිරත්න මහත්තය ගැන මගේ දැනීම එතරම් හොඳ නැති වුවත් ඇසූ දු‍ටු හා සොයාගත් දේවල් මගින් මේ ලිපිය ගොනු කළෙමි. Ruk හා ඉන්දික උපශාන්ත සහෝදරයින්ට විශේෂ ස්තුතියක් පිරිනමමි. වැරදි ඇත්නම් නිවැරදි විය යුතු අයුර කොමෙන්‍ටුවක් ලෙස දමා යන්නේ නම් හෝ blogvampaඇට්gmailඩොට්com ලිපිනයට දන්නවන ලෙස ඉල්ලාසිටිමි. සියලුම වගකීම් ලිපිය නිවැරදි කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් ඇවිරේ. ලිපියේ ඇති අදහස් මාගේ මතයට අනුව බැව් සැලකුව මනාය.

24 comments:

  1. කිසි දෙයක් නොදැන හිටපු අපිට මේ ටිකත් හොඳටම ඇති....
    ඉතිරි ටිකත් බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  2. සුපිරි මචන්... වචන නෑ උඹට ස්තූති කරන්න.... තව දුරටත් එකතුවෙලා හොද දේවල් ටිකක් කරමු.......

    ReplyDelete
  3. හ්ම්...පට්ටයි...
    ජයවේවා!!!!

    ReplyDelete
  4. දැන් දැන් blog වල හරවත් දේවල් කතා වෙන එක ගැන සෑහෙන්න සතුටුයි... :)

    ReplyDelete
  5. mama "උල ලේනෝ" geethayata theiruma dhannei naethuwa thamaa mechchara kal ahuwei.

    වැම්පයර් jaya shrii

    ReplyDelete
  6. ඔයා ලියල තියන කතා ටික හරි.. මමත් අහල තියෙන්නෙ ඔය විදිහටම තමා...චෝදනා නෑ :) දිගටම ලියන්න

    ReplyDelete
  7. එල එල..ඔහොම යO....මයියා ලොකු එකාව නිදි කරවගන්නත් උල ලේනෝ සින්දුව කියනවා..

    ReplyDelete
  8. @ස්වප්නාබොහොම ස්තුතියි ඔබටත්..

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. @අභීතඅනිවා.. උඹෙන් පිකප් වෙච්ච තව සීරිස් එකක් මග එනවා...

    ReplyDelete
  11. @කාංචන දිනූකඔව්.. හොඳ ප්‍රවණතාවයක් තමා..ස්තුතියි..

    ReplyDelete
  12. machang meka down kara gan na thanak nathida

    "පෙරුම් පුරා රජ බිසවක නූනට "

    ReplyDelete
  13. උපරිමයි,,,,,ස්තූතියි

    ReplyDelete
  14. නියමයි සහෝ! ‍ගොඩක් වටිනවා...

    ReplyDelete
  15. වැම්පො,
    උඹටත් අභීත අයියටත් පින්සිදුවෙන්න අපූරු මිනිසෙක් ගැන ගොඩක් දේ දැන ගත්තා....
    ඔබ දෙපළටම බෙහෙවින් ස්තූතියි !

    ReplyDelete
  16. @Damමගේ ළඟ තිබුනා. හොයන්න ඕන වෙලාවක. කලබලේට ඔය ලින්ක් දැම්මෙ.

    ReplyDelete
  17. @පැන්daපැමිණීමට ස්තුතියි.

    ReplyDelete
  18. @sansarasiduතැන්කූ සහෝ ඇවිත් ගියාට...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails