Monday, October 11, 2010

Ran Banda Senevirathne Finale- රණ්බන්ඩා සෙනවිරත්න - අවසන් දිගහැරුම

 

අවසන් වශයෙන් මා මතකයට නැගෙන්නේ ළඳුනේ හා මාරියාවේ යන ගී දෙකයි.  මාරියාවේ ගීය ගැන මා පෙරදී ගුණදාස කපුගේ ගැන ලියූ සටහනක ඇතුලත් කලෙමි. ඒ වෙත සබැඳුමක් පහතින් දක්වා ඇත.

මාරියාවේ - රණ්බන්ඩා සෙනවිරත්න

ළඳුනේ ගීයට පාදක වූ කතාව බොහෝ දෙනා දන්නවා ඇතැයි සිතමි. මේ ගැන අප සරසවියේ "සරසවි ගී සිසිල" නැමැති සංගීත වැඩසටහනට පැමිණි අමරසිරි පීරිස් කලාකරුවාණන් පැවැසූ වදන් කිහිපයක් මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි. එය මාගේ මතකයට අනුව බැව් සැලැකුව මනාය.

 

"මේ ගීතය ලියූවේ  රණ්බන්ඩා සෙනවිරත්න මහත්තය, රණ්බන්ඩා මහත්තය සරසවියෙ ඉන්න කාලෙ එයාගෙ යාලුවො එක්ක ගණිකාවක් හමුවෙන්නට ගිහින් තියෙනව. ඔයිට පස්සෙ ඒ යාලුවො එක්කම දළදා මාලිගාවට ආපු වෙලාවක අර ගැහැණු කෙනත් මාලිගාවට ඇවිත් තියෙනව එයාගෙ ළමයි දෙන්නත් එක්ක. මේ වෙලාවෙදි රණ්බන්ඩා මහත්තය ඒ ගැහැණු කෙනාත් එක්ක හිනාවෙලා කතා කරන්න යන්න හදල තියෙනව.. මේ වෙලාවෙදි යාලුවො අහල තියෙනව
"උඹට ලැජ්ජ නැද්ද බන් මේ දවල් වේස ගෑනුත් එක්ක කතා කරන්න...?"

අමරසිරි පීරිස් - සරසවි ගී සිසිල - මොර‍ටුව විශ්වවිද්‍යාලය

අබිරූපිකාවක නටබුන්
සමග තම දෙදරුන්
දේවාල නුගේ වෙත ඇවිදින්
කම්මුල් තෙම තෙම මතකින්
අගමුල සොයනව සුසුමින්

ඉස ගිනිදෝ කුස ගිනිදෝ ලිප ගිනිදෝ
ඔබෙ රුව තැව්වේ
ගැරහිලි දෝ කෙනහිලි දෝ දස වද දෝ
ඔබෙ වත දැව්වේ

ඉස්සර ඔබ මෙන් දිලිහෙන ළඳ කඳ
ඔබේ ගෙදර ගිනි තිව්වේ
ඇයි ළඳුනේ ඇයි මව්නේ
ගහකින් පිහිටක් හෙව්වේ
ගහ ගලකින් පිහිටක් හෙව්වේ

හිනා නොවන නාඬන දරු දෙන්නා
ඔබේ මුහුණ දෙස බලා සිටී
ඔබ සිතිජය දෙස බලා සිටී

රණ්බන්ඩා සෙනවිරත්න - හිතේ දුකට කියන කවි

ඊට පස්සෙ තමයි මේ ගීතය බිහිවුණේ....

ළඳුනේ ………. ළඳුනේ ………….
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…
දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ …
තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ


පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය -ප්‍රේමසිරි කේමදාස
ගායනය  - අමරසිරි පීරිස්

 

පුපුරු ගහන වචන වලින්
පුළිඟු නැගෙන බැලුම් තුලින්
මගේ අතීතය අමතනු ඇයිදෝ

වැරදි කෙරුන සිරුර ‍රැගෙන
හසර නොදැන සිතින් අමන
මා බිරියක වීම වැරදි දෝ

එසේ නොවුන බිරියක නම් වෙනස  කෙබඳු දෝ

දරු දෙදෙනක මවක වීමි
රෝස උයන් නොබලා
උයා පිහා සෝදා මැද
ගෙදර රකිමි සැමදා

ඔබ බඹසර ‍රැක්කේ දැයි
නාසමි මම කිසිදා
මගෙ දෙවිඳුනි සැතපෙනු මැන
සැප සම්පත් වළඳා

බවෙන් බවේ පසුපස එමි
වෙනෙකෙකු වෙත නොරඳා
යසෝදරාවක් වන්නෙමි
මගෙ හිමි බුදු වෙනදා

රණ්බන්ඩා සෙනවිරත්න - හිතේ දුකට කියන කවි

මෙවන් සොඳුරු නිමැයුම් ‍රැසක් කළ අලුත්කඩේ උසාවියේ අධි නීතීඥ රණ්බන්ඩා සෙනවිරත්න මහතා 2002 දී අප අතරින් සමුගත්තා. මෙතුමා ගුණදාස කපුගේ මහතා සන්ෆ්ලවර් සමග කල කැසට් පටවල තිබූ ඔහුගේ නිර්මාණ වෙනුවෙන් නීති මගින් කටයුතු කළ බවත් ප්‍රසිද්ධ කරුණක්.

http://blogvampa.blogspot.com/2010/07/sunflowers-with-gunadasa-kapuge-true.html

එතුමාට නිවන් සුව ලැබේවා.....

අදාළ ලිපි..

http://blogvampa.blogspot.com/search/label/Ran%20Banda%20Senevirathne

http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge

රණ්බන්ඩා මහතා මලියදේව විදුහලේ පැවැත්වූ කථාව

http://tikakhinawenna.blogspot.com/2010/09/blog-post_16.html

http://tikakhinawenna.blogspot.com/2010/09/02.html

http://tikakhinawenna.blogspot.com/2010/09/03.html

http://tikakhinawenna.blogspot.com/2010/09/blog-post_23.html

Disclaimer

අධික වැඩ කටයුතු මධ්‍යයේ වුවත් මේ දිගු ලිපි මාලාව ලියැවෙන්නේ ටිකක් හිනාවෙන්න බ්ලොගය ලියන සහෘද අභීත එදිරිසිංහ මහතාගේ යෝජනාවක් හා අදහසක් මතයි. මෙයට ලැබෙන තුති වලින් කොටසක් ඔහුට නිසැකයෙන්ම හිමි විය යුතුයි. සියලු චෝදනා වල වගකීම් මා විසින් දරනු ලැබේ. වාක්‍ය නොගැලපීම් හා අක්ෂර වින්‍යාස ගැන නොසැලකුවෙමි, දෙවනි වර නොකියැවූයෙමි.

සෙනවිරත්න මහත්තය ගැන මගේ දැනීම එතරම් හොඳ නැති වුවත් ඇසූ දු‍ටු හා සොයාගත් දේවල් මගින් මේ ලිපිය ගොනු කළෙමි. වැරදි ඇත්නම් නිවැරදි විය යුතු අයුර කොමෙන්‍ටුවක් ලෙස දමා යන්නේ නම් හෝ blogvampaඇට්gmailඩොට්com ලිපිනයට දන්නවන ලෙස ඉල්ලාසිටිමි. සියලුම වගකීම් ලිපිය නිවැරදි කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් ඇවිරේ. ලිපියේ ඇති අදහස් මාගේ මතයට අනුව බැව් සැලකුව මනාය.

7 comments:

  1. ළඳුනේ ගීතය පිටිපසේසේ තව කොටසක් තියනවා. ලියල තියෙන්නේ දෙවන ජවනිකාව. පළමු ජවනිකාව අඩුයි. ඒක නොකිය ඉන්න එක වඩා හොඳයි කියල හිතුනා.

    ReplyDelete
  2. ළඳුනේ.. ඉතාම සංවේදී ගීතයක්
    අවසන් දිග හැරුමට සුදුසුම ගීතයක් ...
    ඔයා මේවට හරියට මහන්සි වෙනවා. අගය කරන්න ඕනෙ !!

    ReplyDelete
  3. mata matakai ran banda senevirathna miya giya kiwama ape ammai tattai hariyata duk vuna hoda manussayek kiyala.eth mun kalapana kala jevitheta dakalavath nathi manussayek gana kohomada mehema kata karanne kiyala. dan terenava ay e kiyala... sthuuthi vampire...
    sinhala kit eka na @ dis tim...

    ReplyDelete
  4. ලඳුනේ ගීතය ගැන මමත් ඔය කතාව ඇහුවා.. අමරසිරි පීරිස් මහත්මයා රූපවාහිනියේ වැඩසටහනකදි කිව්වා....

    වැඩ එක්ක හරි ලියන එක ගැන සතුටුයි...

    ReplyDelete
  5. මචන් මම අනිවා හිතේ දුකට ලියපු කවි හොයා ගෙන කියවනවා. උම්බ තවත් මේ වගේ සින්දු ගෑන ලියනව නම් මරු....

    අලුත් පරම්පරවේ සින්දු අහන උන්ට මෙවා තමා අහන් න දෙන්න ඔනේ..


    උම්බට ජය ශ්‍රී

    ReplyDelete
  6. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete
  7. ඒ වගේ වටින මිනිස්සු අද කී දෙනයිද ඉතුරුවෙලා ඉන්නේ. හුනුවටයේ අසඩක්, මානසවිලේ අද්විතීය නිමවුම්කරුවා, එච්.ඒ. දයාබර සහෘදයා, දැනටමත් නික්ම ගිහින්. ඒ අඩුව පුරවන්න බලාගෙන දගලන අය දකිනකොට බයත් හිතෙනවා.

    ඇත්තටම කවදහරි කවුරුහරි හිතුවද, අමරදේව, නන්දගෙන්, අමරසිරි පීරිස්ලගෙන්, මනෝරත්නලගෙන්, අවසාන වශයෙන් හරි ජැකාගෙන්, චාන්දනීගෙන්, දිවුල්‍ගනේගෙන් ඉවරවෙන්න යන මේ පරම්පරාවට ආදේශකය මොකද්ද කියල

    සොදුරු මිනිස්සු කියන්නේ වචනයෙන්ම පමණක් නොවේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ අය සොදුරුයි, දයාබරයි, සංවේදීයි.... තමුන්ට නෙමේ... ජනහදට....

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails