Friday, October 29, 2010

රස කෑමක් හදමු - මස් පුඩිම හා මස් රාත්තල | Recipe - Meat Pudding and Meat Loaf

image

ගූග්ල් බස් එකේ ඉන්න මගේ යාලුවන්ට නං මම කිව්ව ළඟදි මම බ්ලොග් එකෙන් කෑම ජාති හදන හැටි උගන්නනව කියල. මේ ළඟදි මේ බ්ලොග් එක හිට්ස් තිස්දාහක් එක්ක කොමෙන්ට් දාහක් පහු කරලයි තිබුණෙ. ඉතින් මම කල්පනා කළා මේක බලන අයට පොඩි රස කෑමක් හදන්න උගන්නන්න ඕන කියල. කෑමෙ නම තමයි "මීට් පුඩිං" එහෙම නැත්නම් (මේකට මම ගත්තෙ හරක් මස් නිසා) "හරක් මස් පුඩිම". දැන් ඔන්න කට්ටිය පොල්ල අතට ගන්නෙපා මෙන්න මේකා හරක් මස් ප්‍රමෝට් කරනවැයි කියල. මේකට ඕනම රෙඩ් මීට් එකක්  එහෙම නැත්නම් රතු පාට මස් ජාතියක් ගැලපෙනවා.

පුඩිමයි ලෝෆ් එකයි දෙකම හදන්නෙ එක විදියට. පොඩි වෙනසයි තියෙන්නෙ. දෙකම මේකෙන් කියල දෙන්න පුළුවනි.

අවශ්‍ය කරන ජාති මුලින්ම ගමුකො.

ලෝෆ් එකට

අල ගෙඩි එකයි
කැරට් අලයයි
ලොකු ළූනු ගෙඩි බාගයයි
බිත්තර දෙකයි
සෝයි සෝස් (ස්පයිසි)
බටර්/මාගරින් පොඩ්ඩක් (50 grams)
ගම්මිරිස්, ලුණු, බැදපු තුනපහ
පාන් පෙති දෙකයි (සැන්ඩ්විච් පාන් වෙන්න ඕනෙ)
අඹරපු රතු මස් ග්‍රැම් 350ක් විතර (මේක ෆුඩ්සිටි/කීල්ස් සුපර් වල තියනවා - මින්ස්ඩ් මීට් (Minced Meat) කියල ඉල්ලුවනං හරි)

පුඩිමට
ඉහත කී දේවල් වලට අමතරව ස්කිම්ඩ් මිල්ක් (skimmed milk) මිලි ලීටර් 75ක් විතර

මින්ස්ඩ් මීට් හොයාගන්න අමාරු නං රෙඩ් මීට් ජාතියක් අරගෙන ක‍ටු ඇරල ෆුඩ් ප්‍රොසෙසර් එකක දාල අඹරල ගත්තම හරි. පොල් කිරි මිරිකන්න වගේ අඹරන්නෙපා හොඳේ. කෑලි තියෙන්න ඕන ඔය පල්ලෙහා පින්තූර වල තියෙන විදියට. නැත්තං වැඩේ වටලප්පමක් වෙනවා..

මුලින්ම අල ගෙඩියයි, කැරට් අලෙයි ළූනු බාගෙයි චොප් කරගන්න. පුලුවන්තරම් පොඩියට කපාගන්න. ග්‍රේටරයක් තියේනම් ලේසියි. පහළ රූපෙ බලන්නකො.

Chopped Potato

සෙට් එකම චොප් කළාම මේ වගේ.

Chopped

පාන් පෙති දෙක කෑලි වලට කඩාගන්න. ඔය තියෙන්නෙ මින්ස්ඩ් මීට් (අධිශීතකරණ ලද) සහ පාන් පෙති දෙකේ සුන්බුන්.

DSC00342

මින්ස්ඩ් මීට් සාමාන්‍ය උශ්නත්වයට ආවම (හදිස්සිනම් මයික්‍රොවේව් එකකට දාල ඩිෆ්‍රොස්ට් කරගන්න, කුක් වෙන්න දෙන්න එපා), අර කලින් කපාගත්තු සෙට් එකම දාල හොඳට අනාගන්න මෙන්න මේ විදියට.

DSC00345

ඒකට බටර් ටිකත් දාල අනන්න. ස්පයිසි ගතිය වැඩි කරගත්තෑකි ගම්මිරිස් ටිකක් දාල. කොහොමත් අපි සැරට කැමතියි නේ. බැදපු තුනපහ ටිකක් දැම්මට අවුලක් නෑ. හදද්දි තමන් කන ගානට තුනපහ දාගන්න. මම නං ඉතින් ෆුල් ස්පයිසි..

බිත්තර දෙක කඩල ලුණු දාල බීට් කරල සෝයි සෝස් දාල කලවම් කරගන්න. ලෝෆ් ඕන නම් ස්කිම්ඩ් මිල්ක් දාන්න එපා. පුඩිම නම් ඕන, ස්කිම්ඩ් මිල්ක් ටිකත් දාන්න. මේ තියෙන්නෙ.

DSC00344

මේ තියෙන්නෙ ඒ ටිකත් අර මිශ්‍රණේට දාල.

DSC00346 

දැන් අවන් එකක 200 සෙල්සියස් වල පැයක් - විනාඩි හැත්තෑපහක් වගේ බේක් කරගන්න. පේනවනෙ වැඩේ.

DSC00347

දැන් ඉතින් හැන්දෙන් හරි මොකෙන් හරි කපල හරි කොටල හරි කන්නයි තියෙන්නේ. රසයි..! සුවඳයි..! කොටින්ම හරක්මස් අල්ලල දාල හිටපු මගේ ප්‍රියම්බරීත් මේක උඩ පැන පැන කෑවෙ නැතෑ!

ලෝෆ් එක හදනවනං කිරි නොදා බිත්තර දෙක දාන්න. එතකොට ඔය අන්තිමට කලින් රූපෙ තරම් වතුර ගතියක් එන්නෙ නෑ නෙ. දැන් මිශ්‍රණේ පාන් ගෙඩියක් හැඩේට අතින් හදාගෙන තැටියක බේක් කරගන්න 200 යෙ පැයක්.

ස්මාට් කුකිං ටිප්ස් | Smart Cooking Tips

  • ලෝහ තැටියක් වුණාම පයිරෙක්ස් වීදුරු බඳුනකට වඩා ඉක්මනට වැඩේ වෙනවා.ඒත් පැයකට ආසන්න කාලයක් තියන්න (around 50 mins). පොඩ්ඩක් බලන්න විනාඩි 20න් 20ට වගේ. පිච්චිලා අඟුරු වුණොත් අහක දාන්නෙපා. දත් මදින්න ගන්න.
  • උඩම රූපෙ තියෙන්නෙ මීට් ලෝෆ් එකක්.ඔයිට වඩා නම් පොඩ්ඩක් දුඹුරු පාට කරගන්න. මොකද පිටරට වල ගොඩක් අය මස් වැඩිය තම්බන්නෙ නෑ. ඒකයි රතු දුඹුරු පාට තියෙන්නෙ. නමුත් ඒක එච්චරම හොඳ වැඩක් නෙවයි.
  • අවන් එකේ දාන්න කලින් අවන් එක ප්‍රී හීට් කරගන්න. (මුලින් රත් කරගන්න) නැත්නං බේක් නොවී තැම්බෙනවා!

මේක හදන විවිධ ක්‍රම තියෙනවා. මෙතනදී ඉදිරිපත් කරේ අපේ තාලෙට ගැලපෙන්න බඩටත් හරියන්න හදපු මගේම විදියක්...අත්දු‍ටුවයි.. ප්‍රත්‍යක්ශයි...

එහෙනං හැපි කුකිං...

ජයවේවා...

PS

මස් නොකන අයට රෙසිපීස් ඉදිරියේදී... :)

මේක ඩෙසර්ට් එකක් විදියට කන දෙයක් නෙවයි. මේන් මීල් එකක් විදියට ගන්න දෙයක්. බඩ පිරෙනවා. බය වෙන්නෙපා :)

17 comments:

  1. වැම්පයර්ලගෙ මේන් මීල් එක ලේ උරා බොන එකනෙ. මේක ඇවිල්ලා ඩෙසට් එක, ඔය නෑ නෑ කිවුවට

    ReplyDelete
  2. වැම්පයර්ලගෙ මේන් මීල් එක ලේ උරා බොන එකනෙ. මේක ඇවිල්ලා ඩෙසට් එක, ඔය නෑ නෑ කිවුවට

    ReplyDelete
  3. වැම්පයර් මලයා අඩා මෙක කිරි හොඳිත් එක්ක කතෑකිද..?කියාපං අඩා...
    නැහ්නං පොල් සම්බෝලයක් එක්ක කොටා බාන්ටත් බැරිවෙයිදෑ..?

    ReplyDelete
  4. මාරයියේ.. සුද්දගෙ කෑම නෙව. ඔහොමම ඇරල දාන්නයි තියෙන්නෙ. හිතාගන්නකො කටදන පුඩිමක් වගේ එකක්.. මස් තියෙන.. :)
    හිතනකොට අප්පිරියයි වගේ උනාට කනකොට නං එහෙම නෑ.. හික් හික්..

    ලෝෆ් එකට නං මිරිස් හොද්දක් කාරිය කමක් නෑ.. ඒත් ඒක පාං කන්න වගේ කන්න බෑ. පෙති දෙකෙන් බඩ ෆුල් වෙනවා..

    ReplyDelete
  5. මෙන්න වැම්පයර් අයියා චෙෆ් කෙනෙක් වෙලා.....අඩේ බඩේ අමාරුව හැදෙන එකක් නෑ නේද?

    ReplyDelete
  6. මම මචන් මොනවා කිව්වත් වැඩේ එලකිරි.. අද හවස චිකන් පොඩ්ඩක් යොදාගෙන හදලා බලන්න වෙනවා..... හෙට ආවෙ නැත්නම් උඹේ පුඩිම කාලා.....

    ReplyDelete
  7. මේක කමු බොමු එකට ලිව්වානම් උඹට හෙන ගහනවද?

    ReplyDelete
  8. වැම්පා මල්ලි ලේ උරා බීලා ඉතුරු වෙන ඒවායින් මස් පුඩිං දානවා වගේ.. අළුත් තාලේ වැම්පයරයෙක්.. නියමයි! 
    ඕං එහෙනම් නිවාඩු දවසක මාත් ට්‍රයක් දානවා මේක හදන්න. තැන්කූ රෙසපියට.. !! :)

    ReplyDelete
  9. මට කෑම හදන්න බැරියෝ....

    ReplyDelete
  10. හසියා මල්ලි - හරියට වැඩේ කරොත් නෝ ප්‍රොබ්..

    අභීත - ඒකනේ මචන් කියන්නේ...මතක ඇතුව කුකුලා හමගහපන්.. නැත්නං තෙල් ඇවිත් වැඩේ යෝගට් වෙනවා...

    ReplyDelete
  11. මුචා - කෝමද බන් ඒකට ලියන්නේ.. මේක අරන් දාහන්.. නෝ ප්‍රොබ්..

    ReplyDelete
  12. ෆා - ගුඩ් ලක් කිව්වා..
    රත්ගමයා - උයන එක හෙන ෆන් වැඩක්.. හරිම ජොලි..

    ReplyDelete
  13. අලේ අපි වෙජිටේරියන් බොල

    ReplyDelete
  14. ගෙනල්ල හදං කන්න මොකද්ද වගේ..
    අවුලක් නෑ බ්ලොග් මීටිමේදී හදල අරං වරෙං. අපි කොටා බාන්නම්.

    ReplyDelete
  15. අඩේ මාත් වෙජිටෙරියන් !

    ඒ උනාට කමෙන්ට් 13 තියෙන්න නරකයි ඒකයි මම ඇවිදින් 14 කරේ

    ජයවේවා කියන්න බෑ .

    මම කට පූට්ටු කරගෙන ඉන්නේ කබරයා එන්න වගේ .

    ReplyDelete
  16. වැඩේ නං මරු වැමපි! ඉරිදා හදන්නයි ඉන්නෙ! එදාම ප්‍රතිඵල තියෙයි නේද?

    ReplyDelete
  17. හදලම බලල විස්තරෙ දාන්නම් කියල හිටියේ... කොහෙද වෙලාවක් සැට් වුනේ නෑ නෙව... ලබන සතියෙවත් හදන්ට බලමු....

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails