Monday, November 29, 2010

උප්මා හදමු - විනාඩි 20න් රසවත් උදෑසන ආහාරයක් - How to make Upma - A delicious breakfast in 20 mins

image  

දන්නෙම නැතුව පෝස්ට් 100ක් විතර යනකංම ඇවිත්. ඒ ප්‍රීතියට කට්ටියට රසවත් කෑමක් හදල දෙන විදිය තමයි කියන්නෙ. මේක උදෑසන ආහාරයක්. රෑටත් අවුලක් නෑ. 

උප්මා ගොඩක් ප්‍රසිද්ධ දකුණු ඉන්දියාවෙ. උප්පිට්‍ටු කියලත් කියනවා.

මේ මම කියන ප්‍රමාණ වලින් හතර දෙනෙකුට බඩ පැලෙන්න කන්න පුලුවන් වැඩේ හැදුනම. හරිනේ.. ලිස්ට් එක ලියාගමු..

  1. රුලං ග්‍රෑම් 500 ක් (පිට රටවල් වල ඉන්න අය ඉන්දියන් කඩේකට ගිහින් සෙමොලිනා කියල ඉල්ලන්න, කිලෝවක් ඩොලර් තුනක්-හතරක් වෙද්දි ගන්න පුලුවනි)
  2. ලොකු ළූනු ගෙඩියක්
  3. සුදුළූනු බික් 4ක්
  4. ඉඟුරු කෑල්ලක්
  5. කෑලි මිරිස්
  6. වියලි මිරිස්
  7. කජු (රටකජු වුනත් අවුලක් නෑ, පොතු ඇරලා)
  8. අමු මිරිස් කරල් දෙකක් විතර (සැරට කනවනං)
  9. පොල්කිරි කෝප්ප 1ක් (ස්කිම්ඩ් මිල්ක් වුනත් ඕකේ, මම හදන්නෙ ඒකෙන්)
  10. කරපිංචා

හරි.. දැන් හරිම ලේසියි වැඩේ.

රුලං ටික ලොකු පෑන් එකක දාල රත් කරගන්න. කලවං කරමින් රත් කරන්න මතක තියාගන්න. අර කබලෙ බදිනව කියන්නෙ. ඒක තමයි කරගන්න ඕන. සුදුපාට රුලං රස්නෙට ලාවට දුඹුරුපාට වෙද්දි නවත්තල පැත්තකින් තියාගන්න. කලවං කලේ නැත්නං ඉතින් යට දුඹුරු, උඩ සුදු!

ලොකු ළූනු ගෙඩිය, කරපිංචා, සුදු ළූනු, අමු මිරිස්. ඉඟුරු පොඩි කෑල්ලක් චොප් කරගන්න.

තරමක් ලොකු පෑන් එකකට (මම පාවිච්චි කරන්නෙ සෙන්ටිමීටර් 28 ක චයිනීස් ෆ්‍රයිඩ් රයිස් හදන පෑන් එකක්.. ෆ්‍රයිඩ් රයිස් රෙසිපියකුත් දෙන්නං ඉස්සරහට) තෙල් ටිකක් දාල චොප් කරපුවා දාගෙන බැදගන්න. කහ කුඩු ටිකක් දාගන්න. කුරුඳු පොතු කෑල්ලක්(පොඩියට කඩල) ඒකටම දාන්න. වේලිච්ච මිරිස් කරලක් දෙකක් ලොකුවට කඩලා දාන්න. කෑලි මිරිස් දාන්න. ලුණු දාන්න කන ගානට.

බැදීගෙන එද්දි කජු ටික දාගන්න.

තෙම්පරාදු වෙද්දි බර්නර් එක ඕෆ් කරල වතුර ටිකක් දාගන්න, තෙම්පරාදු කරපු මිශ්‍රනේට. ප්‍රවේසමෙන්. මොකද තෙල්+වතුර ඇඟට ඉහෙන්න ඉඩ තියනව.  වැඩි ආරක්සාවටයි බර්නර් එක ඕෆ් කරන්න කියලත් කිව්වෙ.

දැන් ආයෙ බර්නර් එක ඔන් කරල කබලෙ බැදගනිපු රුලං ටික ටික එකතු කරගන්න.  හොඳට හැඳිගාන්න. රුලං ඔක්කොම එකපාර දාන්නෙපා. කැට ගැහෙන්න බලනවා. තලපෙ වගේ එන්න ඕන. වතුර මදි නං වතුර දමමින්, රුලං දමමින් කලවං කරගන්න. තලපයක් වගේ එන්න ඕන.

බර්නර් එක අඩු කරගෙන තලපෙ කලවම් කර කර පොල් කිරි ටිකත් දාන්න.

දැන් ගින්දර අඩුවෙන් තලපෙ බාජනේ නො ඇලෙන ගානට එනකං රත් කරගන්න.

වැඩේ ඉවරයි...

තලපයක් වගේ තමයි. ඒත් තලප වලට වඩා හරි රහයි.. මාලු හොද්දක් එක්ක නං මරේ මරු.

වැඩේට යන්නෙ විනාඩි 20 ක් හෝ අඩු කාලයක්..

 

ස්මාට් කුකිං ටිප්ස්

කැනෝලා තෙල් පාවිච්චි කරන්න (මේකෙ ට්‍රැඩිශනල් රෙසිපියෙ තියෙන්නෙ ගිතෙල්, ගිතෙල් රසම ගන්න ඕන නං බටර් වලින් තෙම්පරාදු කරන්න)

රුලං වලට වතුර උරනවා, ඇතිවෙන්න වතුර දාගන්න. පස්සෙ වතුර හින්දවගන්න බැරිය. තලපයක් ගානට කරගන්න ඕන.

එලවලු දාල බලන්න..

21 comments:

  1. ශතකයක් ගැසූ වැම්පයර්ට ද්විත්ව ශතකය මොන් කජ්ජක්ද? සුභ පැතුම් මචන්......

    මේ රෙසිපි වැඩෙන් උඹට වෙන යහපත මොකද දන්නවද? උයන්න දන්නෙ නැති ගෑණු ළමයි අනිවා ඇප්ලිකේෂන් දාන්න පටන් ගනීවි....... පොඩි කුමාරිහාමි නංගි වගේ.......

    ReplyDelete
  2. දැන්ම මොනවත් කියන්නේ නෑ හදල කාලම කොමෙන්ටුවක් දාන්නම්...
    (ඈ දන්නෙම නැතුව කොමෙන්ටුව දාලනේ)
    තෑන්ක්ස් වැම්පෝ රෑකට තමා අපට ඕවා හදන්න වෙන්නේ.
    කොහොමද මේකට ග්‍රීන්පීස් ටිකක් එහෙම දැම්මොත් හොඳට තියේද?

    ReplyDelete
  3. සීයට ජයවේවා වැම්පෝ...
    @අභියා
    ඔහොම ගියොත් මූට මුස්ලිම් වෙන්න වෙයි වගේ......

    ReplyDelete
  4. ඉවීමත් කලාවක්. කොයි තරම් අමාරුවෙන් දුක් විඳගෙන ඉව්වත් තව කෙනෙක් ඒක රස කර කර කනව දකින එක තරම් සතුටක් මට නම් තවත් නෑ.

    ReplyDelete
  5. වැම්පයර් කීවාම මම හිතුවේ ලේ බොනවා කියලයි.
    අර අභීත අය්යා කියන කතාව ඇත්ත තමා.
    එයාලට දැන් 'පොඩි කුමාරිහාමි' ගැන කතා කරන්නේ නැතුව බැහැ වගේ.

    ඔයාගේ උප්මා හරිම රහ පාටයි. ඒත් උයන්න දන්නේ නැහැනේ.

    ReplyDelete
  6. අභීත - හපෙ අප්පේ.. මේව කියල දෙන්නෙ කොල්ලොන්ට.. :)
    ඩෑම්- තැන්කූ කිව්වා..

    ReplyDelete
  7. ප්‍රියන්ත අයියා- රෑට තමයි මාත් හදන්නෙ ඉතින්. උදේට බොරුවක් කරන එක නේ කරන්නේ. ග්‍රීන්පීස් නං හරියයිද කියන්න අමාරුයි. මොකද ඒවා තෙල් වලට දැම්මම හයි වෙනවනේ. කැරට් නං මරේ මරු.

    ReplyDelete
  8. කාංචන- තැන්කූ කිව්වා..
    පිණිබිඳු- ඇත්ත තමයි. ඒකනේ අපි මේව බෙදන්නේ.. :)

    ReplyDelete
  9. ඇනොනි1, 2 - ස්තුතියි. රහයි ඇත්තටම.

    ReplyDelete
  10. සීයක් පොස්ට් දාලනේ දැන් දැක්කේ...
    සුභ පැතුම්!!!!!!!!!

    ReplyDelete
  11. මේක නම් හදන්න ඕනි වෙලාවක. වැඩේ කියන්නෙ බන් මට ඉන්දියන් කිව්වම චිත්තරපටියක් වත් බලන්න හිතෙන්නෙ නෑ බන්. බෝයිස් විතරයි බැලුවෙ අවුරුදු 2 කින් විතර ඉන්දියන් කියල...

    සුබ පැතුම් 100 ට මගෙනුත්...

    ReplyDelete
  12. දිගටම ලියන්න අයියේ සුභ පැතුම් හදවතින්ම‍‍....
    හොට් හොට් සුභ පැතුම් එක්ක සාඩම්බර හසී පවුලේ සාමාජිකයන් එක්ක හසියත් ඉන්නවා ඕන්....

    ෂා චෝයි හදලා බලන්න ඕනි....

    ReplyDelete
  13. කාල බලමු !

    ඔන්න මගෙත් සුබ පැතුම් පිලිගන්න

    ජයවේවා !!

    ReplyDelete
  14. kana gaman tamai comment karanne. maalu hodith ekkka maara rasai!

    ReplyDelete
  15. chop karanawa kiyanne mokakda ??? O.o

    ReplyDelete
  16. තැන්කූ ප්‍රියන්ත අයියා..

    පිස්සා - ඕක රහයි බොල. හදන්නත් හෙන ලේසියි.

    හසියා- හදල බලන්න මල්ලි.. තැන්කූ..

    හිස් අහස- තැන්කූ මචන්..

    පිස්සි- අප කර දුන් දෙයක් වැරදී නැත...:)

    අශේන් - චොප් කරනවා කියන්නෙ පොඩියටම කපනවා කියන එකට.

    ReplyDelete
  17. 100පෝස්ට් එකට සුභ පතන්න බැරි වුනා වැම්පෝ.
    සමාවෙයන්
    කොහොම හරි කමක් නෑ මෙන්න මගේ සුභ පතුම්.
    තව වැඩි වැඩියෙන් ලියපන්.
    ජය

    ReplyDelete
  18. Thank u... Maath hoya hoya hitiya recipe ekak :)
    Rasa CHINESE CHOPSUEY ekaka recipe ekak puluvan nam daanna, godak pin :)
    Jaya wewa!!!

    ReplyDelete
  19. චීස් පැස්ටා හැදුවා නියමෙට ආවා. බොහොම ස්තුතියි. මට ග‍රම් මසාලා හදන විදිය කියලා දෙන්න පුලුවන්නම් බොහොම හොඳයි.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails