Tuesday, November 23, 2010

කාපු බීපු කතන්දර...

image

කන බොන වෙලාවට කාපු බීපු කතා මතක් වෙනවා. අපේ එකෙක් නුවර එලියටම ඇවිද්ද හැටි ගැන මම මීට කලින් කිව්වා මතකයි නේද? මේකත් ඒවගේ කතාවක්. අපේ කට්ටිය ගෙ සතා එලියට එන්නෙ ඉතින් දෙකක් දාගත්තම නේ. චිකන් උනත් සතා වෙනස්! ඒ කතාව දන්නවා නෙ. ඔන්න ඉතින් එක හෝටලේකට ගිහින් කට්ටියක් කෑමට සෙට් වුණාලු. මස් පීරිසිය අතට ගත්තු පොර බෙදාගන්න කලින් වේටර් මල්ලිට සද්දයක් දැම්මලු..

මල්ලි මල්ලි.. මේ මොන මස්ද?
චිකන් සර්..
හරි හරි.. චිකන් බව දන්නවා.. සතා මොකාද?

ඕකෙ ඔය තියනවට වඩා ටිකක් ගැඹුරු තේරුමක් තියනවා. ඒකයි මම කිව්වෙ චිකන් උනත් හරි සතා එලියට එන්න දෙකක් දාගන්නම ඕන කියලා.

ඔන්න ඉතින් වෙනදා වගේම සරසවි බිම ඇතුලෙ කට්ටිය සෙට් වුණා. දැන් වැඩේ නැගගෙන යනවා.. එක පාරටම සචියා මෙහෙම කියපි...

මට චූ කරන්න යන්න ඕන බං...
ඉතින් පලයන්.. අපි අල්ලගෙන ඉන්නවැයි..
අනේ බන් වරෙන්කො යන්න..
ඇයි මගේ එකෙන්ද කරන්නෙ?
නෑ නෑ.. වරෙන් යන්න...
හපෝ මළ කරදරේ.. මම ගිහින් එන්නං.. මූ  ඇදගෙන වැ‍ටුණොත් හෙම..

කියල එක්කගෙන ගියා අමිලයව. දැන් දෙන්නම නෑ.. පැය බාගයක් විතර ගියා.. අපිටත් ෆුල් අප්සට් වැඩේට. කොයි ලෝකෙ ගියාද දන්නෙ නෑ නෙ. කට්ටිය කතා වුණා ඉතින් හොයන්න යන්න. කට්ටිය කිව්වෙ හොඳ සිහියෙන් හිටපු කීප දෙනා...

පැයකට විතර පස්සෙ මෙන්න මුන් දෙන්නා එනවා වැනි වැනී....

කොහෙද බොලව් ගියේ?
සචියා හික් හික් ගගා හිනාවෙනවා.. හිනා එකයි..

අමිලයා කියනවා..
උඹ දන්නෙ නෑ නේ මූ කරපු වැඩේ.. මූ කතා කළා තව ගේන්න ක‍ටුබැද්ද හන්දියට යන්න..
ඉතින් හරකො.. මේ රෑ 2 ට බාර් ඇරලද?
ඒකනේ බං.. මටත් මීටර් උනේ නෑ.. මමත් ගියා...බැලින්නං මූ ළණුවක් දීලනේ තියෙන්නෙ..
ඇයි මූ චූ කරන්න කියල නේද ගියේ?
මූට චූ කරන්න හිතිල තියෙන්නෙ ක‍ටුබැද්ද හන්දියෙ.... #$@$%^$^$#
මාත් එක්කන් ගිහින් චූ කරලා ආවා ....

අපිට හිනාව නවත්තගන්න විනාඩි පහක් විතර ගියා..

පසුවදන-
මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිතේ ඇතුළත ඇති දේවල් ක්‍රියාවට නැංවීමට සිත්වේ. තවද ළණු කෑමේ  සම්භාවිතාවයද ඉහල යයි..හැකිතාක් වැලකී සිටින්න....

5 comments:

  1. උඹ නේද සචියගෙ ගැටේට මාට්ටු වුන අමිලයා.. :D :D

    ReplyDelete
  2. හොඳ වෙලාවට ඌට කටුබැද්දට ගිහිල්ලා කරන්නෙ හිතුනේ. යාපනේට වගේ යන්න හිතුනනං තාම යනවා . . . !

    ReplyDelete
  3. යකෝ ඌ පුදුම බුවෙක්නේ... දෙකක් දාගත්තම මම නම් පොඩ්ඩක් ඇලට් එකක් දාන්න බලන් ඉන්නේ... හි හි

    ReplyDelete
  4. මගේ තිබුණ චූ කතන්දර ටික නං ලියල ඉවරයි.

    මට මතක් වුනා කටුබැද්දේ කබර කතාවක්. ඒක ලියලා දාන්න ඕනැ ලඟදීම.

    ReplyDelete
  5. බීපුවාම කට්ටියට සිහි නෑ

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails