Friday, November 12, 2010

චීස් පැස්ටා හදමු ... | How to make Cheese Pasta ...



කලින් දවසක මම මස් පුඩිමක් හදන හැටි කිව්ව නේ. ඒකෙ අන්තිමට දැම්ම නේද මස් නොකන අයටත් පොඩි කෑමක් හදන හැටි කියල දෙන්නම් කියල. මේං ඒක. මේකට කියන්න පුලුවන් මැකරෝනි චීස්.. එහෙම නැත්නම් පැස්ටා චීස් හරි මොකක්හරි එකක්.

මෙන්න මේවයි ඕන...


  • මැකරෝනි/පැස්ටා ග්‍රෑම් 400ක්
  • ඔලිව් හෝ කැනෝලා ඔයිල් (මේ දෙකේම කොලෙස්ටරෝල් නෑ, කැමති නං කොලෙස්ටරෝල් තියෙන එකක් ගන්න :) )
  • අබ ස්වල්පයක්
  • චොප් කරගත් පාස්ලි (තියනවනං විතරක්)
  • ස්කිම්ඩ් මිල්ක් අඬු කෝප්ප දෙකක් (කිරි පිටි නං හරියනවද දන්නේ නෑ)
  • ග්‍රේට් කරගනිපු චීස් අඬු කෝප්පයක්
  • ලුණු
  • ගම්මිරිස්
  • තක්කාලි ගෙඩි තුනක් (පොඩි ඒවා, කො‍ටු කපාගන්න)
  • ග්‍රේටඩ් පාමිසන් චීස් කෝප්ප තුනෙන් එකක් (තියෙනවනං විතරක්)
  • පිටි මේස හැඳි 4ක් (මේකට සෙල්ෆ් රේසිං පිටි තියනවනං අගෙයි, නැත්නං නිකං පිටි ටිකක් දාන්න)

  1. ඉස්සෙල්ලා පැස්ටා/මැකරෝනි පැකට් එකේ තියෙන විදියට තම්බගන්න. සාමාන්‍යයෙන් නටන වතුරේ විනාඩි 10ක් තියල බේරුවම හරි. ලුණු, කහ පොඩ්ඩක් දැම්මට වරදක් නෑ.
  2. අවන් එක ප්‍රී හීට් වෙන්න තියන්න 180 විතර.
  3. තෙල් පෑන් එකක රත් කරල පිටි දාල කලවම් කරන්න. ඒකට අබ ටිකක් දාන්න (තේ හැන්දක් ඇති). දැන් පාප්පයක් වගේ තියෙන්න ඕන. ඒකට කිරි ටික දාල තව විනාඩි 5ක් විතර රත් කරගන්න. මේක හොඳට කලවම් කර කර කරන්න ඕන. දැන් එනව නිකං සුදු පාට සෝස් එකක් වගේ එකක්. දැන් බර්නර් එක වහල චීස් ටික දාල කලවම් කරන්න. රස්නෙට චීස් දියවෙලා ගොඩක් උකු පේස්ට් එකක් හැදෙයි. මතක තියාගන්න පිටි කැටි නොගැසෙන්න කලවම් කරන්න ඕන.
  4. මේකට පැස්ටා, තක්කාලි, පාස්ලි දාල කලවම් කරල ඕන ගානට ලුණු ගම්මිරිස් දාගන්න.
  5. දැන් පයිරෙක්ස් බාජනේකට මේක දාල උඩින්
  6. පාමිසන් චීස් ඉහල රත් වෙච්ච අවන් එකේ 180 විනාඩි 25ක් බේක් කරගන්න. (පාමිසන් චීස් රන්වන් දුඹුරු පාට වෙනකං)
ගොඩ තමා ඉතින් දැන්...

අම්බානක කනවනං හතරදෙනෙක්ට ඇති. සාමාන්‍යයෙන් 6 කට කන්න පුළුවනි.



ස්මාට් කුකිං ටිප්ස්
  • පාමිසන් චීස් රස්නෙට දියවෙන්නේ නෑ. හයියයි. ඒක නිසා හොඳ රසක් එනවා.
  • සෝස් එකට බිත්තරයක් දාල වෙනස වටහාගන්න (නන් වෙජි අය)
  • තීරු කපපු හැම් පෙති පහ හයක් දාල කලවම් කරල බේක් කරල බලන්න (නන් වෙජි අය)




ජයවේවා....



ප.ලි. - කමුබොමු.කොම් ඕන නං කොපි කරගන්න :) නෝ ප්‍රොබ්...

 

18 comments:

  1. මේකනම් හදලා බලන්න ඕනි....නියමයි.......
    කටට කෙලත් ඉනුවද මන්ද...මෙහෙට සුවදත් ආවා.....

    ReplyDelete
  2. මේකනම් හදලා බලන්න ඕනි....නියමයි.......
    කටට කෙලත් ඉනුවද මන්ද...මෙහෙට සුවදත් ආවා.....

    ReplyDelete
  3. kadenma kana eka labaida manda...:-P

    ReplyDelete
  4. අනේ වැම්පා මලේ මට හරියන හොඳ කට ගැස්මත් හදාගන්න විදියත් පුළුහං වෙලාවක දාන්ට ඔන හොදේ..
    මෙක මෙ පාඨක ඉල්ලීමක්..හරිය...
    (මතක ඇතුව අපිට මෙහෙන් හොයාගන්ටඅ ැහැකි දේවල් දාහං..නැත්තං මටත් රට වටෙ යන්න වෙයි..)

    ReplyDelete
  5. උඹ නං දැන් අර කමු බොමු කරන අයගෙන් ගුටි කනවා.. හිකිස්.. උන් රුමේනියාවට ඇවිල්ලා උඹට ගහල යාවි..

    ReplyDelete
  6. අම්මට වත් කියලා මේක හදාගෙන කන්න ඕන . මට උයන්න පිහන්න බෑනේ !.මේක හදන්න රු 500න් බැරිවෙයිද ? මගේ ලඟ එච්චරයි තියෙන්නේ ! ණය වෙලා හරි කන්න හිතෙනවා ලියලා තියන හැටි දැක්කම .

    ජයවේවා !!

    ReplyDelete
  7. ඔයත් දන්නෙ නැති කෙහෙල්මලක් නෑ බලාගෙන ගියාම

    ReplyDelete
  8. මෙහෙ ඕකට කියන්නෙ, මැකරොනි චීස් එහෙමත් නැත්නම් මැකරොනි පයි කියලයි.
    හරිම රසයි... මගෙත් ප්‍රියතම කෑමක්. හදලා බලන්න...කවුරු කවුරුත්... මම රෙකමන්ඩ් කරනවා....

    ReplyDelete
  9. පාස්ට නම් මට වච්චයි බොල. අර මාරය කිව්ව වගේ හොඳ සැරට කට කැස්මක් හදා ගන්න හැටි දාපන්කො.. අපි ට වටිනවා නේ...

    ReplyDelete
  10. බඩගින්න ඩබල් වුනා

    ReplyDelete
  11. ලියල තියන විදිය ලස්සනයි.ස්කිමිඩ් මිල්ක් වෙනුවට කිරි පිටි දෑම්ම මම.ප්‍රශ්නයක් නෑ.රසට තිබුනා

    ReplyDelete
  12. කට්ටියටම වෙන වෙනම තැන්කූ කරන්න තරං වෙලාවක් නැතුවා. ඒත් ඇවිත් ගියාට ගොඩක් ස්තුතියි. මම පාඨක ඉල්ලීම් සලකලා බලනවා අපේ මාරයියගෙයි පිස්සගෙයි..මේක ඇත්තටම රහයි.. මම අදත් හැදුවා...!!

    ReplyDelete
  13. කට්ටියටම වෙන වෙනම තැන්කූ කරන්න තරං වෙලාවක් නැතුවා. ඒත් ඇවිත් ගියාට ගොඩක් ස්තුතියි. මම පාඨක ඉල්ලීම් සලකලා බලනවා අපේ මාරයියගෙයි පිස්සගෙයි..මේක ඇත්තටම රහයි.. මම අදත් හැදුවා...!!

    ReplyDelete
  14. මම නම් මේවා හදන්න දන්නේ නෑ.. කන්න විතරයි දන්නේ..

    ReplyDelete
  15. patta patta... next week hadanawa

    ReplyDelete
  16. Mara rahai... aiyata pin sidda wenna husbandgen lakunu tikak da gaththa.......... ;0)

    ReplyDelete
  17. මගේ හිතට අල්ලලා ගියා Recipe එක ඔන්න මම Face Book දැම්මා කට්ටියට හදලා බලන්න කියලා

    ReplyDelete
  18. parmesan cheese wenuwata udata bread crumbs danna puluwan...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails