Sunday, November 21, 2010

How to Rip a DVD as aXXo | aXXo වගේ ඩීවීඩී රිප් කරමු

image

චීස් පැස්ට හැදුවට පස්සෙම මේ පැත්ත්ට එන්න බැරිවුණා මොනවහරි කුරු‍ටු ගාල යන්න. අද පොඩි වෙනස් දෙයක් කියන්න යන්නෙ. ටෙක් ටෝක් එකක්. අන්තර්ජාලයෙන් චිත්‍රපට බලන බොහෝ දෙනා aXXo ගැන දන්නව ඇතිනේ. DVD Rips ගන්න බොහෝ දෙනෙක් aXXo ප්‍රින්ට් එකක් එනකං ඉන්නවා ඩවුන්ලෝඩ් කරගන්න.

කතාව මේකයි. මම දැන් කියන්නෙ කොහොමද ඒ වගේම රිප් කරගන්නෙ කියලා අපි ළඟ තියෙන DVD එකක්. මේ ක්‍රමේ තියෙන විශේෂත්වෙ තමයි සම්පූර්ණයෙන් නොමිලේ ලැබෙන මෘදුකාංග බාවිතාකිරීම..

පටන්ගන්න මේ දෙක බාගත කරගෙන පිහි‍ටුවාගන්න.

  1. AutoGK <download>
  2. DVD Decrypter <download>

පියවර..

ඩීවීඩී එක දාල ඩික්‍රිප්ටර් එකෙන් Ifo ෆයිල් මෝඩ් එක සිලෙක්ට් කරන්න. ඩෙස්ටිනේශන් එකට තමන් කැමති ෆෝල්ඩර් එකක් දෙන්න, හැබැයි මේ වැඩේට ටිකක් ඉඩ තියන පාටිශන් එකක තියන ෆෝල්ඩර් එකක් දෙන්න ඕන.

image

image දැන් input ටැබ් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් චේන් ෆයිල් එක ‍තෝරගන්න ඕන (PGC file). මොන ෆයිල් එක ‍තෝරගන්නවද කියන ප්‍රශ්නෙ එනව මෙතනදි. ‍ෆිල්ම් එකක් නම් දිගම ටයිමිං තියන ෆයිල් එක සිලෙක්ට් කරන්න.  ටීවී සීරිස් එකක් හරි සෙග්මන්ටඩ් ඩීවීඩී එකක් හරි නම් තමන් කැමති එපිසෝඩ් එක සිලෙක්ට් කරන්න ලෙන්ත් එක බලලා.

image

දැන් වැඩේ බාගයක් හරි. කොල පාට ඇරෝ එක ක්ලික් කරලා පැය බාගෙකින් විතර එන්න වෙන වැඩක් කරලා (‍ෆිල්ම් එකක් නම්)...

වැඩේ ඉවර වෙලා නම් ඩෙස්ටිනේශන් ඩිරෙක්ටරි එකේ ෆයිල් තුනක් තියෙන්න ඕන..
ifo, vob, txt  දිගු තියෙන.

දැන් එන්කෝඩිං කිරීම..

ඔටෝජීකේ ඕපන් කරල හදාගත්ත vob එක දෙන්න.  අවුට්පුට් avi ෆයිල් නේම් එකත් ස්පෙසිෆයි කරන්න.

image

ඕඩියෝ ට්‍රැක් එකයි සබ්ටයිටල් ට්‍රැක් එකයි දෙන්න. මෙතනදි මුලින් ඩීවීඩී එක ප්ලේ වෙද්දි තියන ඩිෆෝල්ට් ඕඩියෝ එක තමයි මුල් ට්‍රැක් එක විදියට එන්නෙ. සබ්ටයිටල් වලටත් එසේමයි.

image

දැන් හරි. ෆයිල් සයිස් එක ස්පෙසිෆයි කරන්න. 700 මෙගා බයිට්, 350 මෙගාබයිට් ... කැමති එකක්. මම 700 තමා සිලෙක්ට් කරන්නේ. තව තමන් කැමති සයිස් එකකට හදාගන්නත් පුලුවනි.

image
ඇඩ්වාන්ස් සෙටින්ස් වලින් වේරියබල් බයිට් රේට් MP3 VBR 128 kbps ‍තෝරන්න. කොන්ස්ටන්ට් බයිට් රේට් වලින් මම බලාපොරොත්තුවන තත්වය ආවෙ නෑ.

image

කොඩෙක් Xvid ‍තෝරන්න. DivX තේරුවොත් ඒ කොඩෙක් පැක් එක ඕන වෙනවා සාමාන්‍යයෙන්.

ඇඩ් ජොබ් > ස්ටාට්.......

දැන් ඉතින් පැය එකහමාරක් විතර යනවා වැඩේට...

ඉවරයි...

ජයවේවා...

 

Images are from http://elliottback.com

14 comments:

  1. තැන්කූ.. තැන්කූ... ‍මාත් ට්‍රයි එකක් දීලා බලන්නම්...

    ReplyDelete
  2. හොද ලිපියක් සහෝ!

    ReplyDelete
  3. ආහ් ! ගොඩක් ස්තූතියි යාලුවට. මේක හුඟක් ප්‍රයෝජනවත් පෝස්ට් එකක්.. නිමය කැපෑසිටි එකට රිප් කරන හැටි මම දැනන් හිටියේ නෑ. දැන් දන්නවා !

    ReplyDelete
  4. මාත් මේ ගැන ලියලා තියේ.. හැබැයි decrypter දැම්මෙ නැ මොකද ගොඩක් ඒවා කෙලින්ම rip කරන්න පුලුවන් නිසා.

    http://www.kaniya.info/2010/04/dvd-ripping.html

    ReplyDelete
  5. වැම්පයර්ටයි කණිශ්කටයි බොහොම ස්තූතියි...
    සිංහල වෙබ් අවකාශයට මේවා මහඟු සම්පත්...!

    ReplyDelete
  6. මමත් මේ ගැනම ලිපියක් දැම්ම. ඒකත් බලන්න.
    http://www.sinhalasite.com/software-2/dvdrip

    ReplyDelete
  7. වැඩේ කරන්න ඕනි වුනාම දැන් අපි දන්නව එන්න ඕනි තැන අතන මෙතන හොයන්නෙ නැතුව..ස්තූතියි...ඕනි වුන ගමන් මේක බලාගෙන කරන්නම් කො...

    ReplyDelete
  8. අරගෙන බලමු වැඩේ කියන්නේ
    මට මේදවස් වල Rom එකක් නෑ ! ඒක එනකම් ඉන්න වෙනවා මේව චෙක් කරන්න ....

    මම මීට කලින් පාවිච්චි කලේ Hand Brake මේවත් අරං බලනවා ! හොඳ එක තියාගන්නවා !

    වැම්පයර් මචෝ ඉස්තූතියි

    ජයවේවා !!

    ReplyDelete
  9. මේකට ගොඩාක් වෙලාව යනවා. අනිත් එක මම මේකෙන් ෆිල්ම් රිප් කළාම Audio Video Sync out ගියා. කීපවතාවක්ම උත්සා‍හ කළත් හරිගියේ නැති නිසා අල්ලලා දැම්මා වැඩේ.

    ReplyDelete
  10. නියම post එකක්. මමත් මේ වැඩේ කරන්න පුලුවන් software එකක් හොය හොය හිටියෙ. ගෙදර තියන film DVD ටික lap එකට දාගන්න. ගොඩක් ස්තූතියි.
    Keep It Up....

    ReplyDelete
  11. audio out යන එකට කරන්න ඕනි දේ මගේ පොස්ට් එකක දැම්ම. ඒකට වෙනම software එකක් තියෙනවා.
    http://www.sinhalasite.com/software-2/dvdrip

    ReplyDelete
  12. ගොඩක් ෆිල්ම් වල PCG එකකට වඩ තියනවා.දෙකක් එකපාර සිලෙක්ට් කරන්නත් බෑ.වෙන වෙනම කලොත් VOB 2ක් එනවා.එතකොට AVI කලත් ෆිල්ම් එක එන්නෙ කෑලි දෙකකට.කරුණාකර මේ අවුල ලිහාගන්න ක්‍රමය කියන්න.මම තෙරුම් අරන් වැරදි නම් එක නිවැරදි කරලා දෙන්න.

    ReplyDelete
  13. කට්ටියටම ස්තුතියි ප්‍රතිචාරයන්ට.. AviMux GUI කියන ‍ෆ්‍රී සොෆ්ෆ්ට්වෙයාර් එකෙන් ඕඩියෝ සින්ක් කරගන්න පුලුවනි. ඒක ගැන ඇනොනිමස් ගේ ලින්ක් එකේ විස්තර තියෙනවා..

    ජයවේවා... තව එකක් මුලින් අනිවා IFO මෝඩ් දාන්න.. දාලා ලොකුම ප්‍රෝග්‍රෑම් චේන් එක ගන්න. නැතිනං වොබ් ෆයිල් ලොට් එකක් හැදෙයි. තව ටූල්ස් ගිහින් බලන්න ස්ප්ලිට් ෆයිල්ස් කියන එක ටික් වෙලාද කියල. එහෙම නං1ජීබී ෆයිල් ලොට් එකක් තමා හැදෙන්නෙ..අන්ටික් කරන්න..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails