Saturday, December 25, 2010

නත්තල් සීයා, ඉන්ජිනේරු සිසුන් හා වයින් කතන්දර....

 

image

නත්තලකුත් ආවා නේද?

නත්තල කිව්වම අපේ පොඩි උන්දැලටනං කෙලින්ම මතක් වෙන්නෙ නත්තල් සීයා නෙ. ඔය නත්තල් සීයා ඉන්නවා නේද? එයා තමයි ලෝකෙ ඉන්න එකම මනුස්සයා රෑට  රෑට ගෙවල් වලට ඇතුලු වෙලා කට්ටිය නිදිද කියල බලලා යහතින් යන්න පුලුවන්..නැද්ද මං අහන්නෙ..

කෑම ජාති ලිවිල්ලත් තියනව කරන්න.  වෙලාව වෙලාව...!! 

මතකද මන්දා කට්ටියට මම ඉන්ජිනේරුවෝ හා මානව සම්පත් කළමනාකරුවෝ කියලා කතන්දර සෙට් එකක්ම දැම්මා. මතක නැතුව ඇති නේද? මෙතනින් යතෑකි ඕන නං..

http://blogvampa.blogspot.com/search/label/human%20resources

ඔන්න අදත් පොඩි කතන්දරයක්.. ඉන්ජිනේරුවෝ ගැනම තමයි ඉතින්.. වෙන කවුරු ගැන ලියන්නද මේ මං හැබෑට..

ඔන්න ඉතින් ඉන්ජිනේරු සිසුවෙක්  එක දවසක් සිරා ස්කූටර් එකක් පැදගෙන එනවලු. මේක දැකපු පොරගෙ යාලුවා ඇහුවලු (පොරත් ඉතින් ඉංජෙක් ම තමයි)..

"ශහ්.. සිරා ස්කූටර් එක නේ මචං .. ගත්තද? "

එතකොට අපේ කතා නායකයා ස්ටෝරිය දිගාරින්න පටංගත්තලු..

"මාර වැඩක් වුණානෙ මචං.. මම ඊයෙ හවස ගෙදරට ඇවිදගෙන යනකොට අර අල්ලපු ගෙදර ඉන්න කෙල්ල ඉන්නෙ.. ඒ කෙල්ල මේ ස්කූටරෙන් මගේ ඉස්සරහට ඇවිත් , ස්කූටර් එක පැත්තකට දාල එක සැරේටම ඇඳන් ඉන්න ඇඳුම් ඔක්කොම ගැලෙව්වනෙ.."

" නෑ.. ඉතින්? "

"ඇවිල්ල කියපි .. Take anything you want !! කියල.. මම ඉතින් ස්කූටර් එක අරගෙන ආව..."

"හරියටම හරි.. නියම තේරීම..කොහොමත් ඔයාට ගෑනු ඇඳුම් හරියන්නෙ නෑ නෙ !! "

ඔන්න ඉතින් කතන්දරේ බලල හිතන්නෙපා ඉන්ජිනේරුවන්ට ඕකත් තේරෙන්නෙ නෑ නෙ කියල.. හරියට බලන්න.. ඉන්ජිනේරු සිසුවෙක් කියල ලියල ඇති...!! පස්සෙ දාන්නංකො ඉංජන්ගෙ තව කතන්දර ටිකක්...

දැන් ඉතින් නත්තල් නිසා කට්ටිය හාෆ් කට් වෙන්න ඕන ඉන්නෙ. මොනවද ඉතින් නේද? පිස්සා නං අවුරුදු 12ක එකක් ගත්තා කියලා පෝස්ට් එකේ දාලම තිබුණා. අවුරුදු 12ක් කියන්නෙ සුළු ප‍ටු කාලයක්ද හැබෑට.  ඔය පරණ කරන ඒව හා ඒ අංශෙ ගැනත් අපි ඉදිරියට කතාකරමු.  මේ කාලෙ ඉතින් කරළියේ තියෙන්නෙ වයින් තමයි.

වයින් ගැන කිව්වම වයින් කියන්නෙ ස්වාභාවික පළතුරු යුශ පැසවීමක් (fermentation) මගින් ලබාගන්නා ඇල්කොහොල් සහිත පානයක්. වයින් කියපුගමන් ඔලුවට එන්නෙ මිදි වුණාට වෙනත් පළතුරුවලින් සෑදූ වයින් (ඇපල්, වයිල්ඩ් බෙරීස්) වෙළඳපොලෙන් ලබාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ව්‍යවහාරයයේදී ඒවා ෆෘට් වයින් ලෙසයි හඳුන්වන්නේ.
වයින් කියන්නෙ සෑහෙන්න ඉතිහාසයක් තියෙන පානයක් නෙ. මුලින්ම වයින් හැදුවෙ ඉරානයෙ කියලයි මම අහල තියෙන්නෙ. මොහන්දෙජාරෝ හරප්පා ශිෂ්ඨාචාර වලත් නයිල් නිම්නයෙත් වැඩේ නැගල ගිහින් තියෙනවලු.
සාකේ වලට කියන්නෙ රයිස් වයින් කියලා සමහරු. මොකද ඒක හදන්නෙ හාල් වලින් නිසා.
ලෝකයේ වැඩිම විවිධත්වයක් ඇති මධ්‍යසාරයත් වයින් මගේ හිතේ. ඉතින් වයින් කිව්වම එක එක විදියෙන් තියෙනවා. සාමාන්‍යයෙන් වයින් බෝතලේක ලේබලේකින් ඒ වයින් වර්ගය ගැන යම් අවබෝධයක් ලබාගන්න පුලුවන්. වයින් වර්ගයේ නම, නිශ්පාදිත රට, නිශ්පාදකයා , ඇල්කොහොල් ප්‍රතිශතය හා නිශ්පාදිත වසර ලේබලයෙන් කෙලින්ම බලාගතහැකි දේවල්. මේ හැරෙන්න වයින් වර්ගයේ රස ගැන අවබෝධයක් ලබාගැනීමට තවත් වැදගත් කරුණු කීපයක් දැන ගත යුතු වෙනවා. මේ අතරින් මිදි වර්ගය හා උප වර්ගය, මිදි වැවුණු ප්‍රදේශය ප්‍රධානයි. අමතරව වයින් body එකත් දැනගත යුතුයි.
පැරණි වයින් වල රසය  ඉහලයි. ඒලෙසම මෘදු ගතියෙන් වැඩියි. සාමාන්‍යයෙන්  7% සිට 25% දක්වා ඇල්කොහොල ප්‍රතිශතයෙන් වයින් ලබාගතහැකියි. වෙළඳපොලේ සාමාන්‍ය වයින් බෝතලයක 12.5%-15% පමණ ඇල්කොහොල් අඩංගුවෙනවා.

බෝතලයක ඩ්‍රයි වයින් ලෙස සඳහන් වූවොත් එහි අදහස සීනි ප්‍රතිශතය අඩු බවයි.

මිදි වර්ග ගැන කතාකළොත් Merlot, Pinot Noir, Sauvignon, Merlot Cabernet, Chardonnay, Cabernet Sauvignon  වැනි මිදි වර්ග වලින් සාදනු ලැබූ වයින් වල රසය ඉහලයි. Merlot, Merlot Cabernet & Chardonnay නං මරු මට.

වයින් බොඩි එක යනුවෙන් සරල වචන වලින් අදහස් කරන්නේ වයින් වල සාන්ද්‍රණයයි. ලයිට් බොඩීඩ් වයින් ඉතා මෘදු වන අතර බොහෝ කාන්තාවන් හා ළමයි ප්‍රියකරන්නේ එයයි. ෆුල් බොඩීඩ් වයින් වල රසය හා වයින් සැර වැඩියි.

එහෙනං .. සුබම සුබ නත්තලක්....

 

P.S.

Please Drink Responsibly

පහුගිය දවස් ටිකේම මේ පැත්තෙ එන්න බැරිවුණා නෙ. අවුරුද්ද අන්තිම නිසා අර රිපෝට් මේ රිපෝට් ප්‍රොජෙක්ට් සමරයිසේශන් අරවද මේවද වැඩ ලෝකයයි. රීඩරේට දාගනිපු බ්ලොග්ස් ටික නං කියෙව්වා ඒත් වරද්දන්නෙ නැතුව. කොමෙන්ට් නොදැම්මට කට්ටිය තරහගන්නෙකක් නෑ කියල හිතනව. ආයෙත් නිල වශයෙන් වැඩ කටයුතු පටන්ගන්න තියෙන්නෙ ජනවාරි 10. එතකං පුලුවන්තරං පරිගණක භාවිතාවෙන් ඈත් වෙන්නයි හිතාන ඉන්නෙ. බලමුකො..

9 comments:

  1. ඉංජිනේරු කතන්දරේනම් මරු :DDD

    ReplyDelete
  2. මයියා මේ කල්පනා කලේ , ඉOජිනේරුවන්ගේයි, වයින් වලයි තියෙන පයුරු පාසානම මොකක්ෆ්හ කියලා..මොකද ඔය ලොකු ඉOජිනේරූවෝ ඔක්කොම ඉතින් ගෑනු ගන්නකල් හොද බෙබාලා නේ....

    ReplyDelete
  3. හොඳ වයින් එකක් තෝර ගත්තෙ නැත්නම් පට්ටම අවුල නේද???

    ReplyDelete
  4. මම ඉන්ජංගෙයි මැංජන්ගෙ කතා සෙට් එක කියෙව්වා.. නියමයි.. හැමතැනම වෙන්නෙ එකම දෙ. නැති බයිලා පෙන්නන්න ගිහින් ඇන ගන්නවා.. නියම කතා ටික

    ReplyDelete
  5. ඔය වයින් අරක්කු ගැන හොඳටම දන්නේ බේබද්දෝ..... :D

    අපිනම් ඉතින් දෙන දෙයක් බීලා පාඩුවෙ ඉන්නවා පැත්තකට වෙලා......

    ReplyDelete
  6. ඉංජිනේරු කතාව නම් මරු තම.... වයින් නම්.. අනේ මන්දා..මෙහේ නම් අනිවාර්ය අංගයක් තමා.. :) චුට්ටක් රස නම් බැලුවා වැඩේ හරි ගියේ නැ,.. :)

    ReplyDelete
  7. හික් හික් හික්....

    ReplyDelete
  8. හික් හික්!! අර අභීත ලොක්කා අහපු දේ ගැන මොකද කියන්නෙ? උඹ වයින් ගැන කියලා අපිව වයින් කෙරුවනං ලංකාවට එද්දි අපිටත් වයින් බෝතලයක් ගෙනෙන් හරිද?

    ReplyDelete
  9. මම කිව්වද 12 එකක් ගත්ත කියල... අනේ බොල හැම තැණ්නම හෙව්ව අද ඕනි කමක් වෙලා නැහ නොවැ. හිස් 12ක් පරන එකක් නම් තිබ්බ කවුරු බීලද මන්ද

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails