Wednesday, December 29, 2010

ග්‍රේෂන් ආනන්ද නම් වූ ඔහු.. | Graetian Ananda ….!

image

සිංහල චිත්‍රපට පසුබිම් ගීත ගායනයේ ජෝතිපාල සලකුණෙන් අනතුරුව මගේ මතයට අනුව ජනප්‍රියතම පසුබිම් ගායකයා ග්‍රේෂන් ආනන්ද අබේකෝන් මහතායි. ජෝතිපාල මහතා විජය කුමාරණතුංග ගේ රුවට හඬ මුසු කරද්දී ග්‍රේෂන් ආනන්ද මහතා සනත් ගුණතිලකයන්ට හා සෂී විජේන්ද්‍ර වැනි නළුවන්ගේ පසුබිම් ගීත ගැයීය. සරත් දසනායක මහතාගේ චිත්‍රපට වාද්‍ය වෘන්දයේ ගිටාර් වාදකයෙකු හා ආධුනික කීබෝඩ් වාදකයෙකු ලෙස හැත්තෑව දශකයේ මුළ ඇරඹි ග්‍රේෂන් ගේ කලා ජීවිතය අදින් අවාසනාවන්ත ලෙස අකාලයේ අවසන්වූ වග දැනගන්නට ලැබිණ.

ඈත දුරක දෑස පාවෙලා - නීලා වික්‍රමසිංහ සමග ගායනාකළ ගීතය ග්‍රේෂන් ආනන්දයන්ගේ පළමු ගීතයයි. සනත් ගුණතිලක, රවීන්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම, විජය කුමාරණතුංග ගේ පටන් චන්න පෙරේරා හා රෝශාන් රණවක (හරිද මන්දා නම) දක්වා ග්‍රේෂන් තිරය පි‍ටුපස සිට සිය හඬින් නොමද දායකත්වයක් සැපයීය.

ග්‍රේෂන් ආනන්දගේ ජනප්‍රිය ගීත අතර,
හිම රේණු වැටෙනා - ආත්මා චිත්‍රපටය
තරු යායේ ඈතින් ඈතට - බයිසිකලේ චිත්‍රපටය
සිහින අහසේ වසන්තේ
බාලේ පුංචි කාලේ
ඉපදී ලොවේ
තිසරවිලේ - රෝස වසන්තේ චිත්‍රපටය
රැල්ලෙන් රැල්ල
සීතාදෝ - රජ වැඩකාරයෝ චිත්‍රපටය
ආදර සීනුව -ප්‍රමාද වැඩියි ටෙලිනාට්‍යයය
රනින් මාල
අම්මා - රජමැදුර චිත්‍රපටය
අපි කොයි කවුරුත් - අමල් බිසෝ චිත්‍රපටියෙන්
හිම කඳු යහනේ - සසර චේතනා චිත්‍රපටය
කැන්දන් යන්නම් රන් මල් මාලා - ඈතින් ඈතට චිත්‍රපටය
පළිඟු නදී - දේදුන්නේ සමනලියක් චිත්‍රපටය

ඇතුළු අටෝරාසියක් ගීත මතකයට නැගේ. මුදල් පසුපස හඹා නොගිය කලාකරුවකු වූ හෙතෙම කල් ගෙවූයේ කුලී ගෙයක බැව් මීට මාස කිහිපයකට කලින් පලවුන පුවත්පතක මුල්ලක පළවී තිබුණා මතක ඇත. නියම ඇගැයීමක් කිසි කලක ග්‍රේෂන් ට නොලැබුණු වග මාගේ හැඟීමයි. කෙසේවෙතත්.. ග්‍රේෂන්.. ඔබ සැබැවින්ම නියම ආදර්ශවත් කලාකරුවෙක්.. ඒ වගට ලංකාවේ සියළුදෙනා සාක්ෂි දරනවා නිසැකයි.

ඔබට නිවන් සැප...!!

10 comments:

  1. ග්‍රේෂන් සාමදානයේ සැතපේවා............

    හිමරේණු වැටෙනා..... පුදුම සිංදුවක්.....

    ReplyDelete
  2. අනේ මම මේක දැනුයි දැක්කේ... අකාලෙම යන්න ගිහින්. ඇයි මෙච්චර ඉක්මනින්ම...? දෙව් මව් තුරුලේ සමාදානයේ සැතපේවා!

    ReplyDelete
  3. "හිමරේණු වැටෙනා....පුදුම සිංදුවක්"
    සම්පූර්ණයෙන්ම එකඟයි... ඒ සින්දුවම ඇති...

    ReplyDelete
  4. මමත් කැමති ගායකයෙක්...
    "ආදර සීනුව" සිංදුවට මම ගොඩක් ආසයි..

    එතුමන්ට නිවන් සැප ලැබේවා.....!!

    ReplyDelete
  5. අවුරුදු කීපයක්ම මම මෙතුමාව ලඟින් දැනගෙන හිටියා. හොඳ සිහියෙන් හිටපු දවසක්වත් මට මතකනම් නෑ... ඒත් එතුමා හොඳ විවෘත හදවතක් තිබුණ ඕන වෙලාවක රෙඩි පිට හිටපු මනුස්සයෙක්. ඒ වගේම මොන ප්‍රශ්ණ තිබුණත් ජොලියෙ හිටියා... මම හිතන්නෙ එතුමාට මොන ප්‍රශ්ණ තිබුණත් ඒව ගැන නොහිතා ඉන්න ශක්තියක් තිබුණා.

    ඔහුගේ ගායනය ගැන කියන්න දෙයක් නෑනෙ ඉතිං. අපේ සාජ්ජ වලදි අපිට හොඳට සන්තර්පනය කලා...

    ReplyDelete
  6. honda kala karuwek. NIWANSEPA LEBEWA.

    ReplyDelete
  7. හ්ම්.... ආරංචිය දැකපුගමන් පුදුම දුකක් දැනුනේ.. එතුමා වැනි ගායකයන්ගේ තියන හඬ පෞර්ෂය අද සිටින නව රැල්ලේ ගායකයන්ට තියනවද කියන එක නිතර හිතෙන දෙයක්. අනික චිත්‍රපටි පසුබිම් ගායනයක් වුනාම ඒක හැමෝටම කරන්න බෑ. ජෝතිට ග්‍රේෂන්ට ඒ තැන නිතරම හිමිවුනේ ඔවුන්ගේ හඬ නිසා. ඇත්තටම එතුමා සමුගත්තා කියලා දැක්ක ගමන් දැනුන ඊළඟදේ තමයි ලංකාවේ චිත්‍රපටිවල ගීත ගයන්නේ කවුද කියන පැනය.. එතුමා රූපවාහිනී සාකච්ඡාවලදි එහෙම කතා කරනවා බලන්න ආසයි. දැන් ඉන්න ගීතයකට බර ගනන් ගන්න (ඒ ගන්නෙත් මෙතුමා වගේ අයගෙ ගීත කියල තමයි) දෙකයි පනහෙ ගායකයොන්ට වඩා ලස්සන හදවතක් එතුමට තිබුනා මම හිතන්නේ..
    එතුමාට නිවන් සැප..
    -කාංචන

    ReplyDelete
  8. තවත් එක විශිෂ්ටයෙකුගේ සමු ගැනීමක්!!!

    ReplyDelete
  9. සිංහල සංගීතයට ලොකු පාඩුවක්.

    ග්‍රේශන් මහත්ම්යානෙනි... සාමදානයේ සැත්පේවා

    ReplyDelete
  10. ඔහු අති විශිශ්ඨයෙක්.ඉපදී ලොවේ හා අම්මා කියන සින්දු 2ට මන් ගොඩක් ආසයි.ඇත්තටම ඔහුගෙ වෙන්වීම ලොකු පාඩුවක් වගේම ලොකු දුකක්.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails