Monday, December 13, 2010

බොම්බේ චිකන් බිරියානි හදමු | How to make Bombay Chicken Biryani

 

image

කලින් කියල දීපු කෑම වලට, විශේෂයෙන් චීස් පැස්ටා එකට සෑහෙන්න ප්‍රතිචාර තිබුණ නේ. අද ටිකක් ප්‍රසිද්ධ කෑමක්. බිරියානි කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑ නෙ. ඒත් ලංකාවෙ බිරියානි කියල ගොඩක් තැන් වල තියෙන්නෙ කහ දාපු බතකුයි, බිත්තරේකුයි, බැදපු මස් කෑල්ලකුයි නේ.

ඒක ඉතින් කාටත් කරගන්න පුලුවන් නේ. මම ඔන්න හරියට උගන්නනයි යන්නෙ. කට්ටිය ඉතින් පෑනක් කොලයක් අරගෙන වටවෙන්න හරිය.

දෙන්නෙකුට සෙට් වෙන ගානටයි අද දෙන්නෙ රෙසිපිය.

ඕන දේවල්

බාස්මතී හාල් - ග්‍රෑම් 250-300ක්
චිකන් ග්‍රෑම් 300-400ක්
යෝගට් (රසකාරක නොදැමූ , සිංහලෙන් අන්ස්වීට්න්ඩ් කියල කියන්නෙ) හෝ මී කිරි අඬු කෝප්ප එක හමාරක්
මස් කරි තුනපහ (විදේශගතව සිටින කට්ටිය ඉන්දියන් කඩේකින් ගරම් මසාලා ගන්න, ඒක තමයි ඔරිජිනල් රෙසිපි අයිටම් එක)
ඉඟුරු කෑලි දෙකක් තලලා ගන්න
සුදුළූනු බික් හයක් තලලා ගන්න
රට ළූනු ගෙඩි බාගයක් පොඩියට කපාගන්න
බිත්තර දෙකයි
තෙල් (කලිනුත් කියලා තියනවනෙ, කොලෙස්ටරෝල් නැති එකක් ගන්න)
කුරුඳු කෑල්ලක්
මිරිස් කුඩු
කජු
සෝයා සෝස් (ස්පයිසි සෝයි සෝස් නං හරියටම හරි)
තක්කාලි ගෙඩි එකක් (සාමාන්‍ය තෙම්පරාදුකරන ගානට කපාගන්න)

ක්‍රමේ මෙහෙමයි...

චිකන් ටිකක් ලොකු කෑලි වෙන්න කපාගන්න. බාජනේකට මීකිරි හෝ යෝගට් කෝප්ප එකක්, කහ , තලාගත්තු ඉඟුරු කෑල්ලක්, තලාගත්තු සුදුළූනු බික් තුනක්, ගරම් මසාලා හෝ මස්කරි තුනපහ, මිරිස් කුඩු හා ලුණු කන ගනනට, සෝයා සෝස් පොඩ්ඩක්, දාගෙන කලවම් කරලා පේස්ට් එකක් හදාගන්න. මේ පේස්ට් එකේ චිකන් කෑලි ටික බස්සලා හොඳට කෑලි වල ගෑවෙන්න අතගාලා පැය දෙකක් විතර තියන්න සීසන් වෙලා එන්න.  මේකට සිංහලෙන් කියන්නෙ මැරිනේඩ් කරනව කියලා. පැයකට වඩා නම් අනිවාර්යයෙන්ම තියන්න වෙනවා, නැත්නං වැඩේ හරියටම එන්නේ නෑ.

මෙන්න මේ වගේ තියෙන්න ඕන..

DSC00366

 

මේ අතරෙ බාස්මතී බත් උයන්න පටන්ගන්න. ඒකට වැඩිය වෙලාවක් යන්නෙ නෑ. වතුර අඩුවෙන් තියන්න. නැත්නං ඉතින් කිරිබත් වෙනවා. සම්පූර්ණයෙන්ම තම්බගන්න ඕන නෑ. මොකද ආයෙත් තම්බනවනේ. බත හැදෙද්දි කුරුඳු කෑල්ලක්, කහ සහ මස්කරි තුනපහ හෝ ගරම් මසාලා පොඩ්ඩකුත් දාගන්න. මේකට පොඩි වැඩකෑල්ලක් විදියට ග්‍රීන් පීස් දාගන්න (මම නං දැම්මෙ නෑ). කජු ටිකත් දාන්න.

DSC00368

බාජනේකට තෙල් දාල ඉතුරු ඉඟුරු, සුදුළූනු ටික බැදෙන්න දාන්න. තක්කාලි , ළූනු ටිකත් දාන්න. කහ,ලුණු, කුඩු මිරිස්, ගරම් මසාල හෝ මස් කරි තුනපහ දාගන්න. විනාඩි තුනකට විතර පස්සෙ මැරිනේඩ් වෙච්ච චිකන් ටිකත් දාල ඉතුරු යෝගට්/මීකිරි ටිකත් දාල, ගින්දර අඩු කරල වහල චිනාඩි 20-25ක් විතර තම්බගන්න, හැඳි ගාන්න අමතක කරන්න එපා. රසේ හැටියට ලුණු දාන්න. පේස්ට් එක හි‍ඳෙනවා වගේ පේනවා නං වතුර පොඩ්ඩකුත් දාන්න. පොල්කිරි නං වැඩිය හොඳයි.

DSC00371

මේ තියෙන්නෙ. මේ වගේ තියෙන්න ඕනෙ.

චිකන් තැම්බෙන්න ඕන දැන්. තැම්බුනාට පස්සෙ බත් ටිකත් දාගෙන කලවම් කරලා ගින්දර අඩු කරල තව විනාඩි 5ක් තියන්න. 

බිරියානි රෙඩි..

දැන් අර ලිස්ට් එකේ තියන බිත්තර මොක ටද ගත්තෙ කියල ප්‍රස්නෙ එනවනේ. ඒ දෙක තම්බල ගන්න.  ක‍ටු ඇරලා පෑන් එකකට තෙල් දාගෙන රත් වෙද්දි කහ ටිකක් දාල තම්බපු බිත්තර දෙක බැදගන්න.  මෙන්න ‍ෆිනිශ්ඩ් ප්‍රඩක්ට් එක.

DSC00372

අපි නං කෑවා.. කාලම බලන්න. වෙනස වටහාගන්න... :)

DSC00373

 

කලින් දාපු  කෑම ජාති මෙතනින් බලන්න පුලුවන්...

http://blogvampa.blogspot.com/search/label/Recipe

මීළඟ රෙසිපිය බොහෝ විට ඉන්දියානු තාලෙ චිකන් කරියක් වෙන්න පුලුවනි... :)

22 comments:

  1. Great work, thanks

    ReplyDelete
  2. shah... meka nam maru ethi.. hadalama balanna ona...kalin ewath maarai...

    ReplyDelete
  3. ඔන්න මටත් හදන්න පුළුවන් එකක්..හෙට අනිවා...

    ReplyDelete
  4. උඹේ එකක් නම් හැදුවා.. ඒක ලෙසටම ආවා..... මේකත් ට්‍රයි කරලා බලන්න ඕන....

    ReplyDelete
  5. අර කමු බොමු කට්ටිය සුදු වෑන් එවයි ද මන්දා මේ පැත්තේ......!!!!! චීස් ඉතාලි රොටිය නම් නියමයි. ඒත් මේ අසරණී ට මේක නම් කන්න විදියක් නෑ. ඒත් ගෙදර අයට හදලා දෙමු බලන්න :)

    ReplyDelete
  6. හ්ම් නියමයි මචං ස්තුතියි කියලා දුන්නාට. ඈයි අපේ අය බිරියානි හදන්න චිකන් තම්බපු වතුර ගන්නේ බත් එක තම්බන්න. උඹ ඒ වගේ දේයක් කරලා නැනේ.

    ReplyDelete
  7. නියමයි. මෙක කරලම බලන්න ඕන.

    ReplyDelete
  8. හිටු හිටු අදම මේ පෝස්ට් ගෙදර උන්දෑට පෙන්නලා මේ ජාතිය හදන්ට කියන්ට
    තැන්කූ වේවා එහෙනම් හරිය

    ReplyDelete
  9. මේව හදල කාල දවසක් බලල තමයි ඉතිං කියන්න වෙන්නේ...

    ReplyDelete
  10. බඩගින්න ඩබල් වුනා! ඕව තමයි කන්න ඕන. Thanks :D

    ReplyDelete
  11. එල එල මචෝ! උඹත් ළගදි ඉදලා හෙන චෙෆ් කෙනෙක් වෙලානෙ. මමනං උයන්න දන්නෑ.කාටහරි කියලා උයවාගන්නවත් ඕනෙ

    ReplyDelete
  12. අපේ අම්ම තමයි මේක බලන්න ඕන කියලා කෑ ගහලා මට කියලා මේ පිටුවට ආවේ !

    මම යන්තම් විතරක් දැක්කා ...
    මම නම් වෙජිටේරියන් 100%

    ජයවේවා !!

    ReplyDelete
  13. ඇනෝ2න්නා - තැන්කූ කිව්වා
    මාරයියා- ඔව්.. හදන්න.. කට්ටියටම හදන්න පුලුවන් මේක. අමාරුවක් නෑ.
    අභීත- හදපන් මචං.. මතක ඇතුව හොඳට චිකන් තම්බපං..:)

    ReplyDelete
  14. සංජු- ඉතාලි රොටිය කිව්වෙ අර පැස්ට එකටද? හික්ස්.. වෙජි නං මගේ උප්මා එක ට්‍රයි කරල බලන්න...

    ReplyDelete
  15. ගයාන්- එහෙම කරන්න පුලුවනි. සමහර අය වගේම මමත් හැබැයි ඒකට එච්චර කැමති නෑ. මොකද තම්බලා වතුර අයින් කරාම චිකන් මැරිනේඩ් කරන්න බෑ. අනික චිකන් වල වැඩිය රසක් එන්නෙ නෑ. ඕක හොටෙල් වල පාවිච්චි කරන වැඩක්. මොකද චිකන් රස බුරියානි බත් එකක් හදල එක චිකන් කෑල්ලක් බැදල දීල ගොඩ යන්න පුලුවන් නිසා... බැදපු..රෝස්ට් කරපු චිකන් තියන ඒවට නේ ලංකාවෙ බිරියානි එහෙම නැත්නං බුරියානි කියන්නෙ..

    ReplyDelete
  16. ප්‍රසන්ක -අප්පේ.. දකින්නත් ආසයි...

    දුකා - හරි හරි.. ඒව හරි.. :)

    බුද්ධි- හොඳට තැම්බුවනං මුකුත් වෙන්න ඉඩක් නෑ මල්ලි.. බය වෙන්නෙපා.. චිකන් කරියක් එක්ක බත් කාල මීකිරි හරි යෝගට් හරි කෑව වගේ net effect එකක් තියෙන්නෙ :)

    ReplyDelete
  17. අදිත, ගඩොල් -තැන්කූ කිව්වා ප්‍රතිචාරෙට. තව පොඩ්ඩක් එහෙමෙහෙ උනා නං දිලූශා හරි හංසනී හරි උයනවනේ මේක...

    සඳරු- කොච්චර හොඳද බං...ලංකාවෙ වෙජි අයට කන්න කෑම ජාති ඕන තරං.. ඒත් මෙහෙ නං ඒ සෙල්ලං බැහැ නෙව..

    ReplyDelete
  18. මේ රිසෙපි වැඩේ නම් පංකාදුයි. බාස්මති හාල් පිසීම ගැන පොඩි එකතුවක් කරන්න අවසර.

    හාල හොඳින් හෝදා වතුරේ පෙඟෙන්න ඉඩහරින්න. සාමාන්‍යයෙන් හාල් පැකට් එකේ පෙඟෙන්න හැරිය යුතු (soak) කාලය දක්වා ඇති. ලංකාවේ ප්‍රසිද්ධ මුම්තාස් බාස්මතී හාල විනාඩි 35ක් ද අනෙක් බාස්මතී වර්ග පැයක් ද වතුරේ දමා තියන්න.

    නියමිත කාලය හාල වතුරේ පෙඟුනාට පසුව දිය බේරාගන්න. හාල් ප්‍රමාණයෙන් භාගයක් වැහෙන තරමට වතුර මැන අරගන්න. බත තෙම්පරාදු කරලා උයනවා නම් වඩාත් රසයි. ප්‍රමාණවත් භාජනයක තෙම්පරාදු කර මැනගත් වතුර එක් කරන්න. කැමැති නම් එනසල්, කරාබුනැති, කුරුදු පොතුකෑල්ලක් වතුරට එක් කරන්න පුලුවනි. වතුර නටන විට දියබේරාගත් හාල එක් කරන්න. හොඳට වතුර රත්වූ පසුව රශ්ණය අඩුකර පිසගන්න.

    මේ ක්‍රමයට හරි ලේසියෙන් බාස්මතී බත සකස් කර ගන්න පුලුවනි.

    ReplyDelete
  19. ඔන්න මේක නම් හදන්න ඕනි... මේක එලකිරි

    ReplyDelete
  20. Niyamai... mara rahai...

    ReplyDelete
  21. වැම්පියෝ, උඹේ පෝස්ට් එක දිහා බලාගෙන පාන් බාගයක් විතර කතෑකි..!!

    ReplyDelete
  22. දුමියා කියන කතාව ඇත්ත. මේ වෙලාවෙ මොකට කියෙව්වද? ඇඩෙනවා......!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails