Monday, December 27, 2010

වඳුරා රා බීපු කතාව | Monkey &The Toddy Pot



මත්පැන් ගැන කියනවනම් ඉතින් කතන්දර ගොඩක් තියනව කියන්න. මම මීට කලින් කීපයක් කියල තියනව. චූ කරපු කතන්දරේනුවරඑලියට ඇවිද්ද හැටි, වයින් කතා, කබර කතා ඒවායින් කීපයක්. ඉතින් ඔය කතාවල තියන සමානකම තමයි ඕව මිනිස්සුන්ට වෙච්ච කතා වීම. අද කියන්න යන කතාව වඳුරෙකුට වෙච්චි දෙයක්..මේව ඉතින් හොඳ ආදර්ශමත් කතන්දර..

ඔන්න දවසක් වඳුරෙක්ට රා මුට්ටියක් හම්බුනාලු. වඳුරා කොහොමත් විමර්ශණශීලී සතා වෙච්චි. මූ මේක පොඩ්ඩක් කරකව කරකව බැලුවලු මොකක්ද බොලේ මේක කියලා. ටිකකින් කඩවැස්ම පොඩ්ඩක් එහෙමෙහෙ කරල ඇඟිල්ල දාල රස බැලුවලු. නරකම නෑ. වඳුරා ඉතින් රා මුට්ටියම උස්සගෙන ගිහින් තමන්ගෙ ජොයින්ට් එකට වෙලා දෙකක් තුනක් දාගෙන පවනෙ වැනි වැනි ඉන්නවලු.

මෙහෙම ඉන්නකෝට මෙතනට ආවලු වඳුරගෙ පරණ යාලුවෙක්. ක‍ටුස්සා.. ඇවිත් ඇහුවලු..

"මොකද මේ නිකං අද එක විදියක්...?"

"නෑ මචං. පොඩි ඩ්‍රින්ක් එකක් හම්බුනා. මරු .. දාගෙන බලහං" කියල වඳුර උත්තර දුන්නලු.

ක‍ටුස්සත් ආයෙ හෙව්වෙ බැලුවෙ නෑ, ළඟ ළඟම තුන හතරක් නවාගත්තලු. මෙහෙම දෙන්නත් එක්ක අත්ත උඩට වෙලා පවනෙ වැනි වැනි ඉන්නකොට ක‍ටුස්සට හෙන තිබහක් ආවලු. ඌ වඳුරට ඒ බව කියල ගඟ ළඟට ගියාලු වතුර ටිකක් බොන්න. මේ වෙලාවෙ ඉවුර අයිනෙ ඉන්නවලු ගඟේ අයිතිකාරය. තඩි කිඹුලෙක්. සාමාන්‍යයෙන් නම් කිඹුල ළඟපාතක ඉන්නකොට කිසිම සතෙක් ගඟට යන්නෙ නෑ ලු වතුර බොන්න. ඒත් ඉතින් ක‍ටුස්ස දැන් ක‍ටුස්ස නෙවයි නෙ. සිංහය වගේ ගඟ ළඟට ගිහින් වතුර බොන්න ගත්තලු.

මේක දැකපු කිඹුලට මාර අප්සට් ලු. ඇයි ඉතින් ක‍ටුස්සා ඌව ගාණකටවත් ගත්තෙ නෑ නෙ. කිඹුල හිතාගත්තලු මොකද මේ කියල හොයාගන්නවමයි කියල.

"මොකද මේ නිකං අද එක විදියක්...?, වෙනදට මම මෙතන ඉන්නකොට උඹ කිට්‍ටුවෙන්නෙ වත් නෑ නෙ" කිඹුල ඇහුවලු ක‍ටුස්සගෙන්.

ක‍ටුස්ස කිව්වලු "අර වඳුර ළඟ නියම ඩ්‍රින්ක් එකක් තියනව... ඒක බිව්වම ආයෙ බය කියන එක පැත්ත පලාතෙ වත් එන්නෙ නෑ" කියල.

දැන් කිඹුල වඳුරා හොයාගෙන යනවලු මේ ඩ්‍රින්ක් එක ගැන අහන්න. වඳුරා ඈත තියාම දැක්කලු තමන් හොයාගෙන එන අමුත්තව. අමුත්තා දැක්ක විතරයි වඳුරා නඟුට අරගෙන ඇස් පිහිදදා බලනවලු, ඇස් ලොකු කර කර බලනවලු...

කිඹුලා ගහ ළඟටම ආවම වඳුරා කියනවලු....

"මචං.. උඹ මාර වතුර බීමක්නෙ බීල තියෙන්න"

11 comments:

  1. පට්ට පට්ට.. මේ කතාවනම් ඇහුවෙ අදමයි...
    -කාංචන

    ReplyDelete
  2. අහලා තිබ්බා... මතකය අළුත් වුනා..... එලකිරිස්....

    ReplyDelete
  3. හුවහ් හා............ පස්​ට කථාව.... හිහ්.... :D

    ReplyDelete
  4. මේක කියවපුවාම මතක් උනා දවසක් ගමක් සෙට් එකක් එක්ක රා ගහල වෙච්චි සීන් එකකුත්.....
    අදමයි ඇහුවෙ ...හික්....එල කතාව.

    ReplyDelete
  5. අඩෝ එතකොට වඳුරට ඩෝප්? මාර සීන් එක කටුස්සාට මොනා වුනාව දන්නේ නෑ?

    ReplyDelete
  6. මේ දවස් වල බ්ලොග් අවකාශේ යන රැල්ල තමා බේබදු රැල්ල.. :P

    ReplyDelete
  7. එලම කිරි ...කුචි කවාගන්නේ නැතුව එලටම හිනාඋනා ..පට්ට කතාව ..

    ජයවේවා !!

    ReplyDelete
  8. මතකය අළුත් කරලා හිනැස්සුවට තැන්කූ හොදේ...පට්ටෙනුත් පට්ට.....

    ReplyDelete
  9. චිය.......ර්ස් මචං....

    ReplyDelete
  10. ela ela . . meka kalin ahalaa tibaa he he he

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails