Saturday, May 29, 2010

ගියා ගියාම තමා.. කමල් අයියා.. Kamal Addaraarachchi



ගියා ගියාම තමා.. කමල් අයියා.. Kamal Addaraarachchi

ඔන්න ඉතින් කට්ටිය කෑ ගහන්නෙපා මම මඩ ගහන්න පටන් අරන් කියලා හරිද.. මේ ක්ලිප් එක ඔන්න මගේ යාලුවෙක් මූණු පොතට දාලා තිබුනේ..මම ඉතින් බොහොම කැමති චරිතයක් තමා ඔය කමල් අද්දරආරච්චි කියන චරිතේ.. ඒත් ඔය සුපර් ස්ටාර් වැඩෙන් මිනිහා නා ගත්තා කියලා කට්ටිය කියනවනේ.. මම නම් ඔන්න ඕවා දන්නේ නෑ.. මේ තියෙන්නේ ප්‍රසංගයක කමල් අයියා ඇත්තටම නා ගනිපු ජවනිකාවක්...


ආදර ලොව අප සිඳිලා ගියා.. ගියාම තමා..... වීඩියෝ එක බලන්නකෝ...




වියාචනය-
මේ පෝස්ට් එක මඩ ගහන අරමුණෙන් කළ එකක් නොවේ.. හුදෙක් මූණු පොතේ තිබුණ සැබෑවට සිදුවුණි යයි මම විශ්වාස කරන දෙයකි.. මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මගේ ඊමේලයට හෝ කොමෙන්‍ටුවක් වශයෙන් දමා යන්න...


ජෝතිපාල මහත්තයාගේ මල් පිබිදෙන සින්දුවේ ඔරිම ජිනල් එක තියනවදෝ..?

මෙන්න තියනවා අහන්න..

ජය..


වැම්පයර්

Friday, May 28, 2010

ගඟක් සේ ඔබ... Gangak Se Oba..!!



ගඟක් සේ ඔබ... Gangak Se Oba..!!

ඔන්න අද ආවා සින්දුවක් එක්ක පොඩි ගැජට් එකක් අරගෙන..

මේ ගීතය බොහොම හැඟීම් බර අර අහලා තේරුම් ගත්තම නිකන් බඩත් එක්ක කොර වෙලා පාං කියාගන්න බැරි වෙන ජාතියේ එකක්.. (මට නම්).. පහලින් පුලුවන් අහලා බලන්න.. කරුණාරත්න දිවුල්ගනේ මහත්තයත් එක්ක දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය

මට තිබුණු අවුලක් තමා ඉතින් මොනවාහරි සින්දුවක් ඔන්ලයින් ඩිරෙක්ට් ලින්ක් එකක තිබුණොත් ඒක බ්ලොග් එකේ ප්ලේ වෙන්න හදන එක ! ඔන්න හම්බුනා මරු වැඩක්.. යාහූ මීඩියා ප්ලේයර්..

බොහොම පොඩි වැඩයි කරන්න තියෙන්නේ...

බ්ලොග් එකට අලුත් විජට් එකක් දාන්න HTML Java Script එකක්...

ඊට පස්සේ ඒ විජට් කෝඩ් එකට මේ ටික පේස්ට් කරන්න...

<script type="text/javascript" src="http://mediaplayer.yahoo.com/js"></script>

ලේඅවුට් එක සේව් කරන්න..

වැඩේ ඔච්චරයි...

ඊට පස්සේ සාමාන්‍ය විදියට සින්දුච තියන ඩිරෙක්ට් MP3 ලින්ක් එක බ්ලොග් පෝස්ට් එක මැදට දාන්න අවශ්‍ය කරන තැනට...




එහෙනම් ඔන්න අදට අපි ගියා.....


ජය..

වැම්පයර්

Wednesday, May 26, 2010

නයි "ප" යන්න...The native cobra !


නයි "ප" යන්න...

ඔන්න ඉතින් අදත් කතාවක්.


ලංකාවේ ඉඳන් පිටරට පදිංචියට ගිය කෙනෙකුට එහේ ටික කාලෙක ඉඳන් පදිංචි වෙලා ඉන්න පරණ යාලුවෙක් හම්බුනාලු.. දෙන්නා ඉතින් ආගිය තොරතුරු කතා කර කර ඉන්න ගමන් අර පරණ යාලුවා හිතුවලු අලුත් කෙනාට තමන්ගේ රටේ සත්වෝද්‍යානය පෙන්වන්න එක්කගෙන යන්න...

දෙන්නා දැන් ඔන්න සත්තු බල බල යනවලු.. එක පාරටම නයි කූඩුව ළඟ නහර උන අපේ අලුත් යාලුවා බෙරිහන් දෙන්න ගත්තලු...

ඒ ඒ මචන්.. බලපන්.. ලංකාවෙ නයෙක් !!! කියලා..

අපේ පරණ යාලුවා ළඟට ඇවිත් කිවුවලු..

කෝ බන් .. එහෙම ගහලා නෑ නේ බෝඩ් එකේ... කියලා...

එතකොට අලුත් පොර මෙහෙම කියාපි...

බෝඩ් මොකටද බන් අර සිංහලෙන්ම ගහලා තියෙන්නේ පෙනේ "ප" යන්න .. ලංකාවෙ නයෙක් නෙවි නම් කොහොමද එහෙම වෙන්නේ!!!


*****************************************************

මේක ලියාගෙන යද්දි මට හිතුනා මේක බොරු වෙන්නත් බෑ කියලා.. ප්‍රාතිහාර්ය බලන්න ගවු ගණන් ගිහින් අකුණු වලට වැඳලා එන අය ඉන්න රටේ !!



ප.ලි.

අන්ත්‍රාවයි..!
මේ පෝස්ට් එකේ මාතෘකාවෙන් "පද පෙරළි" එහෙම කරන්න එපා !! හොඳට හිතලා දැම්මේ... :D

මේවා ඇත්ත කතා නෙචි.. ජීවිතේ වෙන ඇත්තම කතා කියවන්න යන්න අපේ කතන්දර සූරින් ගේ අඩවියට..


ජය..

වැම්පයර්

Tuesday, May 25, 2010

පෙප්සි මැෂින් එක ! The Pepsi Machine !



අධිකරණයේ පැවති දික්කසාද නඩුවකදී ළමයා ගේ අයිතිය පිළිබඳ කරුණු දැක්වීමට දෙපාර්ශවයට නියමවින.

බිරිඳ - ගරු ස්වාමීනි.. මම තමා මේ දරුවා බිහිකලේ.. ඇති දැඩි කළේ.. ඒ නිසා මෙම දරුවා අයිති මට...

විනිසුරු - මොකද තමා මේ ගැන කියන්නේ...

සැමියා - ස්වාමීනි.. මම කාසියක් පෙප්සි මැෂින් එකකට දාලා කෑන් එකක් එලියට ගත්තම ඒ කෑන් එක මගේද එහෙම නැත්නම් පෙප්සි මැෂින් එකටද අයිති...

*****************************************************************

මේක මට ඊමේල් පණිවුඩයක් මාර්ගයෙන් ලැබුණ කතාවක්...:)


ජය..

වැම්පයර්

Sunday, May 23, 2010

චූ කවි....... සහ දාහ පැන්නා....


චූ කවි....... සහ දාහ පැන්නා....

මේ දවස් වල ඉතින් කට්ටිය හෝ ගාලා චූ කතා ලියනව නේ.. කතන්දර ලොක්කා, මතක මංපෙත... ඔය වගේ අය...

මම හිතුවා චූ කවියක් ලියන්න.. මේක මගේ නිර්මාණයක් නෙවෙයි.. මම හිටපු සරසවියේ අර මතක මංපෙත ගේ ජාතියේ බිත්තියට අල්ලන වැසිකිලියක් තිබුණා. ඒත් නිකන් ප්ලේන් බිත්තිය නෙවි.. ලොකු ඉංගිල්ශ් බ්‍රෑන්ඩ් එකක අඩි 4ක් චිතර උස යුරිනල් අල්ලලා තිබුනා.. නිකන් උඩ පින්තූරෙ වගේ... මෙතනින් ගත්තේ ඒක...

http://www.regencycontracting.co.uk/gallery/Urinals.jpg


මේ කවිය ලියල තිබුනෙ ඔය යුරිනල් එකට උඩිඋන් බිත්තියේ...
මම කවියේ අන්තිම පදයේ වචනයක් සදාචාරාත්මක හේතුන් මත වෙනස් කලා.. මෙන්න කවිය...

ලෝ සුපතල මොර‍ටු බිමේ
වැසිකිලියක් නොමැති කලේ
පැල් බැඳගෙන බහින වලේ
හුජ්ජ බරේ බොක්ක පැලේ

අලුතෙන් දැම්මේ බොක්ක කියන වචනේ..ඒත් හැබැයි අර මුල් ඔරිජිනල් වචනේ නැතුව ටිකක් හරි මදි..:) මම බොක්ක කියන වචනේ දැම්මේ කලින් තිබුණ චචනේ මුල අකුරෙන්...

හැබැයි මේකෙ දෙවනි පදය මොර‍ටුවට නම් අදාල නොවේ :)

බ්ලොග් එකේ හිට්ස් 1000 පැනල තිබුණා.. නරකම නෑ....දවස් 9යි අදට..
ආපු කොමෙන්ට්ස් කරපු හැමෝටම ස්තුතියි...

ම්ම්..කට්ටිය දන්නවනේ දැන් මම හිටපු කැම්පස් එක..:)

Friday, May 21, 2010

ෆන්ම (funniest) ජාතික සමගිය ...


ෆන්ම (funniest) ජාතික සමගිය ...

මෙන්න ඉතින් ටිකක් විනෝද සීන් එකක්.. මේක තමා මම මේ තාක් කාලයක් අහපු ෆන්ම සිංහල දෙමළ අනෝන්‍ය (හරි නේද ලිවුවා) සමගිය ගැන ලියවුන සිංදුව...


ඔය පොඩි ළමයා එහෙමත් මේවා සෑහෙන්න කිවුවා.. ඒත් මේක classy

ඩෙස්මන්ඩ් සිල්වා.. මනෝහරන්...

අහලම බලන්න... අහ්හ්..ඇහුවට හරියන්නේ නෑ .. බලල ම බලන්න....

3.12 බැලුවනම් ඩෙස්මන්ඩ් ඔරු පදිනචා බලන්න පුලුවන්...

Thursday, May 20, 2010

නාරද දිසාසේකර... ඔබට නිවන් සුව...!


නාරද දිසාසේකර... ඔබට නිවන් සුව...!

අද උදේම නරක ආරංචියක් ..නාරද දිසාසේකර මහතා මියගිහින්.. මම හිතන්නේ මේක ලංකාවෙ ඉන්න අයට නම් පරණ නිච්ස් එකක් වෙන්නැති.. අපිට ඉතින් ආරංචිචෙනකොට හොඳ හරිය ගිහින් නේ..

විකිපීඩියා ආටිකල් එකට මෙතනින් යන්න...
http://en.wikipedia.org/wiki/Narada_Disasekara

වෙලාවක ඒක ටිකක් දික් කරන්න ඕන!

මම නිවුස් එක දැක්කේ මේකෙන්..

http://www.colombopage.com/archive_10A/May19_1274280390JR.php

මෙතුමා ගෙ මම ගොඩක් කැමති ගීතයක් තමා ගලන ගඟකි ජීවිතේ.. රන්මුතු දූව චිත්‍රපටයට නන්දා මාලිනිය සමට ගැයූ ගීතය....

එතුමාට නිවන් සුව පතමු...



අද කාලෙ ඇහෙන්නේ නැති සුපර් හිට් එකක් මෙතනින් අහන්න...

Tuesday, May 18, 2010

අරේ සහ මරේ.. ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද.. මෙන්න නැවතත්...


අරේ සහ මරේ.. ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද.. මෙන්න නැවතත්...

පහුගිය සීයලා දෙන්නගෙ කතා වලට තිබුනු ප්‍රතිචාර නිසා ඔන්න මම තව කතා සෙට් එකක් පෝස්ට් කරන්නයි යන්නේ..

පරණ කතා බලන අයට මෙන්න ආයෙමත් පරණ ලින්ක්ස්..

කවි වාදය..

රස කතා වෙළුම 01


මෙන්න අද කතා සෙට් එක...

ලින්ක්ස් වැඩ නැත්නම් වහාම කොමෙන්ට් කරන්න....


ඒ කාලෙයි දැන් කාලෙයි නාට්‍ය පිළිබඳ විස්තර විචාරයක්...

http://www.ziddu.com/download/9879062/AeKaleiDanKaleiNatti.mp3.html



ඒ කාලෙයි දැන් කාලෙයි පත්තර පිළිබඳ විස්ලේසණයක්... මේකත් සිරා

http://www.ziddu.com/download/9879058/AeKaleiDanKaleiPaththara.mp3.html




පරණ හා අලුත් උපකරණ... :)

http://www.ziddu.com/download/9879065/AeKaleiDanKaleiUpakarana.MP3.html



බැචලර්ස් පාටි.. මැස්සා පන්... වසරේ දින..

http://www.ziddu.com/download/9879060/Days.mp3.html



අහලා බලන්න.. කොමෙන්‍ටුවකුත් දාලා යන්න යනගමන්...


තවත් තියනවා.. හෙමීට දාන්නම්...

Sunday, May 16, 2010

ජෝතිපාල....දැසෙ විමන් දොරින්....


ජෝතිපාල....දැසෙ විමන් දොරින්....

මම අදටත් විශ්වාස කරන විදියට සින්හල ජනප්‍රිය සිංහල සංගීතයේ ultimate icon එක තමා ජෝතිපාල මහත්තයා.. ඉස්සර මට මතකයි H.R. කියන්නේ "හදවත රත්තරන්" කියන එක කියලායි රසිකයො කිවුවේ..ගීත දහස් ගණනක් සිංහල ගීත වංශ කතාවට දායද කරපු මෙතුමා ගෙ ගීත වල ජනප්‍රිය බව ගැන ඉතින් කියන්න දෙයක් නැ නේ...

මේ සින්දුවට මම ගොඩක් කැමති මේකෙ පද මාලාවට කිවුවොත් හරි...ජෝතිපාල මහත්තයගෙ හැඟුම්බර කටහඬ මේ ගීතය පුරාවටම විහිදිලා තියනවා.. පී.එල්.ඒ. සෝමපාල මහත්තයගෙ සංගීතයෙන් ඔපවත් වෙලා තියෙන්නේ..

අහලම බලන්නකෝ...



ප.ලි. තිස්ස අයියා ගෙ වැඩේ මම කරන්න යන්නේ නැ.. :) තිස්ස අයියා ඒකට හොඳටම හොඳයි...


ජය!

මෙන්න තවත් රස කතා ටිකක්....ගාමින්ද සහ සුනෙත්...


මෙන්න තවත් රස කතා ටිකක්....ගාමින්ද සහ සුනෙත්...

ගොඩක් දෙනා හොඳ ප්‍රතිචාර දෙනවා මේ සීයලා ගෙ කතා වලට. කවි කතාව ඔය සෙට් එකේ තියන මැක්සා ම කතාවක්. මෙන්න තව ටිකක්.. මගේ පරණ CD ටිකක් අවුස්සනකොට තමා හම්බුනේ මේවා..

බාලා.. අහලා කොමෙන්ට් පාරක් දාන්නකෝ...


කට්ටියට සීයලා අල්ලලා යනවා වගේ...

http://www.ziddu.com/download/9878282/School_Admision.mp3.html

http://www.ziddu.com/download/9878283/Santa.mp3.html

http://www.ziddu.com/download/9878281/Servant.mp3.html

http://www.ziddu.com/download/9878280/31stNight.mp3.html

http://www.ziddu.com/download/9878279/AreAthageSihiwatana.mp3.html

http://www.ziddu.com/download/9878278/New_Housing_Scheme.mp3.html

http://www.ziddu.com/download/9878277/GamataLight-Christmas.MP3.html

http://www.ziddu.com/download/9878276/Kakkutta.mp3.html


තව තියනවා... හෙමින් හෙමින් දාන්නම්..

ඔය ටිකෙන් පැය 2ක් ගොඩ යන්න පුළුවන් නේ...

මේ අප්ලෝඩ් කරලා ලින්ක්ස් දාන එකත් ලේසි නෑ :(.. වැඩ නොකරන ලින්ක්ස් තියනවා නම් කියන්න....

ජය..!!

සීයලා ගෙ කවි - සුනෙත් & ගාමින්ද..


සීයලා ගෙ කවි - සුනෙත් & ගාමින්ද..

දැන් කට්ටියම කවි කාරයෝ වෙලා නෙව.. ලාංකීය සිතුවිලි කවි මඩුවේ කට්ටියගේ හොඳ හොඳ සෙල්ලම් තිබුනා නේ.. ඕව කියවනකොට මට මතක් උනා ඉස්සර ගුවන් විදුලියේ ගියපු කවි mp3 එකක්.. කට්ටියට මේක මතකද දන්නේ නෑ.. මේක කළේ
සුනෙත් චිත්‍රානන්ද
ගාමින්ද ප්‍රියවිරාජ්
කියන දෙන්නා.. මේ දෙන්නා ගැන නොදන්න කෙනක් නැතුව ඇති.. කාලයක් සිරස මාධ්‍ය ජාලේ හිටියේ මේ දෙන්නා.. සූර පප්පා.. අල....මතකයි නේ...


අර පවර් කට් එක තිබුණ කාලේ මේ දෙන්නා පටන් ගත්තු "ගමට ලයිට්" එහෙම නැත්නම් "අරේ මරේ" වලින් තමා මේක දෙන්නේ... අහලා තියන අය තරහ වෙන්නෙපා...

ඔන්න එහෙනම් බාගෙන අහන්න.. හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා "සීයලා ගෙ කවි"

http://www.ziddu.com/download/9879063/Kavi.mp3.html


මගේ ලඟ ෆුල් සෙට් එකන් බාගයක් විතර තියනවා.. ඕන අය "මේවා අහන්න එකතු කර ගන්න අය සමග " blogvampa@gmail.com වලින් මාව අමතන්න.. අමතලා ඉල්ලන්න.... නැත්නම් කොමෙන්ට් එකක් දාන්න...

Saturday, May 15, 2010

නිලාර් එන් කාසිම් - පහන් තරුව සොයා යමුද තාරකාවියේ...


නිලාර් එන් කාසිම් - පහන් තරුව සොයා යමුද තාරකාවියේ...



මේ ලියන්න යන්නේ බොහොම හැකියාවන් වලින් පිරි ලාංකිකයෙක් ගැන..
බොහොම හැකියාවන් කිවුවට මම දන්නේ සිංදු ලියනවා කියල විතරයි.. නිලාර් එන් කාසිම් කියන්නේ බොහොම වෙනස් විදියේ ගීත ගොඩක් ලියපු කෙනෙක්.. සිංහල බස පිළිබඳව ගෞරව උපාධියක් තියන එකම මුස්ලිම් ජාතිකයා කියලයි මම අහලා තිබුනේ..ඒක ඔය පහළ ආටිකල් එකේ ස්ථිර කරලා තියනවා .. මාතර රාහුල විදුහලේ ආදි ශිෂ්‍යයෙක්.. මූණු පොතෙත් ඉන්නචා...

පොඩ්ඩක් හොයනකොට මේ ආටිකල් එක හම්බුනා.. ඇත්තටම ඒක දැකපු නිසා තමා මේ පොඩි සටහන ලියන්නේත්.. :)

http://sundaytimes.lk/071118/TV/tv-times00008.html

කට්ටියට මතක් වෙන්නත් එක්ක පොඩි සින්දුවකුත් දාන්නම් නිලාර් + රෝහණ වීරසිංහ + සමන් ජයනාත් සුසංයෝජනයක්...

සළාම් කියා ගෙන ගෙට එන.. ළසෝගිනි මැදින් සුජනන.. ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ.....
ෆර්දාවක සැඟව සිටින තාරකාවියේ.....

ටිකක් විතර අමුතු පද.. ඒත් මාරයි..

බානවා නම් ලින්ක් එක මෙන්න..

http://www.ziddu.com/download/9865111/1-15SalaamKiya.mp3.html

මොනවාහරි අවුලක් තියෙනවනම් කියන්න..

අපිත් සිඩිකේටරයේ....


අපිත් සිඩිකේටරයේ....

උදේ පාන්දරම කාලිංග මහතා ගෙ ඊමේලය.. හිතවත ඔබේ බ්ලොගය ඇතුලත් වූ බව......


ඒකත් හරි... අපිත් සින්ඩිකේටරයේ....

ලාංකීය බ්ලොග් ලියන්නන් සියලු දෙනා හා කියවන්නන්න් සියලුදෙනාටම ආයුබොවන් !!

සමාජීය වෙබ් බ්‍රවුසරය



සමාජීය වෙබ් බ්‍රවුසරය

මේ කියන්න යන්නේ සමාජීය වෙබ් බ්‍රෞසරයක් ගැන.. ගොඩක් දෙනා මේක ගැන දන්නවා.. මම දැනට අවුරුදු දෙකක ඉඳන් පාවිච්චි කරනවා.. නම ෆ්ලොක්.. මෙන්න ලින්ක් එක...



http://flock.com/

නමේ තියනවා වගේ මෙකෙන් වැඩ කෝටියයි.. පීපල් සයිඩ්බාර්..බ්ලොග් එඩිටර්..සොශල් එකවුන්ට් මැනේජර්..ඔන්න ඔය වගේ ඒවා ගොඩායි...

ට්විටර්, ෆේස්බුක්.. මයිස්පේස්..

ෆොටෝ අප්ලෝඩර්

බුක්මාර්ක් සින්ක්


හොඳම දේ තමා මේක අපේ ෆයර්ෆොක්ස් සෝස් කෝඩ් එක උඩ ලියපු එකක් වීම.. ඉතින් ආයෙ ෆයර්ෆොක්ස් ඇඩොන් ප්ලගින් ඔක්කොම වගේ වැඩ...

වරක් පාවිච්චි කර වෙනස වටහාගන්න...

Friday, May 14, 2010

වැම්පයර් ආගමනය..


ඔන්න මෙච්චරකල් චා වෙවී බ්ලොග් බල බල ඉඳපු මටත් පොඩි වැඩක් කරන්න හිතුනා.. මම අද ඉඳන් පොඩි පොඩි සීන්ස් දානවා අපේ.. මේවා ඉතින් අපේ කතන්දර ලොක්කා..දුකා.. තිස්ස අයියා.. ශාකු .. තරම් රහ නැ අවංකවම..

මම ගැන කිවුවොත්.. දකුනේ කොල්ලෙක්.. දැනට වැඩ්දුර අධ්‍යාපනය කොරනවා..

ඉඩ තියන වෙලාවට ඔය පොඩි කවි කතා සින්දු.. ටොපි චොකලට් ටිකක් දාන්නම්..

ඔන්න එහෙනම් නිල වශයෙන් බ්ලොග්කරණයට ...

මට සදා ජය...

ප.ලි.
කවුරුහරි මට කියලා දෙනවද මොකක්ද සිංහල යුනිකෝඩ ලියන ලේසිම විදිය....

මම අර යූසීඑස්සී සීන් එකෙන් තමා මේ කොරන්නේ..........




LinkWithin

Related Posts with Thumbnails