Saturday, July 31, 2010

සින්දුවක් උවමනා කර තිබේ...| F1 F1 !

"බිම් මල්" ටෙලි නාට්‍යයේ (සෑහෙන පරණයි), "කල්ප සිහිනය දු‍ටුව රෑ යාමේ.. නුරාවෙන් මත් නොවී සිටියා නම්" කියන ගීතය තියනවද? නෙට් එකේ නං නෑ මම හිතන්නෙ.. මාස ගාණක් තිස්සෙ හොයන්නෙ. බලන කට්ටිය ළඟ වත් තියෙදෝ...

කල්ප සිහිනය දු‍ටුව රෑ යාමේ.. නුරාවෙන් මත් නොවී සිටියා නම්
-ඊළඟ පේලිය මතක නෑ-
අපිට එක්වී ඉන්න තිබුනා නම්....

ඔන්න ඔහොමයි තියෙන්න..

F1 = Help ;)

 

හප්පෙ.. තුන්වෙනි පදේ මතක් උනා ලාවට වගේ

කල්ප සිහිනය දු‍ටුව රෑ යාමේ.. නුරාවෙන් මත් නොවී සිටියා නම්
ලහිරු පින්නේ සැඟව නොගොසින්..
අපිට එක්වී ඉන්න තිබුනා නම්....

Friday, July 30, 2010

Udurawana Travels | උඩුරාවණ චාරිකාව

 

 

ඊයෙ කිවුවනේ උඩුරාවණ පබ් එකට ගිය හැකි..ඒක කියනකොට කොන්ෆරන්ස් කතා සෙට් එකම මතක් උනා. ටැබූ ත් එක කතාවක් දාල .. සසික මල්ලිත් දාල තිබුන උඩුරාවණ ගෙ ශොපිං සීරිස් එකේ කතාවක්. ඔන්න එහෙනං කාගෙත් දැන ගැනීම සඳහා උඩුරාවණගේ කොන්ෆරන්ස් කතා සීරිස් එක. කට්ටිය අහල ඇති මේව එක එක විදියට. ඒත් මේව එක සීරිස් එකක කතන්දර. ඔන්න එහෙනං පලවෙනි එක. මේකෙ අන්තිම හරියෙ කතාවල දෙබස් කඩ්ඩෙන් තියෙන්න. ගනන් ගන්නෙපා හොඳේ..පිටරටකට ගියාම ඉතින් කොහොමත් කඩ්ඩෙන් නෙව.

දැන් ඉතින් කොන්ෆරන්ස් එකට යන්න කට්ටිය රට යන්න ලෑස්තිය. ක‍ටුනායකින් ඉතින් කට්ටිය නගිනවලු ප්ලේන් එකට. මේ අර පඩිපෙලේ නගින කාලෙ.

පඩිපෙලේ උඩුරාවණට කලින් නගින කෙනා ගෙ පය පැටලුනා ලු. කොහොම හරි එයා සමබරතාවය ‍රැකගන්නට සමත්වෙලා අත්වැට අල්ලගත්තලු. එහෙම ඉඳල කියනවලු...

"ඔහ්.. මට බැලන්ස් නැතිඋනානෙ..."

උඩුරාවණ ඉතින් පලවෙනි සැරේ නෙව ප්ලේන් එකක යන්නෙ. පොර කෑගැහැවලු..

"අවුලක් නෑ.. මගේ ළඟ කාසි ඇතිවෙන්න තියෙනව, පස්සෙ දෙන්නං..."

තේරුනානං හිනාවෙන්න. හිනාවෙලා දෙවනි කතාවට යන්න.

වෙන රටකට ඇතුලුවෙනකොට තියනව ඇරයිවල් කාඩ් එකක් කියල එකක් පුරවන්න. ඒකෙ තියෙන්න තමන් ගැන, තමන් ඒ රටට ඇතුලුවෙන්න ඇයි, තියෙන වීස ටයිප් එක ඒවගේ විස්තර පුරවන්න. සමහර වෙලාවට මේ ඇර්යිවල්  කාඩ් එක දෙනව ගුවන් සේවිකාවන්, හෝ එහෙම නැත්නං ට්‍රාන්සිට් එයාර්පෝට් එකෙන්. දුන්නෙ කවුද කියන එක වැදගත් නෑ කතාවට.

උඩුරාවණත් මේක පුරවන්න ගත්තලු.

Name: Heen Bandalage Udurawana

Sex (Male / Female) :

කල්පනා කරල කරල ලිව්වලු..

Female

පස්සෙ පොඩි නෝට් එකකුත් ගැහුවලු පහලින්..

Unlike these foreign white buggers, we always have sex with Females ! No Males for sex at all !

ඊලඟට පෝස්ට් එකෙන් ඒ ත්‍රාසජනක, ඉල ඇට බඩේ ඇමිනෙන , නහයෙන් හො‍ටු පනින, එක්සෝස් වෑල් විවරවන ගමන් විස්තරය & කොන්ෆරන්ස් කතාන්දර බලාපොරොත්තුවන්න..

Image from - (http://sundaytimes.lk/090719/images/AIR-LANKA.jpg)

Thursday, July 29, 2010

Udurawana in Pub | උඩුරාවණ පබ් එකට ගිය හැටි

cocktail-8959
ඔන්න ඉතින් කවුරුත් දන්න උඩුරාවණ කතාවක්. දන්නවනේ උඩුරාවණ කියන්නෙ කවුද කියල. හරි ප්‍රසිද්ධ පොරක් නෙව. ඔය උඩුරාවණ කතාවලට සමාන කතා ටිකක් තියනව ඉන්දියාවෙ පොරකටත්.. සර්දාර්ජී කියල.

මේක ටිකක් ප්‍රසිද්ධ කතාවක් ඉතින්.

ඔන්න ඉතින් උඩුරාවණ ගියාලු කොන්ෆරන්ස් එකකට. අප්පෙ .. ගමන් විස්තරෙත් කතා ලොට් එකක් තියනවනෙව. දැන් මතක් උනේ. කමක් නෑ. මේක අහල හිටින්නකො.

කොන්ෆරන්ස් හැම එකකම වගේ හවස තියෙනව පොඩි කොක්ටේල් පාටි එකක් .. කට්ටියට සෙට් වෙන්න.. කතා කරන්න.. පොඩ්ඩක් ඇඟ පත රත් කරගන්න, කාරිය. සාමාන්‍යයෙන් ඕක තියෙන්න හොටෙල් එකේ බාර් එකේ, නැත්නම් පබ් එකේ.

සුද්දො දෙන්නෙක් ඉන්නවලු ඔන්න කවුන්ටරේ ළඟ. උඩුරාවණත් ගිහින් හෙමීට සෙන්ටිමෙන්ටල් වෙලා තුන්වෙනියට ඇන්කර් එක බාගත්තලු.

පළවෙනි සුද්ද බාර් කීපර් ට කිවුවලු,

 "ජොනී වෝකර් රෙඩ්, සින්ගල්" කියල.
බාර් කීපර් දුන්නලු වීදුරුව.

Johnnie_Walker_Red_Label

 

දෙවනිය ඇවිත් කිවුවලු,
"ජැක් ඩැනියෙල්, සින්ගල්" කියල.
එයාටත් වීදුරුවක් හම්බුනාලු.

jack_daniels-9205

 

 

 

 

 

 

 

 

 

 

උඩුරාවණත් ආවලු. ඇවිත් කියපි,
"හීන් බණ්ඩලාගේ උඩුරාවණ, මැරීඩ් !!"

Wednesday, July 28, 2010

මෙන්න උත්තර! අතිශයින්ම වැඩිහිටියන්ටයි..!

pa200512286si

 

කලින් දාපු අපේ එකෙක් කරපු වැඩේ මතකනේ.. අමතකනං ගිහින් බලල එන්නකෝ මේකෙන්.

http://blogvampa.blogspot.com/2010/07/three-story-books-ma15.html

ඒක වැඩිහිටියන්ට වඩාත් සුදුසු පෝස්ට් එකක් ලෙසටයි මම වර්ගීකරණය කලේ. අහපු ප්‍රස්න වලට උත්තර නං අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. පොඩි අය තරහ වෙන්නෙපා.   මතක් උන නිසයි ලිවුවෙ. ඔය වගේ ගෝත වැඩ කරපු අපි ඔක්කොම අද හොඳ තැන් වල ඉන්නව. එහෙමෙයි කියල ඕව කරන්න යන්නෙපා හොඳේ. මට දැන් මේ වෙලාවෙ මතක් වෙන්න අපේ බ්ලොග් ගඩොල් මලයගෙ වෝනින් එක.

බොහොම නිර්මාණශීලී පිළිතුරු තිබුණා. ආයෙ දෙකක් නෑ. ඒත් අපේ එකාගෙ පොතේ නමත් මම ඔන්න දැම්ම පහලින්. ඔක්කොම කොමෙන්ට් පබ්ලිශ් කලා.. පුතාගෙ එක පොඩ්ඩක් එඩිට් කරල දැම්ම. මම ඉතින් කුණුහරුප දාන්නෙ නෑ නෙව.

මෙන්න උත්තර!

1. මටත් හෙන ප්‍රස්නෙ ඕක... මම ඇහුව උගෙන්ම .. ඌ කියපි
"නරියා සහ කැලෑව..යකාගෙ පහන.. නරි නැති කැලේ"
2. පොත් තුනේ  නම් පද පෙරලි කොරල බලන්න
3. තුන්වෙනි ප්‍රස්නෙ තව දුරටත් ප්‍රස්නයක් වෙන්න බෑ!

Tuesday, July 27, 2010

The Three Story Books (MA15+) | කතා පොත් තුන -වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි - නෝටි කතාවක්

books

ඔන්න කලින්ම කිවුව, කතාවෙ මැද නරක වචන තියනව, හැබැයි අමුවෙන්ම නෙවෙයි. 15 ට අඩු කට්ටියට තහනං ඕං. එන්න එහෙම නෑ මේ පැත්තෙ. සම්පූර්ණ සත්‍ය සිද්ධියක් මම මුහුණදීපු.

ඕව්.. ඔව් ..  කියනව කියපු කියපු කතාව තමයි!!

Physics රිවිසන් වලට ඉතින් ටවුමෙ ප්‍රසිද්ධ ගුරුන්නාන්සෙ කෙනෙක් ලඟට ගියේ. හැබැයි දවස් 2 යි!ඉන්නවා ලමයි සොර සොර ගාල. Eng ෆැකල්ටියෙ ගෑනු ලමයි අඩු උනාට පන්තිවල මදි නොකියන්න ඉන්නව කියල දන්නවනේ. පඩත්තල වැඩ වලට දක්ශ එකෙක් හිටිය අපිත් එක්ක හැමදාම වගේ. ම්ම්.. එහෙම කියන එක හරි නෑ, වෙනද වගේ මම පඩත්තල වැඩ කරන එකෙක් එක්ක වාඩි උනා!

ඔන්න ඉතින් පන්තිය පටන් ගත්ත කියමුකො. මේ පන්ති වල ඉස්සර තිබුන චිට් යවන සීන් එකක්. ඒ කියන්න මොනව හරි ප්‍රශ්නයක් තිබුනොත් නැගිටල අහන්නෙ නැතිව කොලේක ලියල ඒක රෝල් කරල පේලි වලින් ඉස්සරහට අතින් අත එවනව. සර් ඒක කියවල ඒකට උත්තර දෙනව. ලමයි 1000ක් 2000ක් ඉන්න පන්තියක ඉතින් ඕක වයබල් ක්‍රමයක්. ඉන්ටවල් එකෙන් පස්සෙ පන්තිය අරින්න කිට්‍ටු කරල සර් චිට් කියවල උත්තර දෙන්න පටන්ගන්නව.

ඒ දවස් වල හැමදාම අත හිත පිරෙන්න හෑන්ඩ්බිල් මිටියක් හම්බෙන නිසා චිට් කොල ප්‍රශ්නෙ නිකන්ම විසඳනව.

මගේ සගයත් ඔන්න චිට් එකක් ලියල යැවුව. මමත් කල්පනා කලා යකෝ මොකක්ද මූට මේ තකහහියක් ආපු විස්කිරිඤ්ඤං පුරස්නෙ කියල. මම පොඩ්ඩක් ඒ පැත්තට බර වෙලා ඇහුව,

"මොකෝ මචං පුස්නෙ"

"නෑ බං, මගේ මේ පොත් වගයක් තියල මම එලියට ගියා, ඉන්ටවල් එකේ.. එද්දි ඒ ටික නෑ, මම සර්ට පොඩි චිට් එකක් ඇරිය පන්තියෙ කවුරුහරි වැරදිලා ඒක ගත්තනම් දීල යන්න කියල ලියලා"

ඔතනින් ඔය සිද්ධිය ඉවරයි.

 

සර් ටිකකින් චිට් අරගෙන කියවනවා, ප්‍රස්න වලට උත්තර දෙනවා, වැඩ කෝටියයි.

ඔන්න එකපාරටම සර් එනවුන්ස්මන්ට් එකක් දෙනවා.

"මේ .. ළමායී.. අහගන්න.. මේ ළමයෙක්ගෙ කතා පොත් තුනක් නැති වෙලා තියනවා.. කවුරුහරි වැරදීමකින් මේ පොත් ගත්තනම් දීල යන්න.. මෙන්න මේවා............ නරිය සහ කැලෑව, යකාගෙ පහන.. අයිසෙ තමුසෙල තාම බලන්නෙ ළමා පොත් නෙ"

ඕක මැදදි කොල්ලො හූ තිය තිය හිනාවෙනවා.

"හා.. හරි.. කට්ටිය සද්දෙ නවත්තනව...වැරදීමකින් හරි ගත්ත නම් ඔය කාඩ් මාක් කරන බංකුවෙන් තියල යනවලා..." කියල ඔන්න ආයෙ පටන් ගත්ත උගන්නන්න.

 

හරි කතාව ඉවරයි...

 

දැන් කට්ටියට තියන ප්‍රශ්න මේව!

1. කෝ පොත් තුන? සර් කියෙවුවෙ දෙකයි නේ අනික් පොත මොකක්ද? (විවිධ උත්තර තියෙන්න පුලුවන්)
2. කොල්ලො සර්ගෙ එනවුන්ස්මන්ට් එකට හිනා වුනේ ඇයි?
3. කෝ තියනව කියපු කුනුහරුප?

කුට්ටි කරනව නෙවෙයි. පාඨකයන්ගේ නිර්මාණශීලීත්වය ටෙස්ට් කිරීමේ අවස්ථාව...උත්තරේ දෙස්සෙ පඤ්ඤං

 

ටයිට්ල් එකේ තියන MA15+ කියන එකේ තේරුම දන්නවද? ඔය මෝශන් පික්චර්ස් වලට තියෙන රේටිං සිස්ටම් එකේ සම්මත  කේතයක්. MA කියන්නෙ මැචුවර් ඕඩියන්ස් කියන එක. 15+ කියන්නෙ වයස 15ට වඩා වැඩි අයට සුදුසුයි කියන එක.

 

L: Strong language
L+: Explicit language
N: Brief or partial nudity
N+: Graphic nudity
මේව S අකුරටත්තියනව,S,S+ විදියට, ඒ මොකටද කියල කියන්න දෙයක් නෑ නෙව.
V තිබුනොත් ඒ කියන්නෙ වයලන්ස් ,බිහිසුණු ක්‍රියාදාම
D- මත්ද්‍රව්‍ය භාචිතය අඩංගුයි

G - සාමාන්‍ය බිහිසුණු දර්ශන, දෙතොල් සිපගැනීම්
PG- දෙමව්පියන් ගේ අචධානය අවශ්‍යයි, Parental guidance recommended. The content is mild. උදා- PG 13 (දහතුන කියන්නෙ වයස)


M- මැචුවර් ඕඩියන්ස්
R18+ - අතිශයින්ම දහ අටට වැඩි අයට පමණයි  R = restricted
X18+ - පැහැදිලි ලිංගික දර්ශන අඩගුයි.අතිශයින්ම දහ අටට වැඩි අයට පමණයි.

A- වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි A=Adult , ලිංගික හෝ බිහිසුණු ක්‍රියාදාම අඩංගුයි
AO- කියන්න දෙයක් නෑ නෙව.
SMA - Suggested for mature audiences
 

මේව රටවල් අනුව වෙනස් වෙනව. නමුත්  සම්මත වලින් හදාගත්තුව තමයි තියෙන්න.

මීට පස්සෙ කඩෙන් ගන්නකොට ඕක බලල ගන්න හොඳේ.. කඩේ අයියගෙන් අහන්නෙ නැතුව “මේක හොඳද?” “මේකෙ තියනවද?” කියල..

ඩවුන්ලෝඩ් කරනවනම් IMDB එකෙන් හොයාගන්න රේටිංස්, ගෙදර උදවිය එක්ක බලන්න කලින්..

ප්‍රස්න තුන අමාරු වැඩිද මන්ද.. මෙන්න පොඩි හින්ට් එකක්..

මේ වගේම සීන් එකක් තියනවා "නයි 'ප' යන්නෙත්".. මේක තේරුනේ නැත්නං හරි බැලුවෙ නැත්තං හරි ඒක පොඩ්ඩක් බලලා කොමෙන්ට්ස් ටික කියවල එන්න.දෙවනි ප්‍රස්නෙන් පටන්ගන්න. ඊට පස්සෙ උත්තරේ ගේමක් නෑ.

http://blogvampa.blogspot.com/2010/05/native-cobra.html

කට්ටිය මට බනින්නෙපා ඕං හරිය... මම කරපු දෙයක් නෙවෙයි බොලල්ල..

ජය
වැම්පයර්!

Monday, July 26, 2010

May You Attain Nibbana | ඔබට නිවන් සුව ලැබේවා..

 

තම තම නැණ පමණින් බ්ලොගය රචනා කරමින් සමාජයට ඉමහත් සේවාවක් කළ කුමුදු පින්තු මහතා මෙලොවින් නික්මගොසින් කියන පුවත දැනගතිමි. එතුමාගේ සමාජ මෙහෙවර ප්‍රසංශනීයයි. බ්ලොග් වල හිතන්නට යමක් තිබූ ඉතා හරවත් බ්ලොගයක් ලෙස ඒ මහතාගේ බ්ලොගය හැඳින්වීමට පිලිවන්.

කුමුදු පින්තු මහතාණනි, මා ඔබ කිසි දිනෙක දැක නැත. එහෙත් ඔබේ සිතිවිලි වලින් ඔබව හඳුනමි. ඊමේල් මගින්, කොමෙන්‍ටු මගින් කතා කලෙමි. ඔබට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සැප ලැබීමේ භාග්‍යය උදාවේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. ඒ දුර නොවේ.

His Last Post  : View

Sunday, July 25, 2010

Geographic Model of Women | කාන්තාවන්ගෙ භූගෝලීය ආකෘතිය

WeCanDoItPoster[1]

පොඩි රස කතාවක්.. ජාලෙන් හොයාගත්ත. අර කතාවත් ලියාගෙන යන්නෙ .. හෙට උදේට බඩු ඇති.

මේක මේ කාන්තාවන්ගෙ භූගෝලීය ආකෘතිය ගැන කියවෙන කතන්දරයක්.

වයස අවු 15 ත් 20 ත් අතර - අප්‍රිකාව වැනිය. බාගෙට සොයාගෙන ඇත. බාගෙට හීලෑය

වයස අවු 20 ත් 30 ත් අතර - ඇමරිකාව වැනිය. සම්පූර්ණයෙන්ම සොයාගෙන ඇත. නියම විද්‍යානුකූලව හැසිරෙයි.

වයස අවු 30 ත් 35 ත් අතර - ඉන්දියාව වැනිය. උණුසුම්ය. රූමත්ය. නුවණක්කාරකම මඳ පමණට ඇත.

වයස අවු 35 ත් 40 ත් අතර - ජර්මනිය වැනිය. යුද්ධයෙන් පසුව විනාශයට පත්ව ඇත. එහෙත් ප්‍රිය උපදවයි.

වයස අවු 40 ත් 60 ත් අතර - රුසියාව වැනිය. ඉතා විශාලය. කිසිම කෙනක් පැත්ත පලාතෙ යන්නෙ නැත.

වයස අවු 60 ත් 70 ත් අතර - එංගලන්තය වැනිය. කීර්තිමත් ඉතිහාසයක් ඇත. අනාගතයක් නැත.

ඉතිරිය - සයිබීරියාව වැනිය. තියෙන්නෙ කොහේද කියලවත් කවුරුවත් හොයන්නෙ නැත.

කාන්තා පාර්ශවය තරහවෙන්නෙපා හොඳේ. අපිනං දන්නෙ නෑ. මම හිතල ලියපු එකක් නෙවෙයි.

Saturday, July 24, 2010

අනේවාසික විදේශ මුදල් | NRFC

නිදි නැතිව ගෙවුනාවු  ‍රැයවල්
නිමක් නැත ඔබ ළඟින් නොමැතිව
හෙලු සුසුම් වැල් කඳුලු ගංගා
කොපුල් තල වියැලී මිලානව

කතර මැද හිඳ සිහින මන්දිර
තනමි එනමුදු හද අසාරව
සොයයි මා පුතු දියණි  සුරතල්
ඇසෙයි කෙළි කවටකම් දුරකින

දුවණි තවමත් අහස බලබල
අහස් යන්තර එනු  ගනිනවද
පුතා  පාසල් ඇරිල ඇවිදින්
පිලේ හිඳගෙන මග බලනවද

මාසෙ කඹුරා ලැබුන කහවනු
එවමි මම මේ සමග අමුනා
මින් මනත කිසි කලෙක නැවතත්
නොයමි මා ඔබ, දරුවො හැරදා

(කොන්ත්‍රාත් කාලය ඉවරවෙනකං ඉන්න වෙනවා)

 

පොඩි වෙනස් දෙයක් ඔන්න,, මොකක් ලියවුනාද මන්ද. ම්ම්.. අනේ ඔන්න මම නං දන්නෙ නෑ.. මාවනං අල්ලගන්නෙපා.

 

අර කතාවත් තියෙනව දාන්න ඊයෙ කියපු.

කොමෙන්ට්ස් මොඩරේශන් කිරීම ගැන සමාව ඉල්ලනවා. මොකෙක්ද හොක්කි බල්ලෙක් උඩුබුරලනව . ඒකයි. මොනව කරන්නද? කොමෙන්ට්ස් විල් බී විසිබල් ආෆ්ටර් ඇපෲවල්....

Friday, July 23, 2010

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි | Buduhamuduruwo by Sanath Nandasiri

noose_adj

ලියන්න කියල දෙයක් නැතිව බයිසිකල් හැඬල් එකක් ගිලල වගේ ආතබූත වෙලා ඉන්නකොට වින්ඈම්පයේ මේ සින්දුව ගියා. හිතුව කට්ටිය එක්ක බෙදාගන්න. අපි හැමෝම සනත් නන්දසිරි මහත්තයව දන්නෙ ගායකයෙක් විදියට. එහෙම නැත්නම් සංගීත අධ්‍යක්ශකයෙක්, තනු නිර්මාණකරුවෙක් විදියට. මේ එතුම අතින් ලියවෙච්ච පදමාලාවක්.. සංගීතය ගැන ඉතින් වෙනම කියන්න දෙයක් නෑ නෙ.  මල්කාන්ති නන්දසිරි මහත්මිය යුග ගායනයෙන් දායක වෙනවා.

sanma
සිපිරි ගෙදර, බොහෝ ජනප්‍රිය ගීත ‍රැසකට වස්තු බීජ සැපැයූ මාතෘකාවක්, මේ වෙලාවෙ මගේ ඔලුවට එනව සුනිල් එදිරිසිංහ මහත්තයගෙ මල්ලියෙ නරක මිතුරන් පිලිගන්න එපා කියන ගීතයත්. මට අපේ තිස්ස අයිය වගේ ලස්සන විචාර දෙන්න නම් බෑ, ඒත් මට මේව අද කාලෙ නිකන් ලපයි සිපයි කියන "බෝගම්බර... හිරගෙදර....." වගේ දෙකේ කොල එක්ක සංසන්දනය කරන්න බෑ කියන එක නම් තේරෙනව.

වෑලා සහෝදරය එක දවසක් කිවුව වගේ මේ තාලෙ ගීත වලට (ශබ්ද හා අර්ථ රසය යන දෙකමැ සමව මුහුවුණ) පෙම් බඳින අන්තිම පරම්පරාව අපි වෙයිද කියලත් මට හිතෙනවා. ඒත් අමරදේව මහත්තය කියනව වගේ "කළ හොඳ පමණයි මෙලොව ‍රැ‍ඳෙන්නේ" කියන යථාර්තය තේරුම්ගනිපු තරුණ කලාකරුවො කීපදෙනෙකුත් අපිට ඉන්න බව මම දන්නවා.

මේ ගීතය අහන හැම වෙලාවකම නිකන් ඒ මමම ද, මටත් මෙහෙම වෙයිද,  කියල හිතෙනවා මට. මම හිරගෙදරක ඉන්න නිසා නෙවෙයි :) බොහොම දරුණු භාවමය හැඟීම් ජනිත කිරීමට මේක සමත්වෙනවා. මම දරුණු කියන වචනය පාවිච්චිකලේ ඒක ඇත්තටම දරුණු නිසයි. නියම සින්දු කියන්නෙ ඒවට. එක දවසක් සුපර් ස්ටාර් වැඩසටහනකද කොහෙද ආපු ගායිකාවක් (චන්ද්‍රිකා සිරිවර්ධන මට මතක විදියට) කිවුවා මතකයි "ඒ කාලෙ කම්පන, මිල්ටන් ලගෙ ප්‍රසංග බලන්න මිනිස්සු ශාලා වල දොරවල් කඩාගෙන ඇතුලට ආවෙ එයාල වේදිකාව උඩ කරන නැ‍ටුම බලන්න නෙවෙයි" වගේ කතාවක්. ඒ කතාව ඇත්ත. මගේ බොහොම පරණ මිත්‍රයෙක් මේ සිද්ධියට මුහුණදීල තියෙනව කපුගේ ගෙ කැකිරාවෙ තිබුණ කම්පන ප්‍රසංගයකදි. අන්න එහෙමයි නියම කලාකරුවන්ගෙ නියම සින්දු වලට මිනිස්සු දක්වපු නියම කැමැත්ත. දැන් කට්ටිය හිතාන ඉන්නෙ පොඩ්ඩක් පේන්න ඇඳගෙන ඇවිත් හරි අමුතු නැ‍ටුමක් දාල හරි සින්දුවේ තියෙන කැත වහගන්න. 

ඒකෙන් කමක් නෑ.

මෙතනින් අහන ගමන් පහලින් කියවන්න

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගෙ අම්මාවත් දොර‍ටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙල ලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ

අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ළඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
නැතිදා ළඟ උන් බුදු අම්මේ උඹ දුක් ගිනි ගන්න එපා

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ

නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසිදිනෙක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පායුග වැඳ සමුගනිමි මෙමා
කෙළිලොල් කම් කෙළි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදිනදා මගෙම පුතුවෙයන් හොඳ මිනිසෙකු ලෙසිනේ

මේකෙ නිකන් මොනව ලියවුනාද මන්ද. පෝස්ට් කරන්නෙ නැතුව ඩ්‍රාෆ්ට් වෙලා තිබුන දවස් ගානක් ලයිව් රයිටරේ. ඔන්න ඔහෙ ඇරල දැම්ම.

ම්ම්.. මේක ලියද්දි මරේ මරු කතාවක් මතක් උනා.. ඒක ඊළඟට ! :)

Wednesday, July 21, 2010

ඩෙංගු මාරයා පරද්දමුද ?

උපුටා ගැනීම - සහෝදර දුමී ගේ බ්ලොගයෙනි. Original Post

Posted by දුමී


ඉස්සෙල්ලම කියන්න ඕන මේකනම් මේ කට කහනවට කියන කතාවක් නෙවෙයි කියල. අපේ මුළු පවුලම පසුගිය ජූනි 23 වෙනිද ලංකාවට ආවෙ මගේ දුවගෙයි පුතාගෙයි ඉස්කෝලෙ සමර් එකට නිවාඩු දීපු නිසා. මෙහෙ ඉස්ස්කෝල වලට එක දිගට මාස දෙකක් විතර නිවාඩු දෙනව මොකද මේ කාලේ අවුරුද්දෙ රස්නම කාලේ නිසා. පිටත උෂ්නත්වය මේ දවස්වල c 50 පනිනවා.
ඒගොල්ලොත් එක්කම ලංකාවට ආවත් මට ආපහු එන්න උනේ එක දිගටම මට නිවාඩු ගන්න තිබුන අපහසුතාවය නිසා. ආපහු ඇවිල්ල ටික දවසයි ගියේ මගෙ බිරිඳ කතා කරල කිව්ව මගේ පොඩි පුතාට හොඳටම උණ කියල. එයා ඉක්මනටම පුතාව ආසිරි එකට ගෙනිහිල්ල බෙහෙත් අරගෙන ඇවිල්ල තිබුනා. දොස්තර නම් කියන්නෙ බය වෙන්න එපා දවස් තුනකින් උණ අඩු උනේ නැතිනම් ලේ ටෙස්ට් කරල බලන්න කියලා. කොහොමත් පහු ගිය දවස් දෙකේම රෑට සහලෝල උණ ගත්ත නිසා එයාගේ ලේ පරීක්ෂා කරල ඊයේ හවස. තුණුරුවන්ගේ පිහිටෙන් මගේ පුතාට ඩෙංගු වැලඳිලා නෑ. අදවෙනකොට පුතාගේ උණ හොඳටම වගේ හොඳ වෙලා. පහුගිය දවස්වල හිතේ තිබුන නොසන්සුන්කම ගැන නම් කියලා වැඩක් නැහැ.
පත්තරෙන් දැක්ක පහුගිය මාස කීපයට ලංකාවෙ ඩෙංගු වලින් 140 දෙනෙක් මිය ගිහිල්ල කියලා. ඒ වගේම ඊයෙ පෙරේද දෙහිවල පැත්තෙ අවුරුදු 5ක මලක් වගේ පොඩි පුතෙකුත්, මාතර පැත්තෙ අවුරුදු 14ක දියණියකුත් තවත් තරුණ වෛද්‍යවරියකුත් ඩෙංගු මාරයාට බිලි වෙලා. මේක කොතනින්ද නවතින්න යන්නෙ ?
මේත් එක්කම මට මතක් උනේ ටික කාලෙක ඉස්සෙල්ල ලැබිච්ච ඊ මේල් එකක තිබිච්ච ඩෙංගු ප්‍රතිකර්මයයි. ඒ තමා ගස්ලබු කොල ඉස්ම. පොඩ්ඩක් ගුගුල් කරල බලන්න මැලේසියාවෙ, පිලිපීනය වගේ රටවල් වල ඩෙංගු හැදිච්ච කීදෙනෙක් මේකෙන් සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තියෙනවද කියලා. ගිහිල්ල බලන්න ඒ ගොල්ලො තමන්ගෙ අත්දැකීම් දාල තියෙන හැටි !
මෙච්චර මේකෙන් පීඩා විඳින අපිට ඇයි මේක පාවිච්චි කරලා බලන්න බැරි ? ඕන තරං ගස්ලබු ගස් හොයා ගන්න පුළුවං අපේ රටේ ඇයි මේ ප්‍රතිකර්මය කරල බලන්නෙ නැත්තෙ ? මේක විද්‍යාණුකූලව ඔප්පු කරලා නැහැය කියලා යට ගහන්නෙ නැතිව ලෙඩාගේ ඇඟේ ප්‍රතිෂක්තිය හැදෙනකන්ය කියල මරණයට කැප කරන්නෙ නැතුව මෙ ගස් ලබු කොල ඉස්ම මේස හැන්දක් දෙකක් දීල මේ ජීවිතයක් බේර ගන්න බැරිද ?
කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක අඩු වෙච්ච අයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් බීපු ගමන් නොහිතන විදිහට ප්ලේටල් කවුන්ට් එක වැඩි වෙනවලු. ඒ වගේම උණත් සීග්‍රයෙන් බැහැල යනවලු.
ගස්ලබු කොල ඉස්ම හදාගන්න පුළුවන් මේ විදිහට,
1) ගස්ලබු කොල දෙකක් ගන්න.
2) ඒවා පිරිසුදු වතුරෙන් පමනක් හෝදාගන්න.
3) ඒවායේ නාරටි, දඬු වගේ දේවල් ඉවත් කර කොලය පමනක් සූරා ගන්න.
4) එම කොල ටික පොඩි බෙහෙත් වංගෙඩියකට හෝ එවැනි දෙයක් භාවිතා කර හොඳින් තලා ගන්න.
5) ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කර ඉස්ම බේරා ගන්න.
මේ ආකාරයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් පමණ සාදා ගත හැකි යැයි පවසණු ලබනවා. එය රෝගියාට උදේ හවස දීමෙන් ඩෙංගු රෝගීන්ව ඉක්මනටම සුවපත් කල හැකි වේ යැයි පැවසෙනවා.
දන්න හඳුනන කාට හරි ඩෙංගු හැදිල නම්, මේ ප්‍රතිකර්මය කරලා බලමුද ? සාර්ථක උනොත් කීදෙනෙක්ගෙ ජීවිත බේරගන්න පුළුවං වෙයිද ?
කවුරු හරි දැනටමත් මේක අත්හදා බලල තියෙනවනම් තමන්ගේ අත්දැකීමත් මේකට දානවද කරුණාකරල ?

අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල.
බී.අයි.ටී හරි , මදුරු තෙල් හරි ගහනකන් බලාගෙන ඉන්නෙ නැතිව අපිට ජීවිත කීපයක් හරි බේරගන්න පුළුවං උනෝතින් ඒක තමා සිංහල බ්ලොග් කරුවන් විදිහට අපිට කරන්න පුළුවං ලොකුම සද්කාරිය.

මගේ පෝස්ට් එකට ටිකකට කලින් අංජන මල්ලිත් මේක ගැන ඉතා වටිනා පෝස්ට් එකක් කරලා. මේක වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ කලා කියල තමයි එය දාල තියෙන්නෙ. ඒක ගොඩක්ම හොඳ ආරංචියක්. දාල තියෙන ලින්ක් එකෙන් ඒක කියවලා බලන්න.

Read more: http://dhumee.blogspot.com/2010/07/blog-post_18.html#ixzz0uG6Lb5YE

Monday, July 19, 2010

කම්පනය නිහඬවිණ | The legendary heart has stopped

2b30gz

කම්පන ප්‍රසංගයෙන් සුවහසක් රසික කැල පිනැවූ කපුගේ එතෙරෙ සංචාරයකින් පසුව ගුවන් තො‍ටුපලට පැමිණියේය, ඒ ඔහුගේ අවසන් ගමන යෑමට බව බව ඔහු සිහිනෙනුදු නොසිතන්නට ඇත. ගුවන් බසයෙන් (එයාර්පෝට් ශටල්) පය ලිස්සා වැ‍ටුණු කපුගේ ගේ හිසෙහි පි‍ටුපසට දැඩි (මාරාන්තික නොවන) තුවාල සිදුවිණ. අන්තර්ජාතික යැයි සම්මත ක‍ටුනායක ගුවන්තො‍ටුපළේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙක් සිටියේ නැත! එහෙයින් ගිලන් රියකින් ඔහුව ජාතික රෝහලට ‍රැගෙන යාමට සිදුවිණ. ඒ සඳහා රුපියල් දෙදහසක් හෝ ආසන්න මුදලක් කපුගේ ගෙන් ‍රැගෙන තිබිණ.

GunadasaKapuge04

කපුගේ ගේ හදිසි අනතුර සිදුවුණේ පාන්දර 4.00 ට පමණය. නමුදු ජාතික රෝහලට කපුගේ ‍රැගෙන එනවිට උදෑසන නවය පසුව මිනිත්තු විස්සක් පමණ ගතවී තිබිණ.

ගිලන් රියේ දී කපුගේ සිහිසුන්ව ඇත. එවිට කපුගේ ගේ මුදල් පසුම්බියත්,බෑගයත්, සපත්තු කුට්ටමත් කපුගේ ගෙන් ඉවත් කරගැනීමට තරම් කපුගේ ගී ගැයූ මිනිසුන් කාරුණිකව තිබුණි.

 

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ

 

කපුගේ සමග පැමිණි ගායක පියන්ත ප්‍රනාන්දු මහතාද අවසාන මොහොත තෙක් ගුවන්තොටේ කපුගේ සමග ‍රැඳී සිට ඇත. ඒ මහතා පුවත්පතකට ද මේ සම්බන්ධයෙන් පවසා තිබෙනු මම දිටිමි.

 

 

සිංහල ගීතයේ කපුගේ සලකුණේ නිමාව එලෙසින් 2003 අප්‍රේල් මස 03 වැනිදා සනි‍ටුහන් විණ. සුවහසක් හදවත් කම්පනයෙන් කම්පනය කළ හදවතේ කම්පනය සදහටම නැවැතී තිබිණ. දයියා සටහන් කොට තැබූ පදවැලකින් මේ නිමාකරමි.

පන් සිළු හරවා යවා
කපුගේ රැගෙන ගියහ
දෙවිවරු ඉරිසියාවෙන්
මනුලොව මිනිසුන්ට

කපුගේ සිය මව සමග

 

 

අදාල ලිපි

http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge

ප.ලි.

කපුගේ ගැන ලියැවුණ සියලුම කාරණා කතෘ ගේ මතකයට අනුවයි. සංශෝධන අගේ කොට සලකමි.

කම්පන- කපුගේ ගේ ඒකපුද්ගල ගී ප්‍රසංගයකි


ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්තයගෙ ප්‍රකාශෙ තියෙනෙ පත්තරේ නම් අමාරුවෙන් හොයාගත්ත
http://www.dailynews.lk/2003/04/25/new21.html

දහ දහස පැනීම | 10,000 Pageloads

අප්පා, අද මගේ බොලොග්ගෙ පේජ් ලෝඩ්ස් 10,000ක් පැනල නෙ. මාස තුනකට නරකම නෑ. මේ පැත්තෙ ඇවිත් ගිය, පිය සටහන් තැබූ සියල්ලන්ට හා මෙකී නොකී පෙරකී යටකී උඩකී ගතුකී සියල්ලන්ටම මාගේ හදපිරි ප්‍රණාමය.

ජය වේවා.

Saturday, July 17, 2010

සබාගේ “රඹුටන් කතා” | Sabaa ge “Rambutan Katha”

See full size image

මේකත් සබා කෙනෙක් ගෙ කතාවක්.  මම කලින් කියපු මාර සිරා සබා නෙවෙයි. වෙන කැම්පස් එකක කතාවක්.

පොරටත් අපි "සබා" ම කියමු. මොකද නැත්නම් සබා කොන්ෆ්ලික්ට් වෙනවනේ. මේ සබාගෙ ක්වාටස් එක ඉස්සරහ තියනව රඹුටන් ගහක්. වාරෙට සබා ඉතින් ගහ මුර කරන එක තමයි වැඩේ. කොල්ලොන්ගෙන් ඕක බේරගන්නව කියන්නෙ එකම මිශන් ඉම්පොසිබල් කතන්දරයක්.

මේක කිවුව කෙනාගෙ සෙට් එකත් ඉතින් ඔන්න රඹුටන් ගහට ගේම දෙන්න සෙට් වුණාලු දවසක රෑක.

කට්ටිය රෑ ගහට නැගල හිතේ හැටියට රඹුටන් කනවලු. ලෙලි ඇට  බිමට දානවලු, එක විකාරයයි.

තරහටම නේ ඉතින්. මොකද දවල්ට සබා ගහ වටේ පරිභ්‍රමණය වෙන හැටියට දවල්ට ගහ දිහා බලනවා බොරු...

කට්ටියට ඉතින් ඉන්න තැන අමතක වෙනවනේ පොඩ්ඩකින්. ඔන්න ඉතින් අපේ කට්ටියගෙත් සද්දෙ වැඩි වුණාලු නොදැනිම.

එක පාරටම ක්වාටස් එකේ ලයිට් එකක් පත්තු වුණාලු. කට්ටිය දැනගත්තලු වැඩේ දෙල් වෙන්නයි යන්නෙ, අද සබාගෙ අතටම මාට්‍ටු කියල.

කිවුවත් වගේ සබා පන්දම (ටෝච් එක කියල කියන්නෙ සිංහලෙන්) වන වන එනවලු.

"කවුද බැ....ගෙ පු‍තෝ ගහේ ඉන්නෙ"

සද්ද කරල ගහ උඩට ටෝච් එක ගැහුව විතරයි ....

අපේ කට්ටිය මොකද දන්නවද කරල තියෙන්නෙ....

සරම නේ ඇඳගෙන ඉන්නෙ.  සරමෙ ඉනේ ගැටේ එහෙමම තියෙද්දි පහල වාටියෙන් උස්සල ඔලු වහහත්තලු කට්ටියම.

සබා ආයෙ කිසි කතාවක් නෑ හැරිල එහෙමම ගියාලු ක්වාටස් එකට.

එහෙම වෙන්න හේතු දෙකක් මට හිතෙනව.

  1. සබා ලැජ්ජාශීලී වීම හෝ තව ටිකක් වෙලා සද්ද දැම්ම නම් නෝනත් එලියට බහින වග සිතට ඒම
  2. සබාට ගහේ තිබුණු රඹුටන් ගෙඩි වල අඩුවක් නොපෙනීම

අම්මප මටත් හිතෙන දේවල්...

Friday, July 16, 2010

සබා ගේ “මාර සිරා” කතා | Sabaa ge “Maara Siraa” Kathaa

fever

කට්ටිය දන්නවනේ මම හිටපු කැම්පස් එක. බැලින්නම් අපේ කාංචන ජොකියත් ඉඳල තියෙන්නෙ ඒකෙ නෙව. මොකද එයා ලියල තිබුනනෙ සබා ගැන. අපේ සබා ඉතින් ලෝකෙටම එකයි.  අපේ හොස්ටල් වලට කවද හරි බ්‍රෝචර් එකක් ගහනවනම් ඉතින් පොටෝ එකට දාන්න තියෙන්නෙ ඔය සබා තමයි.

සබා ගැන විස්තරේ ඇත්ත ඇති සැටියෙන් මෙතනින් බලාගන්න.

මිනිහ ඉතින් හරි කැමතියි කොල්ලො එක්ක මික්ස් වෙන්න කොහොම හරි. කොල්ලොත් ඉතින් හරි කැමතියි පොරට වෙලාවකට. ඒත් ඉතින් ගහන්න එහෙම යන වෙලාවලුත් නොතිබුනා නොවෙයි ඔං.

සබා හරි කැමතියි කොල්ලො එක්ක ඒ විදියටම කතා කරන්න. ඒ කියන්නෙ කොල්ලො කතා කරන වචන කෑලි අහුලගෙන ඒවයින් කතා කරන්න. ඒ වුණාට ඒවයෙ හරි තේරුම මිනිහ දන්නෙ නෑ ගොඩක් වෙලාවට. හිනා සාගරයයි.

මේ කතාව මට වෙච්ච දෙයක් නම් නෙවෙයි. ඒත් ඇත්ත කතන්දරේ නම්.

ඔන්න අපේ කොල්ලෙක් ලෙඩ වුණා හදිස්සියෙම. හොස්ටල් එකේ ඉන්නකොට, මූට සහලෝල උණ. වෙවුලන සයිස්. රෑ වෙලා. සබා ආව පොඩි පැට්‍රොල් පාරක් දාන්න.

කට්ටිය ලෙඩාගෙ කාමරේට වෙලා කතා කර කර ඉන්නව මොකද කරන්නෙ කියලා.

කොහොමහරි සබාත් ආව. සබා කිවුව “ඉස්පිරිතාලෙට ගෙනියමු මමත් එන්නම්” කියල.

දැන් ලෙඩා ඉස්පිරිතාලෙට ගෙනියන්න තමයි හදන්නෙ. ආපු ත්‍රීවීල් එකට සබත් නැග්ග. මොකද මිනිහ කැමතියි චරිතෙ වෙන්න. ගිහින් කලුබෝවිලට ලෙඩා ඇඩ්මිට් කරල ගෙවල් වලට පනිවිඩ ඇරල කට්ටියම ආව ආයෙ කැම්පස් එකට.කළුබෝවිල ම ගෙවල් තියන එකෙක් ලෙඩාගෙ රෑ වැඩ මුරය බාරගත්ත ගෙදර ඉඳලම කරන්නම් කියල.

කට්ටිය ඇවිත් දැන් කතාව. ඔහොම ඉන්නකොට කොහෙද ඉඳල කබ කඩ කඩ තව එකෙක් ඔතෙනට ආව.

ඌ අහපි " මොකෝ මේ කට්ටිය ‍රැස් වෙලා"

පැනපු ගමන් සබා කියපි "හරි වැඩේනෙ පුතා, මේ කාමරේ හිටපු එකාට සහලෝල උණ, ඉස්පිරිතාලෙ නැවැත්තුව…. මාර සිරා…ශෙහ්.. කොර..! "

Thursday, July 15, 2010

The Punishment Transfer of Gunadasa Kapuge | ගුණදාස කපුගේ ගේ දඬුවම් මාරුව

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවකින් සිංහල සංගීතයට කළ මහත් මෙහෙවරක් ලෙස මට අදත් සිතෙන දෙයක් තමයි කපුගේට රජරට සේවයට ලබා දුන් දඬුවම් මාරුව! දේශපාලන බ්ලොගයක් නොවන නිසාවෙනුත් ඒ සම්බන්ධයෙන් මගේ ඇති උදාසීන පිළිවෙත නිසාවෙනුත් මම මෙහිදී එයට පදනම් වුණ කාරණා මෙහි සඳහන් කිරීමෙන් වැලකී සිටින්නෙමි.
කපුගේට එකල අන්තර්ජාතික සමුළුවක් නියෝජනය කිරීමේ ආරාධනාවක් ලැබී තිබුණි. මාගේ මතකය නිවැරදි නම් ඒ කියුබාවේ ය. නමුත් කපුගේ ට ගුවන්විදුලි සංස්ථාවෙන් නිවාඩු ලබාදීම ප්‍රතික්ශේප කරන ලදී. ‍රැකියාව නොතැකූ හෙතෙම සමුළුවට සහභාගි විය. ඔහු සේවය හැර ගියා යයි සලකා ගුවන්විදුලි නිලධරයන් ක්‍රියාකර තිබිණ. ඉන් පසු කපුගේට නැවතත් ‍රැකියාව ලැබුණද දේශපාලකයෙකුට අපහාස කරන ලදැයි යන චෝදනාව පිට පොලිස් අතඩංගුවට පත්ව යලිදු වැඩ තහනමකට ලක්විණ.

නැවතත් කපුගේට ‍රැකියාව ලැබුණේ දඬුවම් මාරුවක් ද සමගය. කපුගේ රජරට සේවයට මාරු කර තිබුණි.

මාගේ දැනුමේ පමණට කපුගේ ගේ සංගීත දිවියේ හොඳම නිර්මාණ බිහිවන්නේ මේ සමගිනි. එපමණකුදු නොව තරුණ ගායකයින් ‍රැසක් කරළියට නංවාලීමට කපුගේ දැරූ තැත ප්‍රසංසනීය වේ. ජානක වික්‍රමසිංහ හා කරුණාරත්න දිවුල්ගනේ  මේ පමණට ඔසවා තබන්නට ඔවුනගේ ප්‍රතිභාව පමණක් නොව කපුගේ ගේ ආශීර්වාදය හා මගපෙන්වීම මහත් පි‍ටුබලයක් වූ බව නොරහසකි.

 

තවද කපුගේ ගේ විශිෂ්ඨ ගණයේ නිර්මාණ කීපයකට පදරචනයෙන් දායක වුණ මහින්ද චන්ද්‍රසේකර, පල්ලේගම හේමරතන ස්ථවිරයන්,මහින්ද දිසානායක වැනි කලාකරුවන් කපුගේ හා අත්වැල් බැඳ ගැනීමද මෙකල්හි සිදුවුණ වැදගත් සිදුවීමකි.

මේ පැවැසූ කාරණා වලට උදාහරණ කිහිපයක් පෙන්වා මේ කෙටි සටහන නිමා කරමි.

දන මන පිනවා - පල්ලෙගම හේමරතන ස්ථවිරයන් වහන්සේ
සුමනෝ - රණ්බණ්ඩා සෙනවිරත්න
උලලේනෝ- රණ්බන්ඩා සෙනවිරත්න (මේ ගීය නැවතත් අසන්න.. මෙයට වස්තුබීජ සපයා ඇත්තේ '71 කැ‍රැල්ල විසින් යැයි රණ්බන්ඩා සෙනවිරත්නයන් වරක් පැවසූවා මතකයේ ඇත, නිසැක නැත, ඌණපූර්ණයක් අගේ කොට සලකමි)
දම්පියාව- පල්ලෙගම හේමරතන ස්ථවිරයන් වහන්සේ

කරුණාරත්න දිවුල්ගනේ සමග

රුවක් ඇදෙනවා - මහින්ද දිසානායක, ගුණදාස කපුගේ 
ශිල්ප අරන් - පද රචකයා මහින්ද චන්ද්‍රසේකර යයි මතකයක් ඇත! නිසැක නැත.. සමාවෙන්න
පලන්චියේ වැඩ ඉඳගෙන - රත්න ශ්‍රී විජේසිංහ, ගුණදාස කපුගේ
ඇසට අසුවන මායිමේ - මහින්ද දිසානායක, ගුණදාස කපුගේ

ජානක වික්‍රමසිංහ සමග

පිච්ච මලක් - රත්න ශ්‍රී විජේසිංහ, ගුණදාස කපුගේ
අනේ සර් මට නිවාඩුනම් දෙන්න එපා සර් - සුනිල් ආරියරත්න, ගුණදාස කපුගේ

 

මතකෙට එන විදියට තව දාන්නම්. කට්ටියට මතක නම් පහලින් කොටලා යන්න. මේ දවස් වල මේ පොඩ්ඩ ලියන්නත් ඔලුව එකලාසයක් වෙන එක ගැන මට පුදුමයි!

අදාල ලිපි

 http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge

 

ජය!

 

Note:
සමහර  ගී ගුණදාස කපුගේ රජරට සේවයේ යෙදී සිටි කාලයේම නොකළ ඒවා බව සැලකුව මනාය. උදාහරණ වශයෙන් පමණි. නමුදු අදාල පුද්ගලනාම රජරට සේවයේ කපුගේ ගේ කාලය හා බැඳේ…..

Wednesday, July 14, 2010

Sunflowers with Gunadasa Kapuge – The true Story | සන්ෆ්ලවර්ස් සමග ගුණදාස කපුගේ - සත්‍ය කතාව

situ-kumariye

බොහොම විවාදාත්මක මාතෘකාවක් වගේම කපුගේ සෑහෙන්න බැණුම් අහපු සිද්ධියක සත්‍ය කතාව තමයි අද එලියට දාන්නේ. "සන්ෆ්ලවර් සමග" කියන ට්‍රෙන්ඩ් එක පටන් ගත්තෙ ගුණදාස කපුගේ මහත්තය. නිල්වලා ලේබලයෙන් තමයි එලිදැක්වුවේ. මෙයින් පස්සෙ කට්ටිය දිගට හරහට සන්ෆ්ලවර් සමග කියන්න පටන් ගත්ත නේ. මම මට තේරෙන විදියට හොඳ නරක  පසුවට පළ කරන්නම් මේ ගැන. කපුගේ සන්ෆ්ලවර් සමග ගායනයට හේතු වුණේ මුදල් ප්‍රශ්නයක්. ඒ කපුගේට නම් නෙවෙයි.

oba-pem-karana

 

 

 

 

 

 

 

 

 

 

 

 

"සොඳුරු ආඥාදායකයා" ලෙස පතලව සිටි සුගතපාල ද සිල්වා කලාකරුවාණන් බරපතල ලෙස රෝගාතුරව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කාලයක් ඒක. ගුණදාස කපුගේ සන්ෆ්ලවර් සමග ගීත ගැයුවේ සුගතපාල ද සිල්වා ට මුදල් ලබාදීමට බව සුගතපාල ද සිල්වාම වරක් පැවසුවා මගේ මතකයේ ඇත.

"මම නිසා කපුගේ තරම් බැණුම් අහපු කෙනෙක් තවත් නැතුව ඇති"

යනුවෙන් වරක් එතුමා (සුගතපාල ද සිල්වා) සරසවිය වැනි පත්‍රයකට පැවසූ වදනකුත් මගේ මතකයේ තිබේ.

කපුගේ ගේ මම දකින විශේෂත්වය තමයි ඔහු මේ බව ප්‍රසිද්ධියේ නොපැවසීම. කපුගේ ට අවශ්‍යනම් මේ සිද්ධියට ප්‍රචාරයක් දී සත්‍ය හෙළි කිරීමට ඕනෑ තරම් අවස්ථා තිබුණ බව මගේ හැඟීමයි. වසර 2001-2002 දී පමණ රූපවාහිනී සංවාදයකදී නිවේදකයා කපුගේ ගෙන් පුන පුනා සන්ෆ්ලවර් සමග ගැයූ හේතුව ඇසූමුත් කපුගේ දුන්නේ "අපිට හදිස්සියකට සල්ලි ඕනෑ වුණාම කවුරුවත් දෙන්නේ නෑ නේ" වැනි පිළිතුරක් වග මතකයේ ඇත.

 

කපුගේ.. මා දු‍ටු හොඳම මානව හිතවාදී කලාකරුවෙකි. නියම මහත්මයෙකි.

කතන්දරත් බූට් කවි ලියද්දි වත් සහෝදරීට මතක් වුණ ගීතයකුත් අහගෙනම යන්න.

තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ

ලූශන් බුලත්සිංහල පද රචනයකට ගුණදාස කපුගේ මහත්තයගෙ හඬ හා තනු....

කට්ටියගෙ කතන්දර හින්දා දාන්න හිටපු සින්දුව තව පොඩ්ඩෙන් අමතක වෙනවා.

අහන්න..

හන්තානේ කඳු දණ ඇණ නමදින

 

පැරණි ලිපි..

 http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge

ප.ලි.

අම්මප අපේ එෆ් එම් නාලිකා වලට හෙණ ගහන්නෙපැයි.. නැත්ද මම අහන්නෙ!

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා සන්ෆ්ලවර් එක්ක මෙතනින් බලන්න

Tuesday, July 13, 2010

How to Wear a Shirt Correctly (After having drinks) |නිවැරදිව කමිසය ඇඳ ගන්නා පිළිවෙල (මත්පැන් පානයෙන් පසු)



මේ දවස් ටිකේම මත්පැන් හා කබරය ගැන ලිවුව නේ. අද කියල දෙන්න යන්නෙ පොඩි අඩියක් ගැහුවම කමිසයක් නිවැරදිව ඇඳ ගන්නේ කොහොමද කියලා. සිහියක් නෑ නෙව. ඒත් ගෙදර යන්නෙ කොහොමද කමිසය නැතුව! සමහර අය අනික් පැත්තට අඳිනවා, බොත්තම් වැරදියට දානවා. වැරදි ගොඩයි. මේ විදියටත් උත්සාහ කරල බලන්න. නරක් වෙන එකක් නෑ. බොහොම ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් මේක.

මේ වීඩියෝවෙන් නිවැරදි පියවර බලාගන්න.


video

ජය!
වැම්පයර්

Monday, July 12, 2010

Mariyawe – Gunadasa Kapuge | මාරියාවේ - ගුණදාස කපුගේ

kapuge 

මාරියාව යනු විශාල ‍රැල්ලකි. සුනාමියක් යනු මාරියාවේ දරුණු අවස්ථාවක් ලෙස සැලකේ. ධීවරයාට මාරියාව යනු කරදර දුක් දොම්නස් කන්දකි. ධීවරයා මාරියාවට නවතින ලෙස ආයාචනා කරයි.

මෙතැනින් අහන ගමන් පහලින් කියවන්න.

මාරියාවේ මාරියාවේ මාරියාවේ
මාරියාවේ ඔහෙ නවතින්නේ
සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ

නුඹ ආදා සිට පැළ අඳුරේ මයි
සතුට සාම සොම්නස නො‍රැ‍ඳෙන්නේ
නුඹ ආදා සිට පැළ අඳුරේ මයි
සතුට සාම සොම්නස නො‍රැ‍ඳෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ

නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි
හද තුල මෙලවී ඇවිලෙන්නේ
නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි
හද තුල මෙලවී ඇවිලෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ

මාරියාවේ මාරියාවේ මාරියාවේ
මාරියාවේ මාරියාවේ මාරියාවේ

වළාලය යනු මුහුදේ යෑමට සුදුසු කාලයයි.

කලින් මාරියාවෙන් ඔහු හොඳටම බැටකා ඇතිසේය. ඔහුට කිසිම සැනසීමක් නැති සෙයකි.

නුඹ ආදා සිට පැළ අඳුරේ මයි
සතුට සාම සොම්නස නො‍රැ‍ඳෙන්නේ

ඔහුගේ ආදරණීය බිරින්දෑ මාරියාවෙන් ‍රැගෙන ගියා වැනිය.

නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි
හද තුල මෙලවී ඇවිලෙන්නේ

යන පදවැලෙන් ගම්‍ය වන්නේ එය නොවේද?

ඉතා සුවිශේෂී ගණයේ ගීතයක් මෙය. පදරචනයහි භාව ගම්‍ය කිරීමේ හැකියාව හා කපුගේ ගේ සුවිශිෂ්ඨ ගායන කෞශල්‍යය මොනවට පැහැදිලි කරන ගීතයක් ලෙසය කතෘට හැ‍ඟෙන්නේ. මේ තේමාව ඔස්සේ ගැයිත ගීත බොහොමයක් අතරෙන් මෙය විශේෂ වන්නේ එහෙයිනි.

රණ්බන්ඩා සෙනවිරත්නයන්ගේ තවත් අනගි නිර්මාණයක්.

ඉතා සංකීර්ණ හැඟීම් මාලාවක් ජනිත කරන්නට සමත් වෙන සංයෝජනක් , ඇසූ මුල් අවස්ථාවේ මට කිසිම විශේෂයක් නොදැනුනු නමුදු අර්ථ රසය වරක් අත්විඳි පසු මගේ ප්‍රියතම ගීයක් බවට මේ පත්විණ.

සංගීතයත් කපුගේ මහතාගෙන් මයි. මේ මානව හිතවාදියා ගැන ලිවීමට බොහෝයි. තවත් ලිපි කිහිපයක් ඉදිරියේදී පැමිණේවි.

ඔබටත් යමක් හැඟිණි නම් කොමෙන්‍ටු විවෘතයි. අපි කතා කරමු!

අදාල සබැඳි -

අමරණීය කපුගේ - http://blogvampa.blogspot.com/2010/06/gunadasa-kapuge-living-legend.html

ජය!
වැම්පයර්

Sunday, July 11, 2010

රචනා චෞරත්වය මහා අපරාධයකි - Plagiarism is a Serious Crime

 images

මේ සටහන ලියැවෙන්නේ දුකකට වඩා කලකිරීමක් සිත්හි දරාගෙනය. පසුගිය දවසක මට අසන්නට ලැබුණු පුවතකින් කියවුනේ ලංකාවේ ප්‍රමුඛ ම චිශ්ව විද්‍යාලය යැයි නම් දරා ඇති මොර‍ටුව විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රඥයෙක් රචනා චෞරයෙක් ලෙස චෝදනා ලබා ඇති බවයි. මේ චෝදනාව නැගෙන්නේ මිනෙසෝටා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙක්ගෙනි. ඔහු පැහැදිලි සාක්ෂි සහිතව මේ චෝදනාව පෙන්වා සිටී. කතා දෙකක් නැත. කොපි කර ඇත!

රචනා සොරකම් කිරීම මහත් අපරාධයකි. එය බුද්ධිමය දේපළ පනත යටතේ ශ්‍රී ලංකාව තුලද, අන් සෑම රටකමද අපරාධ ගණයට වැටෙන ක්‍රියාවකි. අනුන්ගේ රචනාවක් තමන්ගේ කියා ප්‍රසිද්ධ කරගැනීම මහ පීචං, චොර, කැත, පල්, වල්බූරු වැඩකි. සැකක් නැත!

මාගේ දැනුමේ පමණට මෙය මොර‍ටුව විශ්වවිද්‍යාලයට දන්වා ඇත. නිසි පියවරක් ගන්නා තුරු අපි බලා සිටිමු.

………………

අප්ප.. එතකොට මේ පොටෝ දාන එකත් ඔය එකක්  වෙනව නේ.. මෙ පොටෝ මගේ හාඩ් එකේ තිබුන ඒවා ගොඩක්. කතෘ නොදනිමි!

Friday, July 9, 2010

කබර කතා 3 |ඔන්න ඕක කොහොමහරි කාපන් බන් | Kabara Katha 3

මේක ටිකක් චීයා කතාවක් කියලත් ඉතින් කියන්න පුලුවන්, කබර කතා ඉතින් චීයානේ කොහොමත්.

ඊයේ දාපු සන්ෆ්ලවර් සමග සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාගෙ සින්දුවට සෑහෙන ප්‍රතිචාර! සමහර ඒව මම ඩිලීට් කළත් එක්ක, මොකද මේක පොලිටිකල් බ්ලොගයක් කිරීමේ අදහසක් මගේ නැති නිසා. ලංකාවෙ පොලිටික්ස් ගැන කතා කරනවට වඩා හොඳයි මෙන්න මේ කතාවෙ තියන එක කරන එක!

කොහොම උනත් මන්ත්‍රී තුමාගෙ හැකියාව අගය කළ යුතුයි. කතා දෙකක් නෑ. 

පිස්සත් ලිවුවනෙව එල කිරි කබර කතාවක්.

ඔන්න මෙහෙමයි වැඩේ.

අපි කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් කාලෙදි ඉතින් කට්ටිය ටිකක් ලොකු අය වෙලා නෙ ඉන්නෙ. සම්ප්‍රදායක් විදියට පලමු වසර සිසුන්ට දෙනව නයිට් එකක් කියල එකක්,  ඒකෙ තමයි ඉතින් කට්ටිය ජෝඩු වෙන්නෙ, ඕව මේව වෙන්නෙ, අයියල නංගිලගෙන් අහන්නෙ, ම්ම් තව කට්ටිය බව්තීස්ම වෙන්නෙ. මේව මතක් වෙනකොට නයිට් කතා කියලත් දාන්න පුලුවන් සීරිස් එකක්. බලමුකො.

මේ දවස් වල මට නාහෙටත් උඩින් වැඩ. උස්ම ගන්නෙත් උඩ පැන පැන!

මුල් කබර කතා වලට මේ ලින්ක්ස් වලින් යන්න

කබර කතා 01
කබර කතා 02 - තලගොයි කතාව

ඔන්න එදා පතල් කාරයොන්ගෙ නයිට් එකක්. පතල් කාරයො කියන්නෙ අර්ත් රිසෝස් ඉන්ජිනියරින් කරන අපේ ගොයියලට.  ඉතින් අපේ සෙට් එක පතල් රෙපා ගෙන් බෝතල් දෙකක් ඉල්ලල තිබුනෙ.

රෙපත් ඉතින් ඇරියෙ නෑ ඕං, දුන්න දෙයියන්ට ගහන එකෙනුයි, බල්ලන්ට ගහන එකෙනුයි එක බැගින්, බෝනස් එක ලෙස රජ මුසුවකුත්!

බෝතල් නිකන් නිසා කලු අයියගෙ කඩෙන් කොත්තු ගෙනාවෙ නෑ, ගියා ක‍ටුබැද්දෙ හන්දියෙ මල්ලිකා එකට, දන්නවනෙ කට්ටිය, ගාලු පාරෙ තියෙන්නෙ.

ඔන්න ඉතින් කොත්තුත් අරගෙන වැඩේට සෙට් උනාය කියමුකො.

ම්ම්, එදා දහයක් විතර හිටිය, බයිටො සමග.

දන්නවනෙ ඉතින් අවසානය, හින්දි ‍ෆිල්ම් එකක් වගේ තමා, හැමදාම එකම විදියෙ අවසානයක් තමා තියෙන්නෙ.

මල්ලිකා එකෙන් ගෙනාපු නිසා කොත්තු ලොකුයි, නයිට් එකේ ඩිනර් එකත් කාපු නිසා ලොකු බඩගින්නකුත් නෑ. ඔයින් මෙයින් කොත්තු හතරක් විතර එහෙමම.
පහුවදාට කන්නත් බැරි නිසා අමාරුවෙන් බඩට රිංගවනවා. කට්ටියත් කියනවා අමාරුවෙන් හරි කමු කමු කියල.

(මේ සිද්ධිය වුනේ, නිව් එකේ බේස්මන්ට් ෆ්ලෝ එකේ එතන ඉස්සර පු‍ටු දාල මේසයක් කාරිය තියල තිබුනෙ, ඔතන වෙච්ච තව සිද්ධි ගොඩක් තියනව, අපේ එකෙක් ජාත්‍යාලය උත්සන්නව තලගොයා ගැහුව වගේ මහ පොළොව සිප ගැනීමට ගොස් ඉස්සරහ දතකින් බාගෙකින් වන්දි ගෙවුවා. ඒ කතා පසුවට)

ඔන්න ඔය අතරෙ "බ්‍රෝක් බ්‍රෝක්, ඔම් නම් නම් " ගාල සද්දයක් ආවා, බැලින්නම් අපේ එකෙක් මික්ස් එක ආයෙ බඩෙන් එලියට අදිනවා.

ඒ අස්සෙ ඔන්න මගේ ළඟ හිටපු රණය කියපි,

“මරු කබරය ටික, ඔන්න ඕක කොහොමහරි කාපන් බන්, අපරාදෙනෙ!”

කට්ටියට හිතාගත්තැකිද මොකෝ උනේ කියලා?

අපිටත් නිකන් හොල්මන්ද පොල්කොල! බැලින්නම් මූ වෙරිමතේ කොත්තුවයි, කබරයයි මාරු කරගෙන.

ඊට පස්සෙ කොත්තු ගෙනාවත් මොකෙක් හරි කබරය දැම්මත්, කට්ටිය රණය හොඳටම මතක් කරනවා!

පාරිභාෂික ශබ්ද මාලාව

  1. දෙයියන්ට ගහන්නෙ-  පොල්
  2. බල්ලන්ට ගහන්නෙ- ගල්
  3. රජ මුසුව- අලියා සෝඩා

Thursday, July 8, 2010

සන්ෆ්ලවර් සමග සජිත් ප්‍රේමදාස | Sajith Premadasa with Sunflowers

වැඩි කතා ඕන නෑ ඕං, මන්ත්‍රි තුමාගෙ වැඩ කිඩ බැලුවනං ඇවිල්ලා. මේක නම් ටොප් ක්ලාස්.





Wednesday, July 7, 2010

H.R. Jothipala හෙවත් හදවත රත්තරන් ජෝතිපාල

 Muladi Benda

මේ සටහන ලියැවෙන්නේ අදට යෙදෙන ජෝති ගේ 23 වැනි අනුස්මරණය නිසාවෙනි.

1936 පෙබරවාරි 12 දා උපත ලැබූ කුමරෙක් සිංහල සංගීතයේ අමරණීය නමක් තබන්නට සමත්වීය. හෙට්ටිආරච්චි රෙජිනෝල්ඩ් ජෝතිපාල, හෙවත් ඔබ මා කවුරුත් හඳුනන "හදවත රත්තරන්" එච්.ආර්. ජෝතිපාල සදාදරණීය කලාකරුවාණන් ගේ උපත සිදුවූයේ ඒ ආකාරයෙනි. එදා මෙදා තුර සිංහල සංගීතයේ ප්ලේබැක් සින්ගින් එසේ නැත්නම් සිනමා පසුබිම් ගායනයේ ජෝතිපාල සලකුණ ඉක්මවායෑමට මගේ දිවිය තුල කිසිවෙකුටත් නොහැකිවුනොත් එයින් මම පුදුම නොවෙමි. ඒ ඔහුගේ ප්‍රතිභාවට අලගු තැබීමටවත් සමතෙකු මෙතෙක් කල් බිහිවී නොමැති නිසාවෙනි.

 

ගාමිනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක ප්‍රධානව සිංහල සිනමාවේ නළුවන් නියැමිත තැන ඔසවා තබන්නට ජෝතිපාල පෞරුශය මහත් පිටිවහක් වූ බව නොරහසක්.

 

ජෝතිපාල දරුවා මරදානේ තේ කඩ, සයිවර් කඩ ආසන්නයේ ගැවසීමට ළමා කාලයේ සිටම පුරුදු වී තිබිණැයි මා කොහේ හෝ කියවා තිබෙනු මතකය. ඒ ගීත ඇසීමටයි. මන්දයත් ඔහුගේ නිවස්නයේ ගුවන් විදුලි යන්ත්‍රයක් පවා එකල නොතිබුණ නිසයි.

SurathaliPremierපණස් ගණන් වල ජෝතිපාල චරිතය කරලියට පැමිණෙන්නේ සුරතලී චිත්‍රපටයට “සිරියමෙ සාරා, නැගේවි හද මෝරා ..” අදටත් බොහෝ දෙනා තරු කරන, තවත් කෙනෙක් ගේ එදා වේල සරි කැරෙන එදත් අදත් එකසේ ජනප්‍රිය ගීතය ගායනා කිරීමෙන්.

 

ඉන්පසු හැටේ , හැත්තෑවේ දශකවල ජෝති ගේ සුමියුරු ළයාන්විත ස්වරයෙන් පැන නැංගාවූ නොවක් සුමියුරු මාධූර්යයන් සිංහල ශ්‍රාවකයා වැළඳගත්තේ අපමණ සෙනෙහසින්.

සමහර විචාරකයන් මෙන්ම එකල සිටි ප්‍රබුද්ධ යැයි සම්මත පෙළපතේ කෙනෙහිලි කම් වලට නතුව ඔවුන් සමග එදිරිවැ කටයුතු කළේ ජෝති නම් නොවේ. හින්දි කොපි කරනවා, හරසුන් ගී ගයනවා, යන්න ජෝතිට නැගුන ප්‍රධානම චෝධනාවයි. නමුත් මාගේ මතයට අනුව ජෝති ඒ මුල් ගී වලට කිසිදු ආකාරයකින් අසාධාරණයක් කළේ නැත. මට අදත් ඒ සමහර හින්දි ගීත වලට වඩා ජෝති ගයන කොපියට කැමැත්තක් ඇතිවෙයි. මාගේ රසඥතාවයේ අවුලක් වීමැටද පිළිවණ.

AjanthaGeethawaliforJothi2හරය පිළිබඳ මා නොදනිමි. නමුදු ජෝතිට ගී රචනා කළ ආචාර්ය අජන්තා රණසිංහයන්, චිත්‍රානන්ද අබේසේකරයන්, කරුණාරත්න අබේසේකරයන් හා සංගීත නිර්මාණය කළ අමරදේවයන්, සරත් දසනායකයන්, කේමදාස මාස්ටර්, පී.වී නන්දසිරි වැන්නන් එය හොඳින්ම දන්නා වග දනිමි.

අදත් මට මතක් වන හොඳ උදාහරණයක් මේ සඳහා ඇත්තේය. රාජෙශ් ඛන්නා හා ආශා පරෙක් රඟන (චිත්‍රපටය මතක නැත, කමන්න) රා‍ෆි මහත්තයගෙ "යේ ශාම් මස්තානී" ගීතය අසන්න. ජෝති ගැයූ "ජීවිතේ තරුණ කාලේ" ගීතය ඒකෙ අනුවාදනයක්. මට අදත් දැනෙන්නෙ ජෝති සෑහෙන්න ඉදිරියෙන්! අනික මේකෙ තියෙන විශේෂත්වය තමා ජෝති වැස්සකටවත් සංගීත පංතියකට ගොඩ නොනැගි කෙනෙකු වීම!

JothiClarence

තමා ගැයූ ගීත දහස් ගණනැකින් චිත්‍රපට සියගණනකට ජීවය කවන්නට ලැබීම ගායකයෙකුගේ ගායන ජීවිතයේ විශිෂ්ඨත්වය මොනවට කියාපාන්නක්. මෙහිදී ජෝති එතෙක් මෙතෙක් බිහිවූ සියලු දෙනා අතර අග්‍රස්ථානයේ පසුවෙයි.

කසුරි දිවයිනට ලියූ ලිපියක්, සිළුමිණ පුවත්පතින්…..

“දැන් මල්ලි ඉන්නවනෙ ප්‍රබුද්ධ ගායකයො කියල කොටසක්. එතකොට අපි කවුද?”

ඒ ප්‍රශ්නයෙන් මම අන්දමන්ද වෙලා ගියා.

“ජෝති ජනප්‍රිය ගායකයෙක්...”

“නැහැ... ඒ ගොල්ලොත් ජනප්‍රියයිනෙ...”

මම නිරුත්තර වෙලා බලාගෙන හිටියා... එතකොට ජෝතිම උත්තර දුන්නා.

“මල්ලි ඒ ගොල්ලො ප්‍රබුද්ධ ගායකයො... අපි පීචං ගායකයො.”

ඔය ප්‍රකාශය ඊළඟ ‘දිවයින ඉරිදා සංග්‍රහයෙ කාලීන සංවාද ශාස්ත්‍රීය සංග්‍රහයේ ලොකු සිරස්තලයක් වශයෙන් පළවුණා.

ප්‍රබුද්ධ - පීචං සංවාදය පටන් ගත්තෙ ඔය විදියට. හැබැයි ඔය ලිපිය පළවෙලා දවස් දෙකකින් මට නිහාල් නෙල්සන් කතා කළා.

“මොකක්ද කසුරි... ජෝතිපාලට පිස්සුද? එයා කොහොමද පීචං ගායකයෙක් වෙන්නෙ...”

ජෝතිපාල වගේ ම නිහාල් නෙල්සන් කියන්ඩ යන්නෙත් මොන වගේ දෙයක් ද කියලා හිතාගන්ඩ බැරුව මම නිහඬවෙලා හිටියා.

“කසුරි... ඒ ගොල්ලො ප්‍රබුද්ධ නම් ජෝතිපාල ලා සුප්‍රබුද්ධයි.”

මේ බොහොම ප්‍රසිද්ධ කතාවකි.

හැමෝම කියන තව දෙයක් ඇත, ඒ ජෝති කවදාවත් සල්ලි පස්සෙ දිවුවෙ නෑ යන්නයි, මට්ටක්කුලිය මරදාන මාලිගාවත්ත පලාතෙ මඟුල්ගෙවල්, පාටි ඔය මෙකී නොකී හැම උත්සව අවස්ථාවකටම ආරාධනා ලැබ ගී ගයා ජෝති ප්‍රකට කළේ ඔහුගේ නිහතමානී මහත්මා ගුණයයි. සල්ලි නැතිව වුවද මිනිසුන් ඇතිව දිවි ගෙවීමට ජෝතිට පුළුවන් වුණේ ඒ අයුරින් යැයි මා අනන්ත අසා ඇත.

JothiatSarasaviyaAwardCeremony1983 ජෝති, ජෝ, නන්දා, අමරසිරි කලංසූරිය සරසවි සම්මාන උළෙලකදී

 

 

 

 

එක්තරා ප්‍රසිද්ධ දුම්වැටි සමාගමක වෙළඳ දැන්වීමකට පෙනීසිටීමට ජෝතිට ලැබුණු මුදල් බැහැරකර ඒ ඉල්ලීම ප්‍රතික්ශේප කළ වගද බොහෝ දෙනා නොදන්නවා ඇත.

විජය මාලිනී සුසංයෝගට තිරය පි‍ටුපසින් ජෝති ඇන්ජලින් සිටි චිත්‍රපට ඇත්තේ කීපයක් නොවේ. ගඟ අද්දර වැනි කිහිපයක හැරෙන්නට චිජය කුමාරතුංගයන් තමන්ගේ හඬට යොදාගත්තේ ජෝතිපාලගේ ස්වරයයි.

album8ජෝති, ගාමිණි, ජෝ, විජය

 

 

 

 

 

 

“අවුරුදු විස්සක් නළුවෙක් හැටියට ජීවත් වෙච්ච මට අවුරුදු විස්සක් මං වගේම, මටම ගැලපෙන විදියට අවුරුදු විස්සක් තිස්සේ මට සින්දු කිව්වේ එච්.ආර්. ජෝතිපාලයි. ඒ හඬ මට ලබා දෙන්න වෙනකෙකුට තියා මටවත් පුළුවන්කමක් නැහැ”, යනුවෙන් විජය පැවසූ අයුර ඇති වීඩියෝවක් දැනුදු  මා ළඟ සු‍රැකිව ඇත.

“ජෝතිපාල සංගීතය හදාරලා නැහැ... ජෝතිපාල තරම් ඉයර් එකට කියන්ඩ පුළුවන් කිසි කෙනෙක් තව නැහැ...", මේ වරක් කේමදාස මාස්ටර් පැවැසූවක්.

'වාසනා' (ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න),‘නොම්මර 17’, ‘ජය අපටයි’, ‘මමයි රජා’,‘හතර දෙනාම සූරයෝ’, ‘මේ දෑස කුමට ද’, ‘තුෂාරා’, 'කස්තුරි සුවඳ', 'හිතහොඳ මිනිහෙක්','කචුද රජා', 'සංගීතා' (ඉර හඳ වැඳලා), 'සිවිප් ටිකට්' ජෝති ගීයෙන් ඔප වැටි සිංහල සිනමාවේ සන්ධිස්ථාන කීපයැකි. වරහන් තුළ දක්වා ඇත්තේ අද සුපිරි තරු බිහිකළ ඒ චිත්‍රපටයන්හි තිබුණ ගී,ය.

ජෝතිපාල රඟපෑ චිත්‍රපට අතර ‘සූකිරි කෙල්ල’, ‘සුජීවා’, ‘අබිරහස’ වැනි නිර්මාණ වෙයි.Abhirahasa1971withMalini ‘ඔබයි මමයි’ චිත්‍රපටය හරහා නිශ්පාදනයට ද ජෝති පැමිණිය බව බොහෝ දෙනා නොදනිති.

මේ අබිරහස චිත්‍රපටයේ රූපරාමුවකි.


තවද සිංහල  සංගීතයේ පුරුශ යුග ගී සම්ප්‍රධාය බිහිකිරීමේ මූලිකත්වය ද ජෝතිට හිමි වෙයි.විජය රුවට ජෝති ජෝ අබේවික්‍රම රුවට එම් එස් ප්‍රනාන්දු සමග ගැයූ ගීත අදටත් බොහෝ ජනප්‍රිය වග කිව යුතු නොවේ.

1987 ජූලි 07 අරුණෝදයේ නෙතු සඟලේ කැලුම් සලා, සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසීමට ජෝතිට නොහැකිවිණ. මිය යන විට පනස් එක් වියැති වූ ජෝති බීලා මළා! යන්න ප්‍රසිද්ධ මතයකි. නමුදු බොහෝ දෙනා නොදන්නා දේ නම් ජෝති මළේ ශ්වසනාබාධයකින් යන්නයි. නිතර පුංචි බො‍රැල්ලේ රෝහලින් ප්‍රතිකාර ගත් වගද ප්‍රසිද්ධය. නමුදු හදිසියේ ජෝති ඇතුලත් කළ පුද්ගලික රෝහලින් නිසි ප්‍රතිකාර නොලැබීමෙන් මරණය සිදුවිණ. සිහිය නොමැතිව පැය ගණනක් ජෝති ප්‍රතිකාර නොමැතිව එහි සිටැ මියැදුන බව මා අසා ඇත්තෙමි. අධික සෙම් රෝගියෙක් වූ ජෝති මළේ එයිනි. එයට හේතු පාදක වූයේද සංගීත ප්‍රසංග වල එළි වෙනකම් ගීත ගැයීම වග කිවැ යුතු නොවේ.

AnandaSagare

ජෝති.. අද යාචකයාගේ බෙලෙක්කයට රුපියලක් වැටෙන්නේත් සුපිරි තරු විදේශ සංචාරයන්හි යෙදෙන්නේත් ඔබේ දැවැන්ත ප්‍රතිභාවේ, හැකියාවේ, කැපවීමේ මහිමයනි. ඒ පින ඔබව නිවන කරා ගෙනයන බව මම හොඳාකාර දනිමි.

මා සිත්ගත් ගී ලැයිස්තුව මෙතැන නොලියමි. මීට පෙර ජෝතිගේ ගීතයක් මෙහි පළ කළා මතක ඇතැයි සිතමි.

http://blogvampa.blogspot.com/2010/05/blog-post_7937.html

 

 

 

චිත්‍රානන්ද අබේසේකරයන් ගේ පදමාලාවකින් සටහන නිමාකරමි.

කීවෙමි ඔබහට සියදහස් වර

j1

  අදට යෙදෙන ජෝති ගේ 23 වැනි අනුස්මරණය නිසාවෙනි.

නින්ද නේන රාත්‍රියේ - ගීතය ආචාර්ය අජන්තා රණසිහයන්ගේ පදමාලාවකි

නිදහසේ බෙදාගැනීමට මේ ලිපිය විවෘතයි. බ්ලොගයේ ලින්ක් එකෙන් එසේ කිරීමට කාරුණික වන්න.

 

 

 

 

 

ජය!
වැම්පයර්

sources –SLRC, ITN, wiki , Silumina, Lakbima, Divaina,google images

Tuesday, July 6, 2010

හරක් කතා | Harak Katha

දුමියගේ ඌරු කතාව දැක්කම මට මතක් උන කතාවක් මේ! හැබැයි මේක ඊට වඩා පොඩ්ඩක් විතර අසභ්‍යයි ද මන්දා, කමක් නෑ ඉතින්. රීඩ් ඇට් යුවර් ඕන් රිස්ක් !

හැබැයි ඔන්න දුමී, මගේ යාලුවොන්ගෙ කබර කතා තලගොයි කතා ලිවුව කියල උන් මට සද්දෙ දාපු නිසා නෙවෙයි මේ කතාව ලියන්නෙ. සද්දෙ දැම්මත් ඉතින් මම බය වෙන්නෙ නෑ නෙ :).

ඔන්න එක ගොවියෙකුට හිටියලු එළ දෙනුන් පට්ටියක්.මේ ගොවිය ලංකාවෙ.

කලින් හිටියෙ හිරේ.

මගේ ලඟ ප්‍රමාණවත් සාක්ෂි තියනව එහෙම කියන්න.

නිසි වයසට ආවම මේ දෙනුන් ගැබ්බර කිරීමට ගොවියාට උවමනා වුණා. මේ ගැන අහන්න ගොවියා ගියා වෙටෙක් එහෙම නැත්නම් පශු වෛද්‍යවරයෙක් ගෙ ළඟට.

වෙටා පටස් ගාල වැඩේ බාර අරගෙන කිවුවලු ඕක මම කරල දෙන්නම්, බේත පස්සෙන් දාන්නයි තියෙන්නෙ, හරියට වුණොත් දවසක් සතා වැතිරිලා ඉන්නවා කියලා.

 

ගොවියා ගෙදර ඇවිත් කල්පනා කළා ලු. වෙටාට නිකන් ගාන දෙන්නෙ මොකටද, මමම කරනවා කියලා!

පස්සෙන්ද, බිරිඳටත් නොකියා උදේම දෙනුන් ටික ලොරියට දාගත් ගොවියා  කැලයට ගොස් පිලිවෙලින් දෙනුනට බෙහෙත් දාගෙන දාගෙන ගියාලු.  එහෙම කියන්නං ඉතින් .. ඕව සමාජ විරෝධි වැඩ නේ.

පසුදින ද පාන්දර නැගිටගත් ගොවියා දෙනුන් වැතිර සිටිනු නොදු‍ටු බැවින් නැවතත් කැලයට දෙනුන් ‍රැගෙන ගිහින් දෙනුන්ට බෙහෙතෙන් මාත්‍රා දෙක බැගින් බෙහෙත් දාගෙන දාගෙන ගියාලු.

තුන් වැනි දවසෙ අපේ ගොයියා තමයි හාන්සි, එදා  උදේ මිනිහට නැගිට ගන්නවත් පණ නෑ. මිනිහා උදේම බිරිඳගෙන් මෙහෙම අහපි!

"මේ ඇහුණද, දෙනුන් ටික වැතිරිලා ඉන්නවද කියලා බලල පොඩ්ඩක් කිවුවනං, මට හරිම මහන්සියි"

ගාල වෙත ගිය බිරිඳගෙන් ලැබුන පිලිතුරට ගොවියා ට සිහි නැතිවුනා.

"මොන! දෙන්නු ටික ඔක්කොම ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා!"

 

හහ්... තව පොඩ්ඩෙන් සාක්ෂිය අමතක වෙනව නෙව. ඔබල ලොකු කරල බලන්න පේන්නෙ නැත්නම්.

ATT00076

ජය!

වැම්පයර්

Monday, July 5, 2010

හඳුනාගන්න වොලී බැස්ටියන් Wally Bastian

අද ලංකාවෙ වේදිකාවල, රූප වාහිනියෙ, රේඩියෝ එකේ කට්ටිය ගහන තරමක් ගහන්නෙ බයිල නේ. බයිල කිවුවම ලංකාවෙ අමතක කරන්න බැරි චරිතයක් තමා වොලී බැස්ටියන්. එම් එස් ප්‍රනාන්දු, සමන් ද සිල්වා, ඩෙස්මන්ඩ් සිල්වා,ලූක් හෙන්රික්ස්, මැක්ස්වෙල් මෙන්ඩිස් වගේ පස්සෙ බයිලා ජෙනෙරෙ එකේ ශ්‍රී ලාංකික ගායන පරපුර ඉදිරියට ආවෙ ඕල් ටයිම් ෆේවරිට්ස් වෙලා තිබුන වොලී ගෙ සින්දු කියල තමා.

වොලී ‍රැකියාවෙන් පොලිස් ඔපිසර (police officer) කෙනෙක්. රථ වාහන පරිපාලක එහෙම නැත්නම් සිංහල යුනිකේත වලින් Traffic Division එකේ තමා ඉඳල තියෙන්නෙ. වොලී ගෙ සියලුම ජනප්‍රිය ගීත නිර්මාණය වෙලා තියෙන්නෙ ඔහු පොලීසියෙ රාජකාරි කරන සමයෙ 1940-1950 අතරෙ.

වොලී බැස්ටියන් කියන්නෙ සුරතල් නාමයක්, නම වෙලා තියෙන්නෙ මර්තෙනියස් ඔගස්ටස් බැස්ටියන්. ඔගස්ටස් කියන නාමය ඔලී ලෙසිනුත් පසුව වොලී ලෙසිනුත් ජනප්‍රිය වෙලා තියනවා (මූලාශය- විකි)

ගාල්ල දිස්ත්‍රික්කයේ පියදිගම තමා වොලී ගෙ ගම. ගින්තොට ආසන්නයෙ තියෙන්න, ගාලු පාරෙ. ගාල්ලෙ කොහොමත් බයිල කාරයොන්ට ප්‍රසිද්ධයි නොවැ, අපේ පිස්ස වගෙ!

බොහෝ තනු නිර්මාණත් ඔහුගේ මයි. ගායනයත් ඔහුගෙන්. බොහෝ තනු අදටත් ජනප්‍රියයි, අදත් ඔය බයිලා නන්ස්ටොප් කියන ඒවයෙ තියන කෝරස් රිදම් බොහොමයක් වොලී ගෙ නිර්මාණ.

වයලීනය, වියෝලාව, බොන්ගො, හාමොනිකා, ගිටාරය, හා ඇකෝඩියනය මූලික වශයෙන් යොදාගෙනයි වොලී ගෙ සියලුම නිර්මාණ බිහිවි ඇත්තෙ.

පහල තියෙන්නෙ වොලී ගෙ ප්‍රසිද්ධ නිර්මාණ කීපයක්.

ප්ලේ බටන් එක තියන ලින්ක්ස් ක්ලික් කරලා බ්ලොගයේ දීම ගීත ඇසිය හැකියි.

  1. හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක - (පසු ගායනය- සමන් ද සිල්වා, මැක්ස්වෙල් මෙන්ඩිස්)
  2. අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින් - (පසු ගායනය- සමන් ද සිල්වා) මේ රිදම් එක අනුසාරයෙන් පසු කාලීනව "ආලේ.... ඇස් නැති ආලේ" කියල තව ගීතයක් බිහිවුණා.
  3. වීරියෙන් සොයා අප රක්ශා කළ පියා - (පසු ගායනය- මැක්ස්වෙල් මෙන්ඩිස්)
  4. මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල..පොඩිකාලෙ මාව පදවාපු තොටිල්ල - (පසු ගායනය- සමන් ද සිල්වා, ඩෙස්මන් සිල්වා)
  5. නෝනා .. මගෙ නර්ස් නෝනා…..ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ - (පසු ගායනය- සමන් ද සිල්වා, සන්ෆ්ලවර්ස්) වොලී ගෙ ජනප්‍රියම ගීතයක්, මෙයට පසුබිම් වෙලා තියෙන්නෙ වොලී ගෙ සහෝදරීය ගේ රස්සාව, ඇය දෙවනි ලෝක යුධ සමයෙ රෝහලක හෙදියක් වශයෙන් ‍රැකියාව කළ තැනැත්තියක්(Felicia Florence Jayasekera (née Bastianz, died 1996) source-wiki)
  6. රටක් වටිනවා, මගෙ මව්පියො දෙන්නා, මලක් සේම දැඩි කරලා මට සැප දුන්නා -(පසු ගායනය- මැක්ස්වෙල් මෙන්ඩිස්)
  7. අඹු දරු ‍රැක ගන්න අපිට මාලු ලබා දෙන්න දෙවියනේ අප ‍රැකගන්න - (පසු ගායනය- සමන් ද සිල්වා)
  8. රාලහාමි මං පොලිසියෙ රාලහාමි මං (පසු ගායනය- එම් එස් ප්‍රනාන්දු) මේකෙ ට්‍රැක් එක නම් මගේ ලඟ නෑ
  9. රට වනසන අය කොටවන කේලම් - (පසු ගායනය- මැක්ස්වෙල් මෙන්ඩිස්) ට්‍රැක් එක නම් මගේ ලඟ නෑ
  10. කැතරිනා…රම්‍ය මූණ, සිහිවෙනා…පළමු ප්‍රේමෙ - (පසු ගායනය- මැක්ස්වෙල් මෙන්ඩිස්) ට්‍රැක් එක නම් මගේ ලඟ නෑ. මේ තනුවෙ රිදම් එක තමා ජිප්සීස් "වඩු වැඩෙන් දිවි රකීන, බොහො දුකින් කල් ගෙවන" ගීතයට යොදා ගෙන ඇත්තෙ
  11. ආයා.. දොම්පෙ ආයා (පසු ගායනය- ඩෙස්මන්ඩ් සිල්වා, එම් එස් ප්‍රනාන්දු, වෝල්ටර් ප්‍රනාන්දු, සුසිල් ප්‍රනාන්දු)
  12. ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ, හස්ති රජෙකු පිට කරඬුව අරගෙන යන්නේ (පසු ගායනය- ඇන්ටන් ජෝන්ස්)

මගේ මතකයට ආවෙ ඔච්චරයි. තව මතක් වුණොත් දාන්නම්. කට්ටිය වෙන ඒවා දන්නවද? කොමෙන්ට් බොක්ස් එකේ කොටල යන්න දන්නවනම්.

බොහෝ දෙනා අද මේ නිර්මාණ තමන් ගේ බුක්තියට සවි කරගෙන. නියම අයිතිකාරයා ගෙ නම වත් අද බොහෝ විට මේ නිර්මාණ සමග එලියට එන්නෙ නෑ.වොලී නැතත් ඔහුගෙ ගීත තව සෑහෙන කලක් ජනප්‍රියව තියෙයි.

1986.01.16 තමා වොලී මිය ගිය දිනය වශයෙන් විකියේ සඳහන්ව ඇත්තෙ.

මම දකින විශේෂත්වය තමයි මේ බොහෝ පද, හා තනු අවුරුදු හැටක් හෝ ඊට වඩා වයසින් වැඩි ඒවා යැයි අසන්නන්ට නොතේරීම!

පස්සෙ කාලෙක සමන් ද සිල්වා මහත්තයා වොලී ගෙ ගුණ සමරු ගීයක් ගැයුවා. ඒකෙන් තමා කට්ටිය දැනගත්තෙ ලංකාවට බයිල ගෙනල්ල, බයිල වලින් රට හොල්ලපු වොලී බැස්ටියන් ගැන.

ඒකෙ පද නම් කට්ටිය දන්නව ඇතිනේ..

මේ තියෙන්නෙ චන්දිමාල් ඇන්ඩ් සෙකන්ඩ් කකෙන්ශන් කොන්සට් එකේ ඒක කියපු හැටි.

පරසිදු කොළොම්පුරේ මෝදර ගං මුහුදු කොනේ වියෝලෙ නාද ඇසෙන්නේ

Disclaimer

මේ සටහන ලිවීමේ අරමුණ ඔබ රස විඳින ඒ ගීත, තනු වල නියම අයිතිකරුවාටත් ඔබේ ප්‍රණාමය හිමි විය යුතු බැවින් නිසා බව සැලකුව මනාය.

කිසිම කලාකරුවෙකුට පහර ගැසීමක්, අපහාසයක් නොවේ. පසු ගායිත බොහෝ කලා කරුවන් නොමැති වූයේ නම් මේ ගීත අප අතරට කෙකලක වත් නොපැමිණීමට හැකිව තිබුණ බව සිත්හි තබා ගැනුම වටනේය.

පසු ගායකයන් ගේ නම් යෙදුවේ කතෘ ගෙ මතකයට අනුවයි, විරෝධතා, සංශෝධන ඇත්නම් blogvampa@gmail.com ලිපිනයෙන් මා ඇමතුව මනාය. සියලුම වගකීම් ලිපිය සංශෝධනය කොට නැවත පළ කිරීමෙන් ඇවිරේ.

Some information were directly taken from Wikipedia

Wiki Link- http://en.wikipedia.org/wiki/Wally_Bastian

ජය!

වැම්පයර්

Saturday, July 3, 2010

අපි මේ කොහෙද බන්! | Where Are We Now?

 

 

අපි මේ කොහෙද බන්! කබර (කබර කිවුවට මේක “තලගොයි”  සීන් එකක්) කතා එපිසෝඩ් 02

අපේ කැම්පස් එකේ කට්ටිය සෙට් වෙන තැන් කීපයක් තියනවා.

1. බෝට් යාඩ් එක
2. පැවිලියන් එක
3. බාස්කට් බෝල් කෝට් එක
4. මැක් ඩොනල්ඩ්ස් එහෙම නැත්නම් මැක් එක (මේ මිකැනිකල් එක ළඟ තිබුන කැන්ටිමේ නම, මැක් කියන්නේ මිකැනිකල් වල Mech කියන  පදය සමාස වී සෑදුන වදනක්, පස්සෙ ඩොනල්ඩ් සමග සන්ධි වුණා)

ඔය හැම තැනම වෙච්ච හොඳ හොඳ කතන්දර තියනවා.

අපේ කට්ටිය එදා සෙට් උනේ බෝට් යාඩ් එකේ. අපේ සෙකන්ඩ් ඉයර් කාලෙ, ඒක නිසා ඉතින් බොනපාට් ලා වැඩියම හිටියේ නෑ. කට්ටියගේ හොඳ හොඳ කියුම් කෙරුම් ආවෙ ටිකක්  පහු වෙලා. 

කොහොම හරි මට මතකයි, එදා සුමිහිරි පානෙ උනේ ලාබම බ්‍රැන්ඩි ජාතියක්. කටිටිය දන්නවා, කොල පාට ලේබලේ, "ඇනපියා" කියලා තමා ප්‍රසිද්ධ. බෝතල් දෙකකට හිටියේ හය දෙනයි. අනිත් උන් බයිටො (එහෙම නැත්නම් බොන බව අඟවා, බයිට් හා සැන්ඩි වලට වග කියන කට්ටිය, උන් ගැන වෙනම කතා සීරිස් එකක් දාන්න පුලුවන්).

දන්නවනේ ඉතින් අවසානය! බෝට් යාඩ් එක නිසා හොස්ටල් එක වගේ සේදීම් අවශ්‍ය නෑ. පොදු ස්ථාන නොවැ!

කොල්ලා හෝදන්න ඕන නම් කකුල් දෙකෙන් අල්ලගෙන බොල්ගොඩ ඔයට ඔබන එක තමා තියෙන්නෙ.   ෆුල් සර්විස් වෙලා ඔයිල් මාරු වෙලා එනවා!

ඉතින් ඔය වතාවත් ටික කරලා දැන් කට්ටිය බෝඩිම් වලට ඇරලවීමේ රාජකාරිය.  මොකද හොස්ටල් නෑ නොවැ සෙකන්ඩ් ඉයර් කාලෙ!

මගේ කතාවෙ කතානායකයා හිටියෙ 255 පාරෙ ක‍ටුබැද්ද පැත්තට වෙන්න. මිනිහටත් එදා හොඳටම වැඩියි. කැම්පස් එක තියෙන්නෙ කන්ද මුදුනෙ නේ. මම ඉතින් පොරගෙ කරට අත දාගෙන වත්තම් කරගෙන ඔය මම පල්ලම බහිනව. මිනිහත් ඉතින් මගේ කරේ ලැගගෙන ඇදි ඇදි එනව. හීතල හුලඟක් හමාගෙන ගියා, වෙලාව රෑ 12 ට විතර ඇති.

එක පාරටම අපේ බුවා හෙමින් ඔලුව උස්සලා අහපි මගෙන්,

"මචන්, මේ කොහෙද බන්? අපි  කතාවෙන් කතාවෙන් නුවර එලියටත් ඇවිදගෙන ආවද?"

මූ මගුලක් කතාකරනවා, මට හොඳටම මහන්සියි. මම ඇහුවා

"උඹට පිස්සුද බන්?"

අපේ පොර කියනවා,

"අනේ බොලේ, උඹ හිතුවද මට වැඩියි කියල? නුවර එලියෙ නෙවෙයි නම් කොහොමද අර එහා කන්දෙ ලයිට් පේන්නේ?"

ප.ලි.
ඔය පල්ලම බහිනකොට, ක‍ටුබැද්ද හන්දිය පැත්තෙන් විදුලි එලි පේනවා.

ඇඩිශන්ස් නෑ.. සම්පූර්ණ සත්‍ය සිද්ධියක්.

Friday, July 2, 2010

කබර කතාවක් | A Kabara Story

කට්ටියගෙ සෙල්ලන් දැන් නේ පේන්නේ. ගඩොලා ගන ගැන ලියනවා, දුමියා කබරයා ගැන ලියනවා, ඒ අතරෙ පිස්සටත් ගන මතක් වෙලා!

මටත් මතක් උනා ඔන්න කබර කතාවක්!

මේ කියන්න යන්නේ අපි කැම්පස් ඉන්න කාලෙ උන පොඩි සීන් එකක්. ඒ කාලෙ මම ඒ(A) හොස්ටල් එකේ ඉන්න කාලෙ.

කට්ටිය දවසක් හොඳටම සෙට් උනා, ඔය එක්සෑම් එකක් ඉවරවුණ දවසකද කොහෙද. මෝල පාරෙ කලු අයියගෙ කඩෙන් කොත්තු දාගෙන ආවා බයිට් එකට.

ටික ටික වැඩේ නැගලා යද්දි අපේ චොප්සි මලයට නාගසලං. ළඟ ළඟම නවපු නිසා මිනිහා හිටියෙ මඳ සිහිමඳ ගතියෙන්.

අපි එපා කිවුවත් මූ අහන්නෙම නෑ. තව නවනවා!

ඔහොම නවලා නචලා චොප්සි හාන්සි උනාය කියමුකෝ.

වැඩේ ඉවර වෙද්දි සිහිය තිබුණු කීප දෙනා අතරට මේ මමත් අයිතියි ඕං.

දැන් හාන්සි වෙච්ච අය කාමර වලට ඇදගෙන යාමේ රාජකාරිය. චොප්සි උස්සනකොටම චොර චොර ගාලා මූ ඇරියා නේද හෙන කබරයා පාරක්! හප්පා.. හිතාගන්නකො ගලුයි බිත්තර කොත්තුයි බ්ලෙන්ඩරයකට දැම්මම මොන වගේද කියලා!

කොහොමින් කොහොම හරි අපි මේකව අරගෙන ආවා හොස්ටල් එකේ ෆෝයර් එකට. මේකෙ මැද නිකන් කතිරෙ ගහල වගේ මූ වැතිරිලා ඉන්නවා. එක පාරටම මූ ආයෙ දැම්මා හෝටලයක්!

දැන් ඉතින් උදේ හොස්ටල් එකත් හෝදපන්කෝ.

ඔහොම කට්ටිය වට වෙලා මූ ගැන කතා කර කර ඉන්න ගමන් හදිසියේ චොප්සි ඔලුව ඉස්සුවා.

ඊට පස්සෙ මූ පැටලි පැටලි අහපි,

"මචන්, මට මට පොඩ්ඩක් ව ව වමනෙ යන්න වගේ! මෙතන ක කබරයා පාරක්දැම්මට ක ක කමක් නැද්ද ?"

හැරෙන තැපෑලෙන් නැවතත් කබර හෝටල් කෝට් එකකින් ෆෝයර් එකේ බිම වැසීගියා!

Thursday, July 1, 2010

සුභාෂිතය හෙවත් හි‍තෝපදේශය | Subashithaya - Hithopadeshaya | Bamuna Unath - Nanda Malini

නන්දා මාලිනිය ගේ මේ ගීතය වෙන කවරදාටත් වඩා අදට වටෙනේය. මන්දයත් මේ සෑම වර්ගයේම පුඟුලන් අද අපේ වේදිකාවල කරණම් ගසන බැවිනි. මාගේ සිතිවිල්ලට අනුව මේ ගීය ගැයුණු සමයේ මේ ගීතයෙන් කියැවෙන සියල්ලෝම ලබන්නට තරම් අපි වාසනාවන්ත වූයේ නැත. නමුදු අද අප ඒ සෞභාග්‍යමත් කාලයේ හිණිපෙත්තේ සිටිමු. සෑමදාටම වඩා මෙය අදට ගැලැපෙන්නේ එබැවිනි.

 

බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ
සැඩොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ

හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ

 

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ

වැදි බණ මැදින් මුනි බණ ‍තෝරා අසනූ
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ

 

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ

කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ
ජනයා අබිමුවේ උන් නිරුවත් කරනූ

 

රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ

නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ

 

අහන්න

බාන්න

 

ගී සංකල්පනා- මහාචාර්ය සුනිල් ආරියරත්න
තනු නිර්මාණ- නැසීගිය විශාරද ගුණදාස කපුගේ

“පවන” ඇල්බමයෙන්

අදාල සබැඳි

http://blogvampa.blogspot.com/2010/06/gunadasa-kapuge-living-legend.html

http://blogvampa.blogspot.com/2010/06/yadamin-banda-vilangula-mage-putha.html

පසුවදන-
අධික වැඩ රාජකාරි හමුවේ ඔබ හමුවීමට නොහැකිවීම ගැන කමන්න. පරණ සින්දු ටිකක් අහ අහ ඉන්නකොට මේක ඇහුණ ගමන් හිතුනා කට්ටිය එක්ක බෙදාගන්න.

තවත් දෙයක්.. එකල මේ ගීතයෙන් වක්‍රව සහය දැක්වූ කණ්ඩායම් අද කරන දේ දැකීමෙන්දෝ මෙවන් ගීත  අද බිහි නොවේ. ම්ම්.. සමහර විට ඒ ජීවිතයට ඇති ආසාව නිසා වන්නටත් බැරි නැත!


සිංහලයාට මේ ගීයේ කියැවන පමණ ගට්ස් කවදා නම් පැමිණෙයිද? අනේ මන්දා....

ජය!

වැම්පයර්

LinkWithin

Related Posts with Thumbnails