Monday, August 23, 2010

උඩුරාවණ කතාවස්තුව - අවසන් දිගහැරුම | Udurawana Stories – Final Episode

image

මෙතෙක් කතාව කට්ටියට මතකයි නේද? අමතක වෙච්ච හරි මිස් වෙච්ච හරි දෙයක් තියනවනං මෙතනින් බලල එන්නකො. උඩුරාවණ මහත්තයගෙ අන්තිම වීරක්‍රියාවෙන් වුණේ ජොනී වෝකර්ටයි ජැක් ඩැනියෙල්ටයිත් පොලිස් කූඩුවෙ කූරු ගණන් කරන්න සිද්ද වෙච්ච එක.

කට්ටියට විරුද්ධව නඩු පැවරුනා. අන්තිමට සියලුදෙනාම වෙඩි තබා මරා දැමීමට තීන්දුව ලැබුණ. සුද්ද කොහොමත් තද නීති කාරයනෙ. (අපිට විතරක් හරි නීති දානවනෙ).

ඔන්න  වෙඩිතබා මරණ දවසත් උදාවුණා කියමුකො. තුන් දෙනා දැන් තුන් අත බලාගෙන කල්පනාකරනව කොහොමද මේ මරාලෙන් බේරෙන්න කියල. එතකොට තමා අපේ ජොනීවෝකර් උන්දැට මොළේ පහල වුණේ.

කට්ටිය දන්නව ඇති මරණ දණ්ඩනය දීමට නියමිත වෙලාවෙ ඒක කරන්න බැරි වුණොත් දඬුවම අහෝසි වෙනව කියල. මේක කල්පනාවුණ වෝකර් කිව්වලු කට්ටිය වෙඩිතියන වෙලාවට ස්වාභවික ආපදාවක් කියල එහෙම නැත්නම් නැචුරල් ඩිසාස්ටර් එකක් කියල කෑ ගහල බේරෙන්න කියල. කොහොමද ටිකිරි මොළේ..

ඔන්න ඉතින් වෙඩි තියෙන දවසත් උදාවුණා. කට්ටිය ස්වාභාවික ආපදාවන් හිතාගෙන එතැනට ගියා.

මුලින්ම ජැක් ඩැනියෙල් ගෙ වාරෙ. ඇයි මිනිහ නෙව වෙඩි තිව්වෙ.

ඔන්න ඉතින් අර වෙඩි තියන භට කණ්ඩායමත් ඇවිල්ල, ඩැනියෙල් කාරය ඉස්සරහින් හිටගත්තලු.

එතන හිටපු සාජන් මහත්තය අණ දෙන්න ගත්තලු.

රෙඩි....! image

ටාගට්....!! දැන් භට කණ්ඩායම තුවක්කු මානගෙන ඉන්නවලු අවසන් නියෝගය දෙනකන්.

එතකොටම අපේ ඩැනියෙල් ගොයියා භට ඈතට අත් දික් කර කර කෑගැහුවලු.......

"ටෝනාඩෝ, ටෝනාඩෝ !!" 

භට කණ්ඩායමට පිටිපස්සෙන් පේන්නෙ නෑ නෙ මේකා ඇත්තද බොරුද කියන්නෙ කියල බලන්න. ඒක නිසා බය වෙලා විසිරිලා ගියා. වෙඩි තැබීමට නියමිත වේලාව පහුවුණා. ඩැනියෙලා ගොඩ ගියා...

දෙවනියට වෝකරයා. පොරත් ඉතින් එකක් ඔලුවෙ තියාගෙන ගියාලු. එකක් කියන්නෙ නැචුරල් ඩිසාස්ටර් එකක්.. ස්වාභාවික විපැත්තියක්...

ඔන්න ඉතින් අර වෙඩි තියන භට කණ්ඩායමත් ඇවිල්ල, වෝකර ඉස්සරහින් හිටගත්තලු.

එතන හිටපු සාජන් මහත්තය අණ දෙන්න ගත්තලු.

රෙඩි....!

ටාගට්....!! දැන් භට කණ්ඩායම තුවක්කු මානගෙන ඉන්නවලු අවසන් නියෝගය දෙනකන්.

එතකොටම වෝකර කෑ ගැහුවලු..

image “ඇවලන්ච්.. ඇවලන්ච්.. !” කියල. (ඇවලන්ච් කියන්නෙ අර හිම කඳු කඩාගෙන වැටෙන වගේ සීන් එකකට)

කලින් සිද්ධියමයි වුණේ. වෝකරයත් ගොඩ!

අන්තිමට අපේ උඩුරාවණ මහත්තය. දැන් පොරත් එකක් හිතාන ගිහින් ඉන්නවලු.

භට කණ්ඩායම හිටගත්තයින් පස්සෙ සාජන් අණ දෙන්න පටන්ගත්තලු.

රෙඩි....!

ටාගට්....!! දැන් භට කණ්ඩායම තුවක්කු මානගෙන ඉන්නවලු අවසන් නියෝගය දෙනකන්.

උඩුරාවණ මහත්තයත් දෙන්නම් ආයෙ රියල් ස්වභාවික විපත්තියක් කියල, කෑගැහුවලු.. 

 

“ෆය…ර්...!!”image

 

 

ටියුබ්ලයිට් සඳහා- ෆයර් යනු වෙඩිතැබීමට අණදෙන නියෝගයක් ලෙසත් භාවිතාවන වචනයකි!

 

පසුවදන

හුදී ජනයාගේ පහං සංවේගය උදෙසා මම විසින් පළකොට විචාරන්නට යෙදුන උඩුරාවණ කතාවස්තුව මෙතැනින් නිමියේය. අවසන් කතා යුගල උඩුරාවණ සාහිත්‍යට එක් කළේ මම් වග මෙයින් ප්‍රකාස කර සිටිම්හ. ඒ මාගේ පැන නැගි සිතිවිලි නොව ඉංගිරිසියේ ඇති සමහර හාස්‍යත්පාදක කාතායැ. මෙතුවක් මා පසුපස පැමිණ දිරිමත් කළ මාගේ බොලොග මිතුරු නඩයට මාගේ පරම පවිත්‍ර හරුදය වස්තුවෙන් බුර බුරා නැගෙන ස්තුති පූර්වක චිත්තාවලි නොපිළිගැන්වීමට තරම් වූ දුර්ගුණ මා තුල නැත්තේමැය. එසේ හෙයින් සියල්ලන්ට "තැන්කූ වේවා" යැයි පවසන්නෙමි. ඕබලාගේ නොවක් සහය මෙය  පළ කිරීමට මහඟූ පි‍ටුබලයක් වීයැ (මහගූ නෙවයි මහඟු). අතුරු කතා සමග නුදුරේදී හමුවෙමු. අසා සිටි ඔබ සැමට ස්තුතියි!!

මේ වගට...

වැම්පයරයා වන මම් වම්හ...

ජයවේවා...

Sunday, August 22, 2010

දෙව් ලෝ සැපා ලබන්ටාත්..ශෙල්ටන් පෙරේරා | Dev Lo Sepa Labantath – Shelton Perera

කලින් ප්‍රස්නෙට නිවැරදි පිලිතුරු හැමෝම වගේ දීල තිබුනනේ. මේකත් ඉතින් ප්‍රස්නයක් තමයි. අහල තියනව නේද ශෙල්ටන් පෙරේරා ගැන. අර අවසන් ලියුමයි ඔබට ලියන්නේ කියන සතිශ් පෙරේරගෙ පියතුමා. මට නම් මෙතුමා බොහොම සුවිශේෂ ගායකයෙක්. බොහොම පිරිසිදු, ස්ථායි කටහඬක් තියෙන ගායකයෙක්. නිකන් හඬ අර ඉන්ස්ටෘමන්ට් එකක් ප්ලේ කරද්දි එන සද්දෙ වගේ. බොහොම පිරිසිදුයි, ඉතා නිවැරදිව ස්වරස්ථානවල හඬ පිහි‍ටුවා ගායනාකරන ගායකයෙක්.

කලින් ප්‍රස්නයට නිවැරදි පිලිතුරු දීපු තිස්ස දොඩංගොඩ සහෝදරයා, ගඩොලා, හරී, රන්දිල්, හසියා, සෝමලාල්, ‍ෆ්‍රීඩම්, ස්වප්නා, පිස්සා, සන්සරසිඳු, කුමාරයා ඇතුලු සියල්ලන්ට...මේ ගීය ආදරයෙන් පිරිනැමේ...

අහන්න …. බලන්න…… මෙතනින්.. බොහොම ආදර්ශවත් ගීතයක්...!!


මේකෙනුත් අහන්න ප්‍රශ්න තියෙනවා.

කියන්න බලන්න....

1. කවුද මේකෙ වයලීනය ගහන්නෙ? (ඉඟිය - ලංකාවෙ එතෙක් මෙතෙක් හිටපු හොඳම වයලීන් වාදකය කියලයි කට්ටිය කියන්නෙ නම්..මටත් එහෙම හිතෙනවා)

කලින් පෝස්ට් එකේ නළු නිලියො නිවැරදිව හඳුනාගෙන තිබුන සියල්ලන්ම. සංගීතය පොඩ්ඩක් පටලගෙන තිබුණ කීපදෙනෙක්. මෙහෙමයි ගෙස් කරන්නෙ. ගොඩක් වෙලාවට කේමදාස මහත්තය ෆස්ට් වයලීන් එක පාවිච්චි කරන්නෙ බටහිර තාලෙට. එතකොට කට්ටියට ඇහුණොත් වයලීනයක් මුල්කොට තැනූ තනුවක් හා එය බටහිර ආරට පාවිච්චි කරල තියෙනව නං බොහෝවිට ඒ කේමදාස මහත්තය.

ජයවේවා...!!

Saturday, August 21, 2010

හඳුනාගත්තොත් ඔබ මා | Who am I ?





එක සැරයක් වැඩිහිටියන්ට පමණක් වන ප්‍රස්න පත්තරයක් ඇහුවා මතකයි නේද? මෙතනින් ඒක බලන්නකො. අද ප්‍රස්නෙ නං ඒ වගේ නෙවයි. මේක බොහොම දුර්ලභ අවස්ථා වලින් එකක් ඔබතුමන් ලාට දැක බලාගැනීමට ලැබෙන. වීඩියෝ එක බලලා මම අහන ප්‍රස්න වලට උත්තර දෙන්නකො.

මුලින්ම මේව තමා ඉඟි..

චිත්‍රපටය - වසන්තයේ දවසක්
වසර -1979
ගීතය ගායනය- අමරදේව ශූරීන් හා තවත් ගායිකාවක්




මගේ ප්‍රශ්න-
1. මෙහි ගීතය ගයන දර්ශනයේ අසුන්ගෙන ගීතය ගයන නළුවා කවුද ?
2. ගීතය ගයන නිළිය කවුද? සැබෑවටම ගීතය ගයන්නේත් එතුමියමයි
3. සංගීතවේදියා කවුරුන්ද? (හොඳට අහන්න, වයලින් ටියුන් වරදින්න බෑ)

බෝනස් ප්‍රස්නය-
4. අනික් නළු නිලියන් කියන්න බලන්න, අඳුරන අය ඉන්නවනං?

හත්තිලව්වට ගහපු කලාබර ආසියා, උඩුරාවණ කතාව අමතක වෙනව තව සුන්ඩෙං...ඒකත් දාන්නං ඉක්මනටම.. පරණ ඒව නොබැලුවනං මෙතනින් යන්නකො. අන්තිම දුක හිතෙන කතාව තමා දාන්න තියෙන්නෙ.

පරණ ගායකයෙකුත් මතක් කරගෙනම යන්නං.. ඔල්බන් පෙරේරා .... මතකද?

Friday, August 20, 2010

අංගුලිමාල (නව රිද්ම) | Angulimala New Version

image

 

මට හිතෙන්නෙ මේක සාමාන්‍යපෙල ප්‍රස්න පත්තරයක බුද්ධාගම දෙවනි කොටසෙ උත්තරයක්.

කොහොමද ටිකිරි මොළේ!!

Wednesday, August 18, 2010

මම තරහා නෑ.. | Mama Tharaha Nea – Victor Rathnayake

 image

අස්සක තිබුණ මේ ගීතය මට මතක් වුණේ හදගීපොත ලියන ආදරණීය තිස්ස දොඩංගොඩ සහෘදයාගේ “සිරිබෝ කවි” ලිපිය කියෙව්වයින් පස්සෙ.

මම ඒ පෝස්ට් එකේ කොමෙන්ට් එකක් විදියට මේක දැම්මෙ. ඒක දැකපු දෙන්නෙක් මගේ ඊමේලයෙන් මේ ගීතය විමසා සිටියා. ඒ දෙපළටම ගීතය මම ඊමේල් කළා. එයින් කෙනෙක් ස්තුතිය පළ කරන පිළිතුරකුත් සමග මේ ගීතය බොහෝදෙනෙක් අතරට යවන්න බ්ලොග් එකේ පළ කරන්නයි කියල කිව්වා. මමත් එහෙම හිතාගෙන හිටියෙ. පහු පහු වෙනකොට මටම ඒක ආයෙ අමතක වෙයි කියල හිතුන නිසයි මේ පළ කරන්නෙ.

වික්ටර් ගෙ සිනෙමැටික් තීම් මියුසික් තියන, එහෙම නැත්නම් අර ඉස්සර හැටේ, හැත්තෑවේ, අසූවේ දශකයේ මැදක් වෙනකම් සිංහල සිනමාවෙ තිබුණ පසුබිම් සංගීතය සිහිගන්වන අපූරු සංගීත කොටස් අඩංගු වෙන ගීත කිහිපයෙන් එකක් තමයි මේ ගීතය.

ඉන් පස්සෙ සිංහල සිනමා සංගීතෙට වෙච්ච දෙයක් නෑ නෙව. අනේ මන්ද. කොමර්ශලයිසේශන් ඇට් ඉට්ස් බෙස්ට්! ඒත් මම බොහොම අවධාරණයෙන් කියන දෙයක් තියෙනව. ඒ තමයි හොඳ ක්ලැසික්ස් වලට තාමත් ලංකාවෙ හොඳ ඉල්ලුමක් තියෙනව කියන එක. ඒ අවදානම ගන්න ඉන්නෙ කීප දෙනයි. ඒ කීප දෙනාටත් අත දෙන්න ඉන්නෙ තවත් ඉතා සුළුතරයක්.

මේක ගැන අපි කලිනුත් කතා කළා මට හිතෙන්නෙ.

http://blogvampa.blogspot.com/2010/08/blog-post.html

ඒත් තාම මිනිස්සු ඒවට කැමතියි. (අනේ මන්ද, මට එහෙම හිතෙනවා..!!)

මේ වෙලාවෙ මට මතක් වෙන අනිත් ඒවගේ සංගීතය අඩංගු ගීතයක් තමයි වික්ටර්ගෙම “නැවුම් සුවඳින්” කියන ගීතය. ප්‍රේමකීර්ති මහත්තයගෙ. අහල තියෙනවද? අහල නැත්නම් අදම අහන්න. නැත්නම් මට කියන්න. මේකෙ දාන්නං හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා!

Mama Tharaha Nea – by Victor Rathnayaka

මම තරහා නෑ....
ප්‍රේම පත්‍ර බොළඳ වචන
කුළු ගැන්වූ ආදරයක්
සි‍ටු මැදුරක විසූ ඔබට
මගේ පැලේ ඉඩ මදි නම්
කුමාරයෙකු අතගන්නට වේවි වාසනා
හිතට දුකක් ඇතිවෙනවා... ඒ වුණාට නෑ... කමක් නෑ..
මම තරහා නෑ.. මම තරහා නෑ....

අමෘතයද ඉවත හෙලයි
හිත නැතිනම් මුව තැබුමට
ඉරණම එය විසඳනු ඇත
මටත් කලක් උදා වේවි
‍රැහැන් වෙලා බැඳ ගන්නට
බැහැනෙ ආදරේ
හිතට දුකක් ඇතිවෙනවා... ඒ වුණාට නෑ... කමක් නෑ..
මම තරහා නෑ.. මම තරහා නෑ....

මම තරහා නෑ....

 

කලින් මම කිව්වනේ වික්ටර් ගැන අහමු ඉස්සරහට කියලා…..අහමුකො වික්ටර්ගෙ අහල නැති සුපර්හිට්ස් ඉදිරියට...! වික්ටර් ප්‍රේමකීර්ති සුසංයෝගයේ හිට්ස් ගැනත් අපි වෙලාවක කතාකරමු. අම්මප මට වෙලාව නෑ බොලව්.

එක පාරට මං ගැන තොරතුරක් නැතිඋනොත් ඒකෙ තේරුම ඔලුවටත් උඩින් තියෙන පරීක්ශණ පත්‍රිකා ගොනුවලට මගේ උස්ම හිරවෙලා කියන එකයි. කට්ටිය කොමෙන්ට්ස් දාල තිව්න උඩුරාවණ කතා අහල නෑ කියල. මම කියන ඒව. අහල තියෙන්න විදියක් නෑ. සමහර කතා (උදා. 9 වැනි කතාව) උඩුරාවණ සාහිත්‍යට එකතු කලේ මේ මං තුමා! ඒකයි.. !!
ඒව වෙන විදියට අහල ඇති. සමහර විට!!

නගා කෙල්ල ඉන්න පැල ගැන ඇහුව නේද.. නැත්තං මේං...

http://blogvampa.blogspot.com/2010/08/blog-post.html

ඡන්ද විමසීමත් තාම තියනවා.. ඔබේ වටිනා  ඡන්දය පහල සබැඳියෙන් ප්‍රකාශ කර යන්න..

http://blogvampa.blogspot.com/2010/08/blog-post_15.html

Monday, August 16, 2010

උඩුරාවණ කතාවස්තුව - නවවැනි දිගහැරුම – Udurawana Stories – Episode 09

 


අපි කතන්දරේ නැවැත්තුවෙ අර ජැක් ඩැනියෙල්ගෙ අතින් හොරා මැරුණ තැනින් නේද?

පරණ කතා මෙතැනින් බලලා එන්නකෝ.

දැන් කට්ටිය පැනලා යනවා හරිද.. කට්ටිය කියන්නෙ උඩුරාවණයි, ජොනී වෝකරුයි, ජැක් ඩැනියෙලුයි. මේ අතරෙ පොලොසිය මිනිය හොයාගෙන  මිනීමරුවො අල්ලන්න පන්නනවලු.  මෙහෙම වෙන අතරෙ ජැක් ඩැනියෙල් දැක්කලු ගොවිපොළක්. කට්ටිය ඒක ඇතුලට ගියාලු හැංගෙන්න. සත්තු අරගෙන ආපු ගෝනි, එලවලු  ගෝනි වගයක්  තිබුනලු ඒකෙ දාල. තුන් දෙනා ගෝනි තුනකට බැහැල ඉන්නවලු දැන්. ඔය උඩ රූපෙ තියෙන්නෙ ඒ වෙලාවෙ ගත්ත පින්තුරයක්.

පස්සෙන් ආපු පොලිසියෙ මහත්තුරුත් ගොවිපොළ දැකල ඒක ඇතුලට ගියාම ගෝනි වගයක් තියනවලු.

පොලිසිය මහත්තයක් ඇවිත් පලවෙනි  ගෝනියට පයින් එකක් ගැහුවලු. ඇතුලෙ හිටපු ජැක් ඩැනියෙල් කාරය සද්දයක් දැම්මලු ..

"ක්වැක් ක්වැක් ක්වැක්"

පොලොසියෙ මහත්තැන්  හිතුවලු තාරාවෙක් තමා කියල.. ලංකාවෙ පොලිසියෙ මහත්තැන් කෙනෙක් වෙන්නැති එංගලන්තෙ වැඩකරන.. හික් හික්..

දෙවනි ගෝනියටත් පයින් එකක් ගැහුවම ඇතුලෙ හිටපු ජොනීවෝකර් සද්දයක් දැම්මලු..

"කොක් කොක් කො කො කොක්"

ඒකෙ කුකුල්ලු කියල හිතාගත්තලු...

තුන්වැනි ගෝනියේ කවුද ඉන්නෙ.. ඔව් මහා වීර උඩුරාවණ මහත්තය නෙව.

ඒකටත් පයින් එකක් ගැහුවලු....ම්හු .. නෝ සද්ද.. උඩුරාවණ මහත්තය ඇතුලෙ ඉඳගෙන කල්පනා කරනව!! දෙවනි සැරේ පයින් පාර වැදුනම තමා උඩුරාවණ මහත්තයට මොළේ පහළ උනේ.. හිතල මතල පොඩි සද්දයක් දැම්මලු මෙහෙම....

"පොටේටෝස්... පොටේටොස්.."

Coming Up

The Final Odyssey (Last Episode)

ඡන්ද විමසීමත් තාම තියනවා.. ඔබේ වටිනා  ඡන්දය පහල සබැඳියෙන් ප්‍රකාශ කර යන්න..

http://blogvampa.blogspot.com/2010/08/blog-post_15.html

Sunday, August 15, 2010

මගෙ දෑසෙ කඳුලු තව දෑසක සතු‍ටු කඳුලු වේ...

Bouquet

එකම සින්දුවක් වුණත් එකම පදමාලාවක් වුණත් ගයන ගායකයා මත කොපමණ දේවල් වෙනස්වෙනවද? පදරචකයාගෙ අදහසත්, සංගීතවේදියාගෙ ඒට අනුරූපව යෙදූ තනුවත් අසන්නාට හොඳින් සන්නිවේදනය වෙන්නෙ ගායකයා ඒ ගීතය ගයන ස්වරය, ඕනමන්ට්ස් යොදන තැන්, ඕනමන්ට්ස් යොදන ආකාරය කියන කාරණා මත. අර “අලංකාර” කියන්නෙ ඔය ඕනමන්ට්ස් වලට තමයි. මට හිතෙන්නෙ අපේ වැඩිපුරම ඕනමන්ට්ස් පාවිච්චි කරන්නෙ අමරදේව මාස්ටර් හා වික්ටර් රත්නායකයන් කියලයි. ඒ දෙන්න ගැනත් අපි ඉස්සරහට කියවමුකෝ..

අද මේ ඉදිරිපත් කරන ගීත දෙක ඔය මම කිවුව එකම තනු, එකම පද ගායකයන් දෙදෙනෙක් කියනකොට කොහොමද වෙනස් වෙන්නෙ කියන කතන්දරේට හොඳ උදාහරණයක්.

නිකන් මේ ලපයි සිපයි එක්ක හොඳ අය සන්සන්දනය කරන්න හදන වැඩක් නෙවයි මේක. හොඳ දෙන්නෙක් ගෙ හොඳ ගායනා දෙකක්. මුල් ගායනය ටියුඩර් ජයශාන්ත. අහල නෑ නේද? අහල තියෙන්නෙ කොහොමද ඉතින් අද රටේ විකාශය වන දේවල් වල හැටියට. එහෙම අය හිටියද නැද්ද කියල අහල බලන්නකො දෙමව්පියන්ගෙන්. ගොඩක් වෙලාවට මතකෙ ඇති. මේ ගීතයෙ මුල් ගායනය සිදුවුනේ මට මතක විදියට පණස් ගණන් වල අග, නැත්නං හැට ගණන් වල මුල. හැට ගණන් වල අග තමයි ටියුඩර් ජයශාන්ත ගුවන්විදුලි ඒ ශ්‍රේණීයේ ගායකයෙක් විදියට ජනතාව අතරට ආවෙ. ඊට පස්සෙ හැත්ත ගණන් වල මුලදි මිල්ටන් පෙරේරාත් මේකම කියනවා. පොඩ්ඩක් දෙවනි පදේ වෙනස්. එච්චරයි!

මට මතක විදියට කිවුවට මේ මම හොයාගෙන හිටපු දේවල් වලින් මතකෙ තියෙන ඒවා. අමතක වෙලා යන නිසාම තමයි මෙහෙම ලියල තියන්න හිතුවෙ.

දැන් අහල බලන්නකො දෙකේ වෙනස. ඒ දෙක ගැන මොනවද හිතෙන්නෙ? පෝල් එකකුත් දාල ඇති ඡන්දයක් දාල යන්නකො.

පහලින් අහන්න පුලුවන් ඒ දෙකම

මගෙ දෑසෙ කඳුලු - ටියුඩර් ජයශාන්ත Mage Dease Kandulu by Tudor Jayashantha
මගෙ දෑසෙ කඳුලු - ජේ. ඒ. මිල්ටන් පෙරේරා Mage Dease Kandulu by J.A. Milton Perera

මගෙ දෑසෙ කඳුලු තව දෑසක සතු‍ටු කඳුලු වේ..
අද ඇත ඇය මට හිමි නැති මඟුල් පෝරුවේ..

මට ඇය දුන් වේදනා ඇගෙ දෑසින් තේරුණා..
මට ඇය දුන් වේදනා ඇගෙ දෑසින් තේරුණා..
මිලින කළේ ඇයි මැණිකේ.. පරම චේතනා..
පරම චේතනා...

මගෙ දෑසෙ කඳුලු තව දෑසක සතු‍ටු කඳුලු වේ..
අද ඇත ඇය මට හිමි නැති මඟුල් පෝරුවේ..

නොඉඳුල් පෙම මා පැතූ ඔබ කළ හැටි අන්සතූ...
නොඉඳුල් පෙම මා පැතූ ඔබ කළ හැටි අන්සතූ...
මට දුන් දුක නොදෙනු මැනවි .. ඔහුට මින්මතූ..
ඔහුට මින්මතූ...

මගෙ දෑසෙ කඳුලු තව දෑසක සතු‍ටු කඳුලු වේ..
අද ඇත ඇය මට හිමි නැති මඟුල් පෝරුවේ..

වෙනස් හැඟීම් දෙකක් නේද එන්නෙ. මට ඒක කියන්න තේරෙන්නෙ නෑ මොකද වෙනස කියලනං. ඒත් වෙනස් කියල තේරෙනවා. වෙනසක් නැද්ද.. අයියෝ ..





එකක්වත් හොඳ නැත්තං චන්දෙ දාන්නෙපා.. ඇත්තට දාන්න තැනකුත් නෑ නෙව. ජයවේවා..මේ පෝස්ට් කරන ගොඩක් සින්දු කැසට් පට වලින් මම කොම්පීටරේට රෙකෝඩ් කරපු ඒවා. දුර්වල ශ්‍රවණ තත්වය පිළිබඳව මාගේ බලවත් කණගා‍ටුව!!

Friday, August 13, 2010

උඩුරාවණ කතාවස්තුව - අටවැනි දිගහැරුම | Udurawana Stories – Episode 08

 image

කොහෙද අපේ උඩුව හිටියෙ දැන්.. ම්ම්.. අහ් බීච් එකේ නෙව..පරණ කතා මෙතැනින්.. දැන් ඔය බීච් කතාවත් ඉවරවෙලා කට්ටිය රට තොට බලන්නයි දඩයමේ යන්නයි යනවලු. ඔව් ඔව් අර උඩුරාවණගෙ ‍ෆිට් දෙකත් එක්ක තමයි. ජැක් ඩැනියෙලුයි ජොනී වෝකරුයි. මෙහෙම ඇවිදගෙන රට තොට බලන්න යනකොට, පාලු පැත්තකදි පොරක් ලේ පිරිච්ච සිරින්ජරයක් අරන් තුන්දෙනා ඉස්සරහට ඇවිත් කිවුවලු ..

“This syringe contains HIV.. Give your all money or otherwise you’ll also be infected !!”

කියල..

පලවෙනි සුද්ද ඉතින් නෝ කතා නෝ සිනා.. ඔව් අර ජොනී වෝකර් තමා..
තමන්ගෙ සබ්බ සකල මනාවම දුන්න ඉතින් හොරාට!

මේක බලන් හිටපු ජැක් ඩැනියෙලුත් දුන්නා සේරම දේවල්.. ඊළඟට උඩුරාවණ මහත්තයගෙ වාරෙ..

මිනිහ ඉතින් සිංහයට වත් බය පුතෙක් නෙවයි නෙ.

මිනිහ කිව්වලු..

“Ok.. I wont give you any.. you can proceed …!” කියලා..

මේක අහපු හොරා ට මලේ මලලු.. මිනිහ ආයෙ පැන්න ගමන් ඇන්නෙ නැතෑ උඩුරාවණයට සිරින්ජරෙන්.. ඒත් එක්කම ජැක් ඩැනියෙල් කාරය බෑග් එකේ තිබ්බ තුවක්කුව අරගෙන හොරාට වෙඩි තිව්වලු..(දඩයමේ යන්නත් එක්ක නෙව ගියේ)

ඒත් ඒ වෙද්දි වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.. උඩුරාවණ මහත්තයගෙ ඇඟට HIV ලේ ඇතුල්වෙලා...

ජොනී වෝකර් මෙහෙම අහනවලු..

“ Hey.. why did you do so..? its AIDS…”

උඩුරාවණත් ඇරියේ නෑ ලු.. මිනිහා කලිසම පහත් කරලා අර කිඹුලා මාක් යටකලිසමත් පහත් කරල කිව්වලු...

“Hey.. come and see …Not to worry.. I’m wearing a condom… I wont get infected ….!!!”

කියල ඒ වෙද්දිත් දාගෙන හිටපු කොන්ඩම් එක පෙන්නුවලු..

කොහොමින් කොහොම හරි වැඩෙන් අන්තිමට උනේ ජැක් ඩැනියෙල් ගෙ අතින් මිනිහෙක් මැරුණ එක. ඒකෙන් ගැලවෙන්න තුන් දෙනාම පැනල යන්න තීරණය කළා...ඒ කියන්න පොලීසියෙන් පැනල යන්න ...

Coming Up

Escape from Cops

The Final Odyssey (අවසාන කොටස)

අද කතාවට සාදර සමාදර අනුග්‍රාහක දායකත්වය.. ටිකක් හිනාවෙන්න බ්ලොගයේ අයිතිකරු අභීත උදය බණ්ඩාර එදිරිසිංහ මහතා..කතාව පොඩ්ඩක් මොඩිෆයි කලේ මං තුමා!

පසු ලිවීම

තව කොටස් දෙකකින් මේ කතාමාලාව සමාප්ත කිරීමට බලාපොරොත්තු වෙමි. අවසන් සටහනක් ලෙස හීන් බණ්ඩා උඩුරාවණ ගැන හඳුන්වාදීමටත් මේ  කතන්දර වල පසුබිම පිළිබඳව පැවැසීමටත් බලාපොරොත්තු වුණෙමි. නමුදු චේජනාගේ පි‍ටුව (Chejana's web page) ඒ ගැන සම්පූර්ණ සටහනක් පලකරන ලදී. ඒ සම්බන්ධව මාගේ ප්‍රණාමය ඇයට පුද කරමි. පහත සබැඳියෙන් ඒ හා සබැඳිය හැක.

http://chejanas.blogspot.com/2010/08/blog-post_12.html

කොමන්ට්ස් වලිනුත් කට්ටිය විස්තර කියල ඇති, ඒවත් බලලම එන්න...

දහයෙන් ඉවරයි කියල හිතුවට ඉවර නෑ.. හැබැයි ළඟදි දාන්නේ නෑ.. ඇති වෙනවනේ... අපි අතුරු කතා අහමු පසුවට! නැත්නං මගේ මේ බොලොග්ගෙ උඩුරාවණ බොලොග්ගයක් වෙයි.. ජය වේවා..

එහෙම පොර ටෝක් දුන්නට අම්මප මේකෙ තියෙන ආදර්ශමත් කතා නෙව උඩුරාවණ කතා.. හික් හික්... ගියා ඕං.. මේ සතියෙ එක දිනකට එක බැගින් දැම්ම නෙව පෝස්ට්.. දිරි දුන් සැමට තුති...

පසුලිවීමටත් පසු ලිවීම

අද මතක් කරන පරන ගායකයා.. හෙලන් අත්තනායක.. අපේ අර මෙව්ව වෙන්න පටන්ගන්න කාලෙ අහපු සින්දු කියපු පොරවල් තමා…වයසෙ වැ‍රැද්ද..අම්මප... හික් හික්.. කියමු බලන්න සින්දුවක් දෙකක් පොරගෙ දන්නවනං..!!

Thursday, August 12, 2010

උඩුරාවණ කතාවස්තුව - හත්වෙනි දිගහැරුම | Udurawana Stories – Episode 07

 beach

කට්ටියට මතකයි නේ පරණ දේවල්. අමතක නං මෙතනින් බලල එන්නකො. අපි අන්තිමට නැවැත්තුවේ උඩුරාවණ ටෙනිස් ගහපු, ඊට පස්සෙ බාර් එකට ගියපු තැනින්නේ. කමින් අප් එකට දාල තිබුනෙ උඩුරාවණ ඉන් බීච් නේ. මෙන්න ඒක.

දැන් ඔන්න කොන්ෆරන්ස් එකත් ඉවරවුණාය කියමුකො. ඊට පස්සෙ දවස් කීපයක් ආපු අයට රිලැක්ස් කරන්න, රටතොට බලාගන්න අවස්ථාව සලසලා දීල තිබුණලු සංවිධායක මහත්තුරු.

උඩුරාවණත් ඉතින් උඩරට නේ. එතකොට නිකන් මූද පොඩ්ඩක් මැජික් වෙනවනේ. (පොඩි ජෝක් එකක් හොදේ.. මකරා එහෙම මල අතට ගන්ට  කාරි නැතුවා)

මිනිහත් ගියාලු අර බාර් එකේ හම්බෙච්ච සුද්දො දෙන්නත් එක්ක බීච් එකට. ඔව් ඔව්, ජොනී වෝකරුයි ජැක් ඩැනියෙලුයි එක්ක තමයි.

කට්ටිය දැන් තැන් තැන් වල බීච් එකේ වැතිරිලා, එල්ලිලා (රූපය බලන්න) ඉන්නවලු.

ඔය සුද්දො කියන්නෙ පාරෙදි දැක්කත් හායි ගාල යන ජාතිය නේ. හපෙ අප්පේ, මෙහේ ඇවිදිනකොට ඇවිද්දට වඩා, හායි, හෙලෝ කියල අමාරුයි! ඉතින් ඔතනින් යන සුද්දෙක් උඩුරාවණ බීච් එකේ ඇලට් එකක් දාගෙන ඉන්නකොට මෙහෙම ඇහුවලු.

“Hi.. Are you Relaxing ?”

උඩුරාවණත් නිකන් අරින එකක්යැ. කිව්වලු..

“No No… I’am Udurawana”

සුද්දත් ඉතින් හිනාවෙලා ගියාලු.

ටිකකින් තව සුද්දෙක් ආවලු.. එතනින් යනගමන් අහනවලු.

“Hello…. Are you relaxing sir?”

දැන් නං උඩුරාවණට අප්සට් ලු. ඒත් කිව්වලු.

“No No… I’am Udurawana from Sri Lanka”

ටිකකින් මෙන්න එනවලු තව සුද්දෙකුයි උගේ පවුලයි (සුද්දියෙක් ද නැත්ද කියන එක පැහැදිලි නෑ... ඒක කතාවෙ තිබුනෙ නෑ..තව සුද්දෙක් වෙන්නත් පුලුවනි..)

“Hey dude.. Are you relaxing ?”

මේ සැරේ නං උඩුරාවණගෙ මල අතේ ලු.. පොර නැගිටලා කිව්වලු..

“No No .. everybody is going wrong… I’am Udurawana”

එහෙම කියල "මෙතන නං නිදහසේ ඉන්න පුලුවන් තැනක් නෙවයි, වෙන තැනක් හොයාගෙන යනවා" කියල ඔන්න බීච් එක දිගේ ඇවිදගෙන යනවලු සෙනග අඩු තැනක් බල බල. මෙහෙම යනකොට උඩුරාවණ වගේම  උඩුරාවණ ගෙ පාටම ආසියාතිකයෙක් ඉන්නවලු බීච් එකේ. මෙන්න මෙතෙන්දි තමයි උඩුරාවණට ආලෝකය පහල වුණේ.

උඩුරාවණ ඇහුවලු...

“Hey.. Are you relaxing?”

උත්තරේ හම්බුනාලු..

“Yea .. I’m relaxing..”

උඩුරාවණට හරි සතු‍ටුයි ලු. මෙහෙම කිව්වලු..

“Oh .. thanks god.. Everybody is looking for you.. go there.. go go..!!”

කියල කලින් උඩුරාවණ ඇලට් එකක් දාගෙන හිටපු පැත්තට අත දික් කළාලු.

කොහොමද උඩුවගෙ පොටෝ එක.. “හැන්ඩි මහානාම” වගේ නේ..

කලින් පෝස්ට් එකක මම ඇහුවනේ ගායකයො දෙන්නෙක් ගැන...

අනුර දිසානායක සේනානායක - මෙයා දැන් පොලොසියෙ ඩිඅයිජී කෙනෙක්.. මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා... සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරල දිහාවේ... වගේ අසූවෙ අග හා අනූවෙ මුල ජනප්‍රිය වෙච්ච සින්දු මෙයාගෙ...

මැක්සි ජයවීර - බැරි බර කරේ තියන්.. දෙපයට වාරු ඇරන්.. අපෙ බඩ කට පුරවනවා....
මතකද දන්නෙ නෑ..!

යාහූ මීඩියා ප්ලේයර් එකෙන් ප්ලේ වෙන මගේ බ්ලොග් එකේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එක උඩ රයිට් ක්ලික් කර සේව් ඈස් කිරීමෙන් පුලුවනි...

 

---------------

Coming Up in Udurawana Series..Episode 08

How to Avoid Aids? (from Abeetha Edirisinghe - www.tikakhinawenna.blogspot.com)

Escape from Cops

Wednesday, August 11, 2010

පබා ගේ වක වකා...

මර්වින් හිටපු ඇමතිතුමා ගෙන් ලකුණු 10ක් ම ගත්ත පබා කෙල්ලගේ වක වකා...

මේං..





වේලක් දෙකක් නොකා හරි මේ වගේ ආතල් එකක් බල බල ඉන්නෙ නැත්තෙ ඇයි හැබෑට..
අනේ මන්ද ඕං.. ඔව අපිට තේරුං යන්නෙ කවදද..



වැම්පයර්

Tuesday, August 10, 2010

ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද....

 01

ආදරය... කුලමල, ජාතිබේද එක් කරන එකතු කරන බැම්මක් වගේ. මිනිසුන්ගේ හිතේ ඇතිවෙන හැඟීම් වල අග්‍රඵලය ආදරයයි කිවුවොත් ඒකෙ වැ‍රැද්දක් නැතිවෙයි මම හිතන්නෙ. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ, ආදරවන්තිය හැමදෙනාම එකට බැඳිල ඉන්නෙ, එකෙක්ගෙ දුකේදි එකට දුක්වෙන්නෙ, සැපේදී එකට සතු‍ටුවෙන්නෙ මේ හැදුන බැමි නිසා. දෙමව්පියො සිහිනෙනුත් හිතන්නෙ තමන්ගෙ දරුවගෙ සුබසිද්ධිය. ආදරවන්තිය හෝ ආදරවන්තයාත් එහෙමයි..

මේ ගීතය මට ඇහෙනකොට මගේ යාලුවෙක් මතකෙට එනවා. ආදරවන්තිය වුණේ දෙමළ ජාතික සහෝදරියක්. දෙන්නා සෑහෙන්න ආදරෙන් හිටියා. ඒත් ගෙවල් වලින් දැනගත්තම වුණේ අපි කොයි කවුරුත් දන්න විදියෙ දුක්ඛාන්තය, ඒ දෙන්නට ඒ දෙන්න තරම් හොඳ දෙන්නෙක් නොලැබෙන වග ඒ දෙන්න විතරක් නෙවයි අපිත් දැනගෙන හිටියා.

කොහොමහරි සෑහෙන්න කාලයක් ගතවුණා.. හැලහැප්පීම් රණ්ඩු දබර, හැඬුම් මධ්‍යයේ ආදරය ගලාගෙන ගියා. ඇඬුවා..ගෙදරින් ගිහින් හිටියා... මෙකී නොකී සියලු දේවල් කළා...

අන්තිමට විවාහය සිදුකරන්න උනා... අපේ එකා දක්සයා.. මිනිහ හොඳට මොලේ පාවිච්චි කරල වැඩ කලා. අන්තිමට සියලුම දෙනාගෙ කැමැත්තෙන්, දෙපැත්තෙම නෑදෑයො ඇවිත් ජයටම මගුල ගත්තා .. (වෙන්න බෑ වගේ නේද, මටත් වෙනකං ශුවර් එකක් තිබුනේ නෑ, විශේෂයෙන්ම උගේ අම්මගෙන්.. ඒත් අම්මා අන්තිමට බොහොම සතුටින් හිටියේ, සහතිකෙන්ම)

අද ඒ දෙන්නා ඉතාමත් සතුටින් සමගියෙන්.. පොඩි කොල්ලෙකුත් ඉන්නවා.. (වැඩ කරු නේ! අනිවා.. බැඳලා අවුරුද්දෙන් අපිට සබන් පවුඩර් අදින්න උනා..! අපි උන් දෙන්න බයිට් එකට ගන්නවා බැඳලා මාස හතෙන් බබා ඉපදුනා කියල..!) අම්ම තමයි සියලුම වැඩ කරන්නෙ කොලු පොඩ්ඩගෙ..දැන් අම්මට ලේලි නැතුවම බැරි සීන් එකක් තියෙන්නෙ.

කොහොමින් කොහොමහරි පවුල් දෙකත් දැන් සෑහෙන්න එකමුතුයි. සන්නිවේදන ප්‍රස්න තිබුණත් අපි කවුරුත් දන්න බොඩි ලැන්ග්වේජ් එක ඒ අඩුව පිරෙවුවා...

අපේ එකාගෙ පියතුමා තමයි අන්තිමට මූලිකත්වෙ අරන් වැඩේ කරේ.. ඒකයි මට මේ සින්දුව ඇහෙද්දි  පරණ දේවල් මතක් වෙන්නේ..

 

අහන්නකෝ.. අමරසිරි පීරිස් කලාකරුවාණන්ගේ සොඳුරු හඬ....!

Mage Puthe Numbata by Amarasiri Peris

මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුලු පැලැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවත්
මං අමනාප වුනත්....
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද....

පිච්ච මල් රටා හිසලන පිච්චමල් හිනා පළඳින
ඇය ඇවිත් නුඹේ  හෙවනැල්ලේ සෙවන ලබන විට
ඒ උණුහුමෙ ජාති ජන්ම ලියා තියෙනවද...

මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුලු පැලැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවත්
මං අමනාප වුනත්....
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද....

පුංචි කැදැල්ලේ සිරිකත ඔන්න ඈ ඇවිත් කුලගෙට
නුඹගෙ කියූ කිරිකැටියෙක් හිනා වෙලන විට
ඒ සිනහවෙ ජාති ජන්ම ලියා තියෙනවද.....

මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුලු පැලැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවත්
මං අමනාප වුනත්....
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද....

කලින් දවසකත් මම පෝස්ට් එකක් දාපු නිලාර් එන් කාසිම් මහත්තයගෙ පදවැලක්.  කළණි පෙරේරාගේ සංගීතයෙන්..ස්නේහයේ නගරයයි ඇල්බම් එකෙන්..නිලාර් මහත්තය මේ වගේ ගොඩක් ජාතීන් අතර ආගම් අතර මිනිස්සුන්ගේ ආදර සම්බන්ධතා ගැන බොහොම ලස්සන සින්දු ලියල තියෙනවා.

 

තනිකරම මේ සින්දුව තමයි කතන්දරේ.

මේකයි මට කියන්න තියෙන්නේ.. තමන් ගේ හිතට හරියන කෙනා හොයන්න අද ගොඩක් අය පාවිච්චි කරන මිනුම් දඬු වල මූලාංකයේම ඉඳන් දෝශ! ඒක ඉතින් උගන්නන්න පුලුවන් දෙයකුත් නෙවයි.. තමන්ට තේරෙන්න ඕන සෙල්ලම යන විදිය බලලා මේක හරියන එකක්ද ජෝන් බාස්ට යන එකක්ද.. මේ වාහනේ මට දුවන්න පුලුවන්ද.. මයියා කියන්න වගේ පහු වෙද්දි ලෙඩ දෙයිද කියලා තේරුම්ගන්න.. එහෙම හරියටම සෙට් වුණොත් ආයෙ ඒක මොන ප්‍රස්නයක් නිසාවත් අතහරින්න හොඳ නෑ.. ගෙවල් වලින් අකමැතිනං කැමති කරගන්න විදිය තමන් දැනගන්න ඕන. ඒකට ඔය පොඩි මාකටිං කෝස් එකක් කරත් කමක් නෑ..

හැබැයි කොල්ලනේ.. අම්මල තාත්තලගෙ හිත් රිද්දන්න එපා.. උඹලට මාස කීපයක් දැකපු නාඳුනන කෙල්ලෙක් කැමති කරගන්න පුලුවන් නම්.. අවුරුදු ගණනක් එකට හිටපු අම්මලා තාත්තලා කැමති කරගන්න එක මහ කජ්ජක් නෙවයි....

ප්‍රධානම කාරණේ.. හදවත පාවිච්චි කරන්න ඕන තැනදි මොලේ වත්.. මොලේ පාවිච්චි කරන්න ඕන තැනදි හදවතවත් පාවිච්චි කරන්න එපා.. ප්‍රතිඵල භයානකවීමේ හැකියාව ඉතා වැඩියි!

හැම තිස්සෙම පුරුදු වෙන්න සෙල්ලම ඉවර වෙනකන් ගහන්න.. දිනුවත් පැරදුනත්.. පැරදෙයි කියල හිතනවාත් සමගම උඹල පැරදිලා ඉවරයි! 

අනික.. මම පුද්ගලිකව කේන්දරේ විශ්වාසකරන්නෙ නෑ. ඒත් මගේ හොඳ බාගෙ ඒකටත් එක්ක. ඒකත් ඔහෙ පොඩ්ඩක් බැලුවට කාරියක් නෑ, මුලින් හොරෙන්. ඊට පස්සෙ අවුල් නං ඕන පොරොන්දං ගානට පොඩ්ඩක් උපන් නැකත ඇජස්මන්ට් එකක් දාල ගෙදරට දෙන්න. පොඩි කම්පන්සේශන් එකක් මොකෙත් තියෙනවනේ. 

අත්දු‍ටුවයි.. ප්‍රත්‍යක්ශයි!

මෙලෝ රහක් නෑ නේද අද ලියවෙච්ච් දේවල්.. අනේ මන්ද ඕං.. තරහා අවසර.. උඩුරාවණත් ඉන්නව අරෙහෙ..

හොඳ ඒවට මෙතනින් යන්න..නන්දා පතිරණ ගෙ නියම සින්දුවක් තියෙනවා ...

www.hadageepotha.blogspot.com

ජයවේවා... අම්මප මං නං නියම ගොඩ යෑමක් ගොඩ ගියා මේ අතින් නං..

මේ.. ඒක නෙවයි.. මැක්සි ජයවීර කියල ගායකයෙක් හිටිය දන්නවද ? තව අනුර සේනානායක කියල කෙනෙකුත්? මට මේ හදිස්සියෙ මතක් වුනේ... :D

Monday, August 9, 2010

උඩුරාවණ කතාවස්තුව - හයවැනි දිගහැරුම | Udurawana Stories – Episode 06

 

 Lacoste Underwear,Cheap Lacoste Underwear For Sale,Wholesale,Discount Lacoste Underwear

පරන කතා වලට මෙතනින් යන්න. ඔය දින ගනන් තියෙන කොන්ෆරන්ස් වල ඉතින් අතර මැද තියෙනවා පොඩි බ්‍රේක්, නිකන් දවසක් විතර. ඒකෙදි තමයි කට්ටිය සෙට් වෙන්නෙ. අර බාර් එකේ කතාවත් එන්නෙ මෙතනට තමයි. ඒකෙ කොමෙන්ට් එකක් විදියට ටැබූ දාපු කතාවත් මෙතනට තමයි එන්නෙ. ඒක මම අහල තියෙන විදියට දානව ඕන්න මම. ඩ්‍රින්ක් එක විතරයි වෙනස්..

ඔන්න ලන්ච් එකක් වෙලාවෙදි උඩුරාවණත් එක්ක හිටපු සුද්දෙක් ෆැන්ටා එකක් ඕඩර් කලාලු. උඩුරාවණ ඉතින් කවදත් කොකාකෝල නේ.

ටික වෙලාවකින් සුද්ද එලියෙ සීනරි එක දිහා බලල ෆැන්ට උගුරක් බීල

Shaah… Fantastic…! ("ශාහ්හ්......ෆැන්ටෑස්ටික්" )
කිවුවලු.

කලින් කිව්ව වගේ උඩුරාවණත් සුද්දට දෙවනි නෑ නෙව. මිනිහත් කිවුවලු කොකාකෝල උගුරක් බීල...

Aaahhhh…. Cocastic …! "ආහ්හ්හ්.......කොකෑස්ටික්"
කියල...

හවසට ඉතින් ඒ ආපු කට්ටිය සෙට් වෙලා ටෙනිස් ගහනවලු. උඩුරාවණ බලන් ඉන්නවා ඉතින් මිනිහටත් ඉතින් ආසයිලු වැඩේට සෙට් වෙන්න. මෙහෙම උඩුරාවණ බලාගෙන ඉන්නවා දැකපු සුද්දෙක් කතාකලාලු මිනිහටත් එන්න කියල. මොකද මේ වෙද්දිත් උඩුරාවණගෙ පරීක්ශණ නිසා මිනිහා සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා හිටියෙ.

පොරත් බැස්සලු ෆීල්ඩ් එකට. ගහන ගහන ශොට් එක නෙට් එකේ වැදිල නතරවෙනවලු. මේක දැකපු අනිත් ප්ලේයර් කෑගැහුවලු..

“Hey men, your balls are too low!.. keep them up”

උඩුරාවණත් ඇරියෙ නෑලු..

මෙහෙම කෑගැහුවලු..

“Hey.. I cant do anything…! I’m wearing a Sri Lankan Velona underwear!, must go to a shop here and buy some good tight Crocodile mark one to keep my balls up! "

බාර් කතාවත් කියවල එන්න... ඒක සෙට් වෙන්නෙ මෙතනට ....

http://blogvampa.blogspot.com/2010/07/udurawana-in-pub.html

-------------------------

Coming up :

Udurawana in Beach…!

 

කලින් මම මිල්ටන් පෙර්රා ගැන පෝස්ට් එකක් දැම්මා මතක ඇති... මෙතනින් යන්නකො ඒකට...

http://blogvampa.blogspot.com/2010/08/ja-milton-perera.html

ඔය පෝස්ට් එක ලියන වෙලාවෙ මගේ ඔලුව හොඳට වැඩ කලේ නෑ හොඳේ..
මෙන්න මට කියන්න අමතක වුණ ‍ෆිල්ම් ... සහ ගීත

සත පනහ - අද දෙවියන් අපගේ මූණ බැලුවා
අල්ලපු ගෙදර -  මහ ගණ වනන්තරේ, සොබා අලංකාරේ මූණේ...
සිහින හතක් - සුපුන් සඳක් නැගීලා ...කිරි බැබලෙන
කේසර සිංහයෝ - කේසර සිංහයෝ(ජෝතිපාල සමග)
ජීවන්ති - මගේ මීනච්චී
ආදරයයි කරුණාවයි - මලින් මලේ (අමිතා වැදිසිංහ, නාරද දිසාසේකර සමග)
බිනරමලී - රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
අදට වැඩිය හෙට හොඳයි - සඳුන් ගසේ සමන් වැලක්
සිකුරුලියා - සිකුරුලියා
හතරමහ නිධානය - උම්බෑ කිය කියා
හිත මිතුරා-  උසි උසි නෝනේ මගෙ මිසි නෝනේ (ජෝතිපාල සමග)
යටගිය දවස- විනෝද වෙන්න (මල්ලිකා කහවිට සමග)

හ්ම්ම්.. ඇතිවෙයි..

Saturday, August 7, 2010

උඩුරාවණ කතාවස්තුව - පස්වැනි දිගහැරුම | Udurawana Stories – Episode 05

 

conference1

මතකයිනෙ මෙතක් කතාව..මෙන්න මෙතන ඔබලා අමතකනං බලලා යන්නකො. දැන් අර පර්යේෂණ පත්‍රිකා දෙකත් අරගෙන අපේ උඩුරාවණ මහත්තය කොන්ෆරන්ස් එකේ ඉන්නවලු.

මේ කොන්ෆරන්ස් වල ඉන්නව සෙශන් චෙයාර් කියල (session chair) කෙනෙක්. එයා තමයි ඔක්කොම වැඩේ කොන්ට්‍රෝල් කරන්නෙ. කට්ටිය හඳුන්වල දෙන්නෙ.. එක එක්කෙනාට වෙන වෙනම අවස්ථා දෙන්නෙ, ඔය වගේ වැඩ. සින්හලෙන් කිව්වොත් මූලාසනේ..

ඔන්න ඉතින් උඩුරාවණ මහත්තයත් ගිය කොන්ෆරන්ස් එකේ සෙශන් චෙයාර් හිටපු කෙනා ඉතින් උඩුරාවණ මහත්තය ගැන වනල එහෙම මෙහෙම කිවුවලු.

"Ladies and Gentlemen, bring your hands to Mr. Udurawana, he will now address you !! to you sir..."

උඩුරාවණ මහත්තයත් ඉස්සරහට ගිහින් හරි බරි ගැහිල උගුර පාදල එහෙම කිව්වලු..

"HB Uduraawana….
No.28, Kotugodella Street….
Kandy.."

එහෙම කියල අර සෙකට්‍රි ටයිප් කරල දීපු ස්පීච් එක දෙන්න ගත්තලු.. ටිකක්  කියවල උඩුරාවණ මහත්තය "පටෝ" ගෑවලු.. ඊට පස්සෙ මුකුත් වුනේ නැති ගානට කියවගෙන යනවලු.. ආයෙ ටිකකින් "පටෝ" ගෑවලු.. ආයෙත් කියවගෙන යනවලු..

කට්ටියට ෆුල් අප්සට් ලු මේ වැඩේට..

උඩුරාවණ මහත්තයගෙන් පස්සෙ සුද්දෙක් ඇහුවලු මොකක්ද අර "පටෝ" සීන්  එක කියලා.. උඩුරාවණ මහත්තයත් පස්සෙ කියන්නං කියල ශේප් උනාලු.. සෙකට්‍රිගෙන් අහල කියන්න හිතාගෙන..

පස්සෙ සෙකට්‍රිගෙන් ඇහුවම තමයි කියල තියෙන්නෙ "සර්.. ඒක පටෝ නෙවි.. PTO"

ප.ලි.
PTO = Please Turn Over (ඊළඟ පි‍ටුව බලන්න කියල අර අන්තිමට ලියන්නෙ)

මුල් කතාව දැනගෙන හිටියට අභීත මහත්තය එව්ව මේල් එකෙන් තමයි නුවර ඇඩ්‍රස් එකක් හොයාගත්තෙ.. තැන්කූ වේවා..

Friday, August 6, 2010

J.A. Milton Perera | ජේ. ඒ. මිල්ටන් පෙරේරා

MiltonPerera
ජේ. ඒ. මිල්ටන් පෙරේරා, සිංහල සංගීතයේ ශෝකාලාප හඬ කියල තමයි ඕං මට හිතෙන්නෙ. මතක නැත්තං මේ තමයි චලක චමුපති හා ප්‍රියංකර යන චරිත යුගලේ ආදරණීය පියා. විකියෙ හැටියට මිල්ටන් පෙරේර මහත්තය ඉපදිල තියෙන්නෙ 1929. මැරුන නං මට මතකයි. මට හයයි ඒ වෙද්දි. අහන්නෙපා උඹට කොහොමද ඕව මතක කියල. තාත්තා කිවුව වගේ මතකයක් තමයි තියෙන්නෙ. අපේ තාත්ත හොඳ මිල්ටන්, ජෝති රසිකයෙක්. මිල්ටන් මැරුනෙ 91 දි. හරි ඔව්.. මම 85 තමයි  උපන්නෙ!
මෙයා ගැන අහල නැත්නං ඉතින් ඉඳල වැඩක් නැත.
මුලින්ම මිල්ටන් පෙරේරා පටන්ගත්තෙ තබ්ලා වාදකයෙක් විදියට. මිල්ටන් ගෙ තාත්තගෙ කාඩ් එක තමයි "තබ්ලා පොඩි අප්පුහාමි". බොහොම තනු හින්දි අනුසාරයෙන් සැකසුන අනුකාරක ගී කිවුවත් මිල්ටන් ඒවට දුන්න අලංකාරය නම් කියල නිම කරන්න බැරි තරම්. ඕව ගැන එක සැරයක් අපි බොහොම දරුණු මට්ට්මේ සංවාදයක් කර කර ඉන්නකොට, මට එකපාරට මෙන්න මෙහෙම හිතුනා.
මගේ පාඨක ‍රැල සමහර විට දන්නව ඇති මේ මිල්ටන් ලගෙ ජෝති ලගෙ සින්දු වල හින්දි වර්ශන් ආවෙ 1950-1975 කියන කාලෙ. දන්නෙ නැත්තං දැන් දන්නවනෙ. ඒ ගීත වල මේන් වෝකල්ස් කලේ ඔය ජනප්‍රිය පොප් සෙට් එකේ හින්දි ගායකයො. කියන්න බලන්න කීප දෙනෙක්. ඔව්.. ඒක නොදැනගෙන ඉන්නෙ කොහොමද? හේමන්ත් කුමාර්, කිශෝර් කුමාර්, සුමන් කල්යාන්පුර්, ශංකර් ජයකිශන්, මොහොමඩ් රා‍ෆි, මුකේශ් .. ඔය ඉන්නෙ ‍රැලට. ඒ අය තමයි ඉතින් සින්දු කිවුවෙ. මම අහල තිබුන අර ඒවයෙ "අලංකාර" එහෙම නැත්තං "ඕනමන්ට්ස්" කෑලි තියෙන්නෙ. අර ආ.. ආ.. ලා..ලලලා ගාල නලවල දෙන්නෙ. ඒව කියන්න ඉන්දියාවෙ හෙන රාගධාරී ඔස්තාද් ල තමයි සෙට් කරන් තියෙන්නෙ. මොකද අර පොප් සෙට් එකට චඩා හොඳට ඒව ඒ අය කියන නිසා.
ඒත් අපේ රටේ... ජෝති, මිල්ටන් ඕව නිකන් හිටගෙන ගේමක් නැතුව ඇරල දානවනෙ. ඒකනෙ ටැලන්ට් එක කියන්නෙ. ජෝති, මිල්ටන් දෙපලම සංගීතෙ ඉගනගෙන නෑ.
මිල්ටන් පෙරේරා ගෙ හඩ ගොඩක් වෙලාවට සෙට් උනේ ජෝ අබේවික්‍රම මහත්තයගෙ බොඩිය එක්ක. සාරවිට චිත්‍රපටය මතක ඇති කියල හිතනවා කට්ටිය ගෙන් කීප දෙනෙක්ට හරි. ඒක මතක නැතත් අර ලක්ස ගනන් වස්තු ලැබී සින්දුව මතකද? ඒක කිවුවෙ මිල්ටන්, සීටී, හා ඇන්ටන් රොඩ්‍රිගු මහත්තුරු. මේ අනිත් දෙන්න ගැනත් ලියන්නයි ඉන්නෙ. ගොඩක් ඒව මට අමතක වෙලා ගිහිල්ල තියෙන්නෙ. බලමු.
ගාමිණි ෆොන්සේකත් බූට් එකක් කාරිය කෑවම, මිල්ටන් එක්ක නියමෙට මැච් උනා. ටෝනි රණසිංහට, විජය කුමාරතුංගට.. තව ඉන්නවා.. ඇයි  ආනන්ද ජයරත්න!

සාරවිට කියන්නෙ මිල්ටන්ගෙ පීක් ටයිම් එකේ හිට් වෙච්ච එකක්. ගාමිණී ෆොන්සේකට ධීවරයෝ චිත්‍රපටයෙන්.. අගාධ සාගරයේ ඈත දියේ.. මතකද? කේ. ඒ .ඩබ්. පෙරේරා මහත්තයගෙ බයිසිකල් හොරා..අහන්න මගෙ හොඳ පුංචි පුතේ..
මතක නෑ මයෙ හිතේ නේද! මටත් හරියට අනිත් ඒව මතක නෑ නෙව !
මෙන්න දැන් ඔලුවෙ තියෙන මිල්ටන් පෙරේරාස් හිට්ස්!
ඇස ‍රැඳුන ‍රැඳුන තැන්වල
අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නේ..
මධු ස‍ඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ....
මේ ජීවනයේ..
ඔබේ ප්‍රේම නගරේ...
අමාපානියේ ...
සිකුරු ලියා....
ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ...

නෙලන්න බැරි මල් අතුඅග මොටද පිපෙන්නේ...
නිදහස් කාහල නාදය ‍රැව්දේ හෙළදිව අඹර පුරා...
ඔබ තරමට මා නැලවූ....
පෙම් අප්සරාවෝ....
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ...
සිරි සාර බුලත්...
සොබා අලංකාරේ මූනේ..
උම්බෑ කිය කියා...
සිහින දෙව්දුවේ..
දෙතුන් වතාවක්....
කල්‍යානියෙ ඔබ නෑසූ ...
කල්‍යාණියේ මංගලම්...
කියන්න කවුද ඔබ කියා...
මහ ගණ වනන්තරේ ...
මගේ නයනාවී...
දෙව් දුව පලා ගියාදෝ...
සඳේ අනන්ත රම්‍ය සිසිල් ‍රැස් නිවී ගියා...
සුර ලෝකේ මං සක්කර දෙයියෝ...
සුපෙම් ලොවේ කුසුම් සරා මල්සරා...
සන්සුන් රුවන් හද මන්දිරයේ ....
ඔබ වේවා වේවා පහන මගේ...

ඇති නේද.. තව මතකද කට්ටියට.. මට දැන් ඇති වගේ.. වෙලාව රෑ දෙකත් පහු! පහලින් ගහල යන්නකො.. මීඩියාෆයර් ලින්ක් තියේ නං එල!!
එහෙනං මේක ඉවර කරමු නේ.. මිල්ටන් ගෙ මට හිතෙන සුපර් ම ලව් සින්දුවෙන්.. කරුණාරත්න අබේසේකරගෙ පද වලට මිල්ටන් හා මල්ලිකා කහවිට...
මතකද මේකෙ වීඩියෝ එක! මට නං මතකයි.. අර මිල්ටන් පෙරේරා නිකන් කෝපි කඩේ වගේ එකක් ඇතුලෙ ඉඳගෙන කියන්නෙ. රූපවාහිනියෙ ගියා ඉස්සර.
අහන්න සඳ කිරණින් පැලට ඔබේ... J.A. Milton Perera And Mallika Kahawita – Sanda Kiranin Pelata Obe
සඳ කිරණින් පැලට ඔබේ එලිය වැටෙනවා
තුරු සෙවනින් මිදුල වටේ සුවය දැනෙනවා

කවුලුවකින් කුමරි ඔබේ මුහුණ පෙනෙනවා
මැදුර තුලින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා
මහ නිලයක බලතල ගැන ගැන මගෙ සිත බිඳුනා
නව රසයක සිත පිරිසිදු පෙමකට හැරුණා
සි‍ටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුණා
සි‍ටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුණා
අඩු කුලයක ඉපදුනු මට ඔබෙ අත ලැබුණා
කවුලුවකින් කුමරි ඔබේ මුහුණ පෙනෙනවා
මැදුර තුලින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා
සි‍ටුවරු රජවරු කුලවතු අප දෙස බලලා
හිනැහේ අද අපහට උන් කුලමල ඇදලා
එක හිත වගෙ දුක සැප දෙක එක ලෙස සලකා
අත්වැල් බැඳ මහමග බැස යමු අපි දෙදෙනා
සඳ කිරණින් පැලට ඔබේ එලිය වැටෙනවා
තුරු සෙවනින් මිදුල වටේ සුවය දැනෙනවා

කවුලුවකින් කුමරි ඔබේ මුහුණ පෙනෙනවා
මැදුර තුලින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා

චිත්‍රපට හා ගී

සත පනහ - අද දෙවියන් අපගේ මූණ බැලුවා
අල්ලපු ගෙදර -  මහ ගණ වනන්තරේ, සොබා අලංකාරේ මූණේ...
සිහින හතක් - සුපුන් සඳක් නැගීලා ...කිරි බැබලෙන
කේසර සිංහයෝ - කේසර සිංහයෝ(ජෝතිපාල සමග)
ජීවන්ති - මගේ මීනච්චී
ආදරයයි කරුණාවයි - මලින් මලේ (අමිතා වැදිසිංහ, නාරද දිසාසේකර සමග)
බිනරමලී - රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
අදට වැඩිය හෙට හොඳයි - සඳුන් ගසේ සමන් වැලක්
සිකුරුලියා - සිකුරුලියා
හතරමහ නිධානය - උම්බෑ කිය කියා
හිත මිතුරා-  උසි උසි නෝනේ මගෙ මිසි නෝනේ (ජෝතිපාල සමග)
යටගිය දවස- විනෝද වෙන්න (මල්ලිකා කහවිට සමග)

උඩුරාවණ මහත්තයත් ඉන්නවා අරෙහෙ එංගලන්තෙ කොන්ෆරන්ස් එකට ගියපු ගමන්..
ටිකක් පහුවෙන්න මම සීටී ත් ගෙන්නන්නං වෙදිකාවට. පොඩි රිවිව් එකක් එක්ක සින්දුවක් කාරිය ඕනනං පහලින් රික්වෙස්ට් කලාට කමක් නෑ...සින්දුව හරි දෙන්න බැරිය..
අදාල දේවල්
http://blogvampa.blogspot.com/2010/08/nawathanpole-oba-unna-i.html
http://blogvampa.blogspot.com/search/label/jothipala
http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge
http://blogvampa.blogspot.com/search/label/Amarasiri%20Peris
http://blogvampa.blogspot.com/2010/07/buduhamuduruwo-by-sanath-nandasiri.html
http://blogvampa.blogspot.com/search/label/Sith%20Gath%20Gee

මෙන්න තිස්ස අයියගෙ හද ‍රැඳි ගී අඩවියට යන පාරත් !!
http://hadageepotha.blogspot.com/
මේක ලිවුවෙ කලින් පෝස්ට් එකට කට්ටිය දුන්න දැඩි ප්‍රතිචාර වලින් ආපු කික් එකටයි.  උඩුරාවණ කතන්දරත් තියෙනව. ඒකත් ඉවරකරන්නෙපැයි! මේ තියෙන්න පරණ කතා..
http://blogvampa.blogspot.com/search/label/Udurawana
රයිට් ක්ලික් කර “save as” කිරීමෙන් බාගත හැකිය..බෙදා හදා ගන්න.
මිල්ටන් පෙරේරාගේ සියලුම ගීත අවසරයකින් තොරව ගැයිය හැකි බව පුතුන් දෙදෙනා පැවසුවා මතකයි. උන් දෙන්නට විතරයි නෙව ටිකක් හරි කියන්න පුලුවන්. ඒක නිසා බය නැතුව එහෙම කියන්න පුලුවන්..
ජයවේවා... මේවට ඔය අඤ්ඤකොරොස් මික්ස් දාල, ටෙම්පො වැඩි කරල  ගූ කරල මට අහුවෙන්නපා..!

Thursday, August 5, 2010

දෙකයි පනහෙ කලාකාරයෝ ප්‍රමෝට් වෙන රට..!

 Yen coins Icon

කලින් අපේ උඩුරාවණ කතාව අගදි මම ඇහුවනව පොඩි ප්‍රස්නයක්. මෙතන ක්ලික් කරල ඒක බලන්නකො. මම හිතන්නෙ අපේ මේ බ්ලොග් බලන .. බ්ලොග් කරන අය ඒ සින්දුව ගැන අහල නෑ. අහල තියනව නං කෙලින්ම උත්තරේ දෙනවානෙ.  එහෙම වෙන එක පුදුමෙකුත් නෑ. මොකද අද අපේ වටේ තියෙන්නෙ එලොවටත් මෙලොවටත් නැති මහ ගූ සින්දු ටිකක් නෙ.

ඒවමයි ඇහෙන්නෙත්. ඉස්සර රේඩියෝ එකේ සින්දුවක් ගියාම ගායකයට මුදලක් ලැබෙනවා. ඒත් අද සල්ලී ගෙවල සින්දු බ්‍රෝඩ්කාස්ට් කරන  තත්වයක් නෙව තියෙන්නෙ. ඒ ගානට අද ඉන්න බොහෝ ගායකයො පීචං වෙලා. තනු නිර්මාණකරුවෝ සේරටම හපං. මට හිතෙනව මේ තත්වෙ තියෙන්නෙ ලංකාවෙ විතරද කියලත්.

මෙහෙත් නවකයො උඩට එනවා. ඒත් බොහොම දෙනා "ක්ශේත්‍රයේ ‍රැඳී සිටීමට නම් මිනිසුන් අතර ‍රැ‍ඳෙන නිර්මාණ කළ යුතුයි" කියන මානසිකත්වයෙ ඉන්නෙ. ලංකාවෙ වගේ එදා වේල ගොඩ දාගන්න පොඩි සින්දු කෑල්ලක් ගහගෙන පීචං වෙන්න නෑ. මම ලංකාවෙ ඉන්න කලාකාරයො පහත් කරන්නෙ නෑ.  අද ඉන්න ගොඩක් අය ගොඩක් පහලින් ඉන්න නිසා පහත් කරන්න දේකුත් නෑ!

ඒ අතින්.. අමරදේව, වික්ටර්, කපුගේ, සුනිල්, සනත්, ජෝති, නන්දා මාලිනී, දීපිකා, දිවුල්, දයාන්...අන්න මිනිස්සු..! ප්‍රේමකීර්ති, සේකර, කුලරත්න ආරියවංස, කරු අයියා, කුමාරදාස සපුතන්ත්‍රී, ප්‍රණීත් අබේසුන්දර, සුනිල් ආරියරත්න, වසන්ත කුමාර කොබවක, ඔගස්ටස් විනයාගරත්නම්, රත්න ශ්‍රී, පල්ලෙගම හේමරතන හිමි.. අන්න පද රචකයො! කේමදාස මාස්ටර්, ක්ලැරන්ස්, පැට්‍රික් දෙනිපිටිය, ශෙල්ටන් ප්‍රේමරත්න, සිසිර සේනාරත්න, ස්ටැන්ලි පීරිස්, නිමල් මෙන්ඩිස්, මොහොමඩ් සාලි.... අන්න සංගීතවේදියෝ!

දැන් මට පේනව කට්ටිය කැති පොලු අතට ගන්නවා .. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී, හැමදාම පරණ ඒවද, හැමදාම එකම ස්ටයිල් ද කියල අහගෙන. අනේ.!! අපි නොදන්න මොණරතැන්න!!

ඔය මම කියපු ලිස්ට් එකේ ඉන්න .. තව මතකෙට ආපු නැති හැම මිනිහම ඒ කාලෙ කලේ .. ඒ කාලෙ හැටියට අලුත් දේවල්... ඒව ඒ කාලෙ මිනිස්සු ආදරයෙන් වැළඳ ගත්තා. තාමත් ගොඩක් අය ඒවට ආදරෙයි!! ඒත් අද..!! රුපියල් දෙදහක් ..පන්දහක් වටින කලාකරුවො අපිට ඉන්නෙ.

එක් අතකට මොකටද ඕව ගැන දුක් වෙල ලේ රත් කරගන්නෙ. අපි නං ලාවට හරි ඒ මිනිස්සුන්ගෙ සින්දු අහන්න වාසනාවන්තයි. ඒත් හෙට එහෙම වැඩක් කරන්න තරං පොරක් ඉඳී කියල හිතන්න අමාරුයි..

ඔව්.. කසුන් ඉන්නවා, අමල් ඉන්නවා, සමන්ත පෙරේරා ඉන්නවා, නදීක ගුරුගේ, දයාන් ඉන්නවා, ඒත් කෝ මේ මල ඉලව් මාධ්‍ය කාරයො උන් ඉන්නව කියලවත් දන්නවද දන්නෙ නෑ. හොඳම උදාහරණය.. අහල තියනවද අලුත් වැස්සක් කියන අල්බම් එක ගැන. ඒක සුනිල් එදිරිසිංහ මහත්තයගෙ නවතම එක. 2000-2002 කාලෙදි ආවෙ මතක විදියට. අහල තියනවද ඒකෙ සින්දුවක් යනව වැරදිලාවත්...! එහෙම උනාම උන්ට වත් කිසි පැවැත්මක් නෑ! ඒක එහෙමම උනාට එහෙම නොවේවා කියල මම පතනවා.

මට නං හිතෙන්න ගස් බඳින්න ඕන ගාන සෑහෙන්න වැඩියි! කොහොමත් ගම්පහින්ම එක්ලක්ස පනස්දාහක් ඉන්නව නෙ ගස් බඳින්න.

ඒකෙන් වැඩක් නෑ. මේං සින්දුව. මේව අහපල්ල කොල්ලනේ, හොයාගෙන හරි අහපල්ල. හිතපල්ල.. තව අවුරුදු 10කින් තියන රියැලිටි ශෝ හරි මොන ප යන්නෙ හරි .. 2000 න් පස්සෙ ආපු සින්දුවක් කියැවෙයිද! බොහොම කලාතුරකින් තමයි එහෙම උනත් !! එදාටත් ජෝති, අමරෙ, වික්ටර් සරණයි!

 

පදරචනය- උපාලි ධනවලවිතාන
සංගීතය හා ගායනය- වික්ටර් රත්නායක

 

මෙතනින් අහන්න Hathwalalla Kanda Kapa – Victor Rathnayake

 

හත්වළල්ල කන්ද කපා ගංකරයෙන් පා.. වෙලා
දියකඩ පීරා...
නඟා කෙල්ල ඉන්න පැලට තෑගි අරන් මං එනවා..
හත්වළල්ල කන්ද කපා ගංකරයෙන් පා.. වෙලා
දියකඩ පීරා...
නඟා කෙල්ල ඉන්න පැලට තෑගි අරන් මං එනවා..

දොළ දෙනියේ .. වැව් බැම්මේ.. හිඹ‍ටු කැලෙන් නගේ නුඹට
හිඹ‍ටු කඩන් .. මං එනවා.. ඉවසිලි නෑ නුඹ දකින්න
අනේ එපා ඔච්චං කර බක් මී මල් හිනාවෙන්න

හත්වළල්ල කන්ද කපා ගංකරයෙන් පා.. වෙලා
දියකඩ පීරා...
නඟා කෙල්ල ඉන්න පැලට තෑගි අරන් මං එනවා..

තුරු වදුලේ කිරල රොදේ.. යොදුන් ගණන් ඈතට යමු
ගං ඉවුරේ..කිරළ රොදේ.. හීන් හෙවනෙ කතා කරමු
වාසනාව අග හිඟ නෑ නගා කෙල්ල ඉන්න පැලට

හත්වළල්ල කන්ද කපා ගංකරයෙන් පා.. වෙලා
දියකඩ පීරා...
නඟා කෙල්ල ඉන්න පැලට තෑගි අරන් මං එනවා..

 

මගේ ආදරණීය මිත්‍ර හෙළයාගෙ සටහන මේ සටහන ලිවීමට ඉවහල් උනා. හෙළයා... කට පුරා ස්තුතියි!

http://helaye.blogspot.com/2010/08/blog-post_04.html

නිමිත්ත සැපයූවා. වැදගත් සටහනක් නොවුණත්. මලෙන් ලිව්ව නිසා ටිකක් එහේ මෙහේ ඇදිල තියෙනවා. ගනන් ගන්නෙපා.

ඒක නෙවෙයි. දන්නවද ප්‍රේමදාස ජනාධිපතිතුමා සින්දු ලිව්ව කියල! අහල තියන කට්ටිය පහලින් අත උස්සල යන්න.

හින්ට් එකකුත් තියනවා - ඒ සින්දුවට මියුසික් ඇන්ඩ් වෝකල්ස් මේක කියන වික්ටර් රත්නායක මහත්තයගෙන්මයි! සින්දු සීයක් විතර එක දිගට අහන්න පුලුවන් ගායකයෙක් තමා වික්ටර්!

 

අති විශේෂ ස්තුතිය -

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ මහත්තය බොහොම ලස්සන (අලංකාර) උඩුරාවණ කතා කිහිපයක් එවා තිබුණා. ඉදිරියේදී පළ කරන්නම්. බොහොම ස්තුතියි! ඒ මහත්තයගෙ බොලොග්ගෙට මෙතනින් යන්න..

ටිකක් හිනාවෙන්න .. අහ්.. අවවාදයයි..ටිකක් කිවුවට ගොඩක් හිනායන්න ඉඩ තියෙනවා!

 http://tikakhinawenna.blogspot.com/

අදාල දේවල්

http://blogvampa.blogspot.com/2010/08/nawathanpole-oba-unna-i.html

http://blogvampa.blogspot.com/search/label/jothipala

http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge

http://blogvampa.blogspot.com/search/label/Amarasiri%20Peris

http://blogvampa.blogspot.com/2010/07/buduhamuduruwo-by-sanath-nandasiri.html

අද ඉඳල අලුත් කැටගරි එකක් පටන්ගන්නවා සිත්ගත් ගී කියල. අම්මප ඒව කොච්චරනං තියෙද? මම සිත් ගත් ගී බලන තිස්ස අයියගෙ බොලොග් එකට මෙතනින් යන්න.

http://hadageepotha.blogspot.com/

Wednesday, August 4, 2010

උඩුරාවණ කතා වස්තුව - සිවුවැනි දිගහැරුම |Udurawana Stories – Episode 04

හපෙ අප්පෙ, මදෑ .. කලින් සැරේ කට්ටියට දූල පුතාල කියල අන්තිමට වැම්පයර් සීය වුනානෙ. හපෙ අප්පේ.. ඔන්න ඒ ගොනා විකිණුවා! පරන සිද්දි ටික මතකයි නේ.

මේව තමයි උනේ.. මෙතනින් බලන්නකො පරන කතන්දර.

http://blogvampa.blogspot.com/search/label/Udurawana

උඩුරාවණ මහත්තය දැන් ඉතින් කොහොමිං කොහොම හරි ඉස්පිරිතාලෙනුත් ඇවිත් කොන්ෆරන්ස් එකට ආවය කියමුකෝ.ඔන්න ඉතින් කොන්ෆරන්ස් එකේ වැඩ නැගල යනවා. මේකට උඩුරාවණ මහත්තයත් පරීක්ෂණ පත්‍රිකා එහෙම නැත්නං රිසර්ච් පේපර්ස් කීපයක් ඉදිරිපත් කරල තිබුන. මට මතක පරීක්ෂණ කීපයක් මම ඔන්න කියන්නංකෝ. කීපයක් කිවුවට දෙකයි මතක!

1. නිගමනය - සඳ ඉරට වඩා වැදගත් ය!
තර්කය - සඳේ එලිය ලැබෙන්නේ කලුවර ඇති රාත්‍රී කාලයටය. එහෙත් ඉර එලිය දෙන්නෙ දහවලටයි. දහවලට මොකටද තවත් එලියක්! හොඳට එලියයි නෙ.

2. නිගමනය - ගෙම්බන්ගේ කන් ඇත්තෙ කකුල් වලයි!
තර්කය- මේකට නං උඩුරාවණ මහත්තය පරීක්ශණයකුත් කරල තිබුන. පියවර මෙහෙමයි. ඔයාලටත් කරල බලන්න පුලුවන්..
අවශ්‍ය ද්‍රව්‍ය - ගෙම්බෙක් , මේසයක්, මාකර් එකක් , කතුරක් හා මීටර් කෝදුවක්
මුලින්ම මේසෙ සලකුණක් තබාගන්න මාකර් එකෙන්.
ඊට පස්සෙ ගෙම්බ සලකුණ උඩින් තියල හයියෙන් අත්පුඩියක් ගහල බය කරන්න. පැන්න දුර කෝදුවෙන් මැන සලකුණු කරගන්න.
දැන් කතුරෙන් ගෙම්බගෙ කකුලක් කපල දාන්න.
ආයෙත් අර සලකුණ උඩින්ම ගෙම්බ තියල අත්පුඩියක් ගහන්න. පැන්න දුර කෝදුවෙන් මැනල ලකුණු කරගන්න.
දැන් පේනවනෙ වැඩේ. 
ඔහොම කකුල් හතරම කැපුවම මොන අත්පුඩිය ගැහුවත් ගෙම්බ නෝ හෙල්ලුං. ඇහෙන්නෙ නෑ නෙව! ඇහෙන්න කොහෙන්ද කන්! කකුල් එක්ක කන් කැපිල ගියානෙ.

මේ පර්යේශණ වාර්තා දෙක උඩුරාවණ මහත්තය එතුමගෙ ලේකම් තුමියට කියල කඩ්ඩෙන් ටයිප්  කරගෙන ප්‍රින්ට්ස් අරගෙන එහෙම තමයි ගියේ..

ඊළඟ පෝස්ට් එකෙන් අති බිහිසුණු කොන්ෆරන්ස් ඉදිරිපත් කිරීම් බලාපොරොත්තුවෙන් ඉන්න...

අභීත මහත්තය මොකක් හරි කොමෙන්ට්  කතාවක් කිවුවා. පැහැදිලි උනේ නෑ. මහත්තයො තරහ නැතුව blogvampaඇට්gmailඩොට්com එකට පොඩි ලියුං කඩදහියක් දාන්න...

මට මතක නෑ බොලව්. පරීක්ෂණ හතරක් හරි පහක් හරි තිබුනා..

ඒ අවු අස්සෙ ලස්සන සින්දුවක් එහෙමත් දෙන්නං ඊළඟට. කට්ටිය අහල තියෙනවද "නගා කෙල්ල ඉන්න පැලට තෑගි අරන්" අයිය ආපු සින්දුව. ඒක තමයි අද මගේ දවසේ ගීතය.

ජයවේවා....

Tuesday, August 3, 2010

Nawathanpole Oba Unna I නවාතැන්පොලේ ඔබ උන්නා

 

මේ සිද්ධිය මගේ ජීවිතේ මට පොඩි කාලෙ මතක තියන සිද්ධි වලින් එකක්. වැඩේ කියන්නෙ ඒක මම අදත් විඳිනවානෙ.

විසි පහට වැඩි කට්ටියටම ලාවට මතක ඇති "ඉරට හඬන මල්" කියල ටෙලි නාට්‍යයක් ගියා රූපවාහිනියෙ ද කොහෙද. අසූවෙ අග වගේ මට මතක. ලකී ඩයස්, රමණි බර්තොලමියුස් (වයස චිසිගණන් වලදි අබිරහස් ලෙස මියගියා, කමල් අද්දරආරච්චි ගෙ මොකක් හරි හුට්ට පටං එකක් තිබුන කියල තමයි කියන්නෙ, එයා රූ ‍රැජින වෙලත් තියනවලු), සනෝජා බිබිලේ...ම්ම්… අජිත් ජිනදාස චරිත නිරූපණය කළේ. චන්ද්‍රරත්න මාපිටිගම ගේ අධ්‍යක්ශනයෙන් නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ නිෂ්පාදනයක් විදියට තමයි මේක එළිදැක්වුනෙ. ඕව හොයාගත්තෙ පස්සෙ. ඒ නාට්‍ය විකාශය වෙද්දි මට අවුරුදු දෙකක් තුනක් වගේ. චුටි පුතා කාලෙ.

ඉතින් මේකයි සිද්ධිය. පොඩි සීන් එකක්.

ඒකෙ තේමාගීතය ගායනා කලේ දීපිකා ප්‍රියදර්ශණී පීරිස් මහත්මිය. රචනා කරල තියෙන්න කුලරත්න ආරියවංශ මහත්තය. මුලු නාට්‍යටම සංගීතය සපයපු වික්ටර් රත්නායක මහත්තයගෙ තමයි තනු නිර්මාණය. ඕවත් හොයාගත්තෙ පස්සෙ.

අපේ අම්ම, ඔය සින්දුවට හරිම ආසයි. කොච්චර ආසද කියනවනං ඒක රෙකෝඩ් කරල (ටීවි එකේ යන වෙලාවක් බලල) කැසට් එකේ  ගෙදර දාල තියෙනව. ඉතින් මට උදේ හවා ඕක ඇහෙනව. ඒ සින්දුවත් හරිම ලස්සනයි. මට පොඩිකාලෙ ඒක පාඩං.

පස්සෙ පස්සෙ ටෙලිය ඉවර උනා, කැසට් එකත් සවුත්තු වෙලා ගියා. අපිටත් සින්දුව අමතක වෙලා ගියා.

ඊට කාලෙකට පස්සෙ, ඒ කියන්නෙ මම කැම්පස් එද්දි (මීට අවුරුදු හතරකට විතර කලින්) එක සැරයක් බස් එක කොහේ හරි පොඩ්ඩකට සෙනග ගන්න නවත්තපු වෙලාවෙ ලොත‍රැයි කූඩුවකද කොහෙද අර බිම්මල් ඩ්‍රාම එකේ මම තාම හොයන "කල්ප සිහිනය දු‍ටුව රෑ යාමේ" කියන සින්දුව ගියේ නැතෑ. බස් එකත් ඇදල ගියා.. මම හිතාගත්ත ඒ සින්දුව හොයාගෙන අහන්න. ඒ වෙලාවෙ තමයි මට මතක් උනේ.. හත්තිලව්වෙ අර පොඩි කාලෙ මමයි අම්මයි අහපු සින්දුව!

ඒ දෙකම හොයන්න ගත්ත මම.

පොඩිකාලෙ අම්මයි මමයි ආස සින්දුව හොයාගත්ත  සෑහෙන පරිශ්‍රමයකින් අනතුරුව! අහම්බෙන් තමයි හම්බුනෙ. සෑහෙන්න හෙවුවා. කල්ප සිහිනය තාම හොයනවා..

ඊට පස්සෙ සින්දුව අම්මට ස්කයිප් කළා... ආයෙත් පොඩි කාලෙ වගේ ගෙදර ඒක ඇහෙනව ඇති. මමත් අහනව මෙහේ ඉඳන්... (ගෙදරයි මමයි - දුර වෙනස සැතැපුම් හත්දහසකට ආසන්නයි)

කතන්දරේ ඔච්චරයි...!  හිතුව ඉතින් මහන්සියෙන් හොයාගත්තු නිසා කට්ටියට බෙදල දෙන්න. බදාගන්න නෙවෙයි.. බෙදාගන්න...

අම්මට මතක විදියට කතාව මෙහෙමයි..

පොඩි පවුලක්, ළමයි ඉන්න.. සතුටින් ඉන්නවා. මේ අතරෙ ස්වාමියගෙ වෙනත් සම්බන්ධයක් පටන්ගන්නවා. නිකංම නෙවෙයි, වල් පොරකුත් නෙවෙයි. කොහොම හරි එහෙම වෙනවා. එතකොට අර පවුලෙ සාමාජිකයන්ගෙ කතාන්දරය තමයි තියෙන්නෙ. හැපි එන්ඩිං එකක් තියනවා කතාවෙ අන්තිමට.


ඒක කිවුවෙ මේ ගීතය හරියටම රස විඳින්න ඒ පසුබිමත් පොඩ්ඩක් ඕන නිසයි.

පහලින් අහන්න..

නවාතැන්පොලේ ඔබ උන්නා  - දීපිකා ප්‍රියදර්ශනී

Nawathanpole Oba Unna by Deepika Priyadarshani Peris

නවාතැන්පොලේ ඔබ උන්නා
හිම කැට විසිරෙන හැන්දෑවේ
සිතිජ ඉම බලා සුසුම් ලමින්
සුසුම් ලමින්

වරෙක හිනැහුනා වරෙක වැලපුනා
සුසුමෙක සිරවෙනු යලි දු‍ටුවා
ඈත දිනෙක විඳි සිහින සුවඳ යලි
හිස මත දැවටෙනු මට දැනුණා

සීතල සුළඟට උණුසුම වන්නට
ළසෝ දුක සිතින් තුනී කරන්නට
මියගිය සෙනෙහස යලි පුබුදන්නට
මග බලා උන්නා
මග බලා උන්නා
මග බලා උන්නා
මග බලා උන්නා

ප.ලි.
මචන් පිස්සා, ඕං සින්දුව.. හරිගියේ නැත්තං දෙතුන් සැරයක් අහල බලහං.. එතකොට හරියනවා..

Monday, August 2, 2010

උඩුරාවණ කතා වස්තුව - තුන්වැනි දිගහැරුම | Udurawana Stories – Episode 03

 

එහෙනං දූල පුතාල, අපි කලින් දවසේ ඉගන ගත්ත නේ කොහොමද උඩුරාවණ මහත්තය අර සම්මේලනයට යන්න ගුවන්ගත උනේ කොහොමද කියල. අමතක නං මෙතනින් බලල ඉන්නකො.

දැන් උඩුරාවණ මාම ප්ලේන් එකේ යනව. එතකොට මෙන්න මෙහෙම එනවුන්ස්මන්ට් එකක් දෙනව..

"තව ස්වල්ප මොහොතකින් අපි හීතෲ ගුවන්තො‍ටුපොලට ගොඩබහිනවා ඇත"

උඩුරාවණ මාමට හරි සතු‍ටුයි වැඩේට. කොහොම හරි ආවනේ දැන්. එයා අත් බෑගයත් අරගෙන දොර ලඟට ගියා කාටත් කලින්ම. එයා ඔන්න අර පඩිපෙල ලං කරන්න කලින් යානයෙන් පනින්නයි ලෑස්තීය.

දොර ඇරුණ ගමන් උඩුරාවණ මාම දොර ළඟටම ගියා.

මේක දැක්ක පුතේ.. .. කවුද...? ගුවන් සේචිකාවක්...!

එයා කෑගැහුවා..

"වේට් සර්.. වේට්!!" (wait sir… wait!!)

උඩුරාවණ මාම මොකද දන්නවද කලේ දුවේ පුතේ...

"සෙවන්ටි ටූ කිලෝග්‍රෑම්ස්" (seventy two kilograms) කියාගෙන එලියට පැන්න...

දැක්ක නේද ළමයිනේ.. හොඳින් ඇහුන්කන් දීල අහන දේට උත්තර දීල හිතල මතල වැඩ කරන්න ඔය දූල පුතාලත් අද ඉඳල හිතට ගන්න ඕන හොඳේ... උඩුරාවණ මාම වගේ..

කොහොම හරි දැන් මේක දැක්ක පහල හිටපු නිලධාරි මාම කෙනෙක්.. කොහෙද කොහෙද මේ පුතා දුවන්න හදන්නෙ.. දුවන්නෙපා පොලිස් මාම කෙනෙක් නෙවයි. දැන් වාඩිවෙලා ආයෙ මගේ කතාව අහන්නකො.

ඒ නිලධාරි මාම ඇවිත් ඇහුව උඩුරාවණ මාම ගෙන්..

"සර්.. ආ යූ හර්ට් ?" (sir, are you hurt) කියල ඇහුව..

එහෙම වෙනවද අපේ උඩුරාවණ මාමට නේද... වැඩ මාම නේ..

උඩුරාවණ මාම කිවුව..

"නෝ නෝ.. අයෑම් නොට් හර්ට්..! අයෑම් හීන්බණ්ඩාලාගේ උඩුරාවණ..!"  (No ..  no.. I’m not hurt..! I’m Heenbandalage Uduraawana ..! )

දැක්ක නේද දුවේ පුතේ.. උඩුරාවණ මාම තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු හැටි..ඔය ළමයින්ටත් මේව හොඳ පාඩං....

එහෙනං අපි තව එක කතාවක් අහල අදට නවත්තමු හොඳේ...

දැන් අර නිලධාරි මාමල... සැරයක් කිවුවනෙ.. තේරෙන්නෙ නැද්ද.. පොලීසිය නෙවයි.. වාඩි වෙලා අහගන්නව කනට ආදරේ නං.. හොඳයි.. කොතනින්ද නැවැත්තුවේ... අන්න හරි.. නිලධාරි මාමල… නිලධාරි මාමල උඩුරාවණ මාමව බලෙන්ම ඉස්පිරිතාලෙට ඇදන් ගියා..

උඩුරාවණ මාම ඉස්පිරිතාලෙ ඉන්නකොට මෙන්න කවුද ළඟින් ඉන්නෙ.. තඩි සුද්ද මාම කෙනෙක්.. එයත් ඇවිත් බේත් ගන්න...

එයා අපේ උඩුරාවණ මාමගෙන් ඇහුවලු මෙහෙම..

"හෙලෝ.. අයැම් සෆරින් ෆ්‍රොම් ඉන්ෆ්ලුවෙන්සා" (“Hello..! I’m suffering from influenza !!”)

උඩුරාවණ මාමත් ඉතින් ලංකාවෙ හිටියට සුද්දට දෙවනි වෙනවයැ. උඩරට පෙළපතක කෙනෙක් නෙව. මාම කිවුව..

"හෙලෝ.. නයිස් ‍ටු මීට් යූ.. අයැම් උඩුරාවණ ෆ්‍රොම් ශ්‍රී ලංකා.."  (“Hello…! Nice to meet you.. I’m Udurawana from Sri Lanka ..!!”)

මොකද්ද පුතේ ඉන්ෆ්ලුවෙන්සා කියන්නෙ.. ඕව් හරියට හරි.. ප්‍රතිශ්‍යා රෝගෙට.. අර පීනසේ වැඩි උනාම එන්නෙ..

දැක්ක නේද දුවේ පුතේ.. කවුරුහරි එක්ක කතා කරද්දි ආචාරශීලීව කතාකරන්න ඕනෙ. නිවැරදිව..

සුද්ද මාමට තේරුනේ නෑ පුතේ උඩුරාවණ මාමගෙ ඉංගිරිසි.. උඩුරාවණ මාම හරි හපන නෙව..

සුද්ද මාම අහනව.. මෙහෙම.. ඇයි තේරුනේ නෑ නෙ..

“අයි මීන් මයි ඉන්ෆ්ලුවෙන්සා.. කේම් ෆ්‍රොම් කැටාර්(හ්)..” (“I mean my Influenza... came from Catarrh”)

අන්න පීනස් රෝගෙට කියන හැටි ඉන්ගිරිසියෙන්...

අපේ හපන කිවුවලු...

"දෝ අයි සේ ශ්‍රී ලංකා, අයි කේම් ඕල්සෝ ෆ්‍රොම් කැන්ඩි"  (“Though I say Sri Lanka, I came also from Kandy”)

දැක්ක නේද දුවේ පුතේ.. මගේ කටත් රිදෙනව දැන්..අදට නවත්තමු.. අපි තවත් මේ වගේ උඩුරාවණ මාමගෙ ආදර්ශමත් උපදේශාත්මක කතා ටිකකින් ආයෙ හමුවෙමු...එතෙක් ඔබ සැමට ආයුබෝවන්... ආයෙත් එන්න මගේ කතා අහන්න.. ගෙදර ගිහින් හීතෲ ගුවන් තො‍ටුපල තියෙන්නෙ මොන රටේද කියල හොයාගෙන එන්න..හෝම් වර්ක්...

පුතාලට දූලට පරණ කතා ඕන නං..

http://blogvampa.blogspot.com/search/label/Udurawana

මම දූල පුතාලගේ ආදරණීය

වැම්පයර් මාමා....

ප.ලි:

හික් හික්.. කොහොමද කොල්ලනේ ඈ..අහීත මහත්තයො.. කතාවක් මිස් උනානං දාල යන්නකො.. බොහොම ස්තුතියි...මගේ මතකයත් එච්චර හොඳ නෑ...ජය වේවා..අර සින්දුවත් ඉක්මනටම දෙනවා හොඳේ..

Sunday, August 1, 2010

Piano Baila | පියානෝ බයිලා..

පියානෝ බයිලා..

මේක මම  යූටියුබ් එකේ දැකපු වීඩියෝ එකක්. සින්දුවට නං දුක හිතෙනවා. ප්ලේයින් නම් සුපර්බ්..නියමයි...

බලන්නකො එහෙනං..

 

සජ්ත් ප්‍රේමදාස මහත්තය සන්ෆ්ලවර් එක්ක ගහපු එක බැලුව නේද?

මේං ඒකත්..

http://blogvampa.blogspot.com/2010/07/sajith-premadasa-with-sunflowers.html

LinkWithin

Related Posts with Thumbnails