Friday, September 24, 2010
චන්ද්‍ර මඩල බැද්ද වටින් [මෝදු වන්නට පෙර] :)
අන්තර්ජාලයෙනි. මේ වීඩියෝව අසූව දශකයේ මුල් භාගයේ පටිගතකරන ලද්දක්. ගීතයේ පද රචනය කුමාරදාස සපුතන්ත්‍රී මහතාගෙන්. සංගීතය රෝහණ වීරසිංහ මහතා ගෙන්.
බ්ලොගර් එඩිටරයත් අලුත් වෙලා...
Wednesday, September 22, 2010
Ran Banda Senevirathne - 01 | රණ්බණ්ඩා සෙනවිරත්න - 01
සිංහල ගීත කලාවේ ශබ්ද රසය හා අර්ථ රසය යන දෙකම කැටි වුණ ගීත බොහොමයක් තිබෙන බව අවිවාදාත්මකයි. ගීතයක ශබ්ද රසය ඔප්නැංවෙන්නේ සංගීතවේදියාගේ ප්රතිභාවේ මහිමයෙන්. එලෙසම අර්ථ රසය මතුවෙන්නේ පදරචකයාගේ බස හැසිරවීමේ හැකියාවෙන් හා ගීතයට පදනම් වූ නිමිත්තෙන්. අධිනීතීඥ රණ්බන්ඩා සෙනවිරත්න මහතා නූතනයේ බිහිවූ පදරචකයන් අතර ප්රමුඛ පෙලේ වැජඹෙන්නක්. ඔහුගේ සුභාවිත පන්හිඳෙන් බිහිවුණ පදවැල් මගින් බොහෝ දෙනෙක් ඔහු හඳුනනවාට සැක නැහැ. රණ්බණ්ඩා සෙනවිරත්නයන් යනු “බොහෝ ගීත” ලියූ පදරචකයන් ගණයට නොවැටෙන්නෙක්. නමුත් ඔහු අතින් ලියැවුණ ස්වල්පප්රමාණිත ගී හා කාව්‍ය සංග්‍රහයන් ජන සම්මානයට මෙන්ම විචාරක සම්මානයටද පාත්‍ර වූ බව නොකිව මනායි. එතුමා ගේ බොහෝ නිර්මාණ සිංහල සංගීතයේ අදත් ඉහලින්ම වැජඹෙන බව නොරහසක්.
රණ්බන්ඩා සෙනවිරත්නයන් ජන්ම ලාභය ලැබුවේ පොළොවෙ පය ගසාගෙන සිටින බොහෝ කලාකරුවන් ජන්ම ලාභය ලද රජරටින්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලයට නුදුරු මරදන්කල්ල ගමේ. රණ්බන්ඩා මහත්තයගෙ වචනෙන්ම කියනවනම් "ගමේ බයියෙක්". රණ්බන්ඩා මහත්තයගෙ පවුලෙ සහෝදර සහෝදරියො 14ක්, රණ්බණ්ඩා මහත්තයත් ඇතුලුව. ගමේ ගතකල කටුක ජීවන රටාව ඔහුගේ ගීත වලින් මනාව ඔප්නැංවී තිබෙන බව පැහැදිලි සත්‍යයක්. බොහෝ ගී ලියැවුණේ ඔහුගේ සත්‍ය ජීවන අත්දැකීම් ඇසුරෙන් වග වරක් එතුමා පුවත්පත් සාකච්ඡාවකට කියා තිබුණා.
මේ එයට දිය හැකි හොඳ උදාහරණයක්..
පබළු නගා හෙවත් සුමනා රණ්බණ්ඩාගේ ඇවැස්ස නෑනා වූ තැනැත්තියයි. රණ්බණ්ඩා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ගතකරන සමයේ සුමනා මැලේරියාව හෝ කහ උණ (නිවැරදිව මතක නැත) සෑදී මියැදිණි. මෙපුවත නිවසේ කිසිවෙකු රණ්බණ්ඩාට සැල නොකළේ ඔහු ඒ වනවිට විභාග කටයුතු වල නියැලී සිටි නිසාවෙනි. විභාගය අවසන් කොට සුමනාට තෑගිත් සමග ගමට පැමිණි රණ්බණ්ඩා ගෙදරට ගොඩවැදී එසැණින්ම සුමනා සොයා යන්නේ ඇයට ගෙනා තෑගි බෝගත් සමගයි. මග සලකුණු අනුව යම් කිසි නරක දෙයක් සිදුවී ඇති බව ඔහුට වැටහෙන්නට ඇත. මේ අත්දැකීම රණ්බණ්ඩා අතින් කවියට නැගී, පසුව ගුණදාස කපුගේ මහතාගේ සංගීතයෙන් හා ගායනයෙන් ලාංකිකයින් සියලු දෙනාට මෙපරිද්දෙන් දැන ගැනීමට ලැබිණි...
පබලු නගේ නාමල් තිලකේ ..
පුංචි ඔසරි මැණිකේ...
සුමනෝ....
උඹ ඇයි නැත්තේ...
වැවේ දියේ ඇති නිකින් නිණිල්ලේ..
අඩහඳ යායට කෙකෙටිය පිපිලා..
වැව් කන්දේ බෝගස් හෙවනේ...
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුණට ඇල ළඟ වත්තේ
සුමනෝ..
උඹ ඇයි නැත්තේ...
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ..
මිහින්තලා ගල පැත්තේ …..
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා..
පහන් දෙකක එලි මැද්දේ …..
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇල
ඒදන්ඩේ ඉස්මත්තේ …
සුමනෝ.....
උඹ ඇයි නැත්තේ...
සුමනෝ.....
උඹ ඇයි නැත්තේ...
තනු හා හඬ- ගුණදාස කපුගේ (කපුගේ මහතා මේ ගීයට පාදක රිද්මය (base rhythm) ලෙස යොදාගෙන ඇත්තේ මළබෙර වාදනයක තනුවකි)
වැවේ දියේ ඇති නිකින් නිණිල්ලේ..
අඩහඳ යායට කෙකෙටිය පිපිලා..
වැව් කන්දේ බෝගස් හෙවනේ...
මම අද තනියම ඔළිඳ ගනිනවා …
රණ්බන්ඩා ගේ හා සුමනාගේ සමීපත්වය පරිසරයේ සුන්දරත්වය හා මුසුකොට ඇති සැටි ප්‍රසංශනීයයි..
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුණට ඇල ළඟ වත්තේ
සුමනෝ..
උඹ ඇයි නැත්තේ...
තලමලක් පීදීම සමහරු දුර්භාග්‍යයක් සේ සලකති, එහෙත් වෙනදා තල මල පීදුන විට මෙවන් වියෝගයක් සිදුවුනේ නැත. එහෙත් අද.. සුමනා නැත..
අවසන් පද කිහිපයෙන් ඉතා හැඟීම්බර ප්රකාශනයක් ඉස්මතුකොට තිබෙන සැටි බලන්න..
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ..
මිහින්තලා ගල පැත්තේ …..
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා..
පහන් දෙකක එලි මැද්දේ …..
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇල
ඒදන්ඩේ ඉස්මත්තේ …
රණ්බන්ඩා මහත්මයාගෙ තනු බොහෝ විට ගැලැපුනේ ලාලිත්‍යවත් හඬ වලට නොවේ. එයට හේතුව එතුමාගේ පද බොහෝ විට කටුක අත්දැකීම් හා මුහුන් වී තිබීම යැයි මට සිතේ. ගුණදාස කපුගේ මහතා මේ අතර පෙරමුණේ ම සිටින වග අවිවාදාත්මකයි. එහෙත් කපුගේ රණ්බන්ඩා සුසංයෝගයේ විශිෂ්ඨතම නිපැයුම මේ නොවේ.
දවසක් පැල නැති හේනේ...
අකාල මහ වැහි වැස්සා...
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ....
නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ......
නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ...
කොළඹ අහස කළුකරගෙන මූහුදු හුලග අඩලන කොට
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදි කඩ ලග ඉන්නවාද අම්මේ............
(ගායනය හා තනු - ගුණදාස කපුගේ)
හේනේ වැස්සට අසුව ගහක් යට හිටගෙනේ
මට උඩින් නැමීගෙන මාව නොතෙමෙන මෙනේ
ඔසරියෙන් මා වසා අම්මෙ ඔබ තෙමුණනේ
අම්මෙ ඔබ නැති ලොවක මා කෙලෙස ලොකු වුණේ
(රණ්බන්ඩා සෙනවිරත්න- හිතේ දුකට කියන කවි)
"දවසක් පැල නැති හේනේ.." යන්නෙහි අරුත මීට පෙර බ්ලොග්කරුවෙකු හෝ පුවත්පතක හෝ (දෙකේම හෝ) වැරදියට අරුත්නංවා තිබෙනු දුටුවෙමි. එහි තිබුනේ "පැල නැති හේන" යන්නෙහි පැල=hut හෙවත් ගසක් උඩ ඇති පැලක් ලෙස වරදවා වටහාගෙනයි. ඔහු පැල නැති හේන යන්න නිර්වචනය කර තිබුනේ පැලක් නොමැති හේනක්, හෙවත් ගෙදර ගෘහ මූලිකයා හෙවත් පියා නොමැති නිවසක් ආදී වශයෙනුයි. එහෙත් එය එසේ නොවේ.
පැල නැති හේනක් යනු පාළු වී ගිය පුරන් වී ගිය හේනකි. දරිද්‍රතාවයේ පතුලේ සිටි සෙනවිරත්න පවුලේ මව් එකල සිය දූ දරු කුසගිනි නිවීමට පුරන්වී පාලුවී ගිය අත්හැර දැමූ හේන් වල එලවලු ආදිය එකතු කිරීම කළාය. "දවසක් පැල නැති හේනේ..." යනු ඒ අරුත නංවන්නකි.
දිනක් අම්මා මා සමඟ එබඳු අපේ පාළු හේනක එළවළු එකතු කරමින් සිටියා ය. හදිසියේ ම මොර සූරන වැස්සක් කඩා වැටුණි. අම්මා මා ගහක් යටට ගෙන ගියා ය. වැස්සෙන් බේරීමට ගහේ හෙවන මදි විය. එවිට අම්මා කළේ ඇය ගේ ඔසරි පොට නවා මගේ හිසට දමා මා තුරුළු කොටගෙන මට උඩින් නැමී ගෙන මා වැස්සෙන් ආරක්ෂා කිරීම ය. වැසි වතුර අම්මාගේ ඇඟින් පිරී බේරි වැක්කෙරෙනවා මට මතක ය. එසේ එම වැස්ස තුරල් වනතුරු ම ඇය නොසෙල් වී සිටියා ය **
නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ
තමාට එල්ලවන නින්දා ගැරැහුම් මධ්‍යයේ වුවද හිමගිර මෙන් නොසෙල්වෙන්නේ මව් සෙනෙහස පමණයි…..
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
ඔටුන්න යනු නීතිය පසිඳලන සංකේතයක්, මෙයින් රණ්බණ්ඩාගේ වෘත්තිය ගැන ඉඟියක් ලැබෙනවා.
දොරට ගහන්නේ මම අම්මේ
ඉස්සර දවසක පුතා ඔබේ
මට මග තොට වැරදුනා ඉබේ
දොර අනින්න අපෙ අම්මේඅලුත් යාලුවෝ කහවනු සොයලා
ඒ මේ අත දිව යනු දැකලා
මමත් ගියා ඔබ අත හැරලා
කහවනු ලෝකෙට රහ වැටිලානපුරු කලට කාටත් වරදිනවා
හෙනහුරු අපලෙට බටකොල කනවා
දවසක කාටත් ඇහැ පෑදෙනවා
දොර අරින්න අපෙ අම්මේ
(රණ්බන්ඩා සෙනවිරත්න- හිතේ දුකට කියන කවි)
සේපාල ඒකනායක වෙනුවෙන් අළුත්කඩේ උසාවියේ පෙනීසිටියේත් රණ්බණ්ඩා සෙනවිරත්න මහතායි. දැන් මගෙන් අහන්නෙපා කවුද මේ සේපාල කියල..
රණ්බණ්ඩා මහතාගේ කාව්‍ය කිහිපයකින් හා තවත් ගී කිහිපයකින් නුදුරේදී හමුවෙමු. දීර්ඝ ලිපි බොහෝ පාඨකයන් අතරෙන් ගිලිහෙන නිසාවෙනුත් මගේ කාල වේලාව ප්‍රස්නයක් ඇති නිසාවෙනුත් අදට නවතිමු.
අදාළ ලිපි..
http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge
රණ්බන්ඩා මහතා මලියදේව විදුහලේ පැවැත්වූ කථාව
http://tikakhinawenna.blogspot.com/2010/09/blog-post_16.html
http://tikakhinawenna.blogspot.com/2010/09/02.html
Disclaimer
අධික වැඩ කටයුතු මධ්‍යයේ වුවත් මේ දිගු ලිපි මාලාව ලියැවෙන්නේ ටිකක් හිනාවෙන්න බ්ලොගය ලියන සහෘද අභීත එදිරිසිංහ මහතාගේ යෝජනාවක් හා අදහසක් මතයි. මෙයට ලැබෙන තුති වලින් කොටසක් ඔහුට නිසැකයෙන්ම හිමි විය යුතුයි. සියලු චෝදනා වල වගකීම් මා විසින් දරනු ලැබේ. වාක්‍ය නොගැලපීම් හා අක්ෂර වින්‍යාස ගැන නොසැලකුවෙමි, දෙවනි වර නොකියැවූයෙමි.
සෙනවිරත්න මහත්තය ගැන මගේ දැනීම එතරම් හොඳ නැති වුවත් ඇසූ දුටු හා සොයාගත් දේවල් මගින් මේ ලිපිය ගොනු කළෙමි. හෙළයාගේ සටහන් ලියූ සහෘද හෙළයාට විශේෂ ස්තුතියක් පිරිනමමි. වැරදි ඇත්නම් නිවැරදි විය යුතු අයුර කොමෙන්ටුවක් ලෙස දමා යන්නේ නම් හෝ blogvampaඇට්gmailඩොට්com ලිපිනයට දන්නවන ලෙස ඉල්ලාසිටිමි. සියලුම වගකීම් ලිපිය නිවැරදි කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් ඇවිරේ. ලිපියේ ඇති අදහස් මාගේ මතයට අනුව බැව් සැලකුව මනාය.
(** රණ්බන්ඩා සෙනවිරත්න ඉරිදා ලක්බිමට ලියූ ලිපියක කොටසක්, උපුටා ගැනීම සිලුමිණ පුවත්පත)
Thursday, September 16, 2010
නැතුව නැතුව…. | Yes Indeed !
අදත් ඔන්න රස කතාවක් අරගෙන ආවා, මේක පී.ජී.13 රේටින්ග් එකේ (PG13) කතාවක්, දහතුනෙන් පහල අය බලනවනං ඉතින් දෙමව්පියන්ගෙ අනුමැතිය යටතේ බලන්න ඕන.. ලුක් ඇට් යුවර් ඕන් රිස්ක්! ප්‍රසිද්ධයි ඉතින්. කට්ටිය අහලත් ඇති...
දවසක් ගෑනු ලමයි කණ්ඩායමක් දුර බැහැර සිටින තමන්ගේ යෙහෙළියක් බැලීමට ගියා. බොහොම පිටිසර පළාතක්. ගිහින් ඉන්නකොට ගෑනු ලමයි සෙට් එකට බැද්දට යන්න උවමනා වෙච්චි. බැද්දට යනවා කිව්වම “බවදුක” හා “බව කර්ම” කියන චිත්‍රපටි බලපු කට්ටියට නං වෙන එකක් තමා ඔලුවට එන්නෙ. ඒක නෙවයි .. නිකං ලස්සන බලන්න. අම්මප ඒ චිත්‍රපටියෙත් යන්නෙ ලස්සනක් බලන්න නේන්නං..:)
ඒත් ඉතින් කවුද ගෑනු ලමයි ටිකක් යවන්නෙ කැලේ තනියෙම? මේ හින්ද අර හොස්ට් කරන ගෑනු ලමයගෙ ආච්චි ආවලු කට්ටියත් එක්ක තනියට යන්න කැලේ ඇවිදින්න..
ඔහොම කට්ටිය ඇවිදගෙන යනකොට මේ කට්ටිය දැකපු හොරු කණ්ඩායමක් මෙතනට කඩාගෙන බිඳගෙන ආවලු...
දැන් කට්ටිය බයේ ගැහෙනවලු, හොරුන්ට අහුවෙලා නෙව.. හොරු මුලින්ම කට්ටිය වයසෙ පිළිවෙලට පෝලිමක් ගැහුවලු, අඩු වයසෙ අය පෝලිමේ මුලට (හොරු නිසා හොඳයි, නැත්නං කොහොමද ගෑනු ලමයි වයසෙ පිළිවෙලට පෝලිං ගස්සන්නෙ ? )
ඊට පස්සෙ හොරෙක් කියනවලු...
"දැන් අපි උඹලගෙ රත්තරන් බඩු සේරම ගලෝගන්නව" කියල..
පෝලිමේ ඉන්න කෙල්ලෙක් කිව්වලු..
"අනේ ආච්චිගෙත් රත්තරන් බඩු ගලවගන්නවද ?" කියල...
හොරා
"නැතුව නැතුව.."
කියල කිව්වලු...
කට්ටියගෙම රත්තරන්බඩු ඔක්කොම ගලවගත්තලු....
කණ්ඩායමේ වෙන හොරෙක් ඇවිත් කිව්වලු...
"දැන් අපි උඹලගෙ ඇඳුම් ඔක්කොම ගලවගන්නව.."
කෙල්ලෙක් ඇහුවලු...
"එතකොට අනේ ආච්චිගෙත් ඇඳුම් ගලවගන්නවද?" කියල..
හොරා
"නැතුව නැතුව..."
කිව්වලු...
දැන් කට්ටියම ආයෙ පෝලිමට ඇඟේ නූලක් වත් නැතිව.....
කණ්ඩායමේ හිටපු තව හොරෙක් මේක දැකල කියනවලු...
"දැන් අපි උඹල ඔක්කොම දූෂණය කරනව..."
ආයෙත් කෙල්ලෙක් ඇහුවලු...
"එතකොට අනේ ආච්චි වත් දූෂණය කරනවද?" කියල...
එතකොට පෝලිමේ අන්තිම හරියෙන් වෙව්ලන සද්දෙකින් මෙහෙම ඇහුනලු...
"නැතුව.. බොලල්ලා.. නැතුව...හ්ම්ම්ම්"
මූවි රේටිං සිස්ටම් එක ගැන මම පොඩ්ඩක් ලියපු එකක් මෙතැන තියෙනවා.... ඒක පහලොවෙන් උඩ අයට විතරයි ඕං...
http://blogvampa.blogspot.com/2010/07/three-story-books-ma15.html
Wednesday, September 15, 2010
"නෑ සර්.. මුකුත් නෑ..."
මගේ පරණ දේවල් ගැන මතකෙ එච්චර හොඳ නෑ. ඒත් අපේ අභීත මහත්තයා, පිස්සා වගේ ජොකියො ඒව බ්ලොග් වල ලියනකොට මතක් වෙනව ඕං අපිටත් අතීතෙ. මේකත් මේ පන්තියක කතන්දරයක්, පන්තියක කිව්වට ටියුසන් පන්තියක (හැබෑට ටියුසන් පන්ති ඇරෙන්න ලංකාවෙ වෙන පන්තියක් නෑ නෙ නේද?) කමක් නෑ. ඕං මමත් ගියා ටියුසන් පන්තියකට රසායන විද්‍යාවට. අපරාදෙ කියන්න බෑ ඇස්වහක් කටවහක් නෑ, සර් නං පට්ටම සැරයි. ඩෙස් වල ඈත ඉන්න කොල්ලොන්ට ගහන්න දිග ඇන්ටන් පීවීසී බටයකුත් තියනවා පන්තියේ (වැදගත් තැනක මුල්තැන ඇන්ටන් පීවීසී). මේක ගහපු කතන්දරයක් නෙවයි, ගහපු කතන්දර ගැන කියනවා නං ඉතින් වෙනමම බ්ලොග් එකක් ඕන.
ඔන්න ඉතින් සර් උගන්නනවා, පොරට උගන්නන අතරෙ කවුරුහරි කතාකරොත් ඉතින් ආයෙ මල අතේ තමයි, එකම කෑමක් තියෙන්නෙ.
එක දවසක් උගන්නකොට කෙල්ලෙක් කතාකරනවා පොරගෙ අංජනමට අහු උනා. පොඩි බැල්මට් වෝනිං එකක් දැම්මා, ම්හු.. දිගටම වට්ටි අම්මා ටෝක දෙනවා. සර් උගන්නන එක නවත්තලා බලාන ඉන්නවා, පන්තියම මීයට පිම්බා වගේ, ඒත් වට්ටි අම්මල දෙන්නා කතන්දරේ දිගටම කොරාන යනවා.
එක පාරටම සර්..
"කෝ.. ඔය මැද ඉන්න ළමය නැගිටිනවා... මොකො?" කියල අහපි..
ගෑනු ලමයත් ඕං ගැහි ගැහි නැගිට්ට..
"මුකුත් නෑ සර්..." පුරුදු උත්තරේ හම්බුනා...
"මුකුත් නෑ...? " සර් ආයෙමත්...
"නෑ සර්.. මුකුත් නෑ..." කෙල්ල බය වෙලා හොඳටම..
"හොඳට බලනව හොඳට බලනව මුකුත් නැත්ද කියල ?" සර් ආයෙමත් ඇහුව..
දැන් අපේ පැත්තෙන් ලාවට හිනා පාරක් යනව මේ වැඩේ නිසා...
"නෑ සර්.. " කෙල්ල ආයෙමත් කිව්ව..
සර් කොල්ලො ඉන්න පැත්තට හැරිල.. "බොලව්නේ.. මේ.. මේකිට මුකුත් නැහැයි කියන්නෙ" කියල කිව්වා... අපේ ගොඩක් උන්ගේ කට කනට ගිහින් .. සමහරුන්ගේ කට ගිහින් කනේ ඇමිණිලා....
ආයෙ සර් කෙල්ලගෙ පැත්තට හැරිලා "මුකුත් නෑ කියල හොඳටම විස්වාසයි නේද? හරි ප්‍රස්නයක් නෙ" කියල ඇහුව...
කෙල්ලත් දැන් ඇඹරෙනවා...
සර් ආයෙමත් මෙහෙම කිව්ව...
"මේ.. මුකුත් නැත්නම් මෙතන ඉඳල වැඩක් නෑ.. යන්න කටුගෙට!"
ඕං අපි ගියා... කටුගෙට නෙවයි.. අදට අපි ගියා..
පසුවදන..
ඒ ගුරුමහත්තයටයි ඉස්කෝලෙ ගුරුමහත්මියටයි පින්සිද්ද වෙන්න මම ඒ අවුරුද්දෙ රසායන විද්‍යාවට හොඳ ලකුණක් ගත්තා. අද මට මෙතැන ඉන්න පුලුවන් වෙලා තියෙන්න ඔවුනගේ කරමතින්.. හොඳ ලකුණක් කියන්නෙ A එකක්, බහුවරණ වලට හැටෙන් පනස් පහකුත් සමග..!! ඔව් ඔව්.. මේ මට තමා...කතන්දරේ දන්න වෙන අය ඉන්නවනං ඔය නං ගං මෙතන ලියන්නෙපා. ලිව්වත් ඉතින් වැඩක් නෑ.. මම මොඩරේට් කරල නෙව තියෙන්නෙ කොමෙන්ට්ස්...
Friday, September 10, 2010
කුනුහරුප සින්දු ..!! | Slang Songs..!!
පහුගිය දවසක මට අම්බානකටම මල පැන්නාය. කොච්චර පැන්නාද කිව්වොත් තව පොඩ්ඩෙන් උගේ ගෙදරම ඉඳන් ඌට අම්මබානක නෙලනවාය. සිද්දිය මේකය. සුලු සිද්දියක් වීමටද පිලිවන්ය. ඒත් මගේ මල අම්බානය. ඒ මම නූතන සඟිස්කුරුතයට නොගැලපෙන පරණ මොඩලයක් වීම නිසාද යන්න මම දන්නේ නැතිය.
අපේ ලංකාවේ ඉන්න බුවාලා හොඳ ජීවිතයක් ගතකිරීම සඳහා විදේසගතවනවාය. බොහෝ විට මේ සඳහා තෝරාගන්නේ ඕස්ත්‍රේලියාව, කැනඩාව වැනි රටවල්ය. අමතක කරන කරුණ නං මේවායේ සුද්දො කියල ඉන්නෙ ඔරිමජිනල් සුද්දො නෙවෙන වගය. ඕවයෙ ඉන්නේ එංගලංතෙන් පිටුවහල් කොරපු ඉරහඳ ලෙවකාල ඉන්න ජාතියෙ අයියලගෙන් පැවත එන සුද්දන්ගෙ පරම්පරාවය. ඒකට ඉතින් කමක් නැත. බොහෝ උන්ගේ ඇතුල ලංකාවෙ ඉන්න ඇවරේජ් පොරකට (හොරෙක් ? ) ට වඩා ටිකක් හොඳය. ඒකත් පැත්තකින් තියමු...
ලංකාවෙ පොරකුත් උගේ හැත්ත බුරුත්ත එක්ක මේ රටකට ආවාය. ඉතින් ඒවායෙ ඉන්න ලංකාවෙ උන් හැටියට අපි සෙට් වූවාය. මිතුරෝත් උනාය. උගේ ළමයිත් මෙහේ ඉස්කෝල වලට දැම්මාය. මෙහේ ඉතින් පොඩි පොඩි ගතමන්ට් කාරිය ලොකු මහත්තයට දෙන්න ඕනෑ නැතිය. ඉස්කෝලෙ ඒරියා එකේ ඉන්නවනං කොහොමත් පොඩි එකා ඉස්කෝලෙට ගන්නවාය.
මට පොඩි එකාගේ හැසිරීම ටික දවසකින් ඇල්ලුවේ නැතිය. මූ නිකං වලංකඩේ ගොනා වගේ හැසිරෙනවාය. මට මොන පු යන්නක්ද කියලා හිටියත් ලංකාවෙ කමට මම මහ එකාටත් කිව්වාය. මහ එකා මගේ කීම ඇහුවාය. මම පොඩි එකාටත් ඉතින් ලොකු දේසනාවක් දුන්නාය.. ඌ හොඳය.. ටිකකින් ඌට තේරුනාය. දැනටත් ඌ හොඳින් ඉන්නවාය.
ඊට කාලෙකට පස්සෙ මට මහ එකාගේ වෙනසක් පේන්ට ගත්තාය. මහ එකා සුද්දා වගේ හැසිරෙන්න ගත්තාය. කඩ්ඩ සින්දු අහන්න පටන්ගත්තාය. ඒක හොඳය. මොකද කඩ්ඩ නැත්තං හාමතේ මැරෙන්න වෙනවාය. ඒත් සුද්දා වගේ වෙන්න ඕනෑ නැතිය.
සිද්දිය සැකෙවින් මේකය...
එක දවසක් මම උන්ගේ ගෙදර යනවිට කඩ්ඩ සින්දුවක් පලු පැලෙන්න දාලාය. මම පොඩ්ඩක් ඇහුංකන් දුන්නාය. ඒක නිකං ඇහුවම ඇඹරිලා යන සයිස් එකේ කුනුහරුප තියෙන සින්දුවක්ය. දෙකක් දාගත්තම පාරේ වැනි වැනි කියන ජාතියෙ ඒවාය. ඉතින් මම මේ මොකදැයි මහ එකාගෙන් ඇහුවාය..
ඌ මට හෙන දේසනාවක් දෙන්න පටන්ගත්තාය, මෙහේ ඉන්නවනං ඉතින් මෙහෙම ඉන්න ඕනෑය, අරකය මේකය යැයි කිව්වාය. එතකොටම මට මල අතට ආවාය.
මම ඌට සිංහලෙන් දුන්නාය. එහෙම ඕනෑ නැති වග ඒත්තු ගැන්නෙන්න කෙස් පැලෙන තර්කද දුන්නාය. මූ පොඩි එකාට හපන්ය. පොඩි එකා වලංකඩේ ගොනා වගේ ඉස්සර හිටියාය. ඒත් මහ එකා ඇත්තටම වලංකඩේ ගොනාය. ගොං වස්සාය. අන්තිමට මම මෙහෙම ඇහුවාය..
"උඹ දන්නවද බොල උඹ ඔය උදේ හවා අහන ඒවයෙ තේරුම?"
ඌ ඔලුව දෙපසට වැනුවාය. මම ඌ කාමරේට එක්කන් ගොස් ජාලය මගින් එක ගීතයක පද මාලාව පෙන්වා එය ඌ ලව්වා මුද්‍රනය කරවා ගත්තාය. ඉන්පසු මධුර හා මලලසේකර මගින් ඒ වචනවල තේරුම ඒ කොලේම ලියලා මට පෙන්නපං කිව්වාය. කියලා මං ආවාය.
පස්සෙන්දා උදේ මගේ දුරකතනෙ නද දෙන්නට පටන්ගත්තාය. මහ ගොනාය..!!
පොරට වැඩේ අහුවෙලාය. මාත් එක්ක ඇඬෙන්න කතාකරාය. මම කිව්වේ මෙච්චරය..
"උඹට ඕව නොතේරුනාට උඹේ පුතන්ඩියට නං ඕව හොඳට තේරෙනවාය.. ඌ තාත්තගේ තරම දැනගන්නට ඇතිය....!!"
මේ ගැන මං කලින් ලිපියක මයියාට කොමෙන්ට් එකකුත් දැම්මාය.. ඒ මේකය...
http://blogvampa.blogspot.com/2010/08/blog-post.html
මයියා said...
මයියා ටත් ඔය සින්දු දේක තුනක් ඇරුනම අළුත් අයගේ සින්දු දිරවන්නේ ම නැත. මයියා හිතුවේ එහෙම වෙන්නේ මයියා වයසට ගිහින් ඇති නිසා කියලා ය,
මොකද ඔය ඉස්සර අමරදේව මාස්ටර් ගේ සින්දු අහපු කට්ටිය ඒ කාලේ ජනප්‍රිය වේදිකා වේ සින්දු කියපු ජෝතිට, මිල්ටන් ලට අම්බානකට බැන්නෝය. පස්සේ ඔවුන් ක්ලරන්ස් ලට , රූකාන්තලට බැන්නෝය...ජිප්සීස් ලව නම් පෙන්නන්ම බැරිය..දැන් බලන කොට අලුත් සින්දු එක්ක බලන කොට ජිප්සීස් ලගේ සින්දු දාහෙන් සම්පතය..
මොනා උනත් මයියා ට දුක හිතෙනේ ට්‍රිප් එකක් ගිය වෙලාවකටවත් හරි හමO සින්දුවක් කීමට අළුත් අය දන්නේ නති එක ගැනය...
මයියගෙ බසින්ම ලිව්වෙ ඒකය..
කොතැන ගියත් ලංකාවේ විදියට ඉන්නට හිතටගන්න ඕනෑය. රටවල්වල තියෙන හොඳ විතරක් ගන්නට ඕනෑය. පොඩි උන් ගැන විමසිල්ලෙන් ඉන්නට ඕනෑය..
මලෙන් ලිව්වාම මේව කියවන උන්ටත් මල පනිනවාය. ඒක නිසා මට සමාව බාජනයකට දාලා දෙන්නට සිතට ගත යුත්තේය.
ලංකාවෙත් මේව මෙහෙමම වෙනවාය කියලා මට අහන්න ලැබුනාය. ඒ මෙතැනින්ය.
Tuesday, September 7, 2010
වස් කවි ... 16+ | Was Kavi 16+

අපේ දුමී අයියත් කලින් ඉල්ලල තිබුන නෙව ගුරුකමක් අල්ලපු ගෙදර මිනිහා විදේශගත කිරීමට! අප්පේ ඕව ගමහාමිනේ දැනගත්තොත් දුමී අයියට නවතින්න වෙන්නෙ අඟහරු ලෝකෙ තමයි!
මේ දවස් වල තියෙන ප්‍රස්නයක් නෙව මේ කුනුහරුප කොමෙන්ට් වැඩේ. ඔන්න මගෙන් පොඩි වස් කවියක්.. ගුරුකම් කරනවා කිව්වට කලේ නැහැ නෙව..
ලියන ලියන කොමෙන්ට් මොඩරෙට් වීයන්
ස්පෑම් වෙලා ප්‍රොෆයිල් බ්ලොක් වීයන්
ලොග් වෙන සැරේ ඉන්ටර නෙට් නැති වීයන්
හතර හන්දි කැඩිලා මක බෑ වීයන්
හීරෝ, සිරා, ස්පයිඩර් මෑන් යයි කියා ගනිමින්
වටේ පිටේ බ්ලොග්ග වල තිත්ත කුනුහරුප ලියමින්
ඉන්න උන්ගෙ අම්ම තාත්තා ගැන දන්නෙමි නිසැකෙන්
මුන් හැදුවට වඩා හොඳයි පිහිද දැම්මනම් සරමෙන්
මහා මන්ත්රාචාර්ය වැම්පිගුරා...!
Monday, September 6, 2010
මාතර මහා ගුරුකම්..! – MataraBloggers ..!
ළඟ ළඟ ඉඳන් හොරාට හොරාට බ්ලොග් ගුරුකම් කරන අපේ ම කට්ටිය එකතු කිරීමට, දැනට බ්ලොග් ගුරුකම් කරනන්නන් අතර මිතුදම් වර්ධනය කිරීමට, සිංහල බ්ලොග්කරණයේ යෙදන පිරිස වැඩි කරගැනීමට, ඈත් වූ අය එපා කිරීමට, එපා වූ අය ඈත් කිරීමට, වශී ගුරුකම් කිරීමට,අල්ලපු ගෙදර මිනිහා විදේශගත කිරීමට, දින හතෙන් සිතේ ඇති කෙනා දෙපා මුලට ගෙන්වා දීමට, හදවත සොරාගත් කෙනා හදවත කරේ තියාගෙන දින හතක් වත්ත වටේ ඇවිද්දවීමට, හැරගිය පෙම්වතියගේ මිතුරිය හා යහලු වීමට, හදි හූනියම් කිරීමට, විභාග නඩු හබ ජය ගැනීමට, සතුරු කරදර නැති කිරීමට ආදී මෙකී නොකී සියලුම දේවල් බාරගනිමු! කැවිලි නැත, පැන්නිලි නැත, ඇනිලි නැත, කෙස්, ලොං, දත් උවමනා නැත.
විදෙස් ගතවී බ්ලොග්කරණයේ නිරතවන මාතර අසරණ දරු දැරියන්ට ඊමේල් මාර්ගයෙන් හා ගූටෝක් මාර්ගයෙන් පිහිටවෙමු!
ලග්නය, උපන් දිනය, නම් ගම් ලියූ මුද්දර ගැසූ දිග ඊ ලියුමකින් හෝ පහත ලිපිනයෙන් අප හා සම්බන්ධවෙන්න..
apply membeship url http://goo.gl/QtrG
පූජා භාණ්ඩ ඔබ විසින් සැපයිය යුතුයි! පෝය හා රජයේ නිවාඩු දින වුවද අවුලක් නැත. හරිගිය පසු මුදල් අය කරනු නොලැබේ...!
මේ සත්කාර්යයට මුල්වුන දේවමෑණී පබලු, දේව දරු හා පැටික්කී, මංකඩ ලියන කාංචන දිනූක ගුරුන්නාන්සෙ, සුපුන් බුධාජීව ගුරුන්නාන්සේ ප්රමුඛව දැනට මාතර ඉඳන් බ්ලොග් ගූරුකම් කරන පිරිස වෙනුවෙන් ඔබව දැනුවත් කලේ
මහා මන්ත්රාචාර්ය වැම්පිගුරා..
මාතර බ්ලොග්කරුවන්ගේ සංගමය මෙයින් ප්‍රසිද්ධියට පත්කරන ලද වගයි…
ඉල්ලුම් කරන්න...මෙතැනින්..
apply membeship url http://goo.gl/QtrG
group එකේ url එක http://goo.gl/35GS
මොකක් හරි සීන් එකක් වුනොත් අපිට ටෝක් කරන්න ඒ කිව්වේ ඊමේල් කරන්න http://goo.gl/2cuj
ලෝගෝ නිර්මාණය- මහා මන්ත්රාචාර්ය සුපුන් බුධාජීව
ප.ලි.
මේ දවස් වල හරිම බිසී.. ඒකයි මේ පැත්තෙ එන්නෙ නැත්තෙ.. ඒත් පෝස්ට් ඔක්කොම බලනවා කට්ටියගෙම..
අපිට කතාකරන්න තියෙන මාතෘකාවකට හොඳ පූර්විකාවක් මෙතැනින්...අපේ අභීත මහත්තයගේ ලිපියක්..
http://tikakhinawenna.blogspot.com/2010/07/blog-post_27.html
වික්ටර් ප්‍රේමකීර්ති සුසංයෝගය සමගින් එකතුවෙමු පසුවට..(මට වෙලාව නෑ බොලව්)
නැවත හමුවන තුරු ආයුබෝවන්...!