Friday, January 28, 2011

බස් කවි

image

අපේ ගූගල් බස් සංගමයේ නිර්මාතෲ වන ගරු බස්පි වැප්නි සාන්ත මහත්තය බස් සතියක් ප්‍රකාසයට පත්කරල. බස් කතන්දර දාන්න කියල කියල තියෙන්නෙ. මාරයිය එහෙන් බස් පළු කතා සීරිස් එකක් ඇද බානව. මේ අව් අස්සෙ මට මතක් වුණා බස් වල යන හැමෝම වගේ දන්න චරිතයක්. බස් කවියෙක්. විල්බට් අඹතලාව! අහල නැත්ද මන්ද? නැති වෙන්න අමාරුයි. ඔය බස් වල ගහල තියන කවි වලින් සීයට හැට හැත්තෑවක වගේ පොරගෙ නම නෙ තියෙන්නෙ. නම නැති කවිත් තියනව. මතකත් නෑ හරියට. අන්තිමට ලංකාවෙ ප්‍රයිවට් බස් එකක ගියේ අවුරුද්දකට වගේ කලින් නෙව. කට්ටියට මතක ඒව තියෙනවනං දාල යන්නකො කොමෙන්ට්  විදියට.

පටාන්ගන්න.. බස් කවි...

අපහට සිදුවේය ලොකු ලොකු දඩ කන්න
සෙසු හැම දෙනා හට සිදුවෙයි තෙරපෙන්න
ඔබගේ පොකැට්‍ටුව ඉඩ ඇත නැතිවන්න
පා පුවරුවෙ නොසිට කරුණාකර ඇතුලට යන්න

මේක අන්තිම පදේ කියවන හැම වෙලාවකම මට හිනායනවනේ. මාත්‍රා පොඩ්ඩක් වැඩියි වගේ නේද?

ඉබ්බා ගහන පොලිස් මාමලා ගැන කියැවෙන මේ කවිය බලන්න

හැඳුනුම් කමට නිළයට ඇති බලය පිට
බස්වල පිනට යන්නෝ ඇත විටින් විට
දැන් අදකාලෙ විය හියදම බලන විට
බස් හිමි ගෙනුත් අයකළයුතු වනව හෙට

මේකත් මතක් කරගත්ත අමාරුවෙන්

ජීවිත රකියි රියදුරු ගිනි ගොඩක හිඳ
මුදලත් මගියොනුත් සමඟින් තරඟ වැද
දහදුක් විඳියි කොන්දොස්තර රථය මැද
සුලු වරදකට දොස් පැවරුම වටිනවද

මේකත්

දොස් මිස හොඳක් නැති මේ බස් රස්සාව
දුප්පත් නිසා කරනෙමු ගෙන පිරියාව
හැකි හැම විටම පෙන්වමු මුව සිරියාව
එය වෙයි දිරිය වැඩිවන්නට හැකියාව

තව ඔය වගේ අටෝරාසියක් තියෙනවනේ හැබෑට.  මතක ඇත්නං පහලින් කොටාල යනවා හොඳයි.

අපි කැපුණා..

සිත් ගත් ගී - මොහොමඩ් රා‍ෆි - Aaj Aur Kal (1963)

ෆුහ් ෆුහ්.. මකුළු දැළුත් බැඳළ මගේ බ්ලොග් එකේ හැබෑට . මේ දවස් ටිකේම හරිහමං වෙලාවක් කලාවක් හම්බුනේ නෑ නෙ.  අදත් ඉතින් පොඩි සින්දුවක් කාරිය දීල ශේප් වෙන්නයි හදන්නෙ හරිය.

ආජ්  ඕර් කල් කියන්නෙ එකදාස් නවසිය හැට තුනේ ඉන්දියාවෙ හොඳටම හිට් වෙච්ච (හිටේ හිට්) ‍ෆිල්ම් එකක්. නන්දා , සුනිල් දත් ප්‍රධාන චරිත රඟපාපු මේකෙ සංගීතෙ රවි මහත්තයගෙන්. මේ සින්දුවෙ සිංහල එක නං ඉතින් කට්ටිය අහල නැතිවෙන්න බෑ. ජෝතිපාල මහත්තයගෙ කඳුලැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ.. ගීතයේ මුල් හින්දි ගීතය තමයි මේක. සබ්ටයිටල් එක්කම තියන නිසා ඉතින් තේරයි ලාවට. ඉන්ගිරිස් නෙ. කලින් දීපු ටවර් හවුස් ‍ෆිල්ම් එක වගේ මේක නං මම බලල නෑ. ඉතින් පොඩි ප්ලොට් කෑල්ලක් ලියාගන්න අමාරුයි.  කතා මොකටද අහලම බලන්නකො.

Film : Aaj Aur Kal (1963)
Singer : Mohd. Rafi
Acting : Sunil Dutt , Nanda
Music : Ravi



~~නිහඩ ලොව බිදින්න~~

උපුටාගැනුම - ඉලන්දාරියා - මනුස්සකම නාමයෙන් ඔහුට හැකි පමණින් උපකාරයක් කිරීම ඔබගේ යුතුකමයි..!


මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
 එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්යමාන හස්තයට මම නතුවෙලා.
 යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා. අතර තුරදී මට ලංකාවෙ ප්රසිද්ද රෑපවාහීනි වැඩසටහන්  ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ් පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්යක්ෂනය,  නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්රවනය දුර්වල උනා. එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද් ප්රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්රවණතත්වය පහල  යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද් වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්රධාන විශේෂඥ වෛද් ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද් නිගමනයයි. ඒසදහා අවශ් කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ඉලන්දාරියාබ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.  
ස්තුතියි!.
විමසිම්
0772332071 
0718050116
facebook :

D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612 
(ලංකා බෑංකුව මාතලේ )









Original post from http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html

Tuesday, January 11, 2011

සිත් ගත් ගී - මේ මහ කන්ද - අමරදේව | Me Maha Kanda - Amaradeva







ඔබ මා සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස

ඔබ ගම අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද  බැලුවා
හො‍රැහින් මදෙස


වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබඳින කිරළා හඬා වැටෙයි
නොකියූ රහස හද උතුරා වාන් දමයි
මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි


ඔබ මා සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස

ඔබ ගම අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද  බැලුවා
හො‍රැහින් මදෙස

සුනිල් සරත් පෙරේරා.. අමරදේව...



ජය.. වැම්පයර්

Saturday, January 8, 2011

ඇබ්සින්ත් හෙවත් කොළ සුරඟන 18+ | Absinthe – The Green Fairy 18+

 

220px-Oliva

මාතෘකාව ටිකක් අමුතුයි නේද? වැඩිහිටියන්ට පමණක් සුදුසු ආකාරයේ මාතෘකාවක් තමයි මේ. ඇබ්සින්ත් (ඇබ්සින්තෙ) එහෙම නැත්නං ග්‍රීන් ෆෙයාරි කියන්නෙ හයිලි ඇල්කොහොලික් එහෙම නැත්නං අධි සාන්ද්‍ර ඇල්කොහොල් පානයක්. සාමාන්‍යයෙන් සියයට 50ක ඉඳල සියයට 90ක් (50%-90% v/v)දක්වා බර අනුව ඇල්කොහොල් ප්‍රමාණයක් අඩංගු ඇබ්සින්ත් ලබාගන්න පුළුවන්. ප්‍රමාණාත්මක අදහසක් ගැනීමට ඕන නං බොහෝ බර්බන් (bourbon) ස්කොච් (scotch) හා අයිරිශ් (Irish) විස්කි වල ඇල්කොහොල් ප්‍රතිශතය 36% සිට 48% වැනි අගයකයි පවතින්නේ. අන්තර්ජාලයට අනුව ඇබ්සින්ත් මධ්‍ය යුරෝපයේ ස්විට්සර්ලන්තය හා බොහිමියාවේ නිර්මාණයක්. ඈත අතීතයේ සිටම ඇබ්සින්ත් වලට විශාල වශයෙන් විරෝධතා ඇතිවී තිබෙනවා. මෙයට මූලිකම හේතුව වන්නේ එහි ඇති අධික ඇල්කොහොල සාන්ද්‍රණයයි. නැවත ඇබ්සින්ත් කරළියට පැමිණෙන්නේ   අනූව දශකයේ මුල් භාගයේදී යුරෝපයේ නව නීති රීති හා සම්මතයන්ට අනුවයි.

ඉතිහාසෙ ඇති නේ. දැන් වැඩේ යන හැටි.

ඇබ්සින්තෙ හදන්න සම්මතයක් නෑ. මේ මේ දේවල් මේ මේ ප්‍රමාණයට මිශ්‍ර කරලා මේ මේ සැර එන්න හදනවා කියලා නියමයක් නෑ. නිශ්පාදකයන් එකිනෙකාගෙන් වෙනස් ක්‍රම අනුගමනය කරනවා. මූලික වශයෙන් පැලෑටි තුනක් පාදක කරගෙනයි ඇබ්සින්ත් නිශ්පාදනය කරන්නේ.

1. අසමෝදගම් (බඩේ අමාරු වලට හිස කැක්කුම් වලට ගුණ දේ :) )
2. මාදුරු
3. ග්‍රැන්ඩ් වෝම්වුඩ් (කොහොඹ පවුලේ ගසක්)

ඔය ප්‍රධාන සංඝටක තුනට කියන්නෙ "The Holy Trinity" එහෙම නැත්නං "ශුද්ධවූ ත්‍රිත්වය" කියලා ! අර අරළු, බුළු, නෙල්ලි වගේ..!

මේ ගස් වල විවිධ කොටස් විවිධ විවිධ අනුපාතවලින් මිශ්‍ර කිරීමෙන් (පස් පංගුව හදනවා වගේ තමා) හා වෙනත් විවිධ පැලෑටි වර්ග හා සුවඳ කාරක (කුරුඳු, කරාබුනැටි, කරදමුංගු, සාදික්කා)  එක් කිරීමෙන් සාදාගත් මිශ්‍රණය ස්වාභාවික පැසවීමේ ක්‍රියාවලියකින් අනතුරුව සාන්ද්‍ර ඇල්කොහොල් ශීත තත්ව යටතේ එක් කිරීමෙන් ඇබ්සින්ත් සාමාන්‍යයෙන් නිශ්පාදනය කරනු ලබනවා. හැබැයි ළමයි, දාන්නෙ ඔක්කොම බෙහෙත් වුණාට අවසාන ප්‍රතිඵලය බෙහෙතක් නම් නෙවයි ! අධි සාන්ද්‍ර ඇල්කොහොල් පානයක්. විනිවිද පෙනෙන ලා කොළ සිට තද කොළ පැහැය වෙනකම් ඇබ්සින්ත් ලබාගන්න පුළුවන්. වෙනස් විදියේ ටෙක්ස්චර්ස් සහිත ඇබ්සින්ත් වෙළඳපොළේ තිබෙනවා. අවලම්බිත අංශුමය ස්වභාවයේ ටෙක්ස්චර්ස් ඇති ඇබ්සින්ත් ජනප්‍රියයි. (ටෙක්ස්චර් කියන එකේ සිංහල වචනෙ මතක නෑ නෙ, සමාවෙන්න)

ඇබ්සින්ත් පානයට සුදුසු ආකාරය සකස් කරගැනීම

මේක නං ටිකක් විතර අමාරු වැඩක්. පොඩ්ඩ ගැස්සුනොත් ඉතින් දවස් එකහමාරක් විතර යනකං වුණ දේ මතක තියන එකක් නෑ. මේක තනූක කරන්නේ සිසිල් ජලයෙන්. මතක තියාගන්න මේකට ස්පාක්ලින් වෝටර් එහෙම නැත්නං බුබුළනය වන ජලය හෝ කාබනීකෘත පානයන් හරියන්නෙ නෑ. ජලය සිසිල් වීමත් අනිවාර්යයි. ඇබ්සින්ත් වහා ගිනිගන්නා සුළුයි. දුම් පානය කිරීමෙන් වැලකීම සෞඛයට හිතකරයි. ඇබ්සින්ත් පිළියළ කිරීමට චිශේෂ හැඳි වෙළඳපොළේ තිබෙනවා. ඇබ්සින්ත් හැන්ද සිදුරු සහිත කැටයමක් ඇති හැන්දක්. ගෑරුප්පුවකින් වුණත් මැනේජ් කරගන්න පුළුවනි. තව අවශ්‍ය වෙන්නේ සීනි කැටයක් (sugar cube). මේකට සාමාන්‍ය සීනි හරියන්නෙ නෑ. සුපර්මාකට් වල බඩු තියෙනවා. කියුබ්ස් ගන්න ඕන. හරිනේ එහෙනං.

ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා.

අහ් ඊට කලින් දැනගන්න ඕන දේ තමයි ශොට් එක කියන්නෙ මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් ශොට් එකක් කියන්නෙ ද්‍රව අවුන්සයක ප්‍රමාණයක්. මිලි ලීටර් වලින් නම් ආසන්න වශයෙන් 30ක්. ඇබ්සින්ත් හදන්න විශේෂ වීදුරු වර්ග තියෙනවා.

 image

මේ තියෙන්නෙ ඒ වීදුරුවක් සහ ඇබ්සින්ත් හැන්දක්. වීදුරුව කොටස් දෙකක් වගේ පෙනෙන්නේ, පහළ කොටස පිරෙන්න ඇබ්සින්ත් දමාගැනීමටයි. රූපයේ තියෙනවා වගේ.

ක්‍රම දෙකට එමු.

පළවෙනි ක්‍රමය තමයි ෆ්‍රෙන්ච් ස්ටයිල් එක. මේකෙදි කරන්නෙ ඇබ්සින්ත් ෂොට් එක වීදුරුවට දාල ඇබ්සින්ත් හැන්ද වීදුරුව උඩින් තියල හැන්ද මත සීනි කැටය තියල අයිස් වතුර හීන් සීරුවේ සීනි කැටය උඩට වත් කිරීමයි. එතකොට සීනි කෑටය දියවෙමින් අයිස් වතුර ඇබ්සින්ත් වීදුරුවට වැටෙනවනේ. මේ විදියට..

image

ලා කොල- කිරි පැහැයක් එන්න ඕනෙ.

 

දෙවනි ක්‍රමය ටිකක් භයානක ක්‍රමයක්, වගේම නිපදවෙන පානයේ සැර අධිකයි. මේකට කියන්නෙ චෙක් ස්ටයිල් එක, එහෙම නැත්නම් බොහිමියන් ස්ටයිල් එක කියලයි.

ඉහත රූපයේ මුල් පියවර දෙක එසේමයි. දැන් සීනි කැටය උඩට ඇබ්සින්ත් පොඩ්ඩක් දාන්න ඕන. බොහොම පොඩ්ඩයි. සීනි කැටය පෙ‍ඟෙන්න තරමට. ඊට පස්සෙ ගිනිකූරක් ගහල සීනි කැටය ගිනි දල්වන්න. ප්‍රවේසමෙන්! සීනි කැටය ලා නිල් පාටට දහනය වෙන්න පටන් ගනී, අධි සාන්ද්‍ර ඇල්කොහොල් නිසා. උණු සීනි වැටිල ඇබ්සින්ත් දහනය වෙන්න පුළුවන්. ගණන් ගන්නෙපා.. :) සීනි කැටය කැරමල් වෙනකොට අයිස් වතුර දාල ඒක නිවන්න.හැන්ද ඇල කරලා ඇබ්සින්ත් වීදුරුවට කැරමල් සීනි කැටය පෙරළන්න. අයිස් වතුර වීදුරුවට දමමින් කලතන්න. දැන් බොහිමියන් ස්ටයිල් ඩ්‍රින්ක් එක රෙඩි..!

බොහිමියන් ස්ටයිල් එකෙන් එන ඩ්‍රින්ක් එක සැරෙන් ෆ්‍රෙන්ච් ස්ටයිල් එකට වඩා වැඩියි. රසයත් තීව්‍රයි

ඇබ්සින්ත් කියන්නෙ මනෝ රූප මැවෙන වර්ගයේ පානයක් යන්න ප්‍රසිද්ධ මතයක්. මුල්ම ඡායාරූපයත් එය විදහා පෙන්වන කලා නිර්මාණයක්..

මතක තියාගන්න ඇබ්සින්ත් කියන්නේ නිතර භාවිතා කල යුතු දෙයක් නෙවයි. ලිපිය ලියූවේ හුදෙක් ඔබගේ දැනගැනීම සඳහායි.

වයින් ගැන විස්තර..

http://blogvampa.blogspot.com/2010/12/blog-post_25.html

බීපු කතන්දර

http://blogvampa.blogspot.com/2010/12/monkey-toddy-pot.html

http://blogvampa.blogspot.com/2010/12/sergeant-thief-and-extra-special-arrack.html

 

ඡායාරූප හා ඉතිහාසගත කරුණු විකිපීඩියාවෙන්.

මත්ද්‍රව්‍ය භාචිතය සිරුරට, මොළයට අහිතකරයි. මොළයේ සෛල විනාශ වීමට මූලික හේතුවකි. මත්ද්‍රව්‍ය යනු ලොව වැලැක්විය හැකි මරණය ගෙන දෙන හේතු වලින් මුල් තැනෙහි ඇති දෙයකි.

Wednesday, January 5, 2011

"මේ නොනිමෙන දිවි ගමනේ" | Aye Mere Dil-E-Nadan

 
image
ජෝතිපාල මහත්තයගෙ ජනප්‍රියතම ගීත ගැන කාගෙන් හරි ඇසූවොත් ඒ අතර "මේ නොනිමෙන දිවි ගමනේ" ගීතය අනිවාර්යයෙන්ම ඇතුලත් වෙනවාට කිසිදු සැකයක් නෑ. "මේ නොනිමෙන දිවි ගමනේ" ගීතයත් ජෝතිපාල ගැයූ බොහෝ ගීත සේම අනුකාරක ගීතයක්. මෑතකදී මා හා මාගේ මිතුරෙකු අතර පැවති ගූගල් චැට් සංවාදයකදී ඔහු මගෙන් මේ ගීය ගැන අසනු ලැබුවා. සියලු දෙනාගේ දැනගැනීමට හා රසවින්දනයට "මේ නොනිමෙන දිවි ගමනේ"  ගීතයේ මුල් හින්දි ගීතයේ මුල් පිටපත මේ සමග අමුණන්නම්.
එකදාස් නවසිය හැට එක හැට දෙක කාලයේ ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත් "ටවර් හවුස්" චිත්‍රපටයේ අඩංගුවුණ මේ ගීතය ලතා මංගේශ්කාර් ගේ ගායනයක්.  අශාඩ් බෝපාලියන් විසින් පද රචනය කරන ලදුව රවි විසින් සංගීතවත් කළ මේ චිත්‍රපටය  ජාතික රූපවාහිනියේ එක් වරක් විකාශය කළා මතකයේ ඇත. "හොරර් + රොමෑන්ටික්" ජෙනර්ස් වල වර්ග කළ හැකි මෙම චිත්‍රපටය මගේ ප්‍රියතම ගුඩ් ඕල්ඩ් ක්ලැසික්  ගණයේ ඇති චිත්‍රපටයක් බව නොකියාම බැහැ. ඔබ පැරණි හින්දි චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම බැලිය යුතු චිත්‍රපටයක්...
පිළිගන්න ඔබේ අත්පොළසන් නද මධ්‍යයේ මධ්‍යයේ මධ්‍යයේ  ලතා  ලතා  ලතා  මංගේශ්කාර්... (එකෝ එකත් දැම්ම)
ජෝතිපාල මහත්තය ඒ මුල් ගායනයට කෙතරම් දුරට සාධාරණයක් ඉ‍ටු කළාද යන්න නිගමනය කිරීම ඔබට බාරයි..

LinkWithin

Related Posts with Thumbnails