Saturday, January 8, 2011

ඇබ්සින්ත් හෙවත් කොළ සුරඟන 18+ | Absinthe – The Green Fairy 18+

 

220px-Oliva

මාතෘකාව ටිකක් අමුතුයි නේද? වැඩිහිටියන්ට පමණක් සුදුසු ආකාරයේ මාතෘකාවක් තමයි මේ. ඇබ්සින්ත් (ඇබ්සින්තෙ) එහෙම නැත්නං ග්‍රීන් ෆෙයාරි කියන්නෙ හයිලි ඇල්කොහොලික් එහෙම නැත්නං අධි සාන්ද්‍ර ඇල්කොහොල් පානයක්. සාමාන්‍යයෙන් සියයට 50ක ඉඳල සියයට 90ක් (50%-90% v/v)දක්වා බර අනුව ඇල්කොහොල් ප්‍රමාණයක් අඩංගු ඇබ්සින්ත් ලබාගන්න පුළුවන්. ප්‍රමාණාත්මක අදහසක් ගැනීමට ඕන නං බොහෝ බර්බන් (bourbon) ස්කොච් (scotch) හා අයිරිශ් (Irish) විස්කි වල ඇල්කොහොල් ප්‍රතිශතය 36% සිට 48% වැනි අගයකයි පවතින්නේ. අන්තර්ජාලයට අනුව ඇබ්සින්ත් මධ්‍ය යුරෝපයේ ස්විට්සර්ලන්තය හා බොහිමියාවේ නිර්මාණයක්. ඈත අතීතයේ සිටම ඇබ්සින්ත් වලට විශාල වශයෙන් විරෝධතා ඇතිවී තිබෙනවා. මෙයට මූලිකම හේතුව වන්නේ එහි ඇති අධික ඇල්කොහොල සාන්ද්‍රණයයි. නැවත ඇබ්සින්ත් කරළියට පැමිණෙන්නේ   අනූව දශකයේ මුල් භාගයේදී යුරෝපයේ නව නීති රීති හා සම්මතයන්ට අනුවයි.

ඉතිහාසෙ ඇති නේ. දැන් වැඩේ යන හැටි.

ඇබ්සින්තෙ හදන්න සම්මතයක් නෑ. මේ මේ දේවල් මේ මේ ප්‍රමාණයට මිශ්‍ර කරලා මේ මේ සැර එන්න හදනවා කියලා නියමයක් නෑ. නිශ්පාදකයන් එකිනෙකාගෙන් වෙනස් ක්‍රම අනුගමනය කරනවා. මූලික වශයෙන් පැලෑටි තුනක් පාදක කරගෙනයි ඇබ්සින්ත් නිශ්පාදනය කරන්නේ.

1. අසමෝදගම් (බඩේ අමාරු වලට හිස කැක්කුම් වලට ගුණ දේ :) )
2. මාදුරු
3. ග්‍රැන්ඩ් වෝම්වුඩ් (කොහොඹ පවුලේ ගසක්)

ඔය ප්‍රධාන සංඝටක තුනට කියන්නෙ "The Holy Trinity" එහෙම නැත්නං "ශුද්ධවූ ත්‍රිත්වය" කියලා ! අර අරළු, බුළු, නෙල්ලි වගේ..!

මේ ගස් වල විවිධ කොටස් විවිධ විවිධ අනුපාතවලින් මිශ්‍ර කිරීමෙන් (පස් පංගුව හදනවා වගේ තමා) හා වෙනත් විවිධ පැලෑටි වර්ග හා සුවඳ කාරක (කුරුඳු, කරාබුනැටි, කරදමුංගු, සාදික්කා)  එක් කිරීමෙන් සාදාගත් මිශ්‍රණය ස්වාභාවික පැසවීමේ ක්‍රියාවලියකින් අනතුරුව සාන්ද්‍ර ඇල්කොහොල් ශීත තත්ව යටතේ එක් කිරීමෙන් ඇබ්සින්ත් සාමාන්‍යයෙන් නිශ්පාදනය කරනු ලබනවා. හැබැයි ළමයි, දාන්නෙ ඔක්කොම බෙහෙත් වුණාට අවසාන ප්‍රතිඵලය බෙහෙතක් නම් නෙවයි ! අධි සාන්ද්‍ර ඇල්කොහොල් පානයක්. විනිවිද පෙනෙන ලා කොළ සිට තද කොළ පැහැය වෙනකම් ඇබ්සින්ත් ලබාගන්න පුළුවන්. වෙනස් විදියේ ටෙක්ස්චර්ස් සහිත ඇබ්සින්ත් වෙළඳපොළේ තිබෙනවා. අවලම්බිත අංශුමය ස්වභාවයේ ටෙක්ස්චර්ස් ඇති ඇබ්සින්ත් ජනප්‍රියයි. (ටෙක්ස්චර් කියන එකේ සිංහල වචනෙ මතක නෑ නෙ, සමාවෙන්න)

ඇබ්සින්ත් පානයට සුදුසු ආකාරය සකස් කරගැනීම

මේක නං ටිකක් විතර අමාරු වැඩක්. පොඩ්ඩ ගැස්සුනොත් ඉතින් දවස් එකහමාරක් විතර යනකං වුණ දේ මතක තියන එකක් නෑ. මේක තනූක කරන්නේ සිසිල් ජලයෙන්. මතක තියාගන්න මේකට ස්පාක්ලින් වෝටර් එහෙම නැත්නං බුබුළනය වන ජලය හෝ කාබනීකෘත පානයන් හරියන්නෙ නෑ. ජලය සිසිල් වීමත් අනිවාර්යයි. ඇබ්සින්ත් වහා ගිනිගන්නා සුළුයි. දුම් පානය කිරීමෙන් වැලකීම සෞඛයට හිතකරයි. ඇබ්සින්ත් පිළියළ කිරීමට චිශේෂ හැඳි වෙළඳපොළේ තිබෙනවා. ඇබ්සින්ත් හැන්ද සිදුරු සහිත කැටයමක් ඇති හැන්දක්. ගෑරුප්පුවකින් වුණත් මැනේජ් කරගන්න පුළුවනි. තව අවශ්‍ය වෙන්නේ සීනි කැටයක් (sugar cube). මේකට සාමාන්‍ය සීනි හරියන්නෙ නෑ. සුපර්මාකට් වල බඩු තියෙනවා. කියුබ්ස් ගන්න ඕන. හරිනේ එහෙනං.

ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා.

අහ් ඊට කලින් දැනගන්න ඕන දේ තමයි ශොට් එක කියන්නෙ මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් ශොට් එකක් කියන්නෙ ද්‍රව අවුන්සයක ප්‍රමාණයක්. මිලි ලීටර් වලින් නම් ආසන්න වශයෙන් 30ක්. ඇබ්සින්ත් හදන්න විශේෂ වීදුරු වර්ග තියෙනවා.

 image

මේ තියෙන්නෙ ඒ වීදුරුවක් සහ ඇබ්සින්ත් හැන්දක්. වීදුරුව කොටස් දෙකක් වගේ පෙනෙන්නේ, පහළ කොටස පිරෙන්න ඇබ්සින්ත් දමාගැනීමටයි. රූපයේ තියෙනවා වගේ.

ක්‍රම දෙකට එමු.

පළවෙනි ක්‍රමය තමයි ෆ්‍රෙන්ච් ස්ටයිල් එක. මේකෙදි කරන්නෙ ඇබ්සින්ත් ෂොට් එක වීදුරුවට දාල ඇබ්සින්ත් හැන්ද වීදුරුව උඩින් තියල හැන්ද මත සීනි කැටය තියල අයිස් වතුර හීන් සීරුවේ සීනි කැටය උඩට වත් කිරීමයි. එතකොට සීනි කෑටය දියවෙමින් අයිස් වතුර ඇබ්සින්ත් වීදුරුවට වැටෙනවනේ. මේ විදියට..

image

ලා කොල- කිරි පැහැයක් එන්න ඕනෙ.

 

දෙවනි ක්‍රමය ටිකක් භයානක ක්‍රමයක්, වගේම නිපදවෙන පානයේ සැර අධිකයි. මේකට කියන්නෙ චෙක් ස්ටයිල් එක, එහෙම නැත්නම් බොහිමියන් ස්ටයිල් එක කියලයි.

ඉහත රූපයේ මුල් පියවර දෙක එසේමයි. දැන් සීනි කැටය උඩට ඇබ්සින්ත් පොඩ්ඩක් දාන්න ඕන. බොහොම පොඩ්ඩයි. සීනි කැටය පෙ‍ඟෙන්න තරමට. ඊට පස්සෙ ගිනිකූරක් ගහල සීනි කැටය ගිනි දල්වන්න. ප්‍රවේසමෙන්! සීනි කැටය ලා නිල් පාටට දහනය වෙන්න පටන් ගනී, අධි සාන්ද්‍ර ඇල්කොහොල් නිසා. උණු සීනි වැටිල ඇබ්සින්ත් දහනය වෙන්න පුළුවන්. ගණන් ගන්නෙපා.. :) සීනි කැටය කැරමල් වෙනකොට අයිස් වතුර දාල ඒක නිවන්න.හැන්ද ඇල කරලා ඇබ්සින්ත් වීදුරුවට කැරමල් සීනි කැටය පෙරළන්න. අයිස් වතුර වීදුරුවට දමමින් කලතන්න. දැන් බොහිමියන් ස්ටයිල් ඩ්‍රින්ක් එක රෙඩි..!

බොහිමියන් ස්ටයිල් එකෙන් එන ඩ්‍රින්ක් එක සැරෙන් ෆ්‍රෙන්ච් ස්ටයිල් එකට වඩා වැඩියි. රසයත් තීව්‍රයි

ඇබ්සින්ත් කියන්නෙ මනෝ රූප මැවෙන වර්ගයේ පානයක් යන්න ප්‍රසිද්ධ මතයක්. මුල්ම ඡායාරූපයත් එය විදහා පෙන්වන කලා නිර්මාණයක්..

මතක තියාගන්න ඇබ්සින්ත් කියන්නේ නිතර භාවිතා කල යුතු දෙයක් නෙවයි. ලිපිය ලියූවේ හුදෙක් ඔබගේ දැනගැනීම සඳහායි.

වයින් ගැන විස්තර..

http://blogvampa.blogspot.com/2010/12/blog-post_25.html

බීපු කතන්දර

http://blogvampa.blogspot.com/2010/12/monkey-toddy-pot.html

http://blogvampa.blogspot.com/2010/12/sergeant-thief-and-extra-special-arrack.html

 

ඡායාරූප හා ඉතිහාසගත කරුණු විකිපීඩියාවෙන්.

මත්ද්‍රව්‍ය භාචිතය සිරුරට, මොළයට අහිතකරයි. මොළයේ සෛල විනාශ වීමට මූලික හේතුවකි. මත්ද්‍රව්‍ය යනු ලොව වැලැක්විය හැකි මරණය ගෙන දෙන හේතු වලින් මුල් තැනෙහි ඇති දෙයකි.

23 comments:

  1. එලකිරිස්.... ඒත් මම අර කියපු 60% ඇබ්සින්ත් එක බොන්න නම් මෙච්චර දුක් විඳින්න උනේ නෑ මචන්... සාමාන්‍ය විදිහට තමයි බීවේ...

    මේකත් එක කලාවක් බලගෙන යනකොට.. නිකන් ටිකිලා ගහනව වගේ... :D

    ReplyDelete
  2. සිරා මටත් එකම එක පාරක අත්දැකීමක් තියෙනවා. ඒකත් ඔය ගිනිතියන සිස්ටම් එකේ. නියම පැහැදිලි කිරීමක්. සිරාම සිරා!

    ReplyDelete
  3. අන්තිමට රජයෙ ඇඩ් එකක් දැම්මා නෙ.. මතට තිත..

    ReplyDelete
  4. අඩේ මේක බිව්වම මල විකාර බොලං පෙන්නෙ. මං නෙමෙයි, බීපු එකෙක් මට කිව්වෙ. ඌ බීල හොඳටම බය වෙලා කතාව කිව්වෙ.

    ReplyDelete
  5. එළ... සිරා පෝස්ට් එක මචං...
    මමත් සෑහෙන කාලෙක ඉඳන් ඇබිසින්ත් හොයනවා.. මෙහෙ එක බාර් එකකවත් හොයාගන්ට නෑ...

    ReplyDelete
  6. රසවත් ලිපියක්! නියමයි. ඉස්සර මිනිස්සුන්ට ඉතිං අද කාලෙ වාගේ සුරඟනන් බලන්ට අන්තර්ජාලය තිබුනෙ නැහැනෙ නේද? මොනවා වුනත් මම හිතන්නෙ ඇබ්සින්තෙ බිවුවහමත් හෙරෝයින් පාවිච්චි කලා වගේම ඇති.

    ReplyDelete
  7. පුතා, කට කට...........පරිස්සමෙං. ගහනවා අඹ ගහේ පෝස්ටරයක් ඔංන.

    ReplyDelete
  8. එල මචෝ සෑහෙන්න වටින ලිපියක්,ඈබිසින්තේ ල0කාවේ ගන්න තෑනක් තියද???? මිල හෙම කොහොමද?

    ReplyDelete
  9. මම නම් බීලා තියෙන්නෙ 55% සාන්ර්‍දණයක් තියෙන ඇබ්සින්ත් විතරයි.. අයිස් වතුර 3:1 ට දාලා බිව්වා :)

    ReplyDelete
  10. මම නම් බීලා තියෙන්නෙ 55% alcohol තියෙන ඇබ්සින්ත් විතරයි. ඒවා නම් නිකම් අයිස් වතුරත් එක්ක 1:3 ට mix කරලා බිව්වෙ.. මේ තියෙන්නෙ එදා ගත්ත ෆොටෝ එකක් :D

    http://j.mp/f0DMYi

    ReplyDelete
  11. සිරා. නම අහල තිබුනට මොකද්ද කියල දැනගෙන තිබුනේ නැහැ.

    ReplyDelete
  12. එලම කිරි මචං ...මනෝ රූප මැවෙන පානයක් නම් මම අරං බොන්ඩ ඕන .ඒත් කොහෙන්ද මම හොයා ගන්නේ ?

    ජය වේවා !!

    ReplyDelete
  13. බොනව කියන එකත් සෙල්ලම් වැඩක් නෙමෙයි නේද ...

    ReplyDelete
  14. නියමයි! පූසොත් මෙච්චර විස්තර දැනගෙන හිටියෙ නෑනෙ.. බලමුකෝ... :))

    ReplyDelete
  15. ලාවට එකක් දාගත්තනං ඇති නේද?

    ReplyDelete
  16. මෙහේ නම් 60% එක තියෙනවා. බොන්න ඕනි ජිමික්ස් දන්නෙ නැති නිසා ට්‍රය් කොරේ නම් නැහ. යූරො ට්‍රිප් බලල තමා ඔය ආසව ආවෙ.

    එත් ඔච්චර හරියක් කොරල කොහොමද බොන්නේ...

    ටිකිලා උනත් දේ ලුනු හොය හොය බොන්න කම්මැලි මට.

    ඈ බන් ටැප් වතුර සීතල කොරල මේකට ඔට්ටුද ?

    සීනි කැට කිව්වෙ ?

    මේ පාර අංශයක් අර්ටන් ආවනම් අපේ අයියලට රූප ටිකක් පෙන්නනන්...

    ReplyDelete
  17. මෙහේ නම් 60% එක තියෙනවා. බොන්න ඕනි ජිමික්ස් දන්නෙ නැති නිසා ට්‍රය් කොරේ නම් නැහ. යූරො ට්‍රිප් බලල තමා ඔය ආසව ආවෙ.

    එත් ඔච්චර හරියක් කොරල කොහොමද බොන්නේ...

    ටිකිලා උනත් දේ ලුනු හොය හොය බොන්න කම්මැලි මට.

    ඈ බන් ටැප් වතුර සීතල කොරල මේකට ඔට්ටුද ?

    සීනි කැට කිව්වෙ ?

    මේ පාර අංශයක් අර්ටන් ආවනම් අපේ අයියලට රූප ටිකක් පෙන්නනන්...

    ReplyDelete
  18. අපි පොඩි ලමයි....අපිට ඕවා කැප නැතෝ.......හික්ස්

    ReplyDelete
  19. අහීත- හ හා.. උඹත් නොකරපු දෙයක් නෑ නෙ.
    මුචා- ගිණි තිව්වම ගින්දර.
    කණියා - ඇනෝ - තැන්කූ කිව්වා
    නවම්- අනේ මන්ද බං. මට නං නිකනුත් මළ විකාර පේනවා.

    ReplyDelete
  20. අහීත- හ හා.. උඹත් නොකරපු දෙයක් නෑ නෙ.
    මුචා- ගිණි තිව්වම ගින්දර.
    කණියා - ඇනෝ - තැන්කූ කිව්වා
    නවම්- අනේ මන්ද බං. මට නං නිකනුත් මළ විකාර පේනවා.

    ReplyDelete
  21. පිටස්තරයා- බොන්න එපා මචං. දැනගන්නයි ලිව්වෙ.
    සඳරු- ලංකාවෙ නං නැත්ද මන්ද බං. නෑ මම හිතන්නෙ.
    සහෝ- එහ්නං.
    ගඩොල්- මොකද බලන්නෙ :)

    කිරිපුතා - හුම් හුම්..

    පලාමල්ල - ඔව්. ටැප් වතුර එල. සීනි කැට කියන්නෙ බං සෙන්ටිමීටර 1*1*1 වගේ ඝනක තියනවා සීනි. සුගර් කියුබ්ස් කියල අහපං. බඩු තියනවා.

    ReplyDelete
  22. මමත් ඇබ්සින්ත් ගැහුවා. හැබැයි මෙහෙම පිලිවෙලට නෙමේ. බෝතලේ හම්බ උනේ රෑ 12 ට විතර. කොහෙන් ශුගර් කියුබ් හොයන්නද. නිකම් කූල් වතුර එක්ක බිවුවෙ. වෙරි උනේ නම් නෑ. කොහොමත් ටිකයි බිවුවේ. ආයෙ වෙලාක පිලිවෙලට හරි විදියට බොන්න ඕනේ. පට්ට ලිපියක් මචං

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails