Friday, January 28, 2011

සිත් ගත් ගී - මොහොමඩ් රා‍ෆි - Aaj Aur Kal (1963)

ෆුහ් ෆුහ්.. මකුළු දැළුත් බැඳළ මගේ බ්ලොග් එකේ හැබෑට . මේ දවස් ටිකේම හරිහමං වෙලාවක් කලාවක් හම්බුනේ නෑ නෙ.  අදත් ඉතින් පොඩි සින්දුවක් කාරිය දීල ශේප් වෙන්නයි හදන්නෙ හරිය.

ආජ්  ඕර් කල් කියන්නෙ එකදාස් නවසිය හැට තුනේ ඉන්දියාවෙ හොඳටම හිට් වෙච්ච (හිටේ හිට්) ‍ෆිල්ම් එකක්. නන්දා , සුනිල් දත් ප්‍රධාන චරිත රඟපාපු මේකෙ සංගීතෙ රවි මහත්තයගෙන්. මේ සින්දුවෙ සිංහල එක නං ඉතින් කට්ටිය අහල නැතිවෙන්න බෑ. ජෝතිපාල මහත්තයගෙ කඳුලැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ.. ගීතයේ මුල් හින්දි ගීතය තමයි මේක. සබ්ටයිටල් එක්කම තියන නිසා ඉතින් තේරයි ලාවට. ඉන්ගිරිස් නෙ. කලින් දීපු ටවර් හවුස් ‍ෆිල්ම් එක වගේ මේක නං මම බලල නෑ. ඉතින් පොඩි ප්ලොට් කෑල්ලක් ලියාගන්න අමාරුයි.  කතා මොකටද අහලම බලන්නකො.

Film : Aaj Aur Kal (1963)
Singer : Mohd. Rafi
Acting : Sunil Dutt , Nanda
Music : Ravi



video

2 comments:

  1. "කිසිවක් ලොවේ වෙනත් නැත...
    මට ඇය තරම් අගේ...
    පිලිගන්න මා රජෙක් ලෙස
    සනසා දයාවියේ.."

    මැක්සාම තමා... උදෙන්ම අහන්න කදිම ගීයක්...
    ඉතින් ඉස්තූතිය කියා නිම කල නොහක...!!!

    ReplyDelete
  2. I like old songs. You are doing a good job.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails