Wednesday, January 5, 2011

"මේ නොනිමෙන දිවි ගමනේ" | Aye Mere Dil-E-Nadan

 
image
ජෝතිපාල මහත්තයගෙ ජනප්‍රියතම ගීත ගැන කාගෙන් හරි ඇසූවොත් ඒ අතර "මේ නොනිමෙන දිවි ගමනේ" ගීතය අනිවාර්යයෙන්ම ඇතුලත් වෙනවාට කිසිදු සැකයක් නෑ. "මේ නොනිමෙන දිවි ගමනේ" ගීතයත් ජෝතිපාල ගැයූ බොහෝ ගීත සේම අනුකාරක ගීතයක්. මෑතකදී මා හා මාගේ මිතුරෙකු අතර පැවති ගූගල් චැට් සංවාදයකදී ඔහු මගෙන් මේ ගීය ගැන අසනු ලැබුවා. සියලු දෙනාගේ දැනගැනීමට හා රසවින්දනයට "මේ නොනිමෙන දිවි ගමනේ"  ගීතයේ මුල් හින්දි ගීතයේ මුල් පිටපත මේ සමග අමුණන්නම්.
එකදාස් නවසිය හැට එක හැට දෙක කාලයේ ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත් "ටවර් හවුස්" චිත්‍රපටයේ අඩංගුවුණ මේ ගීතය ලතා මංගේශ්කාර් ගේ ගායනයක්.  අශාඩ් බෝපාලියන් විසින් පද රචනය කරන ලදුව රවි විසින් සංගීතවත් කළ මේ චිත්‍රපටය  ජාතික රූපවාහිනියේ එක් වරක් විකාශය කළා මතකයේ ඇත. "හොරර් + රොමෑන්ටික්" ජෙනර්ස් වල වර්ග කළ හැකි මෙම චිත්‍රපටය මගේ ප්‍රියතම ගුඩ් ඕල්ඩ් ක්ලැසික්  ගණයේ ඇති චිත්‍රපටයක් බව නොකියාම බැහැ. ඔබ පැරණි හින්දි චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම බැලිය යුතු චිත්‍රපටයක්...
පිළිගන්න ඔබේ අත්පොළසන් නද මධ්‍යයේ මධ්‍යයේ මධ්‍යයේ  ලතා  ලතා  ලතා  මංගේශ්කාර්... (එකෝ එකත් දැම්ම)
ජෝතිපාල මහත්තය ඒ මුල් ගායනයට කෙතරම් දුරට සාධාරණයක් ඉ‍ටු කළාද යන්න නිගමනය කිරීම ඔබට බාරයි..

7 comments:

  1. ෂැක් මාර ලස්සනයි වැම්පයර් අයියා................

    ReplyDelete
  2. good work brother තව මේ වගේ ටිකක් ඇඩ් කරන්න. මධුමතී film eke වගේ.

    ReplyDelete
  3. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  4. චැහ්.. මරේ මරු සින්දුවක් නෙ. සින්දුව නිකන්ම නොදා නිධාන කතාවත් එක්ක දැම්ම එකනං බොහොම වටිනව

    ReplyDelete
  5. එල කිරිස්....

    ReplyDelete
  6. වැම්පි මලයෝ පොඩ්ඩක් හොයල බැලුවම තේරුම හම්බ උනා ..ඔන්න ඒකත් දැම්මා..බොහොම පිං සිංදුවට..

    Oh my naive heart don’t be afraid of sorrows
    A day will come when the world would realize the truth about you
    Let there be space for hurt in your hopeful heart
    let the fires of longings be stoked some more
    If it had to be so, let my life become a tale
    Complaints get you nothing, crying takes you nowhere
    These are idle talk that achieve nothing
    Those we consider our own may turn up against us in no time
    Oh my naive heart don’t be afraid of sorrows

    ReplyDelete
  7. මේ ගීතයේ ගී තනු හා සංගීතය රචනා කළ රවි ශංකර් ෂර්මා ("බොම්බෙ රවි") සංගීතවේදියාණන්ට නිවන් සුව පතමු.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails