Friday, January 28, 2011

බස් කවි

image

අපේ ගූගල් බස් සංගමයේ නිර්මාතෲ වන ගරු බස්පි වැප්නි සාන්ත මහත්තය බස් සතියක් ප්‍රකාසයට පත්කරල. බස් කතන්දර දාන්න කියල කියල තියෙන්නෙ. මාරයිය එහෙන් බස් පළු කතා සීරිස් එකක් ඇද බානව. මේ අව් අස්සෙ මට මතක් වුණා බස් වල යන හැමෝම වගේ දන්න චරිතයක්. බස් කවියෙක්. විල්බට් අඹතලාව! අහල නැත්ද මන්ද? නැති වෙන්න අමාරුයි. ඔය බස් වල ගහල තියන කවි වලින් සීයට හැට හැත්තෑවක වගේ පොරගෙ නම නෙ තියෙන්නෙ. නම නැති කවිත් තියනව. මතකත් නෑ හරියට. අන්තිමට ලංකාවෙ ප්‍රයිවට් බස් එකක ගියේ අවුරුද්දකට වගේ කලින් නෙව. කට්ටියට මතක ඒව තියෙනවනං දාල යන්නකො කොමෙන්ට්  විදියට.

පටාන්ගන්න.. බස් කවි...

අපහට සිදුවේය ලොකු ලොකු දඩ කන්න
සෙසු හැම දෙනා හට සිදුවෙයි තෙරපෙන්න
ඔබගේ පොකැට්‍ටුව ඉඩ ඇත නැතිවන්න
පා පුවරුවෙ නොසිට කරුණාකර ඇතුලට යන්න

මේක අන්තිම පදේ කියවන හැම වෙලාවකම මට හිනායනවනේ. මාත්‍රා පොඩ්ඩක් වැඩියි වගේ නේද?

ඉබ්බා ගහන පොලිස් මාමලා ගැන කියැවෙන මේ කවිය බලන්න

හැඳුනුම් කමට නිළයට ඇති බලය පිට
බස්වල පිනට යන්නෝ ඇත විටින් විට
දැන් අදකාලෙ විය හියදම බලන විට
බස් හිමි ගෙනුත් අයකළයුතු වනව හෙට

මේකත් මතක් කරගත්ත අමාරුවෙන්

ජීවිත රකියි රියදුරු ගිනි ගොඩක හිඳ
මුදලත් මගියොනුත් සමඟින් තරඟ වැද
දහදුක් විඳියි කොන්දොස්තර රථය මැද
සුලු වරදකට දොස් පැවරුම වටිනවද

මේකත්

දොස් මිස හොඳක් නැති මේ බස් රස්සාව
දුප්පත් නිසා කරනෙමු ගෙන පිරියාව
හැකි හැම විටම පෙන්වමු මුව සිරියාව
එය වෙයි දිරිය වැඩිවන්නට හැකියාව

තව ඔය වගේ අටෝරාසියක් තියෙනවනේ හැබෑට.  මතක ඇත්නං පහලින් කොටාල යනවා හොඳයි.

අපි කැපුණා..

5 comments:

  1. මටත් පලවෙනි කවියනම් කටපාඩම්

    ReplyDelete
  2. දැන් වැඩිය ඕවා දකින්න නෑ නොවැ. පරණ කවි ටික ආයේ මතක් වුනා :)

    ReplyDelete
  3. උඹේ කමෙන්ට් දාන්න බැරිද?

    ReplyDelete
  4. අහ් වැඩ වගේ....මං ඉස්සෙල්ලා දාපු කමෙන්ට් එක ඩිලීට් කොරන්න....මං මුලින්ම දාපු එක දාන්න දුන්නේ නෑ...දැන් වැඩ...

    ම්ම්ම්ම් මේ විල්බට් අඹතලාව මහතාව අපේ ගූගල් බස් එකටත් නග්ගා ගත්තනම් හොද හොද කවි පද ටිකක් දෙසා බායි වගේ...නරකද වැඩේ....

    ම්ම්ම්ම් මේ වගේ කවි තියෙනවා ගොඩක්...මතක නෑ...පට්ට හිනාකාලා මැරෙන ඒවත් තියේ..දැන්නම් ලියාගෙන හරි ඇවිත් දාන්නම්කෝ....හික්ස්

    ReplyDelete
  5. මේ බස්වල යන හිඟන්න් කියන කවිය කොටසක්:

    පෝසත් අය මැරුණු කලදි පොඩි දේටත් ලොකු වියදම්
    දුප්පත් අපි මැරුණු විට දි පෙට්ටියටත් සම්මාදම්

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails