Tuesday, February 22, 2011

ලංකාවෙන් ලොවට හඳුන්වාදෙන කොම්පියුටර් මියුසික් | Computer Generated Music - 100% Sri Lankan Concept !

 

පරිගණකය අද මිනිස් ජීවිතයට කෙතරම් සමීපද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ අපේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට පරිගණකයෙන් ලැබෙන සහයෝගය නිසා වෙන්න ඕන. පත්තරයක් බලන්න, ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් බලන්න, යාළුවෙක් එක්ක පොඩි චැටක් දාන්න.. ඒ විතරක් නෙවයි බාර් එකක පෝලිමේ ඉන්නෙ නැතුව ඩ්‍රින්ක් එකක් කාරිය ඕඩර් කරන්න වගේ හැම දෙයක්ම දැන් ඉතින් මේකෙන් කරන්න පුළුවන්නේ. මෙහෙම වැඩ සිද්දවෙන අතරෙ සංගීතෙටත් ආව නේ මේක. පරණ ගීත සංරක්ශණය කරන්න, නැවත ප්‍රති නිර්මාණය කරන්න වගේම අර ඉෆෙක්ට්ස් කියන කෑලි බෑලි දාන්නත් කොම්පියුටරේ සෑහෙන්න ප්‍රයෝජනයි නෙව. කොම්පියුටරේ පිහිටෙන් ම තරු වෙච්ච අය කීදෙනෙක් නං ඇත්ද?

කොහොමින් කොහොමහරි කතන්දරේ මේකයි. මේ කොම්පියුටර් ජෙනරේටඩ් මියුසික් ගැන පොඩි කතාවක්.  කතාවක් කිව්වට පොඩි වීඩියෝ එකක්. මම අන්තරේ කරක් ගහද්දි හම්බුණේ. මට හිතෙන විදියට නං  මේ කොම්පියුටර් ජෙනරේටඩ් මියුසික් වැඩේ 100% ලංකාවෙ නිර්මාණයක් වෙන්න ඕනෙ. ඔය කජු කොල්ලො කළා වගේ නෙවෙයි හැබැයි. මේක නං සිරා වැඩක්. රිමික්ස් කරලා තියෙන්නෙ සී.ටී. ප්‍රනාන්දු මහත්තයගෙ කිමද සුමිහිරියේ මෙ අරුමේ කියන සින්දුව. දන්නවනේ කට්ටිය. මේ රිමික්ස් එකේ තියෙන අනිත් විශේෂත්වෙ තමයි, කොම්පියුටර් එකක් හා ගිටාරයක් පමණක් උපයෝගී කරගනිමින් පමණක් මුළු ගීතයම සංගීතවත් කර තිබීම. ඒකත් ලේසි වැඩක් නෙවයි නෙව. සින්දුව ලිව්වෙ කරුණාරත්න අබේසේකර මහත්තය. සංගීතවත්කලේ සී.ටී. ප්‍රනාන්දු මහත්තය. මේ ළඟදි එවර්ග්‍රීන් හිට්ස් කියල සීටී මහත්තයගෙ පරණ සින්දු ටිකක් එළි දැක්වූවා. සීඩී දෙකක් තියෙනවා. හොයාගෙන අහල බලන්න.

තව පොඩ්ඩෙන් අපේ කොම්පියුටර් රීමික්ස් සින්දුව අමුණන්න අමතක වෙනවා.

video

මේ තාලෙම වීඩියෝ එකක් කලිනුත් දුන්න වගේ මතකයක් තියෙනවා...ම්ම්.. ආ මේ තියෙන්නෙ.. 

නිහාල්, ඇන්ටන් ජෝන්ස්, දමිත් අසංක, අමරදේව මාස්ටර් එකම වේදිකාවක !

 


7 comments:

  1. මරු කතාව - හැබැයි අපි නං තාමත් ලෑලි වලින්(මේස ලෑල්ල) තමයි මියුසික් ජෙනරේට් කරන්නේ!

    ReplyDelete
  2. ලොලේ ලොල්!
    පරිඝණකයෙන් ගන්න පුළුවන් ප්‍රයෝජය බොහෝමයි :D

    ReplyDelete
  3. හි හි...එල එල..ඔන්න ෆේස්බුක් එකටත් ලින්ක් කලා..

    ReplyDelete
  4. owa etharam ganan ganne epa.api trash walate damme computer ekak eka, visikaran nethnam county eken dada gahanawa

    ReplyDelete
  5. ලියමනත් එක්ක වීඩියෝ එක දැක්කම හිනා වෙලා පණ යනවා

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails