Wednesday, February 2, 2011

සිත් ගත් ගී - පාළු අඳුරු නිල් අහස මමයි | Paalu Anduru Nil Ahasa

imageකිසිදා හිමි නොවන, කිසිදා හමු නොවන ආදරයක් ගැන හැඟවෙන අපූරු ගීයක්, වෙනස් විදියක ගීතයක් දැන් වාදනය වෙමින් තියෙනව. කාගෙ කාගෙත් ඉතින් දැනගැනීම උදෙසා ඕං මම කට්ටියටම  කතන්දරේ කියන්නයි යන්නෙ. හරියට මේ සින්දුව අහල තියෙන කට්ටිය මේක බලල "මූ අපේ කාලෙ කෑවා" කියන්න ලෑස්ති වෙන්නපා හරිය.
කතාව කියන්න කලින් සින්දුව අහල ඉන්නකො

පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන
බලාපොරොත්තුව පැතුම ඇයයි//

අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නළවන
සදාකාලික වූ සැපත ඇයයි

කැලෑව මැද කටු පැදුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි

ඈත දිලෙන තනි තරුවක් කිසිදු පුද්ගලයෙකුට  විශේෂ වස්තුවක් නෙවයි.  ඈත දිලෙන තනි තරුවක ආලෝකයෙන් කිසිවෙකුට කිසිදු යහපතක් ද සිදු නොවෙයි. නමුත්.. අහස පාළු වී අඳුරු වී ගිය විට ඒ ඈත දිලෙන තනි තරුවට අහසේ නිතැතින්ම විශේෂ ස්ථානයක් හිමිවෙනවා. පාළු අඳුරු නිල් අහස මම නම් සහ එනම් පමණක් (if and only if) ඒ තනි තරුව වන ඇයට විශේෂ තැනක් තියෙනවා. තේරෙනව නේද වැඩේ හැටි! මේ ගීතය පුරාවටම තියෙන උපමා ඔන්න ඔය මූලධර්මය පදනම් කරගෙනයි යොදාගෙන තියෙන්නෙ. ගලා බසින දිය දහරක් වැදගත් වෙන්නෙ පොළව අසාර වී තිබෙන විට පමණයි. සරුසාර පොළවකට කුඩා දිය දහරකින් ඇති වැඩක් නැති බව කියන්න දෙයක් නෙවයි නෙ.

ඔන්න එහෙනං අද ඉඳං මේ සින්දුව අහද්දි පොඩ්ඩක් රචකයා කියන්න උත්සාහ කරපු දේ ගැන හිතලා බලන්න. මට මේක ඔලුවට ආපු සැරේ හිතුනෙ මෙච්චරයි...

"යකෝ....මහගම සේකර කියන්නෙ පට්ට බුලට් එකක් නෙ ..! "

පද රචනය - මහගම සේකර
තනු හා හඬ- පණ්ඩිත් අමරදේව

9 comments:

  1. මහගම සේකර ලියපු ගීත දැනෙනවා හිතේ ඇතුලටම.... ස්තූතියි වැම්පා මල්ලී

    ReplyDelete
  2. හික් හික්!! අපේ පැත්තෙ ඩයල් එහෙම තමයි බං

    ReplyDelete
  3. තෙරුමක් නැහැ වැම්පා

    " රම්බරි කියපන් උබෙ නොම්බරෙ "
    " මට කොත්තුත් ඔනෙ "
    සරලයි සුන්දරයි

    අමරදෙවයි, මහගම සේකර මහත්වරු එකතු වෙලා මොන බොලයක් කියනවද කියලා මෙලො බොලයෙකුට තෙරෙන්නෙ නැහැ.
    මමත් බොරුවට ඔලුව වනන්නම් තෙරුනා කියලා.
    රවා

    ReplyDelete
  4. මහගමසේකර නේද... දැන්නම් ලොවෙත් නෑ... හිටපු දවස්වල ලොවි ගහෙත් නැතිව ඇති...

    ReplyDelete
  5. මම අහලා නෑ ...ලස්සන සින්දුවක් වගේ

    Download කරගන්න ඕන අහන්න

    ReplyDelete
  6. මම ආසම, ආසා කරන සින්දුවක්. හැබැයි ඔන්න බලන්න මම ඒ සින්දුව කියන හැටි.

    'පාලු අඳුරු නිල් අහස ඔබයි.
    ඈත දිලෙන තනි තරුව මමයි.'

    මම ඉතින් ඕකේ 'මම' සහ 'ඔබ' මාරු කරලා තමයි කියන්නේ. අහන් ඉන්න හරිම ලස්සනයි.

    ReplyDelete
  7. මහගම සේකර කියන්නෙ පුදුම තරම් ලස්සන පරිකල්පන ශක්තියක් තියෙන කවියෙක්

    මහ ගොළුවගේ කාටත් ඉඩ ඇති ඉඩම
    ඇයටත් ලබා දුනි සිව් රියනක උරුම
    තෙරෙපෙන්නට එපා ඔය හැටි වල උඩම
    ඇගෙ ලැම රිදෙයි ඇහුනද සුදු මල් වඩම

    සේකර

    ReplyDelete
  8. මමත් කාලයක් නිතරම ඕක කිය කිය උන්නා. LOL
    @නවම්මාවත
    +1

    ReplyDelete
  9. දවස් ගානක් දගලලා යාන්තං උඹේ බ්ලොග් එකට රිංගුවේ...

    සේකර ගැන මොන කතාද..

    නැද්ද රවෝ...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails