Thursday, March 31, 2011

මාතෘකාව බර්බන්.. වර්ගය මත්පැන් .. ප්‍රවර්ගය විස්කි .. සම්භවය ඇමරිකන්! | Bourbon – An American Whiskey

image

 

ශුහ්.. බ්ලොග් එකක් තියෙද කියලත් අමතක වෙලා ගිය හැටි. එහෙමම නෙවයි ඉතින්.. වැඩ කියන්නෙ ඉහටත් උඩින්. හැමදාම නිදියන්නෙ පහුවදා පාන්දර. මේකත් මේ අර මම වයින් ගැන, ඇබ්සින්ත් ගැන ලියපු කාලෙ ඩ්‍රාෆ්ට් කරල තිබ්බ එකක්. පොඩ්ඩක් හදල කරල දානවා. මේක දාන්න මතක් වෙච්ච  හා හේතු පාදක වෙච්ච කරුණු කාරණා දෙකක් තියෙනෙවා. දෙකම මගේ ලෝකයෙ රංග ලොක්කා තමයි. බුවා කලකට පෙර බර්බන් කතාවක් ලියල මේ දැන් වගේ බියර් ගැනත් ලිව්වනේ.  පොරගෙ බර්බන් කතාව බැලුවම තමයි මට මතක් වුනේ අඩේ .. මමත් බර්බන් ගැන පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කළා නේද කියලා.

හරි කතා ඇති. වැඩේට බහිමුකො.

මාතෘකාව බර්බන්.. වර්ගය මත්පැන් .. ප්‍රවර්ගය  විස්කි .. සම්භවය  ඇමරිකන්!

ඔන්න වැඩේ.. මේ බර්බන් කියල කියන්නෙ ඇමරිකන් විස්කි එකක්. දැන් බලයි ඇයි ඇමරිකන් විස්කි කියන්නෙ ලොකු එකද කියල. විස්කි කිව්වම ඉතින් එලෝකෝටියක් ජාති තියෙනව. බලමුකො මතක් කරල

1. ස්කොච් (ස්කොට්ලන්තය - ප්‍රසිද්ධ වර්ග ටීචර්ස්, ආඩ්මෝර්, බැලන්ටයින්ස්, බ්ලැක් ඇන්ඩ් වයිට්, ඩිම්පල්, ජොනී වෝකර්, චිවාස් රීගල්, ග්‍රාන්ට්ස්, වැට් 69, ලෝන්ග්මෝන්, බ්‍රැක්ලා, රෝයල් සැලියුට්ස්...) වගේ ඒවා .. ස්කොච් විස්කි බොහොමයක් වසර තුනක් හෝ ඊට වඩා පැරණියි.  සාමාන්‍යයෙන් බෝතලයක වසර ගණන සඳහන් වෙනවා නෙ.

2. ජර්මන් විස්කි - මේවා නං ලංකාවෙ කට්ටිය දැකලම නැති තරම්. රාබෙල්, ස්ලයර්ස් වගේ නම් මතක් වෙනවා

3. ඉංග්ලිශ් විස්කි - එංගලන්තෙ හදපුවා. සුද්දගෙ කාලෙ තිව්නෙ මේව වෙන්නැති. දන්න එකක් තියෙනවා.. ඒකෙ නමත් ඉන්ග්ලිශ් විස්කි තමා

4. අයිරිශ් විස්කි.... අයර්ලන්තෙ බඩු ..! ජේම්සන්, ත්‍රී ක්‍රව්න්ස් වගේ එව්ව අයර්ලන්තෙ තමා හදන්නෙ. ග්‍රීන් ස්පොට් එකත් එහේ මයෙ හිතේ. ඔව් එහේ තමා..!

ආයෙ කතාවට එමු.  බෝතලේ බර්බන් කියල ගහල තියෙනවා නම් අනිවාර්යයෙන් ඒක නිශ්පාදනය කරල තියෙන්නේ ඇමරිකාවෙ විය යුතුමයි.  අනික් එක තමයි බර්බන් හදන්නෙ ඉරිඟු වලින්. සාමාන්‍යයෙන් බර්බන් වල ගොඩක් විස්කි වල තියෙන සැර සුවඳ(ගඳ?) වෙනුවට ටිකක් අමුතු සුවඳක් තියෙන්නෙ. මේකට හේතුව තමයි බර්බන් පදම් කරන විදිය (කියලයි මම අහල තියෙන්නෙ). බර්බන් පදම් කරන්නෙ අඟුරු වෙනකන් පුච්චපු ඕක් බැරල් වල.

බර්බන් ගැන කියද්දි තව දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි බර්බන් හදන්නෙ ඇමරිකාවෙත් එක ඒරියා එකක විතරයි. අර පුච්චපු මස් විකුණන සීයගෙ ගම! කෙන්ටකි!

අනිත් තැන් වල හදන බර්බන් වලට කියන්නෙ "නන් කෙන්ටකි බර්බන්" කියල. බර්බන් ගැන කිව්වම කට්ටිය අහයි නෙ දැන් මොනවද ඔය බර්බන් නං කියලා..

ප්‍රසිද්ධ එව්ව තමයි මේ..

ජිම් බීම්

image

වුඩ්ෆෝඩ්

 

image වුඩ්ස්ටොක්

image

ඕල්ඩ් චාටර්

 

සමහරු ජැක් ඩැනියෙල් බර්බන් එකක් විදියට හඳුන්වනවා. ඒත් ඒක වැරදියි මම දන්න විදියටනං. ඇමරිකන් හැම එකම බර්බන් නෙවයි!

මේක ගැන කතා කරද්දි තව ටිකක් මතක් වුණා කියන්න.. දැං කම්මැලියි.. මට අමතක වෙනවට මම මෙතනම ලියල යනවා..කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනං පෝස්ට් එකක් දැම්මට කමකුත් නෑ..

ප්‍රධාන විස්කි වර්ග.. හා ඒවායේ ලක්ෂණ
1.සින්ගල් ග්‍රේන්
2. සින්ගල් මෝල්ට්
3.බ්ලෙන්ඩඩ්
4. පියෝ පොට්

චියර්ස්...!

7 comments:

  1. ස්කොච් ඒවගෙන් නම් සමහර ඒවා පාවිච්චි කරලා තියෙනවා.. වැම්පෝ ලංකාවට එන දවසට කියහන්.. මට ඇබ්සින්ත් කිට් එකක් ගෙන්න ගන්න ඕන බෝතලේකුත් එක්කම..... කලින් ගාන කියලා හිටින්.... ඒවත් ලෑස්ති කරගන්න ඕනනේ...

    ReplyDelete
  2. අහෝ මේවානම් කවදා ගසන්ටද? :(

    ReplyDelete
  3. රංග - ටිකිලා, රට බියර්
    වැම්පා - වයින්, බර්බන්

    අපිට කොයින්ද ඕවා?

    හොඳයි එහෙනං, www.google.com එකට ගිහින් "අරක්කු" කියලා ටයිප් කරලා
    [I am feeling Lucky]
    ඔබලා බලන්න කොහේටද යන්නේ කියලා!

    ReplyDelete
  4. උඹ ලියන්නේ නැතුව ඉඳලා ඉඳලා අන්තිමට ලියනවා බලන උන්ට වෙරි වෙන්නම . මොකද වැම්පියෝ කරන්නේ . මොනා හරි ලියන්ඩ එපැයි .මෙන්න මම කැමති මාතෘකාව . අපිට ඉතින් මෙවුවා බොන්න පින නෑ නේ .. ඉඩම විකුනලා තමයි මෙයිං බොට්ල් එකක් ගහන්න වෙන්නේ !

    චියර්ස් .ලොක්කා .

    ReplyDelete
  5. අපි නම් ඇස් ඇරලා ඕවා දිහා බලන්නේ නෑ නේ. බොනකොට ඇස් වැහන එක වෙනම කතාවක්.

    ReplyDelete
  6. කතන්දර සර්ච් එන්ජිං ඔප්ටිමයිසේසන්ද?

    ReplyDelete
  7. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails