Thursday, May 26, 2011

නෑසෙන ගී රස... ගුණදාස කපුගේ....





සෑහෙන කාලෙකට කලින් ඩ්‍රාෆ්ට් වෙලා තිබුණ පෝස්ට් කෑලි කීපෙක තිබ්බ සින්දු ටිකක් අමුනලා එක පෝස්ට් එකක් හැදුවා. වැඩ වැඩි කමටත් වඩා කම්මැලිකම ද මන්දා.. ආයෙත් පොඩ්ඩක් වැඩිපුර මේ පැත්තෙ ගැවසෙන්නයි කල්පනාව..

කපුගේ ගෙ සින්දු කිව්වම වැඩි දෙනෙක් අහල තියෙන්නෙ අර සන්ෆ්ලවර් කැසට් තුනේ තිබුණ සින්දු පණහකට ආසන්න ප්‍රමාණෙ වෙන්න ඕනෙ. සාමාන්‍යයෙන් නෑසෙන කපුගේ ගීත ටිකක් පහලින් තියෙනවා, අහල බලන්න. වෙනස වටහාගන්න. අන් අයටත් ඇසෙන්න සලස්වන්න :)


පුර හඳට පේන්නට පන්සලේ
හේවිසි වැයූ මාමණ්ඩියේ
තක දොමිත සුරල් පද කෝ නුඹේ
නුඹ එක්ක නිදිද මාමණ්ඩියේ

ගොක් ‍රැහැන් වේලුණු මංසලේ
නුඹ ඉන්නවා වාගේ පෙනේ
පැන් වඩන මළ දොළ ගොම්මනේ
හේවිසි නැතිව වැලපෙනු ඇසේ

තුන් යම් දුරේ වෙහෙසෙනු නුඹේ
මළ ගම් නොආ කවුරුද ගමේ
හේවිසිය විතරක් නොවැයුනේ
ඇයි නුඹ නමින් මාමණ්ඩියේ



ගමේ එන්නට හිතෙන්නෑ මට නගේ උඹ හින්දා
ලියුම් කරදහි කොතෙක් ලිව්වත් මෙහෙම මං ඉන්නා
මෙහෙම මං ඉන්නා

වසර ගණනක් පෙරුම් පුරලත් එක හිතක් නැත්නම්
මගේ කඳුලට වේදනා මං තනිව විඳගන්නම්
තනිව විඳගන්නම්

හිතේ ඇතිවුණ ආදරේ ගැන උඹට ඇයි රිදවුම්
නුඹේ සෙනෙහස අහක ගියදෙන් තනිව මං ඉන්නම්
තනිව මං ඉන්නම්



කවමදාවත් නොඑන ගමනක් ගියාදෝ වැහි ලිහිණියෝ
ලිහිණියෝ ලිහිණියෝ
ලිහිණියෝ නාඹර වියේ
ත‍ටු සැළූ කළු ආකහේ
කවමදාවත් නොඑන ගමනක් ගියාදෝ වැහි ලිහිණියෝ

සාගරේ මධු ගීතිකා නොව
නුඹ මුවග ‍රැඳුනේ
දියට හැඬුදා පවස වෙනුවට
නුඹෙ කෙළද සිඳුනේ

සුළං කෝඩය කපාගෙන නුඹ
පියාඹන වේලේ
හඹා ගිනි බිඳ හෙළා හිරිහැර
කළාදෝ නොදැනේ


තල් වැට අයිනේ කඳවුරු දොර‍ටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ ‍රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලි මලු විනිවිද එන මරණය හමුවේ

වැලපෙන මුහුදයි ඈතින් දිස්වන්නේ
වැලි මුසු සුළඟයි සියොළඟ දැවටෙන්නේ
හිනා පොදක් කෙළි කවට බසක් නැති
හෙවනැල්ලයි මගෙ තනියට ළඟ ඉන්නේ

වෙඩි පුපුරණ හඬ් ඈතින් ඇසෙන පැයේ
හිත ඉගිලී ගොස් ඔබ ළඟ ‍රැඳී තියේ
දෙතැනක අනියත සිතින් සිටින අප
සුළඟට හෙළනා සුසුමෙනි ළංවන්නේ





ගුණදාස කපුගේ...

ජය..
වැම්පයර්

8 comments:

  1. මගේ ප්‍රියතම ගායකයෙක් ..නොමියෙන හඬක් ..ස්තුතියි ඔබට

    ReplyDelete
  2. දැනුවත් කලාට තෑන්ක්ස්.

    ReplyDelete
  3. patta sindu tika ban pissu hadenawa

    puluwan nam download karana link ekaka deepan yako.... :)

    ReplyDelete
  4. හැමදාමත් වගේ අදත් සුපිරි බඩු ටිකක්නේ දීලා තියෙන්නේ....

    ReplyDelete
  5. බ්ලොග් එකේ උපන් දිනෙත් පැනලා හොරෙන්ම ගියා නේද ලොක්කා... එහෙනම් ඔන්න සුබ පැතුම්....

    ReplyDelete
  6. ලොකු දෙයක් ආපහු ලියන්න හිතපු එක.

    ReplyDelete
  7. මම අහලම නෑ වැම්පයියේ.... තැංකිවු වේවා...!!

    ReplyDelete
  8. කපුගේ තමයි ඉතින් දුකට සැපට ඉන්නේ.... කපුගේ ගෙ වැඩිය නෑහෙන ගීත සෑහෙන තියෙනවා... උබ අන්තිමට දාපු එකත් මම අහලම නෑ..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails