Saturday, July 9, 2011

තවත් එක් බීපු කතාවක් - Yet another alcoholic story !



ඔන්න එදත් වෙනදා වගේම වගේ බොන දවසක්.  මතකේ හැටියට එදා අපි පැවිලියන් එකේ තමයි සෙන්ටිමෙන්ටල් වුනේ. කට්ටිය ලෙසටම ගැහුවා.  අන්තිමට දන්නවනේ වෙන වැඩේ.  වැඩිය බීපු නැති උන් වගේම බයිට් කාපු උන්ට වෙන්නේ කලාබර ආසියො රුයිත හේරො වගේ දිව බඩ එහෙම එලියෙ දාගෙන ඉන්න උන්ව බෝඩිං වලට ඇරලන්න. එතකොට තමයි බයිට් කන්න සෙට්වීමේ රඟේ තේරෙන්නෙ.  මොකද ඉතින් සිහි නැතිවෙන්න ගැහුවනං ආයෙ බෝඩිමට ට්‍රාන්ස්පෝට් ශුවර්.  කොහොමද ආවෙ කියල දන්නෙත් නෑ. උදේ නැගිටින්නේ බෝඩිමේ ඇඳේ!  ඔක්කොම කරන්න වෙන්නෙ අර නොබීපු අහිංසකයොන්ට තමයි.

මමත් එදා හිටියෙ අර කාඩ් පැක් එකේ උන් වගේ තමයි.  සිහි මඳ ගතියෙන්.  ඒ කාලෙ මම හිටපු බෝඩිමට කැම්පස් එකේ ඉඳලා ටිකක් විතර දුරයි. විනාඩි විස්සක් වගේ පයින් යන දුර. ෆස්ට් ලේන් එක කිව්වම මොර‍ටුවේ හිටපු උන් දන්නවා. ෆස්ට් ලේන් එකේ කොනේ තමා මගේ ඇඳ තිබුනෙ.  රෑ දෙගොඩහරියෙ ඔච්චර දුර යන්න අමාරු නිසා එතන හිටපු එකෙක්, අපි  පණ්ඩු කියමු, පණ්ඩු  "මචං ෆස්ට් ලේන් අදින්න අමාරුයි නෙ, වරෙන් මාත් එක්ක ඩෝමෙ නිදාගන්න" කියල ඔන්න යෝජනාවක් දැම්ම. ඉතින් ඒ යෝජනාවට විරුද්ධ වෙන්න මට පුලුවන්කමක් තිබුනෙ නෑ. පුළුවන් කමක් තිබ්බත් සිහියක් තිබ්බෙ නෑ!  ඩෝම කියන්නෙ කැම්පස් එකේ ඩෝමෙට්‍රි එක. ඇඳන් දාපු ලොකු හෝල් එකක් වගේ එකක්.

දැන් ඔන්න පණ්ඩුවා මමත් පොඩ්ඩක් සපෝට් කරගෙන ඩෝමට යනවා. සපෝට් විතරයි හරී.. මම කෙලින් යනවා ලෙසට. දෙන්නත් එක්ක ඩෝමට ගිහින් පණ්ඩුවගෙ ඇඳට එබුනා විතරයි..

හත්තිලව්වයි..  මෙන්න ඒකෙ වෙන දෙන්නෙක් බුදි!

දැන් ඉතින් මොකොද කරන්නේ.. පොඩ්ඩක් පයින් ඇනලා බැලුවා නැඟිටින පාටක් නෑ.

"අනේ බං.. ෆස්ට් ලේන්ම අදිමු" ඒ යෝජනාවත් පණ්ඩුවගෙන්. 

---------------------

කැම්පස් වල ඩෝම් වල මේ තත්වය සුලබයි.  රෑට ශර්ට් එකක් අයන් කරල තිබුනොත් උදේට ඒක නෑ..මොකෙක් හරි ඒක ඇඳගෙන යනවා...:)   ඒ ගැනත් කතන්දර පසුවට...


ජය..
වැම්පයර්

4 comments:

  1. අනේ බන් කෑම්පස් කාලෙ මරු නේද ඈ.
    මම සෙකන්ඩ් ලේන් එකේ කාලයක් හිටියා.
    පෑවිලියන් එකේ ඉන්දල බීවම බෝඩිමට යනකොට වෙරි බහිනවා.
    විල්ස් එකේ බීල පයින් ආවමත් එහෙමයි.
    වෑම්පා ආපහු ලියන එක හොඳයි මම කෑමතිම බ්ලොග් කීපයෙන් එකක් මේක.
    ජයෙන් ජය.
    JH

    ReplyDelete
  2. එල එල තව හොඳ කතා ටිකක් අහගන්න පුළුවන් වෙයි වගේ...

    ReplyDelete
  3. හෙහ් මෙන්න තව මොරටුවෙ කෙනෙක්. ෆස්ට් ලේන් එකේ මම බෝඩිං හොයන්න ඇවිදලා තියෙනවා. ඒක දුර වැඩි හන්දම එපා උනා.

    ReplyDelete
  4. අයියෝ ඇයි බිව්වෙ කියල හිතෙන වෙලාවක්.... හික් හික්

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails