Monday, August 29, 2011

කීර්ති පැස්කුවල් පොඩි ගමනක් යනවා! - නෑසෙන ගී





සිතුම් පැතුම් පොදි බැඳගෙන
අතින් කටින් තව ඩැහැගෙන
උපන්දා පටන් අපි පොඩි ගමනක් යනවා
වටින් පිටින් තව තව ගෙන
කදමළු තව පුරවාගෙන
හති  හල හල කඳු පල්ලම් දිගේ ඇදෙනවා
දෙපා වාරු නැති වෙන දින
බර උසුලනු බැරි වෙන තැන
දුක හිතුනත් සමහර දේ ඉවත දමනවා
සළුපිළි අබරණද වටින
පණ මෙන් සුරකින යහගුණ
සමහරවිට අපි නොදැනිම ඉබේ හැලෙනවා
පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා
පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා


අණවින කරනා අය දැන
බැණ  බැණ හෝ කරබාගෙන
යන අතරේ හැකිනම් කොඩිවිනද කරනවා
බැරිතැන ඉවසා කරදෙන
අතරේ අප කල දු‍ටු තැන
කරට නැගී පුළුවන් නම් කරක් ගහනවා
කැරකෙන රෝදය දුක සැප
නින්දා පැසසුම් විඳ විඳ
දිවා ‍රැයේ කඳු පල්ලම් උඩින් ඇදෙනවා
කඩ ඇණ දෙක ගැලවුණු තැන
රෝදය පට්ටම සමගින
ගැලවී දිවි තවලම පල්ලමට ඇදෙනවා
පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා
පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා



අහන්න මෙතැනින්




ගායනය-කීර්ති පැස්කුවල්
පද- උපාලි අත්තනායක
තනු-ලෝරන්ස් ප්‍රනාන්දු (හෝ පෙරේරා, මතක නැත!)





--
සින්දුව පොඩියි,  පද සරලයි, සංගීතය ඉතාම සරලයි!
පදරුත් විශිෂ්ඨයි, ගායනය මරු!

හොඳ නිර්මාණයක් නේද?


ජය..
වැම්පයර්

4 comments:

  1. වැම්පා,
    උඔට ඉඩක් තියෙනම් පහල ලින්ක් වලට ගිහිල්ල පෝස්ට් ටිකක් ආපහු බලපන්.
    http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge

    http://blogvampa.blogspot.com/search/label/jothipala

    ඉඩකඩ තියෙන වෙලාවට වත් ටිකක් දිග පොස්ට් එකක් ලියහන් බන්.
    වැම්පා රසිකයෙක්

    ReplyDelete
  2. පැස්කුවෙල් මහත්තය ගායනා කරල තියෙන ගොඩක් සින්දු ටොප්! අළුත් ඒවත් එක්කම. මේකෙ තනුව මට සිහි කලේ ධර්මරත්න සහෝදරයන්ගෙ මුළු ගතම වෙහෙසුනා සින්දුව. තාලය ඒ ළඟින් යනව වගේ. :D

    ඇනෝ කිව්ව වගේ දැන් ඉස්සර වගේ කියවන්නත් එක්ක පෝස්ට් ලියන්නෙ නෑ වගේ නේද?

    ReplyDelete
  3. අවාසනාවකට මේ වගේ සින්දු වලට ලංකාවෙ තැන ලැබෙන්නෙ ප්‍රබුද්ධ පොරක් කිව්වොත් විතරයි!
    නිහාල් නෙල්සන්ගෙ සින්දුවලට තේරුම නොහිතම ගරහන අය නන්දගෙ "යනවානං අනේ මං අරං" මොනතරං උසස් යටි පෙළක්ද තීන්නෙ කියනව වගේ තමයි!

    ReplyDelete
  4. කලාතුරකින් ඇහෙන ගී හඬක් දැන්.. දැන් ඉන්න එව්වො මෙහෙම ගායකෙක් උන්නද කියලවත් දන්නෙ නෑ....

    වැම්පියෝ මෙහෙම කියන්න බැහ ඉතින් මොකද මමත් ලියන්නෙ නැති නිසා වැඩිය.. ඒ උනාට ඉස්සර වගේ ලිපි ටිකක් දාපන්...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails