Saturday, August 27, 2011

ලක්ශ්මන් විජේසේකර - ඔබේ දෙකොපුළ වසා ගලනා | Lakshman Wijesekara



ලක්ශ්මන් විජේසේකර මහත්තයා කියන්නේ අනූව මුලදී සෑහෙන්න ජනප්‍රිය වුනු (ගංගා හා නිශ්ශංක ටෙලි තේමා ගීතය - සිනා පිපෙනා මේ වසන්තය- කුමාරදාස සපුතන්ත්‍රී, සමිතා මුදුන්කො‍ටුව)  අනූපහෙන් විතර පස්සෙ ආගිය අතක් නැතිවුණ... ආයෙ දෙදාහෙදි නව රිද්ම කැසට්පට ‍රැල්ල සමග ආයෙත් කැසට් එකක් කරපු.. දැන් ආයෙත් ආගිය අතක් නැති.. සෑහෙන්න හොඳ ගීත කියපු ගායකයෙක්.  මේ ගීතය නම් ඇහෙන්නෙම නැති තරම්. ඒත් මගේ හිතේ මේ ගීතයේ පද වැල ගැන තියෙන්නෙ සෑහෙන්න පැහැදීමක්. යුග ගායනා නිරෝශා විරාජිනී (එයාට නං මගේ මනාපයක් නෑ).

මේ ඇරුණම සඳ කිනිති නැමී, දුර ඈත ජීවිතේ, දැල්වූ පහන්, ඇයි තරහින් මාන්නක්කාරී, දෑත දෙපාලන ගිගිරි සරින්, ඔබ මට තරුවකි ගනඳුරු ‍රැයකදි, තිසර කැදැල්ලේ, ඇති දේ ඇති සැටියෙන්, මේ ප්‍රේම සීමා මාලකේ, සමාව ඉල්ලා හඬා වැටෙන්නද, සමන් වැලේ මල් ජයට පිපීලා (ඔරිජිනල් සීඩී ෆොන්සේකා, ශර්මිලා ෆොන්සේකා), එතෙර දිසාවක, දිව්‍යාංගානාවංට අපට වාගෙ තරහ යන්නෙ නෑ (පසු ගායනය ජිප්සීස්, සිහ ශක්ති), බාල ලමාවරුනේ වගේ අද නෑසෙන ළයාන්විත ගී ‍රැසක හිමිකරුවා, සංගීත නිර්මාණ ශිල්පියා ඔහුයි.


ඔබේ දෙකොපුළ වසා ගලනා
සීත කඳුලැල් ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ කඳුළු මාගෙයි

ඔබේ දෙ අදර පුරා නැගෙනා
සුසුදු හස‍රැලි ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ සිනා මාගෙයි

කුණා‍ටුව සේ හමා ආවා... ඔබ
අරණ අතු ඉති සිඳ දමා
ඇත්තමයි ඒ රුදුරු කඳුලැල් ඔබ තමා
වියෝගය වී වියෝ වූවා..... ඔබ
දැදුරු පෙම් සිත මට පුදා
ඇත්තමයි ඒ මිලින හස‍රැල් ඔබ තමා

විලාපය වී ගලා ආවා..... ඔබ
මටම තෙපළූ පෙම් කතා
ඇත්තමයි ඒ වියරු මිමිණුම් ඔබෙ තමා
මහෝගය සේ පතා ආවා..... ඔබ
නිමාවක් නැති සිඳු කියා
ඇත්තමයි ඒ කුරිරු මිරිඟුව ඔබ තමා

http://mp3srilanka.com/files/Lakshman_Wijesekera_Obe_Dekopula.mp3


මේක අද දෙවැනි පෝස්ට් එක.. මෙන්න පලවෙනි එක..

http://blogvampa.blogspot.com/2011/08/blog-post.html



ලක්ශ්මන් විජේසේකර මහත්තය ගුරුවරයෙක්.. වගේම සුසිල නිශ්පාදන ආයතනේ සංගීත හා ටෙලි පිටපත් අධ්‍යක්ෂකවරයෙක්

5 comments:

  1. මුන්නැහේලා සින්දු කියන්නේ නැති එක මහම අපරාදයක්...
    ඒත් හොඳ පදමාලා නැති එක වෙන්ටෑ හුටප්පරේ...

    නිරෝෂා ගැන කොමෙන්ටුව - 100% එසේමැයි...!!!

    ReplyDelete
  2. මමත් හරිම කැමති සින්දුවක් තමයි..ඔය සිනා පිපෙනා මේ වසන්තය කියන සින්දුව

    ReplyDelete
  3. මමත් බොහොම කැමති ගායකයෙක් තමයි. හොඳ ගීත සෑහෙන්න ප්‍රමාණයක් ගායනා කරල තියෙන කෙනෙක්.

    හැබැයි මොනව වුණත් නිරෝෂ කියන්නෙ සුජාතට පස්සෙ ලංකාවෙන් බිහිවුණ හොඳම ගායිකාව කියලයි මට හිතෙන්නෙ. මට නිරෝෂව එපා වුණේ මෑතකදි ඒ කටහඬ තියෙන ගායිකාවො කීප දෙනෙක්ම අඬන්න ගත්තු නිසයි.

    ReplyDelete
  4. මේ දැනුත් සිනා පිපෙනා ගීතය ඇහුවා...හරිම නිවුනු එහෙත් ප්‍රේමණිය කටහඬක් තියෙන ගායකයෙක්..

    ReplyDelete
  5. ගංගා සහ නිශ්ශංක කතාව ගැන හීනයක් වගේ මතකයක් තියෙනවා

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails