Thursday, September 15, 2011

අමුතු ප්‍රස්න.. | Brain teasers




මෙන්න පොඩි අමුතු තාලෙ ප්‍රස්න ටිකක්. රනිල්ගෙ ප්‍රස්නෙ වගේ නෙවයි හැබැයි. පොඩි උත්සාහ පාරක් දාන්නකො, අමාරු නෑ.  අර ගීතක අයියත් කියන්නෙ උත්සාහවන්තයාගෙ පුතා ජයගනී කියලා. මමත් අහල තියන කතාවක් තමා ඉතින් උත්සාහවන්තයා ණයගනී කියන එක.

ප්‍රස්න අංක එක-
බාස්කට් එකක බිත්තර හයක් තියනවා. මිනිස්සු හයදෙනෙක් බිත්තර ගන්නවා එක බැගින්. අන්තිමට බාස්කට් එකේ බිත්තරයක් ඉතුරුවෙනවා. ඒ කොහොමද?

ප්‍රස්න අංක දෙක-
තට්‍ටු විස්සක බිල්ඩිමක ජනේලෙන් වැටෙනවා මනුස්සයෙක්. ලොකු තුවාලයක් හෝ කම්පනයක් නෑ. ඒ කොහොමද?

ප්‍රස්න අංක තුන-
පොලිස් ඔ‍ෆිසර් කෙනෙක් දකිනවා ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් පාරෙ වැරදිපැත්තෙ යනවා. මෙයා නීතියට වැඩකරන ඔ‍ෆිසර් කෙනෙක් උනත් මේක නොදැක්කා වගේ ඉන්නවා. ට්‍රක් ඩ්‍රයිවර් දේශපාලනේට හෝ පොලිසියට සම්බන්ධ කෙනෙක් නෙවයි. ඇයි එහෙනම් පොලිස් ඔ‍ෆිසර් නිකං බලං ඉන්නෙ?

ප්‍රස්න අංක හතර-
ව්‍යාපාරිකයෙක් ඩොලර් එකට තිරිඟු පිටි කිලෝවක් අරන් ශත දහයට ඒක (පිටි කිලෝව) විකුණනවා. මෙහෙම කරල මෙයා මිලියනයර් කෙනෙක් වෙනවා. එහෙම වෙන්නෙ කොහොමද?



ප්‍රස්න අංක පහ-
සංචාරකයෙක්ට එකපාරට නිදාගෙන ඉන්න වලහෙක් හම්බෙනවා. මෙයා කරන්නෙ දකුණු පැත්තට කිලෝමීටරයකුත් එතන ඉඳන් නැගෙනහිරට කිලෝමීටරයකුත්, ආයෙත් එතනින් උතුරට කිලෝමීටරයකුත් දුවනවා. මෙන්න බොලේ ආයෙ අර වලහා! හැබැයි වලහා ඉන්න තැනින් හෙලවිලා වත් නෑ.  වලහගෙ පාට මොකක්ද? මොකක්ද හේතුව?

ප්‍රස්න අංක හය-
පෙන්ගුයින් ලා ඇස්කිමෝලට බය නෑ, මොකද ඇස්කිමෝලා පෙන්ගුයින් දඩයම් කරන්නෙ නෑ. මොකක්ද හේතුව?



ප්‍රස්න අංක හත-
සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා වචන බාවිතා නොකර එක ළඟ දවස් තුනක් කියන්නෙ කොහොමද?

කියමු බලන්න..




පසු ලියමන-
ප්‍රස්න මගේ නෙවයි. කාලෙකට කලින් ආපු මේලයක තිබුන ටිකකින් මතකෙට ආපු ටික. මතකෙට ආවෙ පොඩ්ඩක් කල්පනා කරල උත්තර හොයාගනිපු ටික නිසා. යම් තරමක තාර්කික උත්තර තියෙනවා හැම ප්‍රස්නෙටම.


ජය..
වැම්පයර්

21 comments:

  1. 1. අන්තිම කෙනා බාස්කට් එක පිටින් බිත්තරේ ගන්නවා
    2. තට්ටු 20 බිල්ඩිමේ පළවෙනි තට්ටුවෙ ජනේලෙකින් වෙන්ටැති
    3. ඩ්‍රයිවර් පයින් වෙන්න ඇති යන්නේ
    4. බිලියනර් කෙනෙක් සිට මිලියනර් කෙනෙක් දක්වා
    5. සුදු, උත්තර ධ්‍රෑවයේ
    6. දෙගොල්ලො ඉන්නෙ ධ්‍රෑව ප්‍රදේශ දෙකකනේ
    7. අද, හෙට , අනිද්දා

    ReplyDelete
  2. ප්‍රශ්න අංක 1
    අන්තිම එක්කෙනා බාස්කට් එක පිටින් ගන්නවා
    ප්‍රශ්න අංක 2
    වැටෙන්නෙ පහලම තට්ටුවෙන්
    ප්‍රශ්න අංක 3
    ට්‍රක් එක ගිනි නිවන හමුදාවේ
    ප්‍රශ්න අංක 7
    ඊයෙ, අද, හෙට හෝ
    හෙට, අනිද්දා, ඉංඅනිද්දා

    මේ කියවද්දී එකපාරට ඔලුවට ආපු එව. අනිත් ඒව හිතල බලල කියන්නන්

    ReplyDelete
  3. තව එකක් මතක් උනා!
    ප්‍රශ්න අංක 5
    සුදු. මිනිහ ඉන්නෙ උත්තරද්‍රවයේ. එහෙ ඉන්නෙ හිම වලස්සු :)

    ReplyDelete
  4. ප්‍රශ්න අංක 4
    ව්‍යාපාරිකයා සත 10 ට විකුනන්නෙ වෙන මුදල් ඒකකයකින් වෙන්ඩැති :)

    ReplyDelete
  5. ප්‍රශ්න අංක 6
    එස්කිමොලයි, පෙන්ගුයින්ලයි ඉන්නෙ ධ්‍රැව දෙකක නේද? එක කට්ටියක් ඉන්න එකේ අනික් කට්ටිය නෑ

    ReplyDelete
  6. පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ හිතා ගන්න අමාරුය.
    දෙවැනි එකට නම් මිනිහා වැටෙන්න ඇත්තේ තට්ටු 20 ගොඩනැගිල්ලේ පහලම තට්ටුවේ ජනේලෙකින් වෙන්න ඇති.
    තුන්වෙනි එකේ ට්‍රුක් ඩ්‍රයිවර් පාරේ වැරදි පැත්තෙන් යන්න ඇත්තේ පයින්.
    හතරේ.... ව්‍යාපාරිකයාට මිලියනේකට සත 90 ක් වැඩියෙන් තිබිල බිස්නස් එකෙන් පස්සේ මිලියනේ වෙන්න ඇති.
    පහයි හයයි ෂුවර් නැත. පස්සේ හිතල කියන්න පුළුවන් වෙයිද බලමු.
    හත්වෙනි එකේ නම් "එක ළඟ දවස් තුනක් " කියල කියන්න අර දවස් ටික කියන්න ඕනේ නැත.

    ReplyDelete
  7. 1. එක පුද්ගලයෙක් බිත්තරය සහිත බාස්කට් එක අල්ලගෙන ඉන්නව

    3. ට්‍රක් රියදුරා පාරේ අනිත් පැත්තෙන් ඇවිදගෙන යනකොට කොහොමද දඩ ගහන්නේ..

    ReplyDelete
  8. ඔය ට්‍රක් ඩ්‍රැයිවර් තට්ටු විස්සේ බිල්ඩිමේ යට තට්ටුවේ ජනේළෙන් වැටෙන කොට හයවෙනි බිත්තරේ බාස්කට් එකත් එක්කම අතේ. පොර පස්සේ නැගිටලා පයින්ම ගෙදර යනවා පොලිස් කාරයත් දැකලා තියෙනවා. ඒ ගිහින් තියෙන්නේ උත්තර ධ්‍රවයේ සුදු වලසෙකුට බයේ කිලෝ මීටර් තුනක් දුවපු ඇස්කිමෝ කෙනෙකුට දක්ෂිණ ධ්‍රැව පෙදෙසේ ඉන්න පෙන්ගුයින් කෙණෙකුගේ ෆොටෝ එකක් පෙන්නන්නයි.

    මිනිහ මට කිව්වා ඔය මිලියනපතියා පෝසත් වුනේ ශත දහයට පාප්ප හදල දීලා කියාල ජනාධිපතිවරණෙට. ගලක් කඩන්න ලොකු කොන්තරත්තුවක් ලැබුණාලු ඒ පින් බලෙන්.

    ReplyDelete
  9. 01.බිත්තර 6 මින්සු හය දෙනා ගන්නකො ඒ එක මනුස්සයෙක් බිත්තරයක් බාස්කට් එකට දාලයි බාස්කට් එකේ තියෙන බිත්තරයක් ගන්නෙ
    02.තට්ටු විස්සෙ බිල්ඩිමේ බිම් මහලෙ ජනේලෙන් වැටුන නිසා
    03.ට්‍රක් ඩ්‍රයිවර් ගියේ ට්‍රක් එකේ නෙමෙයි
    04.ඩොලරෙට ශත දහයෙ ඒව මිලියනයයිද?
    05.----
    06.----
    07.ඊයෙ,අද,හෙට තව ඕනි නම් අනිද්දා ,ඉංඅනිද්දා

    ReplyDelete
  10. 1. අන්තිමයා බාස්කට් එකත් එක්කමයි බිත්තරේ ගන්නෙ.
    2. මිනිහා වැටෙන්නෙ බිම් මහලේ ජනේලයකින්.
    3. පොලිස් ඔ‍ෆිසර් ඉන්නෙ රාජකාරි වෙලාවෙ නෙවෙයි.
    4. ම්හු...
    5. වළහා සුදු පාටයි, හිම වළහෙක්! වළහා ඉන්නෙ උත්තර ධ්‍රැවයේ නිසා, අක්ෂාංශ දේශාංශ ඔස්සේ දකුණට, නැගෙනහිරට හා උතුරට දිව්වාම එන්නේ එකම තැනට.
    6. ම්හු...
    7. ඊයේ, අද, හෙට

    හරිද උත්තර?

    ReplyDelete
  11. දැන් මතක් වුනේ
    06.ඇස්කිමෝවරු ඉන්නෙ උත්තරධ්‍රැවයෙ පෙන්ගුයින්ලා ජීවත් වෙන්නෙ දක්ෂිනධ්‍රැවයෙ

    ReplyDelete
  12. ප්‍රශ්න අංක හත,
    ඊයේ,අද සහ හෙට
    ඔය එකපාර මතක් වෙච්චි එක,අනික්වා කල්පනා කරලා බලන්න ඕනේ.

    ReplyDelete
  13. ප‍්‍රශ්නය: මේව අහපු එකාගෙ වයස කීයද
    උත්ත‍රය:42
    පැහැදිලි කිරීම:
    අපේ පැත්තෙ ඉන්න පොල් කඩන එකෙක් ඉන්නව,
    උගේ නම හිච්ච,
    උගේ වයස 21,
    ඌට බාගෙට පිස්සු

    :) මේවට උත්ත‍ර හොයල මටත් දැන් හොදටම පිස්සු

    ReplyDelete
  14. 1 -
    මිනිස්සු බිත්තර 5ක් මෙම බාස්කට් එකෙනුත් අනිත් බිත්තරය වෙන බාස්කට් එකකිනුත් ගන්නවා

    2 -
    ඒ මනුස්සයා වැටෙන්නෙ බිම් මහලෙ හෝ 1 වෙනි තට්ටුවේ ජනේලෙකින් වෙන්න පුලුවන්.

    3 -
    ට්‍රක් ඩ්‍රයිවර් පයින් ගියා වෙන්නැති.

    4 -
    පිටි විකුණන්නෙ ඩොලර් නොවන වෙනත් මුදල් ඒකකයකින්.එහි සත දහය ඩොලර් එකක වටිනාකමට වඩා වැඩියි.

    5 -
    වලහ සුදු පාට හිම වලහෙක්, මේ වලහ ඉන්නෙ උත්තර ධ්‍රැවයෙ.

    6 -
    පෙන්ගුවින්ලා ඉන්නෙ දක්ෂිණ ධ්‍රැවයෙ, ඇස්කිමෝල ඉන්නෙ උත්තර ධ්‍රැවයෙ.

    7 -
    ඊයෙ, අද, හෙට
    පෙරේදා, ඊයෙ, අද
    හෙට, අනිද්දා, ඉන් අනිද්දා

    Charu

    ReplyDelete
  15. ඔය ඔක්කොම ප්‍රශ්න වලට උත්තර නං මම දන්නෙ නෑ. ඒත්, දන්නව කියල හිතෙන ටික කියන්නං.

    ප්‍රශ්න අංක එක- ම්හු..

    ප්‍රශ්න අංක දෙක- වැටිච්ච ගමං එහා ඇහැරිල බලනව. බැලින්නං වැටිල තියෙන්නෙ හීනෙං. අමාරුවක් එහෙම නෑ. තුවාලත් නෑ.

    ප්‍රශ්න අංක තුන- ට්‍රක් ඩයිවර් පාරෙ වරදි පැත්තෙ ගියත්, එයා යන්නෙ පයින් නිසා පොලිස් ඔපිසර්ට මෙකුත් කරන්න හැටියක් නෑනෙ. ඔන්න ට්‍රක් එක තිබුණනං දඩ කොලයක් පෙන්නල ගානක් කපා ගන්න තිබුණා.

    ප්‍රශ්න අංක හතර- ම්හු.. නෝ අයිඩියා

    ප්‍රශ්න අංක පහ - මේකනං ටිකක් වැදගත් ප්‍රශ්නයක්. වලහා සුදු පාටයි. මොකද, එයා හිම වලහෙක්. ඉන්නෙ හරියටම උත්තරධ්‍රැවයෙ. එතන ඉඳං දකුණට - නැගෙනහිරට - ආයෙත් උතුරට කි‍ලෝ මීටරය බැගින් ගියාම, ආයෙමත් උත්තරධ්‍රැවයෙ. ඔන්න ආයෙත් වලහ හිටිය තැනටම ඇවිත්.

    ප්‍රශ්න අංක හය - ම්හු..

    ප්‍රශ්න අංක හත - මේකට නං ක්‍රම කීපයක් තියනව. අද-හෙට-අනිද්දා, ඊයෙ-අද-හෙට, ඕනනං වෙන බාසාවකින් කියන්න පුළුවන්. sunday- monday-tuesday වගේ....

    කොහොමද මගේ මොළේ, අපේ කට්ටිය නං කියන්නෙ ඇඟ පුරාම කියල.

    ReplyDelete
  16. 1 : දන්නේ නෑ
    2 : වෑටිලා තියෙන්නේ පළවෙනි තට්ටුවේ තිබෙන ජනේලෙකින්..
    3 :ට්‍රක් ඩයිවර් කෙනෙක් යන්නේ.. ඒ කියන්නේ ට්‍රක් එකක් නෙමේ... ඩ්‍රයිවර් විතරයි..
    4 :මම හිතන්නේ මොහු බිලිනයපතියෙක්... ඩොලර් එක බෑගින් ගත්ත කිලෝව සත දහයට විකුණලා මිලියනයක් හොයන්නේ නෑත්නම් කොහොමද..
    5 : සංචාරකයා හීනෙන් තමා දුවලා ඈත්තේ.. හහා.. මට මේක එච්චර මීටර් නෑ.
    6 : ඈස්ලොමෝලා පෙන්ගුවින්ට බයයි.. ඒකයි දඩයම් කරන්නේ නෑත්තේ...
    7 : දන්නේ නෑ

    එකටයි හතටයි හිතුවට හරියට උත්තරයක් ආවේ නෑ..
    කොහොම නමුත් තුන් වෙනි එක හරි කියලනම් ෂුවර්..
    ස්තූතියි.. නියම ප්‍රශ්ණ

    ReplyDelete
  17. නියමයි නෙ. මකරා ගෙ උත්තර හරි. කතන්දර කතන්දරේකින්ම උත්තර දීල තියෙනවා එක ප්‍රස්නෙකට ඇරෙන්න. මලිත් හරි! :)
    චාරුගේ හතරවෙනි උත්තරයත් නිකං වැරදි නෑ වගේ.
    සමීර ගෙ දෙවනි උත්තරේට මම පුද්ගලිකව කැමතියි!

    ReplyDelete
  18. ඇයි බොල අපි මෙහෙ එනකොට හොඳටම පරක්කුයි නෙව, මුං තරඟ තියල, උත්තර දීල, හරි වැරදි බලල , ප්‍රශ්න පත්තරේ සාකච්ඡාත් කරලනෙ මේ ටිකට,,

    ReplyDelete
  19. මකරා වැඩකාරයනේ. හැබැයි මකරගෙ 7 වෙනි උත්තරේට වඩා චීටගෙ 7වෙනි උත්තරේ නං ක්‍රියේටිව් වගේ.

    ReplyDelete
  20. උත්තර දීල නේ... මම ඔක්කොම උත්තර දන්නව නැත්තම් හික් හික්... කල්පන ශක්තිය නිල් වෙලාද මන්ද මගේ

    ReplyDelete
  21. 2 ට හැර අනිත් ඒවට හොඳ උත්තර තියනවා.....
    මිනිහා වැටිල තියෙන්නෙ ජනේලෙන් ඇතුලට

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails