Thursday, September 22, 2011

පූජා.....පූජා වේවා...... | Joe Abeywickrama



දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා.....පූජා වේවා......

මහමෙර වැනි බර සිතින් උහුලනා
කඳුලැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා

මව් ඇති දාටත් සෙනෙහස පුදනා
මව් නැති දාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා...... පූජා වේවා...........
ධර්මසිරි ගමගේ ගේ පූජා (1986) චිත්‍රපටයට ධර්මසිරි ගමගේ රචනා කල කේමදාසයන් සංගීතවත් කළ මේ ගීතය ජෝ අබේවික්‍රමයන් ගේ රංගන ප්‍රතිභාව මැනැවින් පිළිබිඹු කරන කැඩපතක් වැන්න.

ජෝ අබේවික්‍රම මහත්තයා.. ආයෙ හම්බෙමු.. එතකන් ඔබට සුබ ගමන්...!

7 comments:

  1. මෑත කාලයේදි මාව ගොඩක් දුකට පත් කරපු නිව්ස් එකක් තමයි ජෝ මහත්තයාගේ අභාවය. එතුමාට නිවන් සුව අත්වේවා...!

    ReplyDelete
  2. විජේරත්ණ රණතුංග ගියා, දැන් ජෝ! මේ හිස් ඉඩ පුරවන්න කවුද එන්නෙ?
    ජෝ මහත්තයට සසර කෙටිවේවායි පතමි!

    ReplyDelete
  3. ජෝ කියන්නේ සිනමාවට ප්‍රවිශ්ඨ වෙච්ච අවදියෙම විවිධාකාර චරිත රඟපාලා, එක රාමුවකට කො‍ටුවෙන්නෙ නැතිව ප්‍රතිභාව ප්‍රකට කරපු විශිෂ්ඨයෙක්.

    ඔබට නිවන් සුව පතමි!

    ReplyDelete
  4. ජෝ..
    නියමයි..
    ඩෝ..

    ඔහු රඟපෑවේ නැත.
    චරිත තුල ජීවත් වූවා පමණි..

    ReplyDelete
  5. ජෝ, කේ ජයතිලක, විජේරත්න රණතුංග කියන්න දෙයක් ඇත්තෙම නෑ....

    ReplyDelete
  6. එදා මෙදා තුර මා හොඳම නළුවා යැයි කීවත් වරදක් නෑ...

    ReplyDelete
  7. මේකෙ ඔරිමජිනල් mp3 එකක් නැද්ද වැම්පයර්?

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails