Saturday, September 24, 2011

"කවියන්ගෙ රස හැඟුම" හින්දි කොපියක්ද? Vilbert Anthony



පැරණී සිංහල ගීත ප්‍රියකරන අයට විල්බට් ඇන්තනී කියන නම අමුතුවෙන්න විදියක් නෑ. හැත්තෑව දශකයේ මීගමුවෙන් කරළියට ආ විල්බට් ඇන්තනී අසූ ගණන් වල අග හෝ අනූ  ගණන් වල මුල දක්වා ගී ගැයුවා. ගුවන්විදුලියේ අනූව දශකයේ අග වෙනකන් විල්බට් ඇන්තනී ගේ ගීත ප්‍රචාරය වුණා.


විල්බට් ඇන්තනීගෙ එකල ජනප්‍රිය ගී අතර..

කුංකුම චන්දන අංජන තවරා චාන්දනි සිනාසුනා..(මං කැමති එක)
බඹරු මත්වෙලා මලට ළංවෙලා.. ඔබට ළංව මහද මත්වෙලා.. .කඳුලු වියැලුනා.. සිනහ මතුවුනා.. අපගෙ ලොවට සතුට යා වුණා (මං කැමති දෙක)
නොමග නොයන් පුතේ.. නුඹට රටක් ඇතේ (සමහර අය හිතන් ඉන්නවා මේක අබේවර්ධන බාලසූරියගෙ කියලා.. නෑ මේ විල්බට්.. මේකෙ අනිත් වර්ශන් එකටයි  මං වැඩිය කැමති හික්ස්!)
සුදු සේල අගින් වැසු නීල නුවන්.. විහිදා මාවෙත බලනු ඉතින්..  (මං කැමති තුන)
ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ..


වැනි ගීත මතකයට එනවා..


හරි නෙ දැන් ඕං කතන්දරේ.


අද උදේ පාන්දරම විල්බට් ඇන්තනීගෙ "කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා" ගීතය වින් ඈම්පයේ වාදනය වෙන්න පටන්ගත්තා.  බොහෝ දෙනා නොදන්නවා වුණාට  මේ ගීතය හින්දි අනුකාරක ගීතයක්! අර මේ නොනිමෙන දිවි ගමනේ එක වගේ තමයි!

මුලින්ම අපේ එක අහල ඉමු..!
http://www.divshare.com/download/15787293-b85






හැටතුනේ තිරගත වෙච්ච "භාරෝසා" චිත්‍රපටයට මහේන්ද්‍ර කපූර් හා ලතා මංගේශ්කාර් තමයි මේ ගීතය කියන්නෙ. සංගීත අධ්‍යක්ෂණය රවි ගෙන්.  ඒ කාලෙ හැම ‍ෆිල්ම් එකකටම වගේ සින්දු ලියපු රාජේන්ද්‍ර ක්‍රිශ්ණන් තමයි  මේකෙ පද රචනෙ.  ගුරු දත් හා ආශා පරෙක් තමයි මේකෙ රඟපාන්නෙ.




පොඩි සටහනක්. චිත්‍රපටය නම් බලලා නෑ. ඒක නිසා ඒ ගැන කියන්න දෙයක් නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් සටහනක් කරලා යන්න.

8 comments:

  1. mahathtyhayoo sudu sela agin original music ekka sinduwa thiyenawanam dennako, youtube eke hewwa thibbe naa.

    ReplyDelete
  2. මගේ නොම්මර එක "සුදු සේල අගින්"
    දෙක "ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ.."

    උදෙන්ම ලස්සන සිංදු ගොන්නක්ම මතක් කලාට වැම්ප්ස්ට ස්තූතියි...

    [නොමග නොයන් පුතේ ;-) ]

    අඥාත: මෙන්න "සුදු සේල අගින්" සින්දුව මෙතනින් බාගන්න...
    http://www.divshare.com/download/15788527-f71

    ReplyDelete
  3. මම ප්‍රිය කරන ගායකයෙක්,, වැම්ප කැමති සිංදු වලට මමත් කැමතියි,,

    ReplyDelete
  4. ස්තුතියි .. තිස්ස අයියා.. තැන්කූ මම වෙනුවෙන් සින්දුවේ ලින්ක් එක දුන්නට..

    හරි අක්කා.. තැන්කූ වේවා..

    ReplyDelete
  5. හෙ හෙ
    සුදු සෙල අඟි ඇදි නිල නුවන් විහිදා මා වෙත බලනු නිතින්.. මගෙ ටොප් ටෙන් චාර්ට් වල තව ගිතයක්.

    ReplyDelete
  6. විල්බට් සහ අබේවර්ධන කියන්නේ මගෙත් ආසම ගායකඉන් දෙන්නෙක්,

    ගම හෑර දා සිදාදියට....

    විිල්බට් ඈන්තනී මේ ගීතය කියලා තිබුනේ මටම කියලය් මට හිතෙන්නේ.

    ReplyDelete
  7. කවියන්ගෙ රස හැඟුම මගෙත් ඕල් ටයිම් ෆේවරිට්... උබගෙන්මයි ඉල්ලගත්තෙ එක පාරක්.

    සුදු සේල අගින් එකත් මේ දවස් වල නිතරම ඇහෙන සින්දුවක්

    ReplyDelete
  8. මමත් සුදු සේල අගින් ගීතයට කැමතියි... කවින්ගේ රස හැඟුමත් සුපිරි... මේ පෝස්ට් එකත් එක්ක හෙන ඈත මතකයකට ගියේ......

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails