Sunday, November 6, 2011

බොලොග් මල් දම

පයිරෙට් බෙදීමද
පිටවල් කසාගැනුමද
ලිපි කොපි ගැසීමද
බූරු ලකුණුය සිතන් හැම සඳ

හිට්ස් ඉල්ලන්නේ
කොමෙන්ට් හිඟන්නේ
පානිය දාන්නේ
මොකට මේ හැටි චෝරු වෙන්නේ

කුනුහරුප නොකියනු
විසුලු කැත බස් නොකියනු
අපහාස නොකරනු
නහය ගාවින් පොල්ල නවතනු!

හොඳ යමක් දු‍ටු තැන
අගයමින් එම නිමැයුම
කොමෙන්‍ටුව දමමින
කරනු දිරියක් සුදුසු විලසින

තමන් මත ලියනට
තහනමක් නැත කෙනෙකුට
අන් මත ඉවැසුමට
මහත්වරු නම් නොවෙති පසුබට

දෙකක් දා ගන්නේ
කවි සිත් පහල වන්නේ
ඔහේ ලියැවෙන්නේ
අනේ මන්දා මොකද වෙන්නේ

-වැම්පා මුල්ගුරුතුමා...


ගූගල් බසයක පබ්ලිශ් කරන ලදුව, ලිවීමට දෙයක් නොමැත්තේ, මෙහිමැ නැවැත පබ්ලිශ් කරන ලදී..

16 comments:

  1. මහත්වරු නම් අවම
    මහත් හොරු වෙයි බොහොම
    මහන්තත්වය පිරුණ
    එවුන් ගොරවයි බොහොම

    ReplyDelete
  2. http://blogvicharaka.blogspot.com/2011/10/blog-post_25.html

    මේ ලිපියත් කියවලාම බලන්න.

    ReplyDelete
  3. කවි ලියන්න නං තේරෙන්නේ නෑ...එළ කවි ටික ඈ.....

    ReplyDelete
  4. නියමයි.....කවි ටික වගේම උපදෙස් ටිකත් ලස්සනටම ඇවිල්ලා තියෙනවා...

    තමන්ගේ මතයක් ලිවීමටත්, ඒ මතයේ ඇති හරි වැ‍රැද්දක් ගැන කතා කිරීමටත්, එසේ කිරීමේදී නිසි වචන භාවිතයත් ලේඛකයා මෙන්ම කොම්න්ට් දමන්නත් නිසි ලෙස පිලිපදිය යුත්තක්....නීතී නොමැති බ්ලොග අවකාශ්යේ ස්වයං හික්මවීම ඉතා අවශයයි. නිදහස යනු තව අයෙකුට ඒ අයෙකුගේ විශ්වාසයකට අනිසි අකාරයෙන් පහර ගැසීම නොවිය යුතුයි....

    ReplyDelete
  5. බ්ලොග් ලියන්න එන්නේ
    කුණුහරුපයක් දෙකක් ලියන්නේ
    හිට්ස් ගොඩක් එන්නේ
    මම දැන් පොරයි සිතන්නේ

    බ්ලොග් මල් දම මරු වැපා අයියේ! :D

    ReplyDelete
  6. අවසර මුල්ගුරුතුමනි වැම්පා
    බ්ලොග් මල්දම කියවා හිතට ගත්තා
    නියමෙටම ලියලා
    කියා වාඩියේ ළමයා කිවුවා...

    ReplyDelete
  7. නියම පද ටික....කියලා තියෙන දේවල් කියවන්න ඒ වගේ ඈයෝ එන්නෙ නෑ...බ්ලොග් ලෝකයේ මම දැක්ක දෙයක් තමා හොඳ පෝස්ටුවක් දැම්මට වැඩිදෙනෙක් ඒක කියවන්න කැමති නෑ...ඒත් එක කුණු හරුපයක් ලිව්වොත්.....ඔන්න කට්ටිය...

    කොමෙන්ට් හිඟා කෑම නම් මම කොහෙත්ම අනුමත කරන්නෙ නෑ...කැමැත්තෙන් යමක් සටහන් කරනවානම්...ඒක වටිනවා

    ReplyDelete
  8. වැම්පා මුල් ගුරුතුමාට දීර්ඝායු පතමු!

    ගෝලයෙක්ගෙන් බ්ලොග්-භාෂිතයක්

    "මිනිස් හට සොඳුරු ගුණ හා නුගුණ ඇත"
    අමතක කරළමින් ලියනුද බ්ලොග් දසත
    ඉපදී නැගී මියයන සිතුවිලි සියත
    සකසා ලියනු නොයෙදෙයි කරනට විපත

    "නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස"
    මදකින් දුරු කෙරේ බ්ලොග් කියවන මනස
    දුර්ජන තෙපුල් පවසා රොස් වනු පිණිස
    තොස්වන එක තරම් නැත මිනිසුනි එලෙස

    "සමවත් වැසි සුලඟ කෙත් වත් වැවෙන මෙන"
    සසොබන මහතුනේ අගයමු මිනිස් ගුණ
    පෙන්නා දීම නුගුණද නොසඟා සැණින
    උස්සා තබනු ඇත බ්ලොග් සරු කෙත් ලෙසින

    "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත"
    දත් මනුසතා කොපියද ලෙසටම කරත
    වෙහෙසී ලියූ බ්ලොග් තැන තැන දැකි එ නෙත
    සැනසෙයි, උදම්වෙයි නොතලා තමා සිත

    ReplyDelete
  9. උපදෙස් ටික මරු

    ReplyDelete
  10. ඇත්තටම හොද උපදෙස් ටිකක්.දෙකක් දා ගෙන හරි හොද දෙයක් කියපු එක හොදයි ගුරුතුමනි... :))

    ReplyDelete
  11. උබ දැන් ලියනව හොරයි බන්... පරණ සින්දු ටිකක් ගැන ගායකයො ගැන ලිපි ටිකක් දාමුකෝ බන්

    ReplyDelete
  12. නියම බ්ලොග් මල්දම බන් . . මැක්සා

    ReplyDelete
  13. හි හී නියමයි..... වටිනා කියන උපදෙස් ටිකක්.........

    කවි ටික කියෙව්ව ට පස්සේ තමයි මාතෘකාව තෙරුණේ.....

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails