Tuesday, February 22, 2011

ලංකාවෙන් ලොවට හඳුන්වාදෙන කොම්පියුටර් මියුසික් | Computer Generated Music - 100% Sri Lankan Concept !

 

පරිගණකය අද මිනිස් ජීවිතයට කෙතරම් සමීපද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ අපේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට පරිගණකයෙන් ලැබෙන සහයෝගය නිසා වෙන්න ඕන. පත්තරයක් බලන්න, ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් බලන්න, යාළුවෙක් එක්ක පොඩි චැටක් දාන්න.. ඒ විතරක් නෙවයි බාර් එකක පෝලිමේ ඉන්නෙ නැතුව ඩ්‍රින්ක් එකක් කාරිය ඕඩර් කරන්න වගේ හැම දෙයක්ම දැන් ඉතින් මේකෙන් කරන්න පුළුවන්නේ. මෙහෙම වැඩ සිද්දවෙන අතරෙ සංගීතෙටත් ආව නේ මේක. පරණ ගීත සංරක්ශණය කරන්න, නැවත ප්‍රති නිර්මාණය කරන්න වගේම අර ඉෆෙක්ට්ස් කියන කෑලි බෑලි දාන්නත් කොම්පියුටරේ සෑහෙන්න ප්‍රයෝජනයි නෙව. කොම්පියුටරේ පිහිටෙන් ම තරු වෙච්ච අය කීදෙනෙක් නං ඇත්ද?

කොහොමින් කොහොමහරි කතන්දරේ මේකයි. මේ කොම්පියුටර් ජෙනරේටඩ් මියුසික් ගැන පොඩි කතාවක්.  කතාවක් කිව්වට පොඩි වීඩියෝ එකක්. මම අන්තරේ කරක් ගහද්දි හම්බුණේ. මට හිතෙන විදියට නං  මේ කොම්පියුටර් ජෙනරේටඩ් මියුසික් වැඩේ 100% ලංකාවෙ නිර්මාණයක් වෙන්න ඕනෙ. ඔය කජු කොල්ලො කළා වගේ නෙවෙයි හැබැයි. මේක නං සිරා වැඩක්. රිමික්ස් කරලා තියෙන්නෙ සී.ටී. ප්‍රනාන්දු මහත්තයගෙ කිමද සුමිහිරියේ මෙ අරුමේ කියන සින්දුව. දන්නවනේ කට්ටිය. මේ රිමික්ස් එකේ තියෙන අනිත් විශේෂත්වෙ තමයි, කොම්පියුටර් එකක් හා ගිටාරයක් පමණක් උපයෝගී කරගනිමින් පමණක් මුළු ගීතයම සංගීතවත් කර තිබීම. ඒකත් ලේසි වැඩක් නෙවයි නෙව. සින්දුව ලිව්වෙ කරුණාරත්න අබේසේකර මහත්තය. සංගීතවත්කලේ සී.ටී. ප්‍රනාන්දු මහත්තය. මේ ළඟදි එවර්ග්‍රීන් හිට්ස් කියල සීටී මහත්තයගෙ පරණ සින්දු ටිකක් එළි දැක්වූවා. සීඩී දෙකක් තියෙනවා. හොයාගෙන අහල බලන්න.

තව පොඩ්ඩෙන් අපේ කොම්පියුටර් රීමික්ස් සින්දුව අමුණන්න අමතක වෙනවා.


මේ තාලෙම වීඩියෝ එකක් කලිනුත් දුන්න වගේ මතකයක් තියෙනවා...ම්ම්.. ආ මේ තියෙන්නෙ.. 

නිහාල්, ඇන්ටන් ජෝන්ස්, දමිත් අසංක, අමරදේව මාස්ටර් එකම වේදිකාවක !

 


Wednesday, February 2, 2011

සිත් ගත් ගී - පාළු අඳුරු නිල් අහස මමයි | Paalu Anduru Nil Ahasa

imageකිසිදා හිමි නොවන, කිසිදා හමු නොවන ආදරයක් ගැන හැඟවෙන අපූරු ගීයක්, වෙනස් විදියක ගීතයක් දැන් වාදනය වෙමින් තියෙනව. කාගෙ කාගෙත් ඉතින් දැනගැනීම උදෙසා ඕං මම කට්ටියටම  කතන්දරේ කියන්නයි යන්නෙ. හරියට මේ සින්දුව අහල තියෙන කට්ටිය මේක බලල "මූ අපේ කාලෙ කෑවා" කියන්න ලෑස්ති වෙන්නපා හරිය.
කතාව කියන්න කලින් සින්දුව අහල ඉන්නකො

පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන
බලාපොරොත්තුව පැතුම ඇයයි//

අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නළවන
සදාකාලික වූ සැපත ඇයයි

කැලෑව මැද කටු පැදුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි

ඈත දිලෙන තනි තරුවක් කිසිදු පුද්ගලයෙකුට  විශේෂ වස්තුවක් නෙවයි.  ඈත දිලෙන තනි තරුවක ආලෝකයෙන් කිසිවෙකුට කිසිදු යහපතක් ද සිදු නොවෙයි. නමුත්.. අහස පාළු වී අඳුරු වී ගිය විට ඒ ඈත දිලෙන තනි තරුවට අහසේ නිතැතින්ම විශේෂ ස්ථානයක් හිමිවෙනවා. පාළු අඳුරු නිල් අහස මම නම් සහ එනම් පමණක් (if and only if) ඒ තනි තරුව වන ඇයට විශේෂ තැනක් තියෙනවා. තේරෙනව නේද වැඩේ හැටි! මේ ගීතය පුරාවටම තියෙන උපමා ඔන්න ඔය මූලධර්මය පදනම් කරගෙනයි යොදාගෙන තියෙන්නෙ. ගලා බසින දිය දහරක් වැදගත් වෙන්නෙ පොළව අසාර වී තිබෙන විට පමණයි. සරුසාර පොළවකට කුඩා දිය දහරකින් ඇති වැඩක් නැති බව කියන්න දෙයක් නෙවයි නෙ.

ඔන්න එහෙනං අද ඉඳං මේ සින්දුව අහද්දි පොඩ්ඩක් රචකයා කියන්න උත්සාහ කරපු දේ ගැන හිතලා බලන්න. මට මේක ඔලුවට ආපු සැරේ හිතුනෙ මෙච්චරයි...

"යකෝ....මහගම සේකර කියන්නෙ පට්ට බුලට් එකක් නෙ ..! "

පද රචනය - මහගම සේකර
තනු හා හඬ- පණ්ඩිත් අමරදේව

LinkWithin

Related Posts with Thumbnails