Thursday, May 26, 2011

අවුරුද්දයි- එකසිය විස්සයි- එක්දාස් තුන්සීයයි-හැටතුන්දාහයි

ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන අභීත අයියා මතක් කළානේ ඔන්න මගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරිලා කියලා.  හැබෑව නේන්නං.  මේ කාලෙ පුරාවට මේක බලපු, කොමෙන්ට් කරපු, හොඳ නරක කියලා දීපු සැමටම ස්තුතියි.  හරි එහෙනං.. ආයෙත් දිගටම මොන මොනවාහරි කුරු‍ටු ගාන්නයි හිතාන ඉන්නෙ.

අවුරුද්දක්, පෝස්ට් එකසිය විස්සක්, කොමෙන්ට්ස් එකදාස් තුන්සීයක්, හිට්ස් හැටතුන්දාහක්.. රවුං ගණන් වලට සෙට් වෙලා තියෙන්නෙ.

නෑසෙන ගී රස... ගුණදාස කපුගේ....





සෑහෙන කාලෙකට කලින් ඩ්‍රාෆ්ට් වෙලා තිබුණ පෝස්ට් කෑලි කීපෙක තිබ්බ සින්දු ටිකක් අමුනලා එක පෝස්ට් එකක් හැදුවා. වැඩ වැඩි කමටත් වඩා කම්මැලිකම ද මන්දා.. ආයෙත් පොඩ්ඩක් වැඩිපුර මේ පැත්තෙ ගැවසෙන්නයි කල්පනාව..

කපුගේ ගෙ සින්දු කිව්වම වැඩි දෙනෙක් අහල තියෙන්නෙ අර සන්ෆ්ලවර් කැසට් තුනේ තිබුණ සින්දු පණහකට ආසන්න ප්‍රමාණෙ වෙන්න ඕනෙ. සාමාන්‍යයෙන් නෑසෙන කපුගේ ගීත ටිකක් පහලින් තියෙනවා, අහල බලන්න. වෙනස වටහාගන්න. අන් අයටත් ඇසෙන්න සලස්වන්න :)


පුර හඳට පේන්නට පන්සලේ
හේවිසි වැයූ මාමණ්ඩියේ
තක දොමිත සුරල් පද කෝ නුඹේ
නුඹ එක්ක නිදිද මාමණ්ඩියේ

ගොක් ‍රැහැන් වේලුණු මංසලේ
නුඹ ඉන්නවා වාගේ පෙනේ
පැන් වඩන මළ දොළ ගොම්මනේ
හේවිසි නැතිව වැලපෙනු ඇසේ

තුන් යම් දුරේ වෙහෙසෙනු නුඹේ
මළ ගම් නොආ කවුරුද ගමේ
හේවිසිය විතරක් නොවැයුනේ
ඇයි නුඹ නමින් මාමණ්ඩියේ



ගමේ එන්නට හිතෙන්නෑ මට නගේ උඹ හින්දා
ලියුම් කරදහි කොතෙක් ලිව්වත් මෙහෙම මං ඉන්නා
මෙහෙම මං ඉන්නා

වසර ගණනක් පෙරුම් පුරලත් එක හිතක් නැත්නම්
මගේ කඳුලට වේදනා මං තනිව විඳගන්නම්
තනිව විඳගන්නම්

හිතේ ඇතිවුණ ආදරේ ගැන උඹට ඇයි රිදවුම්
නුඹේ සෙනෙහස අහක ගියදෙන් තනිව මං ඉන්නම්
තනිව මං ඉන්නම්



කවමදාවත් නොඑන ගමනක් ගියාදෝ වැහි ලිහිණියෝ
ලිහිණියෝ ලිහිණියෝ
ලිහිණියෝ නාඹර වියේ
ත‍ටු සැළූ කළු ආකහේ
කවමදාවත් නොඑන ගමනක් ගියාදෝ වැහි ලිහිණියෝ

සාගරේ මධු ගීතිකා නොව
නුඹ මුවග ‍රැඳුනේ
දියට හැඬුදා පවස වෙනුවට
නුඹෙ කෙළද සිඳුනේ

සුළං කෝඩය කපාගෙන නුඹ
පියාඹන වේලේ
හඹා ගිනි බිඳ හෙළා හිරිහැර
කළාදෝ නොදැනේ


තල් වැට අයිනේ කඳවුරු දොර‍ටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ ‍රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලි මලු විනිවිද එන මරණය හමුවේ

වැලපෙන මුහුදයි ඈතින් දිස්වන්නේ
වැලි මුසු සුළඟයි සියොළඟ දැවටෙන්නේ
හිනා පොදක් කෙළි කවට බසක් නැති
හෙවනැල්ලයි මගෙ තනියට ළඟ ඉන්නේ

වෙඩි පුපුරණ හඬ් ඈතින් ඇසෙන පැයේ
හිත ඉගිලී ගොස් ඔබ ළඟ ‍රැඳී තියේ
දෙතැනක අනියත සිතින් සිටින අප
සුළඟට හෙළනා සුසුමෙනි ළංවන්නේ





ගුණදාස කපුගේ...

ජය..
වැම්පයර්

Saturday, May 21, 2011

අරුමේ කිම වඳවෙන සඳ සදිසි මිනිස්සු...?

උපුටාගැනුම- අභීත සහෝදරයාගේ බ්ලොගයෙනි..


දිළුම්, අද උදේ උඹගේ මල්ලි ශාන් කෝල් කරලා මහ කාළකණ්ණි ආරංචියක් කිව්වා.. ඒ අපිත් එක්ක අපේම එකෙක් වෙලා හිටපු උඹ අපෙන් සමු අරන් ආයේ නො එන්නම ගියා කියන එක.. උඹ සිහිය නැතුව ඉස්පිරිතාලේ ඉද්දි අපි හැමෝම උඹට ජීවිතය යැද්දා.... උඹේ කණ පිළිබඳ රෝගය අපිට අපේම රෝගයක් බවට පත් වුනා... ඒත් දැන් හැමදෙයක්ම වෙලා ඉවරයි... උඹේ කවි, නිර්මාණ අපිට ආයේ දකින්න නැතිවෙයි.. මුණ ගැහෙන හැම වෙලාවෙම අපිව හිනස්සවන්න උඹ ආයෙත් අපි ලඟට එන්නෙ නැතිවෙයි.... ඒත් දිළුම්, උඹේ සුවඳ ජීවිතය පවතිනතාක් කල් අපිත් එක්ක රැඳේවි.. ඒ සුවඳ තවත් වැඩි කරන්නට අපි ඉදිරියේදී කටයුතු කරාවි....


මගේ බ්ලොග් එකේ කෙටිම පෝස්ට් එක මෙය වේවි... මට උඹට කියන්න මහ ලොකු දේවල් නෑ මචන්, උඹට නිවන් සුව මම මුළු හඳින්ම ප්‍රාර්ථනා කරනවා... කලින් පෝස්ට් එකකත් කියූ පරිදි අදටත් මට නොවිසදෙන එකම ගැටළුව මෙයයි.....



අරුමේ කිම වඳවෙන සඳ සදිසි මිනිස්සු...?


http://tikakhinawenna.blogspot.com/2011/05/blog-post_18.html

LinkWithin

Related Posts with Thumbnails