විජය ධර්ම ශ්‍රී මහත්තය කරපු "දුහුළු මලක්" චිත්‍රපටය ලාංකීය රොමැන්තික චිත්‍රපට කලාවේ මංසලකුණක් ලකුණු කළ චිත්‍රපටයක්. හැත්තෑ හයේ තිරගතවීම ඇරඹි "දුහුළු මලක්" ධර්ම ශ්‍රී මහත්තයගේ මුල්ම අධ්‍යක්ෂණය. ඒ වුණත් ධර්ම ශ්‍රී මහත්තය ඒ වෙනකොටත් සිංහල සිනමාවෙ සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා තිබුණෙ "හන්තානේ කතාව" චිත්‍රපටයෙන්, එහි උප අධ්යක්ෂ විදියට කටයුතු කරපු නිසා. විජය කුමාරතුංග , අමරසිරි කලංසූරිය වගේ එකල අංකුර කලාකරුවන් පසුව සිනමා දැවැන්තයන් බවට පත් කිරීමට ධර්ම ශ්‍රී මහත්තය ගත්ත උත්සාහයේ ප්‍රතිඵල ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑනෙ.
බුද්ධිමත් තැන්පත් විශ්ව විද්‍යාල ආචාරයවරයකුගේ තරුණ බිරිඳක් තාරුණ්‍යයෙන් පිරුණු තරුණයෙකුගේ පහස ට ලොල්වීම හා ඒ අනුසාර සිද්ධි පෙළක් මුල්වුණ දුහුළු මලක් චිත්‍රපටයේ ඒ සමස්ත සිද්ධියට සමාජ සම්මතයට පටහැනිව දයාබර හා මානුශීය හැඟීම් මුසුකරන්නට ධර්ම ශ්‍රී මහත්තයට පුළුවන් වුණා. සමකාලීන "දියමන්ති" වැනි චිත්‍රපටවල උළුප්පන ජවසම්පන්න හා සොඳුරු තාරුණ්‍යය වෙනුවට වෙනස් ආකාරයේ හැඟීම් හා බැඳීම් පෙළක් "දුහුළු මලක්" චිත්‍රපටයේ පෙළගැස්වූ තිබුණා.
චිත්‍රපටය පුරාවට සරත් දසනායක මහත්තය කරපු දේවල් විශිෂ්ඨයි. අදටත් කිසිවෙකුත් මගෙන් සරත් දසනායක මහත්තය ගැන ඇහුවොත් මේ චිත්‍රපටය මතක් කරන්න මට අමතක වෙන්නේ නෑ. අනිත් වැදගත් කරුණ වෙන්නේ චිත්‍රපටයේ ගීත පෙළගැස්ම, පද රචනය හා තෝරාගැනුමයි. ඔහේ සින්දුවක් දාන්න ඕනාවට සින්දුවක් දාල නැටුමක් නටවන නූතන සිනමාවට "දුහුළු මලක්" චිත්‍රපටයේ ගීත පෙළගැස්ම මනා පූර්වාදර්ශයක්.
ඉන්ද්‍රාණි පෙරේරාගේ "සීතේ දිලී" ගීතයෙන් ඇරඹෙන අසම්මත ප්‍රේම කතාව " බොඳ මීදුම් කඳු රැල්ලේ" (සුජාතා අත්තනායක, අබේවර්ධන බාලසූරිය) ගීතයෙන් උච්චත්වයට පැමිණේ. තුන්වැනුව නන්දා මාලිනියගේ "රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල" ගීතය හා අදාළ රූප රාමු පෙළ ජවනිකාව පරිපූර්ණත්වයට පත්කරනවා.
මීට පසු ධර්ම ශ්‍රී මහත්තයගේ මට හිතෙන විදියට හොඳම චිත්‍රපටය වුනේ "ආරාධනා". ඊට අමතරව "ගුරු ගෙදර" චිත්‍රපටයත් සාර්ථකයි කියන්න පුළුවනි. යශෝධා විමලධර්ම ජනප්‍රියවීම ඇරඹෙන්නේ එතැනින්.
අනූහතරේ ධර්ම ශ්‍රී මහත්තයා මිය යනවිට ටෙලිනාට්‍ය කිහිපයකුත් අධ්‍යක්ෂණය කර තිබුණා.
චරිත- රවින්ද්‍ර රන්දෙනිය, ටෝනි රණසිංහ, නීටා ප්‍රනාන්දු
බොඳ මීදුම් ගී පද- ආචාර්ය අජන්තා රණසිංහ
බොඳ මීදුම් ගී පද- ආචාර්ය අජන්තා රණසිංහ
අනෙකුත් ගී- මහාචාර්ය සුනිල් ආරියරත්න
ප.ලි.
හරි මල්ලිලා, බයිලා ඇති. මෙන්න අහන්න... වෙනස වටහාගන්න...
ජය..
වැම්පයර්