Monday, August 29, 2011

කීර්ති පැස්කුවල් පොඩි ගමනක් යනවා! - නෑසෙන ගී





සිතුම් පැතුම් පොදි බැඳගෙන
අතින් කටින් තව ඩැහැගෙන
උපන්දා පටන් අපි පොඩි ගමනක් යනවා
වටින් පිටින් තව තව ගෙන
කදමළු තව පුරවාගෙන
හති  හල හල කඳු පල්ලම් දිගේ ඇදෙනවා
දෙපා වාරු නැති වෙන දින
බර උසුලනු බැරි වෙන තැන
දුක හිතුනත් සමහර දේ ඉවත දමනවා
සළුපිළි අබරණද වටින
පණ මෙන් සුරකින යහගුණ
සමහරවිට අපි නොදැනිම ඉබේ හැලෙනවා
පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා
පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා


අණවින කරනා අය දැන
බැණ  බැණ හෝ කරබාගෙන
යන අතරේ හැකිනම් කොඩිවිනද කරනවා
බැරිතැන ඉවසා කරදෙන
අතරේ අප කල දු‍ටු තැන
කරට නැගී පුළුවන් නම් කරක් ගහනවා
කැරකෙන රෝදය දුක සැප
නින්දා පැසසුම් විඳ විඳ
දිවා ‍රැයේ කඳු පල්ලම් උඩින් ඇදෙනවා
කඩ ඇණ දෙක ගැලවුණු තැන
රෝදය පට්ටම සමගින
ගැලවී දිවි තවලම පල්ලමට ඇදෙනවා
පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා
පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා



අහන්න මෙතැනින්




ගායනය-කීර්ති පැස්කුවල්
පද- උපාලි අත්තනායක
තනු-ලෝරන්ස් ප්‍රනාන්දු (හෝ පෙරේරා, මතක නැත!)





--
සින්දුව පොඩියි,  පද සරලයි, සංගීතය ඉතාම සරලයි!
පදරුත් විශිෂ්ඨයි, ගායනය මරු!

හොඳ නිර්මාණයක් නේද?


ජය..
වැම්පයර්

Saturday, August 27, 2011

ලක්ශ්මන් විජේසේකර - ඔබේ දෙකොපුළ වසා ගලනා | Lakshman Wijesekara



ලක්ශ්මන් විජේසේකර මහත්තයා කියන්නේ අනූව මුලදී සෑහෙන්න ජනප්‍රිය වුනු (ගංගා හා නිශ්ශංක ටෙලි තේමා ගීතය - සිනා පිපෙනා මේ වසන්තය- කුමාරදාස සපුතන්ත්‍රී, සමිතා මුදුන්කො‍ටුව)  අනූපහෙන් විතර පස්සෙ ආගිය අතක් නැතිවුණ... ආයෙ දෙදාහෙදි නව රිද්ම කැසට්පට ‍රැල්ල සමග ආයෙත් කැසට් එකක් කරපු.. දැන් ආයෙත් ආගිය අතක් නැති.. සෑහෙන්න හොඳ ගීත කියපු ගායකයෙක්.  මේ ගීතය නම් ඇහෙන්නෙම නැති තරම්. ඒත් මගේ හිතේ මේ ගීතයේ පද වැල ගැන තියෙන්නෙ සෑහෙන්න පැහැදීමක්. යුග ගායනා නිරෝශා විරාජිනී (එයාට නං මගේ මනාපයක් නෑ).

මේ ඇරුණම සඳ කිනිති නැමී, දුර ඈත ජීවිතේ, දැල්වූ පහන්, ඇයි තරහින් මාන්නක්කාරී, දෑත දෙපාලන ගිගිරි සරින්, ඔබ මට තරුවකි ගනඳුරු ‍රැයකදි, තිසර කැදැල්ලේ, ඇති දේ ඇති සැටියෙන්, මේ ප්‍රේම සීමා මාලකේ, සමාව ඉල්ලා හඬා වැටෙන්නද, සමන් වැලේ මල් ජයට පිපීලා (ඔරිජිනල් සීඩී ෆොන්සේකා, ශර්මිලා ෆොන්සේකා), එතෙර දිසාවක, දිව්‍යාංගානාවංට අපට වාගෙ තරහ යන්නෙ නෑ (පසු ගායනය ජිප්සීස්, සිහ ශක්ති), බාල ලමාවරුනේ වගේ අද නෑසෙන ළයාන්විත ගී ‍රැසක හිමිකරුවා, සංගීත නිර්මාණ ශිල්පියා ඔහුයි.


ඔබේ දෙකොපුළ වසා ගලනා
සීත කඳුලැල් ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ කඳුළු මාගෙයි

ඔබේ දෙ අදර පුරා නැගෙනා
සුසුදු හස‍රැලි ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ සිනා මාගෙයි

කුණා‍ටුව සේ හමා ආවා... ඔබ
අරණ අතු ඉති සිඳ දමා
ඇත්තමයි ඒ රුදුරු කඳුලැල් ඔබ තමා
වියෝගය වී වියෝ වූවා..... ඔබ
දැදුරු පෙම් සිත මට පුදා
ඇත්තමයි ඒ මිලින හස‍රැල් ඔබ තමා

විලාපය වී ගලා ආවා..... ඔබ
මටම තෙපළූ පෙම් කතා
ඇත්තමයි ඒ වියරු මිමිණුම් ඔබෙ තමා
මහෝගය සේ පතා ආවා..... ඔබ
නිමාවක් නැති සිඳු කියා
ඇත්තමයි ඒ කුරිරු මිරිඟුව ඔබ තමා

http://mp3srilanka.com/files/Lakshman_Wijesekera_Obe_Dekopula.mp3


මේක අද දෙවැනි පෝස්ට් එක.. මෙන්න පලවෙනි එක..

http://blogvampa.blogspot.com/2011/08/blog-post.html



ලක්ශ්මන් විජේසේකර මහත්තය ගුරුවරයෙක්.. වගේම සුසිල නිශ්පාදන ආයතනේ සංගීත හා ටෙලි පිටපත් අධ්‍යක්ෂකවරයෙක්

ටෙම්පර්ඩ් ඇන්ඩ් කැරමලයිස්ඩ් අනියන් විත් ස්ටීම්ඩ් රයිස් | Tempered and Caramelized Onions with steamed rice

හායී.. වෙල්කම් කියලා සැටමෝල් වෙලා ඉන්න ඔක්කොම පිළිගන්නවා මගේ කුකරි ක්ලාස් එකට. ‍ටුඩේස් රෙසිපි තමයි ටෙම්පර්ඩ් ඇන්ඩ් කැරමලයිස්ඩ් අනියන් විත් ස්ටීම්ඩ් රයිස්. මේක ගොඩක් එස්.එල්. වල රූරල් ඒරියාස් වල මේක් කරන ට්‍රැඩිශනල් ඩිශ් එකක්. වීක් එන්ඩ්ස් වල ලේට් රයිසර්ස් ලට බ්‍රන්ච් එකක් විදියට අයිඩියල්.

ඕකේ දෙන්.. වී ආ ගොයිං ‍ටු ස්ටාර්ට්...

මුලින්ම අනියන්ස් ටික සුද්ද කරලා වොශ් කරලා ස්ලයිස් කරගන්න. මේ ස්ලයිසස් තින් වෙන තරමට අවුට් එක හොඳට එනවා. නෝමලි ඉතින් ෆයිව් හන්ඩ්‍රඩ් ග්‍රෑම්ස් වගේ අනියන් ස්ලයිසස් ගන්න. මේක ටෙම්පර්ඩ් ඇන්ඩ් කැරමලයිස්ඩ් නිසා ටිකක් කාලයක් තියාගන්නත් පුළුවනි.

දැන් ලොකු වොක් එකක් බර්නර් එක උඩ තියලා ඒකට හන්ඩ්‍රඩ් ‍ටු හන්ඩ්‍රඩ් ඇන්ඩ් ‍ෆිෆ්ටි මිලිලීටර් විතර කැනෝලා, සන්ෆ්ලවර් හරි කොකනට් ඔයිල් හරි දාගන්න. ඔයිල් ස්මෝකි වෙන්න පටන් ගනිද්දිම අර ස්ලයිස් කරගනිපු අනියන්ස් ටික කෙයාෆුලි වොක් එකට දාන්න. දැන් ලෝ හීට් එකේ බර්නර් එක තියලා ග්ලාස් ටොප් එකකින් වොක් එක වහන්න. මෙතනදි අපි ඔයිල් වලින් ටෙම්පර් කරන අතරෙදිම ස්ටීම් කරන්නත් ඉඩ දෙනවා. මොකද අනියන් ස්ලයිසස් ක්‍රිස්පි නොවී ටෙන්ඩර් වෙන්න ඕන. මගදි පොඩ්ඩක් ග්ලාස් ටොප් එක උස්සලා, වොක් ශවල් එකකින් අනියන්ස් පොඩ්ඩක් පොඩි කරගන්න. පර්සනල් ප්‍රිෆරන්සස්. සමහර අය අනියන් රින්ස් වලට කැමතියි. සමහර අය චොප් කළාම කැමතියි. වට් එවර්.. දැන් අපි ස්ටීම්ඩ් රයිස් වලට එමු.

නෝමලි රයිස් සර්විං එකක් හැදෙන්නෙ හන්ඩ්‍රඩ් මිලිලීටර් කප් එකක් පුරවපු රෝ රයිස් එකකින්. සර්විංස් ගානට රෝ රයිස් ගන්න. මේ රෝ රයිස් වල තියෙනෙ මිලිං රෙසිඩියු එක රිමුව් කරන්න නම් ඇට් ලීස්ට් ටූ ‍ටු ත්‍රී ටයිම්ස් වොශ් කරන්න ඕන, අන්තිමට ක්ලියර් වෝටර් වොශ් එකක් එනකම්.

රයිස් කුකිං මෙතඩ් වලින් මොස්ට් පොපුලර් මෙතොඩ් එක තමයි අබ්සොර්ප්ශන් මෙතඩ් එක කියන්න්නෙ. මෙතනදි කරන්නෙ අපි වොශ් කරල ඩ්‍රේන් කරපු රයිස් වලට කෝල්ඩ් වෝටර් දාලා පොට් එකක තියල ලිඩ් එකෙන් වහල බොයිල් කරනවා. රයිස් ෆුල්ලි කුක් වෙද්දි වෝටෙර් ඔක්කොම ඇබ්සොර්බ් වෙන නිසයි මේකට ඇබ්සෝබ්ශන් මෙතඩ් එක කියන්නෙ. දාන වෝටර් වොලියුම් එක අනුව රයිස් අන්ඩර්කුක් ද ඕවර් කුක්ද කියන එක ඩිසයිඩ් වෙනවා. පොඩි තම්බ් රූල් එකක් තියනවා වෝටර් වොලියුම් එක ඩිසයිඩ් කරන්න. අපි රයිස් පොට් එකට දාලා ලෙවල් කරලා, වෝටර් දාන්නෙ තමන්ගේ මිඩ්ල් ‍ෆින්ගර් එකේ ෆර්ස්ට් නකල් එක ලඟට එනකම් විතර උසක්, ෆ්‍රොම් ද රයිස් සර්ෆේස්. මේක ඕනම රයිස් වොලියුම් එකකට වෝටර් දාද්දි හරියන රූල් එකක්. අන්ඩර්කුක් රයිස් වලට අපි කියනවා "ඇටකුණා" නැත්නම් "අමු" රයිස් කියලා, ඒවගේම ඕවර්කුක් ස්ටිකී රයිස් වලට කියන්නෙ "බෙරි" රයිස් කියලා. ‍ටුවෙන්ටි මිනිට්ස් වලින් ස්ටීම්ඩ් රයිස් කුක් වෙනවා මේ විදියට හැදුවම.

ආයෙත් අනියන් කරී එකට. මේ වෙද්දි බියුටිෆුල් ගෝල්ඩන් බ්‍රවුනිශ් අනියන් හැදිලා තියෙන්න ඕන මොකද අපි ලෝ හීට් එකේ බෝත් ස්ටීම් ඇන්ඩ් ටෙම්පර් කරපු නිසා.

සෙරමික් පොට් එකකට තව ඔයිල් ටිකක් දාලා ඒකට චොප් කරපු ගාලික් ක්ලෝව්ස් තුන හතරක්, ඇන්ඩ් ග්‍රවුන්ඩ් ෆ්‍රෙශ් ජින්ජර් ටී ස්පූන්ස් දෙකක් විතර දාගන්න. මේවා ටෙම්පර් වෙද්දි කරි ලීව්ස්, සිනමන්, කාඩමම් දාගන්න. බියුටිෆුල් මවුත් වෝටරිං ස්මෙල් එකක් එයි. සෝල්ට් ඇන්ඩ් පෙපර් ටේස්ට් එකට දාගන්න. පොඩ්ඩක් හොට් වෙන්න චිලී පීසස් ටිකකුත් දාන්න. ඊට පස්සෙ අර ටෙම්පර් කරපු අනියන්ස් මික්ස් කරගන්න. ඔක්කොම හොඳට මික්ස් වෙන්න ඕන. අන්තිමට ශුගර් ටේබල්ස්පූන්ස් දෙක හමාරක් විතර මික්චර් එකට උඩින් දාන්න. ශුගර් කැරමලයිස්ඩ් වෙද්දි මික්ස්චර් එක ස්ටෝව් එකෙන් අයින් කරලා හොඳට මික්ස් කරලා සෙට්ල් වෙන්න තියන්න ටෙන් මිනිට්ස් විතර. ෆයිනල් ටෙස්ට් එක බලලා සෝල්ට්, පෙපර්, ලෙමන් සෙස්ට් දාගන්න.

මේක ස්ටීම්ඩ් රයිස් එක්ක සර්ව් කරන්න. ෆුල් වෙජිටේරියන් ටේස්ටි ඩිශ් එකක්.


එස් එල් වල ට්‍රැඩිශනල් රෙසිපි එකට මෙතනින් යන්න.

ඒ රෙසිපිය සඳහා අනුග්‍රහය සී.ටී. ප්‍රනා.. නෑ සොරි සොරි.. සී.ටී. කුමාර මහතා.



ටටා.. බා......යී.............. එංජෝයි යුවර් බියුටිෆුල් මීල්..





LinkWithin

Related Posts with Thumbnails