Friday, January 27, 2012

විජය කුමාරණතුංග 2 - Vijaya Kumaranathunga 2


පෙබරවාරි දහසයවැනිදාට යෙදෙන ව්ජය ගුණානුස්මරණය නිසාවෙනි.
අසූවේ මුල්බාගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන ගමනට සමුදෙන විජය ශ්‍රී ලංකා මහජන පක්ෂය ලෙස නව පක්ෂයක් පිහි‍ටුවාගනී. එකළ ශ්‍රී ලාංකික සිනමාව තුළ පැවති අර්බුධකාරී වාතාවරණය සමථයකට පත් කරනු වස් විජය දැරූ තැත මොනවට පැසසුම් කටයුතුය.

එල්ටීටීයේ අත්අඩංගුවට පත්වූ පාබල හමුදා සොල්දාදුවන් මුදාගනුවස් විජය ගත් උත්සාහයත්, යාපනයේ විජයගේ සංචාරයත් විජයගේ දේශපාලන ගමන් මගේ දැල්වෙන එළි දෙකක් වැනි යැයි මට සිතේ.

කපුගේ, නන්දා මාලිනී අවුළුවමින් තිබුණු සිංහල විප්ලවීය ගීත අතරට අතර  විජය ගයන අළුගෝසුවනේ ගීතය මගින්  දුන් පි‍ටුබලය ගැන අ‍ටුවා ටිකා නොකිවමනාය.

දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අලුගෝසුවනේ එල්ලාපන්
අලුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්

යුක්තිය උදෙසා කෑ මොර දීමයි
දඟගෙයි ලෑමට අප සැම කල පව
මුඛවාඩම් බැඳ එකෙකු නසන කල
දනිව් සුවහසක් තව උපදින බව

වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිට කොඳු බිඳගත් ඔලමොළ නිවටුන්

සුනිල් ආරියරත්නයන්ගේ පද
සංගීතය: විශාරද ගුණදාස කපුගේ

අදටත් විජය, ජෝතිපාල, මිල්ටන් පෙරේරා නැති අඩුව අපට දැනෙන්නේ නවක ගායන තරු වල කුසලතා හීනත්වය නිසාවත් හරසුන් බව නිසාවත් නොවන බව සිහිකටයුතුය. ඒ සැබෑ මිනිසුන් ලෙස ඔවුන් දැක්වූ මානව හිතවාදීත්වය හා ආටෝපයන් තොරව තම ප්‍රතිරූපය ප්‍රතිභාවෙන් පමණක් ඉහල නංවාගත් නිසාවෙනි.
කලක් තිස්සේ - දුක හිතෙන වර්ශන් එක - තුශාරා චිත්‍රපටයෙන් (අනිත් එක අහන්න kalak thisse -1 යනුවෙන් යූටියුබ් සෙවුමක් කරන්න)

අසූ අටේ පෙබරවාරි දහසය වැනිදා එල්ලවූ වෙඩි පහර කිහිපය ඔවුන් එල්ල කළේ ඔබට පමණක් නොවේ. ඒ වෙඩි පහරේ නොමැකෙන සලකුණු තවමත්  ලාංකීය සිනමාවේ, සරල සංගීතයේ, හා මහත්මා දේශපාලනයටයේ පැහැදිලිව දක්නට තිබේ. 

මිණි කිංකිණි හඬ පරදා - උපාලි ධනවලවිතාන, සරත් දසනායක
පායා සීත ‍රැයේ - කුලරත්න ආරියවංශ, සනත් නන්දසිරි

රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ හිත දැවටෙන්නේ

එහා තොටින් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපළ
සිහින නගරයකි ඔබ මා වෙන්කළ

පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
පියවර හඬ මා අසලම ඇසුණා
ඡායාවකි එය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුණා

පද රචනය - උපාලි ධනවලවිතාන
සංගීතය - සරත් දසනායක

විජය ඔබට නිවන් සුව..! 

ප.ලි- චිජය ඝාතකයා ලයනල් රණසිංහ නොහොත් ගාමණී ලෙස පසුව හඳුනාගන්න ලදී.

නෑසෙන ගී රස විශේෂාංගයෙන් විජය කුමාරණතුංගයන්ගේ ගී කිහිපයකින් නුදුරේ හමුවෙමු..
පැරණි ගී සුරකින මියුරුගී වෙබ් අඩවියට මාගේ නොවක් ස්තුතිය හිමිවිය යුතුවේ.

මාගේ බ්ලොගර් අඩවියේ තිබූ තාක්ශණික දෝශයක් නිසාවෙන් ප්‍රතිචාරවලට පිළිතුරු දැක්වීමටද, ෆලෝ කිරීමටද නොහැකිව තිබුණි, සමාවන්න.  එම දෝශයන් දැන් නිවැරදි කොට ඇත. 

10 comments:

  1. විජයට සහ විජයගේ සිංදු වලට හරිම කැමතියි.. එල

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි..ප්‍රතිචාරයට ස්තුතියි..

      Delete
  2. මේ වගේ මිනිස්සු නැති කරල දාපු පාපෙට මේ රටේ මිනිස්සු තාමත් වන්දි ගෙවනවා....

    ReplyDelete
  3. මාත් විජයට සහ විජයගේ සිංදු වලට හරි කැමතියි!

    ReplyDelete
    Replies
    1. සතු‍ටුයි.. ස්තුතියි..

      Delete
  4. මචං වැම්පා..(ඔහොම කියන්න හම්බ වෙයිද ඇත්ත එහෙකුටනං..?)

    උඹ ගාව තියෙනවද බං විජයගේ සින්දුවක් මෙන්න මේ වගේ වචන ටිකක් තියෙන..
    "සිරගේ ඉදලා ආපහු එනවා මැණිකෙට මොනවද ගෙනියන්නේ" වගේ තේරුමක් ලගින් යන..මං ඔය සින්දුව හොයනවා බං දැන් අවුරුදු 3කට එහා පැත්තේඉදන්..තාම අහු උනේ නැහැනේ..හැබැයි මං අහලා නැහැ මං දැනගෙන හිටිය ගෑණු ලමයෙක් ඒක අහලා තියෙනවා..ඒ එයාගේ කැමතිම සින්දුව කියලයි කියන්නේ..ඉතිං කරුමෙක මහත ඒ සින්දුව මං දන්නේ නැහැ... සෝචනීයයි නේද..?

    දැන්නං සින්දුව හම්බ උනත් මං පරක්කු වැඩියි..ඒත් කමක් නැහැ තියෙනවනං දීහං... මොකක්ද මේ කියලවත් බලන්න...

    ReplyDelete
    Replies
    1. යකෝ මාරයියෙ. ඔය පද ම තියන සිංදුවක් තියනවා.. හැබැයි කියන්නෙ අජිත් මුතුකුමාරණ! එක්කො උඹට පිස්සු. නැත්නං මට පිස්සු. එහෙම නැත්නං අර ගෑනු ලමයට පිස්සු..!

      http://lktunes.info/sinhala-mp3-song/3195/danga-geya-herala-by-ajith-muthukumarana

      Delete
    2. වැම්ප මලේ ඕක තමයි බං ඕක තමයි..ඔය කියන දේවල් තමා ඒ දොඩෝපු හරුපවල තිබුනේ..ඉතිං බලහං මං කොච්චර හෙව්වත් වැඩැක් ඇතෑ... උඹට ෂුවර් නේද අජිත් කොළුවා උස්සපු එකක් එහෙම නෙවෙයි කියලා...
      මං හිතන්නේ බං අපි දෙන්නට නෙවෙයි පිස්සු...

      Delete
  5. අම්මට හුඩු මාර අයියා අජියයි විජයයි පටලංද...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails