Tuesday, January 3, 2012

කලකට පස්සේ..


සෑහෙන්න කාලෙකින්. පහුගිය දවස් ටිකේම කරදර. ශරීර කූඩුව නිකං මස්තබාල්දු වෙලා තිබුනෙ. ගෙට් ‍ටුගෙදර් ම තුනක් මිස්. දතුත් ගලවනවා හතරක්ම! අර හක්කෙ මුල්ලෙ එන සෙට් එක. හොදි ඕන නෑ ඉතිං. මාර සනීපයි.

මුල්ම දත ගලවද්දි  අර මුලින් හිරි වැටෙන්න මොකක්ද ගහනවනේ. ඕං මටත් ඒක ගැහුව. ම්හු.. හිරි වැටෙන්නෙම නෑ. දැං ඩොකා බලං ඉන්නව දැං හිරි වැටෙයි දැං හිරිවැටෙයි කියල. ආරංචියක් නෑ. ඒ පාර මම කිව්ව ඉතිං හිරි වැටිලද දන්නෙ නෑ, මොකෝ මම දන්නෙ නෑ නෙ හිරි වැ‍ටුනම මොන වගේද කියල.  මූ හෙන උලක් අරන් ඇන්න නේද ටෙස් කරන්න කියල.. හෆොයි!

අද භාරත ගී වින්දන අහද්දියි දැනගත්තෙ ශම්මි කපූර් මැරිල කියල!  මැරිල තියෙන්නෙ පහුගිය අගෝස්තු වලදිලු!

නවසිය පනස් ගනන්වල ඉඳන් හැත්තෑවෙ අගට වෙනකම් ශම්මි කපූර් කියන්නෙ බොලිවුඩයේ අතිශය ජනප්‍රිය චරිතයක්.  ස්වභාවයෙන්ම ඔහුට උරුම වුණ හාස්‍ය මුසු රංගන විලාශය සතුවූ වෙනත් නළුවෙක් බොලිවුඩයේ බිහි නොවුණු තරම්. පහත ගීතය උපුටා ගැනෙන්නේ ජන්වාර් චිත්‍රපටයෙන්. ගීතය ගයන්නේ මොහොමඩ් රා‍ෆි.



පුළුවන් නම් කියන්න බලන්න මේකෙ සිංහල කොපිය මොකක්ද කියලා...




එහෙනං. කට්ටියටම සුබ නව වසරක්!


PS
භාරත ගී වින්දන වැඩසටහන ඉදිරිපත් කරන රංජිත් මහතාට ස්තුතියි.

11 comments:

  1. කලකට පස්සෙ දතුත් ගලවගෙනම... සිංහල සින්දුවනම් මතක නෑ මචං හැබැයි කියන කෙනා නම් ඉතිං ජෝතිපාල උත්තමය තමයි :D

    ReplyDelete
  2. හප්පේ මතක් කරා කරා සිංහල සින්දුව එන්නේම නෑනේ පෝතිපාල නේ කියන්නේ....

    ReplyDelete
  3. සෑහෙන්න කාලෙකට පස්සෙ නේන්නම් !

    ReplyDelete
  4. තරුණියක් මගේ කාමරේ . .
    අහ් නෑ ඒක වෙන වර්ෂන් එකක් හික්ස්

    තරුණ නෙත් ජය මංගලේ . .
    පරම සුව දේ පෙම් සුවේ
    පෙමට පිදු මේ ජීවිතේ
    මිහිර ගෙන දේ මීවිතේ .. . . හරි නේද මචෝ . .

    අප්පේ දත් ගලෝන එක තරම් එපා කොරපු වැඩක් මටත් තවත් නෑ . . . ඒත් දත් කැක්කුම් හදාගෙන විඳෝනවට වඩා ඒ අමාරුව එක පාරක් විඳලා ඉවර කරන හොඳයි මචං . . .
    එහෙනම් හොඳ නිවාඩුවක් ගත කරපන් හරිය . .

    ReplyDelete
    Replies
    1. හික් හික් දැං නේ මතක් උනේ......

      Delete
  5. මෙන්න ජෝතිගේ සින්දුවට ලින්ක් එක

    ReplyDelete
  6. මං නම් ආස හින්දි සින්දුවට...

    හම් තුමාරෙ හේ සනම්...නේද???

    මස් සින්දුව අහන්න බෑ.මැශින් එකේ නෝ සවුන්ඩ්...

    ReplyDelete
  7. මේක ජෝතිපාල කියපු තරුණ නෙත් ජය මංගලේ එකේ කොප්පක්!

    http://www.youtube.com/watch?v=Ynbc_jzd-Xs

    ReplyDelete
  8. හරේ, ඔ.නු.ලො. උත්තරේ ලැබිලා තියෙන්නෙ..
    වෙනියා - ඒක නේන්නං
    දුකා - ඕකෙම වෙන වර්ශන් එකකුත් මං දන්නවා මචං.
    නිසුපා- ඔව් සහෝදරී
    කකා - එහ්නං..

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක් මචෝ

    ReplyDelete
  10. මගෙත් දත් 4ම ගැලෙව්වා...
    මම නම් හොදි එක්කම තමා කෑවේ,
    හරි රසයි :))
    මගෙ නම් හිරි වැට්ටුවේ නෑ සිහිය නැති කරා :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails