Sunday, January 22, 2012

නෑසෙන ගී රස - ගුණදාස කපුගේ...

කපුගේ ගේ නෑසෙන ගී කිහිපයක් ...............
අහන්න බලන්න


මේ සඳේම සෙවනැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ

සීත හිමවතේ හමන මාරුතේ
සීත හිමවතේ හමන මාරුතේ
මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ

දෑස බොඳ වෙලා දෙසිත ගොළුවෙලා
දෑස බොඳ වෙලා දෙසිත ගොළුවෙලා
මේ වගේම ‍රැයක එදා අප වෙන්වූයේ


කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ



පියාඹන්න අවසරයි පියාපතද සැහැල්ලුයි
ඉතින් නිල් අහස මගෙයි
මගේ පුංචි කුරුල්ලෝ නිල් අහස විසාලයි
නුඹ ගැන තවම මට බයයි

විලිකුන් මියුරු පලින සැරසුණු වනන්තරය
එන්නැයි ලඟට අතවනයි
සසලව නොයන් පුතුනි පලවැල පිරුණු අරණ
මේ මුළු ලොවෙම උරුමයයි

අත්ත‍ටු සලන අතර උපදින සීත සුළඟ
මුළු ලොව නිවා සනසවයි
ඒ සිහිලැල් සුළඟම පුතුනේ ලොව රිදවන
සැඩ සුළඟකට මුලපුරයි

-මිත්‍ර කපුගේ සහය ගායනය


වැරහැළි ඇඳ අඩු කුළියට සළු මැසුව කුමාරී
ඉඳික‍ටුව අතේ ඇනුනාදෝ නිදන කුමාරී

තණ පලසේ බිම හොවින දිගාවී
ළැම කිණිසි තුඩක් ඇණුන කුමාරී
කණකර ගලවා ‍රැයට මුලාවී
මරු ‍රැගෙන ගියේ කොයිද කුමාරී

බිම යකඩ කඳන් වලට මුලාවී
සුදු මිනී මලක් නඩුව කියාවී
සත් පතිනි මවුන් අවදිව ඒවී
උන් උදුරාගත් සළුව ගෙනේවී

http://blogvampa.blogspot.com/2010/06/gunadasa-kapuge-living-legend.html
http://blogvampa.blogspot.com/2010/07/mariyawe-gunadasa-kapuge.html


http://blogvampa.blogspot.com/2010/07/sunflowers-with-gunadasa-kapuge-true.html

http://blogvampa.blogspot.com/2010/07/punishment-transfer-of-gunadasa-kapuge.html


http://blogvampa.blogspot.com/2010/09/ran-banda-senevirathne-01-01.html


ජය..
වැම්පයර්

15 comments:

  1. Replies
    1. මචන්, ඩවුන්ලෝඩ් දෙන්න පුලුවං. මට ලියහං.

      Delete
  2. දෙවෙනි එක විතරයි මචෝ අහලා තිබ්බේ නැත්තේ . . . ඒක මාර ලස්සනයි බන්. . තැන්කූ ඈ . ..

    ReplyDelete
  3. වැම්පෝ, බොහොම ඉස්තුතියි! කපුගේ කියන්නෙ මගෙ ප්‍රියතම ගායකයෙක් උනත් මේ සින්දු අහල තිබ්බෙ නෑ.

    ප.ලි.
    වැම්ප කලින් කපුගේ/රන්බණ්ඩා සෙනෙවිරත්න සුසංයෝගය ගැන ලියල තිබ්බ මට මතක විදිහට. පුළුවන්නන් දිවුල්ගනේ/යමුනා මාලිනි සුසංයෝගය ගැනත් ලියන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් ..

      Delete
  4. හරිම ලස්සන අර්ථ රසය දෙන සිංදු. මෙහෙම ගීත දැන් බිහි නොවෙන්නේ අවාසනාවක ට....

    ReplyDelete
  5. වැම්පයර් මලයා, කපුගේ ගැන ලියන එකාටත් මම කපුගේට වගේම ආදරය කරනව. හොඳ හිතක් තියෙන එකෙකුට තමයි කපුගේගෙ අගය තේරෙන්නෙ. අපේ අවාසනාවට අද නැති උනාට කියපු සිංදු ටික අහන්න අපි වාසනාවන්ත උනා. මගෙ ලඟත් කපු‍ගේගෙ ගොඩක් සිංදු තියෙනව. අවශ්‍ය උනොත් දෙන්නම්. මේව අපි හරි මිනිස්සුන්ට අහන්න දෙන්න ඕන.ස්තුතියි උඹට

    ReplyDelete
    Replies
    1. උඹ හැමදාම කපුගේ ට කැමති වග දන්නවා මචං. අපිත් එහෙම තමා.

      Delete
  6. මේ වැඩේ නියමයි වැම්පා අයියා.. තෑන්ක්ස් බොලේ

    ReplyDelete
    Replies
    1. එල එල.. ස්තුතියි.

      Delete
  7. කපුගේ නම් කාලෙක ඉදන් පට්ට ගහනවා.. අහල නැති ගීත හරිම අඩුයි.

    වැම්ප උබ ගාව තියෙද ?? ප්‍රේම ... මට මතක නෑ බන්... ප්‍රේම මන්දිරේද මන්ද.. කපුගේ ගේ

    ReplyDelete
    Replies
    1. ඔලුවට නං එන්නෙ නෑ මචං.. අහු උනොත් දෙන්නං.

      Delete
  8. මතක් උනා...

    ඔබේ නටඹුන් ප්‍රේම නගරේ වන්දනාකරු මා....

    තියෙනම් දියන්

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails