Monday, January 23, 2012

නෑසෙන ගී රස - සුනිල් එදිරිසිංහ (එම්පීත්‍රී සහිත)


සුනිල් එදිරිසිංහ කියපු ගමන් මතක් වෙන සිංදු ගොඩක් තියෙනවා නේද? පාරු පාළමෙන්, සඳකඩ පහනක, ශිල්ප සොඳින්, සොර දෙ‍ටුවෙක් වගේ ඒවා.. සාමාන්‍යයෙන් මම නෑසෙන ගී රස ලේබලය යටතේ යොමු කරන්නේ එතරම් ජනප්‍රිය නොවුන එහෙත් දෙවරක් අහන්නට සිතෙන ගීත. පහතින් ගීත 4ක් තියනවා, අහල බලන්න. . එම්පීත්‍රී සබැඳුම් www.mp3srilanka.com

දරමිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ ඉඳගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

දෝතින් බොන්නට දියට නැමී
කෙකටිය ගාලෙන් ඉගිලෙනවා
හඳපානට නුඹ නිකිණි මහේ
වැව් ඉස්මත්තේ හැංගෙනවා

අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන්දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා

-සුනිල් ආර් ගමගේ (හරියටම මතක නැත)


රෑ වැඩමුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරලි නැගෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එලියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ


නුඹේ කඳුලැලිද සයුරේ රළ නගන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ


තනිකලේ
කෙළෙසද මා ඔබෙන් වෙන්කළේ
සැඟවුනේ
කොතැනද ඒ නුවන් සැඟවුනේ

මසිත හොවා රුදුරු පාළුවේ
දුරක මැකී ගියද ඔබ මෙසේ
සිතින් ඔබේ ළඟයි මා සදා
ජීවිතේ

තනිකලේ
කෙළෙසද මා ඔබෙන් වෙන්කළේ
සැඟවුනේ
කොතැනද ඒ නුවන් සැඟවුනේ

-කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ



මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට

වසර ගණනක යොදුන් ගණනක
ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව


-බණ්ඩාර කේ විජේතුංග


ජය..
වැම්පයර්

21 comments:

  1. මෙච්චර සුනිල් එදිරිසිංහ මහත්තයගෙ රසිකයෙක් වෙලත් මම අහල තියන්නෙ ඔය සිංදු තුනෙන් රෑ වැඩ මුරය ගීතය විතරයි..

    ReplyDelete
  2. නෑසෙන ගී රස සිංග්ලංකා සීරීස් එකම මා ලඟ තියෙනවා. සීඩී විසි පහක් විතර නේද? 2009 විතර ගැහැව්වේ. පබ්ලික් ලයිබ්‍රි එකේ සේල් එකක් තිබුණා, එකක් රුපියල් 200 යි.

    ReplyDelete
  3. "තනිකලේ..." සිංදුවනම් පුදුමාකාර ලස්සනයි නේද වැම්පෝ?
    අසාමාන්‍ය ගීයක් - ස්තූතියි මචෝ

    ReplyDelete
  4. මේ සින්දු වලින් මම වඩාම ආස " මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි " කියන සින්දුවට... ඒ වගේම නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ සින්දුවටත් මම හරිම ආසයි

    ReplyDelete
  5. හරිම ලස්සන සින්දුවක්! හරිම දුක හිතෙන තලයක්!පුදුම ආදරයක්! මේ හැමදේම කරන්න පුළුවන් සුනිල් එදිරිසිංහ මහත්මයාට පමණි.

    ReplyDelete
  6. dil this is to you,
    හරිම ලස්සන සින්දුවක්! හරිම දුක හිතෙන තලයක්!පුදුම ආදරයක්! මේ හැමදේම කරන්න පුළුවන් සුනිල් එදිරිසිංහ මහත්මයාට පමණි.

    ReplyDelete
  7. මචන් මේ සින්දු ටික බාගන්න විදියක් නැද්ද ?

    ReplyDelete
  8. රැවැඩ මුරය බන්දුල නානයක්කාරවසම් මහතා ලියපු සින්දුවක්

    ReplyDelete
  9. Niyama sindu tika. man gawa Sunil Ederisinghege nasena gee rasa album eka tiyanawa. kochchara ahuwath epa wen ne.

    ReplyDelete
  10. නියමයි වැම්පෝ....! හොඳටම රස වින්දා....!

    ReplyDelete
  11. @තිසා, සමහර සින්දු තියෙනවා අපේ ආත්මයට වදිනවා වැඩියෙන් වෙන ඒවාට වඩා....!

    ReplyDelete
  12. සුනිල් එදිරිසිංහයන්ගේ ආසම සිංදුවක්.. "මගේ සෙනෙහස.."
    පළවෙනි සිංදුව අහලා තිබුණෙ නැහැ.. ස්තූතියි..!! :)

    ReplyDelete
  13. මම සිනිල් එදිරිසිංහගේ ආසම සින්දුවක් තමා "වන්නි වනපෙතේ". ඇත්තට මෙතනින් මම අහල තියෙන්නෙ රෑ වැඩ මුරය විතරනෙ

    ReplyDelete
  14. මමත් මෙතන තියෙන ඔත්තෙ සින්දු ටික අහලා නෑ නෙ. බා ගන්න ඕනෙ...

    ReplyDelete
  15. රෑ වැඩ මුරය බන්දුල නානායක්කාරවසම් මහතාගේ

    ReplyDelete
  16. සමහර සින්දු මම අහලත් නෑනේ!

    ReplyDelete
  17. ගොඩක් ලස්සනයි. බොහොම ස්තූතියි.

    ReplyDelete
  18. අඩේ මේන් මට මිස් වෙච්චි පෝස්ට් එකක් . .

    ReplyDelete
  19. සදකඩ පහනක කැටයම් ඔපලා සින්දුවේ තේරුම දන්නවනං පොස්ට් එකක් දාන්නකෝ අය්යේ

    ReplyDelete
  20. @Haddock මෙන්න http://real-meanings.blogspot.com/2012/01/sandakada-pahanaka-katayam-opala-sunil.html

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails