Saturday, January 21, 2012

විජය කුමාරණතුංග I - Vijaya Kumaranathunga



හොඳ පෞරුශත්වයක්, රංගන හැකියාවක්, ගායන හැකියාවක්, රූපයක්, කථිකත්වයක් යන සියළු අංගෝපාංගයන් ගෙන් සැදුම්ලත් මිනිසුන් වේ නම් ඒ මුළු ලොවෙහිම අල්ප ප්‍රමාණයකි. විජය කුමාරණතුංග නම්වූ මිනිසාට ඒ සියළු දේම අඩු නැතිව පිහිටා තිබුණි. සිංහල සිනමාවේ විජයාගමනය සටහන් වන්නේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ශණය කරන්නට යෙදුනු "හන්තානේ කතාව" චිත්‍රපටයත් සමගයි. නවසිය හැට නවයේ තිරගතවුණු ගමෙන් නගරයේ සරසවියකට ආ තරුණයෙකුගේ කතාව තේමා කරගත් "හන්තානේ කතාව", පසුව තිරගත වූ "දුහුළු මලක්", "දියමන්ති" වැනි චිත්‍රපට වලට හොඳ කතා තේමාවක් සැපයූ වග මගේ හැඟීමයි. මෙහි විජයගේ රංගනය පසුකාලීනව තරම් ඔප මට්ටම් තත්වයේ නොවූවත් දුර ගමනක පෙර නිමිති මොනවට කියාපාන්නක් වුණා. ( මගේ පුද්ගලික අදහස අමරසිරි කලංසූරිය - සහය නළු - හන්තානේ කතාව, ගේ චරිතාංග නිරූපණ හැකියාව විජයට වඩා පිම්මක් ඉදිරියෙන් තිබූ බවයි. නමුත් ඔහුට සිංහල සිනමාවේ පෙම්වතාට සුදුසු වන රූපයක් තිබුණේ නෑ අවාසනාවට!)

හන්තානේ කතාවේ රූගත කිරීම් අතරතුර විජය කුමාරණතුංගට ප්‍රේමසිරි කේමදාසයන් මුණගැසීම සිදුවුණා. සංගීතය පිළිබඳ කිසිදු දැනීමකින් තොරව අපූරුවට ගැඹුරු හඬකින් ගී ගයන විජය කුමාරණතුංග තරුණයා පිළිබඳව කේමදාස මාස්ටර් එකෙණහිම පැහැදුණු බව සඳහන්.


හන්තානේ කතාවෙන් ඇරඹි විජයගේ සිනමා ආගමනයේ සුප්‍රසිද්ධ මං සලකුණු ලෙස කරුමක්කාරයෝ, දියමන්ති, ගඟ අද්දර, නැවත හමුවෙමු, තුෂාරා, දුලීකා, මේ දෑස කුමටද, බඹරු ඇවිත්, හිඟන කොල්ලා, රජ වැඩකාරයෝ වැනි චිත්‍රපට මතකයට නැඟේ. ගඟ අද්දර චිත්‍රපටයත් සමග ක්‍රියාකාරී පසුබිම්, සරළ ගී ගායකයෙකු ලෙසද ජන බුහුමනට විජය පාත්‍ර වීමට පටන් ගති.

විජය කුමාරණතුංග - ඔගස්ටස් විනයාගරත්නම් - නිමල් මෙන්ඩිස් -  ලෙටීශියා බොතේජු ගේ "ගඟ අද්දර" නවකථාව ඇසුරින් සුමිත්‍රා පීරිස් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ "ගඟ අද්දර"

විජය කුමාරණතුංග විවාහ ගිවිසගෙන සිටියේ මාලිනී ෆොන්සේකා මහත්මිය සමගයි. නමුත් විවාහ දිනයේදී විජයගේ අයියා (ජීවන් කුමාරණතුංග ගේ පියා) හදිසි හදවත් ආබාධයකින් මිය යනවා. විජය ගේ මඟුල් ඇඳුම තමයි මිනී ඇඳුම බවට පරිවර්තනය වෙලා තියෙන්නේත්. ඒ එක්කම විජයගේ විවාහය කල් යනවා. පසුව මාලිනී හා විජය විවාහ නොවී සිටීමට තීරණය කරනවා. එකළ තිරගතවූ සියළුම සිංහල චිත්‍රපටවල වගේ "ටැග් ලයින් එක" වුණේ "තවත් විජය මාලිනී පෙම් පුවතක්" යන්නයි. කිහිපයක හැරෙන්නට සියළුම චිත්‍රපටවල  වාගේ විජයගේ ගී හඬ වුණේ ජෝතිපාලයන්ගේ හඬයි.

මේ දෑස කුමටද චිත්‍රපටයේ..දොන් සිරිසේන සමඟ (රෝයි ද සිල්වා)

මිහිදුම් සිහින චිත්‍රපටයෙන්

නවසිය හැත්තෑ හතේ ජේආර් ආණ්ඩුව බලයට පත්වෙද්දී සම්පූර්ණයෙන්ම වාගේ බිඳවැටී තිබුණු ශ්‍රීලනිප ය පුබුදුවාලීමට විජයගෙන් ලද දායකත්වය හේතුවෙන් පක්ෂ උප ලේකම් පදවියද ඔහුට හිමිවන්නේ ශ්‍රී ලාංකික ක්‍රියාකාරී දේශපාලනයේ ස්ථිර ස්ථානයක් ලැබගනිමිනි.



ඉන් වසරකට පමණ පසුව චන්ද්‍රිකා බණ්ඩාරණායක සමග විවාපත් වන විජය හෙක්ටර් කොබ්බෑකඩුව ගේ ඡන්ද සටනේ මූලිකත්වය ගෙන කටයුතු කළේය. පසුව ආණ්ඩුවට විරුද්ධව ජනබලය මෙහෙයවීමේ වරදට සිරභාරයට පවා පත්වීය.


-මතු සම්බන්ධයි

පෙබරවාරි දහසයවැනි දිනට යෙදෙන විජය කුමාරණතුංග ගුණානුස්මරණය වෙනුවෙනි.

ජය..
වැම්පයර්

9 comments:

  1. mawage minissu hitiya kiyala mathak karata oyata thanx. jaya wewa

    ReplyDelete
  2. Good man & good post!

    ReplyDelete
  3. විජය කුමාරතුංග ඒ කාලෙ එක් පුද්ගලයකුගේ මස් කඩෙන් තමයි මස් ගත්තෙ. මේ ඇතිවෙච්ච හිත්වත්කම නිසා ඒ පුද්ගලයාට පුලුවන් වුණා මස් කඩෙන් එලියට ඇවිත් ඇමති කෙනෙක් වෙන්න.
    අද ප්‍රශ්නය මේ පුද්ගලයා කවුද?

    ReplyDelete
    Replies
    1. Who else......Felix Perera....

      Delete
  4. වටිනා ලිපියක් වැම්පා... මට තාම මතකයි අපේ තාත්තා සතියක් තිස්සේ ඇඩුව හැටි..ඒ දවස්වල අපේ ගෙදරත් මලගේ වගේ... පුදුමාකාර විදියට කතා බහ කරන ඕනම කෙනෙක්ව එක පාරින් හිතවත් කරගන්න හැකියාවක් තිබුන ලොකුකම ගෑවිලාවත් නොතිබ්බ මනුස්සයෙක්...

    ඒත් ඔය විජය මාලනීගේ කතාව මේ තරමට විස්තරව කියවෙච්ච පලවෙනි පාරද මංදා...

    උඹ කොහොමත් මෙහෙම වටිනා ලිපි ලියන්ට දස්සයා..බොහෝම ස්තූතියි මේ ලිපියට...
    (මෙහෙම උස්සලා නොතිබ්බොත් තෝ කෑම ජාති හදන හැටි දාලා මගේ සරණීයට පහර ගහන හින්දයි මෙහෙම ලිව්වේ ඈ..)

    අර ඇනෝ අහලා තියෙන්නේ අපේ ෆීලික්ස් උන්නැහේ ගැනද..? මස්ද මාළුද ඔය කියන්නේ..? කොහොම උනත් විජය ආස්සරය කලේ පොඩි මිනිස්සුන්ව කියන එකට ඒකත් උදාහරණයක් විතරයි...

    ReplyDelete
    Replies
    1. ඔයා හරි එයා තමයි

      Delete
  5. ලිඳට වැටිච්ච ජේ වී පී කාරයෝ 'ගොඩ එන්න දඟලන' කොට මැරිච්ච එක 'මාළු පැටියෙක්' තමා විජය. මේ ගොන්වින් සිල්වලා අදත් කියන්නේ විජය යාපනේ ගිහින් සොල්දාදු රූප වලට ඉලක්කේ ඇල්ලුවා කියලා. තමන් ඇත්ත මිනිස්සුන්ට ඉලක්කේ ඇල්ලුවා විතරක් නෙමේ, කොකා ගැස්සුව එක උන්ට අමතකයි.විජය මරා දැමීමෙන් හොඳ නළුවෙකු, ගායකයෙකු, හොඳ මිනිසෙකු විතරක් නෙමේ අනාගත හොඳ පාලකයෙකු ද ලංකාවට අහිමි උනා කියල මා හිතනවා.

    ReplyDelete
  6. විජය මාලනී කතාව ඇහුවමයි... සිරා ලිපිය මචන්... +++

    ReplyDelete
  7. පට්ට, මමත් අද තමයි ඔය ගැන දැනගත්තේ!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails