Saturday, January 28, 2012

නෑසෙන ආදර ගීතයක් - ශෙල්ටන් පෙරේරා Shelton Perera

කිකිණි වැල් ගිගිරි දැල් රසය ගල ගලා
හඬද  ඒ එන්නෙ මේ සුළගෙ මුසුවෙලා

පිපෙන කුසුම් පිපීයන් නොපිපුණු මල් පිපීයන්
සඳ කැල්මෙන් නැහැවිලා  වන දෙව්ලිය හිනැහියන්
ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා

වසන්තයේ සුළං ‍රැල් දිගන්තයේ හමාවී
ආදරයේ ගීතිකා සතර දිගින් ඇසේවී
ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා

සශී පෙරේරා, ශෙල්ටන් පෙරේරා

මක් කිව්ව.. ශෙල්ටන් පෙරේරා අඳුරන්නෙ නෑ? එහෙනං පට්ස් ගාල මෙතනින් බලාගෙන එන්න..
පටිගත  කළේ කැසට් පටයකින් නිසා තත්වන නං එච්චර හොඳ නෑ. ඒත් ඉතිං මෙහෙම හරි තියෙන එක මදැයි.

16 comments:

  1. "මිහි‍රැති වසන්ත කාලේ" මමත් ආසම සිංදුවක්.....

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක නම් තාමත් ඉඳ හිට ඇහෙනවා..

      Delete
  2. සතිශ් පෙරේරා ඕක කියන කැසට් එකක්නං කාලයක් මං ගාවත් තිබ්බා... බොහෝම හිමිහිට යන අපූරු ගීතයක්...

    ReplyDelete
    Replies
    1. සතිශ් හොඳට කියනවා මේක.. කොහොමත් සතිශ් හොඳට තාත්තගෙ සින්දු කියනවා..

      Delete
  3. අඩෝ වැම්පා .. උඹට පින් සිද්ද වෙනවා මචෝ . . .

    මගේ ආසම ගීයක් . . .

    ඉස්සර රේඩියෝ එකේ නිතර ඇහුනු මේ ගීතය අහන්න කන්දෙක පෙරුම් පුරන්න ඇති කියලා මේ සින්දුවේ මුල් කෑල්ල දැක්ක ගමන් ඇතිවුනු සතුට නිසාම මට හිතුනා . ..

    මේ සශී කියන්නේ ශෙල්ටන් පෙරේරගේ බිර්ඳ වෙන්න ඕන . .

    අහලා තියෙන විදිහට ඇය හින්දි භාෂාව කතා කරපු දකුනු ඉන්දියානු නොවන කාන්තාවක්.

    මේ සිදුවේත් ගායිකාවගේ වචන හසුරවන හැටි එක්ක ඒක සමපාත කරලා බලන්න පුලුවන් නේද?

    ඔවුන් කෝට්ටේ මාදිවෙල පදිංචි වෙලා හිටියලු අපි එහේ පදිංචියට එන්න කලින් . .

    එහේ අය කියන විදිහට ශෙල්ටන් පෙරේරාගේ බිරිඳත්, දුව අනුරාධාත්, පුතා සතිෂ්ත් හරිම නිහතමානී බොහෝම ගුන දහම් ඇති අය කියලා තමයි තමයි කියන්නේ . ..

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න සතු‍ටුයි!

      Delete
    2. මේක මේ ඩවුල් ලෝඩ් කරගෙන ආයේ ආයේ අහන ගමන් . ..

      සිරාවට ම උඹට පින් . . .

      Delete
  4. ලස්සන සිංදුවක්.....ස්තුතියි ඔබට..

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණීම සතුටක්..

      Delete
  5. ම්..ලස්සන සින්දුවක්..

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණීම සතුටක්..

      Delete
  6. මම නම් වැඩිය ශෙල්ටන් පෙරෙරා ගෙ සින්දු අහල නෑ... බෙදා ගත්තට ස්තුතියි මචන්

    ReplyDelete
    Replies
    1. මචං ශෙල්ටන් එල.. පොඩ්ඩක් අහලා බලපං..

      Delete
  7. better කොපියක් තිබේ ලඟ මගේ
    එවන්නම් උඩු ගත කරල මම
    ඉතින් තුති මල් පුදමි ඔබහට
    මතක් කෙරුවට මියුරු ගී පද

    ReplyDelete
    Replies
    1. තෙල් ටික.. දෙන්න දෙන්න.. තැන්කූ කිව්වා..

      Delete
  8. මෙල්බර්න්වල තිබුනු සංගීත සංදර්ශනයකදි ෂෙල්ටන් පෙරේරාගේ පුතාත්, දුවත් මේ ගීය ගැයුවා, හරිම ලස්සනට. දැක්කම තමා මතක් උනේ.

    වැම්පයර් කෙනෙක් උනාට ඔයාගේ ගෙදර ලස්සන වෙලා...:D

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails