Thursday, February 2, 2012

හොඳ ඇම්ඩන් කතාවක් - ඊමේලයකි

 (ඊමේලයකින් ලැබුණකි, කතෘ නොදනිමි)

ඔන්න ඉතින් ඇම්ඩන් ස්කොලේ ගිහින් ඉවර නිසා පොඩි ජොබ් කට්ටක් හොය හොය ඉන්න කොට, ජොබ් එකක් සෙට් උනා පේදුරුතුඩුව දෙවුන්දර තුඩුව බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට, ඉතින් මිනිහා හරිම උනන්දුවෙන් තමයි මේ ජොබ් එක කරන්නේ, මිනිහා ඉතින් මාර අසයි බයිලා අහන්න, බස් එකේ යන එන හැම වේලාවෙම මිනිහා බයිලා කැසට් අහනවා,

දවසක් ඇම්ඩා බස් එකේ ඇන්ටන් ජොන්ස්ගේ බයිලා කැසට් එකක් අහ අහ යන අතර එක පාරටම කැසට් එක හිර උනා, ඒ වෙලාවේ කැසට් එකේ ගියෙත් කතරගම් රූප සුන්දරිය මනන්පේරී ගැන තියෙන ඇම්ඩන් ආසම සින්දුවක්, ඇම්ඩන් ඒ වෙලාවේ හිටියේ බස් එකේ පිටිපස්සේ, මිනිහා හනි හනිකට බස් එකේ ඉස්සරහට ගිහින් කැසට් එකට මොකද උනේ කියලා බැලුවා, මාර සීන් එක කැසට් පිස් එක හිරවෙලා කැසට් එක ඇතුලේ, ඇම්ඩන්ට දැන් හොදටම මල, මිනිහා කැසට් පීස් එක ඇදලා එලියට ගත්තා, එත් ඒක හිරවෙලා තිබුන නිසා කැසට් පීස් එකේ පටියේ භාගයක් කැඩිලා පොඩි පට්ටම් වෙලා තමයි පීස් එක එලියට ආවේ. දැන් ඉතින් මොනවා කරන්නද එදා වෙලාවට වෙන කැසට් තිබුනෙත් නැහැ බස් එකේ මොනා කරන්නද කියලා හිත හිත ඉන්නකොට ඔන්න ඇම්ඩන්ට හොද අයිඩියා එකක් ආවා,

මිනිහා ටක්ගාලා ඩ්‍රයිවර්ට කිව්වා මිනිහට සෙලෝටෙප් එකක් ගන්න පුළුවන් තැනකින් විනාඩියකට බස් එක නවත්තන්න කියලා. ඔන්න බස් එල නැවැත්තුවා, ඇම්ඩන් ඉක්මනට බස් එකෙන් බැහැලා කඩෙට දුවලා ගිහින් සෙලෝටෙප් එකයි කතුරකුයි අරගෙන බස් එකට අවා, බ්ස් එක පිටත් උනා, අම්ඩන් දැන් අර කැසට් පීස් එකේ පටිය පොඩි උන තැන කපලා අයින් කරලා කැසට් පටිය ආපහු සෙලෝටෙප් එකෙන් අලවලා අපහු කැසට් එක දැම්මා,

වැඩේ හරි, කැසට් එක එලකිරි වගේ වැඩ, ඔන්න ආපහු ඇම්ඩන් කැසට් එක මුලට රිවයින් කලා කරලා, අපහු කැසට් එක දැම්ම, ටික වෙලාවක් කැසට් එක වැඩ කලා, ඔන්න දැන් ඇම්ඩන් ආසම මනම්පේරිගේ සින්දුව අපහු යනවා, දැන් ඇම්ඩට මාර හැපී,

ප්‍රේමවතී මනම්පෙරි තරුණිය
කතරගමට හිටපු රූප රැජිනිය
පතිවත කෙලසලා අගේ
මරුවේ තිරිසනෙක් වගේ
ශාන්ත අන්තොනි මුනිතුමා....
ඔබ ගුණ ගයමි අද මේමා..........

ඇම්ඩන්ට එක පාරටම තරු විසි උනා, බස් එකේ මිනිස්සුත් එක එක එවා කියන්න පටන ගත්තා මේ සින්දුව ඇහිලා, ඇම්ඩා ආපහු ඉස්සරහට දුවලා ගිහින් බැලුවා මොකද සීන් එක කියලා, බැලින්නම් ඇම්ඩන් අර අලවපු තැන තමයි මේ විදියට වෙලා තියෙන්නේ අයින් කරපු කැල්ලේ මනම්පේරි සින්දුවේ අන්තිම ටිකයි සාන්ත අන්තොනි මුනිතුමා සින්දුවේ මුලටිකයි කැපිලා ගිහින් මේ විදියට තමයි පටිය ජොයින්ට් වෙලා තියෙන්නේ.

18 comments:

  1. හැක් හැක්.. පට්ට ආතල් ඕයි... හයියෝ....ඇයි ඔය ව‍ගේ තව සීන් එකක් තියනවා...

    බුදු තාත්තෙ බොන්න බොන්න බොන්න බොන්න

    එපා කියන එකට එන්න කලින් CD එකේ ට්‍රැක් පයිනවා...

    ReplyDelete
  2. හොහ් හොහ් හොහ්...... :D

    ReplyDelete
  3. අන්තිම පේලියෙ ගියා නේද?

    ReplyDelete
  4. ඇයි අර අනිල් භාරතීගේ "මලකින් බේරෙන පැණි බිංදු" හිරවෙලා "මල කිංබේ කිංබේ කිංබේ.." කියලා REPEAT වුණාලු

    ReplyDelete
  5. ඇයි එක ගායකයෙකුගෙ තිබුන මුත්තයියා මුරලිදරන් ගැනයි සෝම හාමුදුරුවො ගැනයි. ඒක වාදනය උනේ මෙහෙම,
    (මේ නොනිමෙන දිවි ගමනේ තාලයට)
    මුත්තයියා මුරලිදරන්.....
    දෙසු බන කද නිමක් නැතී......
    අපවත් වුන පුවත ඇසී.....
    අපි ඇඩුවා තවම මදී.....

    ReplyDelete
  6. පට්ට! ඇම්ඩා කරොත් .......

    ReplyDelete
  7. හික්....
    ඉස්සර රේඩියෝ වල සින්දු වල එකම වචනේ රිපීට් වෙන එක හරියට වෙනවා

    ReplyDelete
  8. ශාන්ත අන්තෝනි මුනිඳුන් මුදු යන අයගේ පිලිසරණ
    උන්නැහෙලා එතුමන්ට පුද පඬුරු බාර හාරවෙලා එහෙම තමා බෝට්ටුව දාන්නේ
    ඉස්සර නාගයන්ට තිවුණු අවලෝකීතේෂ්වර වන්දනාව යටපත් වෙලා ශාන්ත අන්තෝනි මුනිඳුන් එතැනට ආව කියා කියනව මම අසා තියනවා - මූදුකරේ එහෙමනම් ඔය කථා කියන්ට එපා මලේ - ආගම මොකක් වුනත් උන්නැහෙලට උන්නැහෙලගේ ආරක්ෂකයා තමා එතුමන්

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තිස්ස අයියේ පොදුවේ ආගමක් නැතුව මුහුදු යන අයගේ ආරක්ශකයා විදිහට ඉන්නේ අන්තෝනි මුනිතුමා, කොළම කොච්චිකඩේ පල්ලිය ඒකට සාක්ශියක්,එතන කතෝලික අයට වඩා ඉන්නේ අන්යාගමිකයෝ අගහරුවාදට, වැම්පෝ බලාගෙන

      Delete
  9. මේක අන්තිම පේලියෙ ගියා නේන්නම්....

    ReplyDelete
  10. මේක දැක්කම මතක් උනේ අර 'බුදු තාත්තෙ බොන්න එපා' සින්දුව හිර වෙලා. 'බුදු තාත්තෙ බොන්න බොන්න බොන්න' කියල ගියපු කතාව.

    ReplyDelete
  11. ඇයි අර අල සීසන් එකේ පොරක් කිව්වෙ...

    කන්දේ හැපුනා මහ වනන්තරේ
    28 ගුවන් යන්තරේ
    පතිවත කෙලසලා
    ඇගෙ මැරුවෙ තිරිසනෙක් වගේ...
    මාතර ගං කොමලි නිල්වලා...

    http://www.youtube.com/watch?v=SRWIxmcHOmY

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails