Thursday, February 23, 2012

නෑසෙන ගී රස - ටෙලි නාට්‍ය ගී කිහිපයක් - එම්පීත්‍රී සහිත



මට මතක විදියට අන්තිමට ලංකාවේ ටෙලි නාට්‍යයක්   හරියට බැලුවේ  මීට අවුරුදු අටකට විතර කළින් වෙන්න ඕන. අනූව දශකයේ අගින් පස්සෙ සෑහෙන්න හොඳ රස වින්දනයක් වගේම සමාජයට වැදගත් පණිවුඩත් ‍රැගෙන ආපු ලාංකීය ටෙලි නාට්‍ය කලාව වාණිජකරණය වී ගොන් පාට් බවට පත්වූයේ අපිටත් නොදැනීමයි. අනේක විද අකුරු පහේ, හතරේ, තුනේ, දෙකේ ගැහැණු නම් වලින් පිරුණු  ලංකාවේ ටෙලි ගැන දැන් මට ඇත්තේ කළකිරීමක් විතරයි. වෙනස් වීමේ, නව මායිම් සොයා යෑමේ වරදක් මා දකිනවා නොවේ.

අඹ යහළුවෝ.. අදත් මට මතක් වෙන හිතට තේරුම් කරන්න බැරි බොහොම ලස්සන හැඟීමක්.  ඉස්සර වෙලේ දුවපු හැටි, සරුංගල් යවපු හැටි.. හවස ඇලට පැනලා  දියබුං ගහපු හැටි.. එදා එකට හිටපු.. අද දකින්නටවත් නොලැබෙන මිතුරන්..

ක‍ටු අකුලේ - මුල් පිටපත

හොඳම දේ දරුවන්ට.. සමානාත්මතාවයේ මුල් පාඩමක් මට ඉගැන්වූ සුවඳ කැකුළු ටෙලි නාට්‍යය..

සුපිරි ගණයේ ප්‍රතිභා එකතුවක්..  ඉටි පහන් ටෙලි නාට්‍යයෙන්

අඹු දරුවෝ.. මගේ ගීත වාදන යන්ත්‍රයේ නිරතුරුව වැයෙන්නක්...

අවසඳ.. කතා තේමාව නම් මතකයෙන් ගිලිහිලා..

පසුව හමුවෙමු.. මෙතනත් එකක් තියෙන්න ඕන..

http://blogvampa.blogspot.com/2010/08/nawathanpole-oba-unna-i.html

26 comments:

  1. මේ හැම ගීතයක් වගේම මගෙ හිතේ ඇඳුන ලස්සන වාදනයක් කියනව..ඒ දූ දරුවො නාට්‍යයෙ තේමා වාදනය.. පුදුම විදියෙ දුක්බර වාදනයක් එක වෙලාවකට.. ඔය වගේ මතකෙ තියන වාදනයක්වත් දැං කාලෙ යන මෙගා නට්‍ය වල තියනවද..මගෙ කාලෙ හැටියට මම දැකපු ලස්සනම නාට්‍ය ටික කලේ නාලන් මෙන්ඩිස් සුසිල නිශ්පාදන එකමුතුවෙන්...

    ReplyDelete
    Replies
    1. ඔව්.. මමත් ඉස්සර සුසිල රසිකයෙක්..

      Delete
  2. අහල තියෙනවාද මහේන්ද්‍ර පෙරේරා රඟපාපු දියසේන ටෙලි නාට්‍යයයේ තිබුණ රූකාන්ත කියන තනිකම පොරවාගත් ජීවිතයකි අඳුරේ ගීතය...

    ReplyDelete
    Replies
    1. නෑ මචං.. තියෙනවානම් දීපංකො..

      Delete
    2. මෙන්න මචෝ සිංදුව, ඒත් මේක කියන්නේ රෑකාන්ත නෙමෙයි මම කලින් කියලා විදියට. මේකෙත් සම්පූර්ණ එකම නෑ
      http://soundcloud.com/user8954875/lokanthaya-theme-song

      Delete
  3. හොඳ තීම් එක වැම්පා - මේවා මෙහෙම සිංහලෙන් ජාලයට එකතු වෙලා තියන එක හරිම වටිනව
    වැඩ රාසියක් එක්ක, වගකීම් රාසියක් එක්ක මෙහෙම දේවල් ජාලයට එකතු කරන එකට බොහොම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තටම කරන්නෙ ස්ට්‍රෙස් එක නැති කරගන්න තිස්ස අයියෙ..

      Delete
  4. ඉටි පහනක්..මං ආසම ගිතයක්!

    ReplyDelete
  5. හුඟක් වටින වැඩක්....
    මේ ජාතියේ ලිපි ටිකක් ඉස්සරහටත් දාන්න.

    ReplyDelete
  6. අද නූර්ති ගී බ්ලොග් එක පැත්තෙ ගියාම හිතුනෙ ටෙලි නාට්‍ය ගීතත් අහන්න තියනවා නම් කොච්චර හොඳද කියලා..මෙන්න ඒක හිතනකොටම අහන්න හම්බවෙලා..ස්තුතියි ගොඩාාාක්..

    ReplyDelete
  7. දෙවියනේ ... මේ කොහොමද මම හෙව්ව සින්දු පහක්ම වෑම්පා පෝස්ට් එකෙ දාල තියෙන්නේ... පරන ටෙලි සින්දු හොයන්නෙ මතක ඈති කාලෙ සිට... ගොඩාක්ම ස්තූතියි.... !!!!!!

    ReplyDelete
  8. නියමයි වැම්පො. අර "රේඛ" එකේ ඔරිජිනල් ටිකත් දාල තියහං.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රලේඛා තරු එලියද හිරිහැර කරයි කිව්වෙ ඕකට නේ..

      Delete
  9. අළුත් ටෙලි නාට්‍යය වල සින්දුත් හෙයා ගන්න පුළුවනි වෙයිද..?

    අර බදාදා රෑට ජාතික රූපවාහිනියේ යන එකේ සින්දුව.. :)

    ReplyDelete
  10. අවසඳ ටෙලිනාට්‍යයේ මේ ගීතයට මම පුදුම විදියට ආදරය කළා මතකයි. මට මතක විදිහට ඒකෙ රඟපෑවෙ ගෝතමී පතිරාජ සහ ඩග්ලස් රණසිංහ. ඩග්ලස් රණසිංහ රඟපෑවෙ පෝසත් පවුලක රියදුරෙකුගේ චරිතය. ගෝතමී පතිරාජ ඒ පෝසත් පවුලේ දියණියක්. තමන්ගේ පෙම්වතා භීෂණයේ ගොදුරක්ව (භීෂණයට මුවාවෙලා පවුලෙ අයම අය අතින්ද ?) මියයෑම නිසා මානසිකව රෝගී වුණු මේ තරුණියත් රියදුරාත් අතර ඇතිවන බොහොම සංවේදී හා මානුෂික සම්බන්ධය ගැන කතාවක් කියලා තමයි මතක. හැබැයි මට මතක විදිහට මේ කතාව ඛේදාන්තයක්.
    පුළුවන් නම් තාරාදේවී හා පොද වැස්සක් වලත් ගීත පළකරන්න. විශේෂයෙන්ම පොද වැස්සක් එකේ "කිරිල්ලියක් විය තටු නැත ලැබිලා".
    ඒ වගේම මම කුඩා කාලේ ඉතාම ආසාවෙන් බලපු තව කතාවක("අපි යාළුයි" වගේ තමයි මතක ) ගීතයක් තියෙනවා "එහෙනම් නපුරු කමද වැඩිහිටිකම කියන්නේ" කියලා. ඒකත් තියෙනවා නම් පළ කරන්න.
    බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට මේ කතාව අවසානය දක්වා ප්‍රචාරය කෙරුනේ නැහැ.එවකට තිබූ රජය විවේචනයට ලක් කළ නිසා මෙය රජය විසින් අතරමඟ නතරකර දැමුවා.

      Delete
    2. මාලනී බුලත්සිංහලගේ 'කිරිල්ලියක් විය' ගීතය මෙතනින් ගන්න.

      http://srimp3.com/category/malini-bulathsinhala/

      තාරා දේවි නාට්‍යයේ ගුණදාස කපුගේ කියන 'මංමුලාවී පාර සොයාගෙන' ගීතය මෙතනින් ගන්න.

      http://www.mediafire.com/?nmzzl2mzylk

      Delete
    3. අපි යාළුයි නෙමෙයි පුංචි පැටව්.. සෙනසුරාදා හරි ඉරිදා හරි උදේ ගිය එක නේද? 

      Delete
  11. මමත් ටෙලි නාට්‍ය බැලිල්ල අත හැරලා දැන් ටිකක් කල්. මම ඉන්ටෙර්නෙට් එකේ ඉන්න අතර ගෙදර අය බලන ටෙලිනාට්‍ය වල දෙබස් ඇහෙනවා. අනේ ඉතින් ඒ කතා බලන අය ඒවා බැලුවත් ගංජා ගැහුවත් එකම සුවය තමයි. කලාතුරකින් එකක් දෙකක් ටිකක් වෙලා ඇහෙනකොට බලන්න හිතෙනවා. විනාඩි දෙකකට වරක් නවත්තලා විනාඩි තුනක් දැන්වීම් දාන නිසා ඒ බැලිල්ලත් නිකම්ම නතර වෙනවා. මේ තරමට පහත් ලෙස වානිජකරනයවීම ගැන එක ප්‍රේක්ෂකයෙක්වත් කතා නොකරන්නේ ඇයි. මම ලිපි, ඊ මේල්, සිය ගණනක් යැව්වා හරුප එහෙමත් ලියලා. උත්තර නැහැ. පැරණි ටෙලිනාට්‍ය ගීත රාශියක් මගේ ලඟත් තියනවා. හැබැයි මම මැරුණම ඒවා අහන්න කෙනෙක් නැති බව ස්ථිරයි. අපේ ගෙදර ඒවාට රසිකයෝ නැහැ.

    ReplyDelete
  12. කතාව දන්නේ නැති උනාට අඹු දරුවෝ එක ලස්සනයි.:)

    ReplyDelete
  13. තරහ වෙන්නෙපා වෙන වෙනම උත්තර බඳින්නේ නැතිවුණාට. හැමෝටම ස්තුතියි.. හොයන සින්දුවක් හිතේ තියනවනම් හිත හිතා ඉන්නෙපා.. අහන්න.. :)

    ReplyDelete
  14. ගන්ගා සහ නිශ්ශන්ක එකේ සිනා පිපෙනා මෙ වසන්තෙ සින්දුව....

    ReplyDelete
  15. අග පිපි මල් වල නදික ගුරුගෙගේ අහස ගුගුරා සින්දුව....

    ReplyDelete
  16. ඒ කාලෙ බලපු ඒත් අදටත් මතකෙ තියෙන ටෙලි නාට්‍ය කීපයක් තමයි..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails