Saturday, February 25, 2012

නිකං ස්ටාර්ස් හා සුපර් ස්ටාර්ස්




මේ වීඩියෝවෙ තියෙන එකම විශේෂත්වය නදීක ගුරුගේ හා ඉන්ද්‍රචාපගේ විශිෂ්ඨ හඬ පාලනය හා වාදනය විතරක් නෙවයි. අනිත් ඉන්න සැට් එක ඒක රස විඳින ආකාරයත් මේකෙන් නියමෙට පේනවා. රසවින්දනය පුද්ගලානුබද්ධයි. සෑහෙන්න හොඳ උදාහරණයක් මේක. නදීක ගුරුගේ කියන්නෙ මට හිතෙන විදියට අමුවෙං ගහනවා, එහෙම නැත්නං බොක්කෙං ගහනවා, කියන ලෙවල් එකේ සංගීතවේදියෙක්.  වැඩිය ජනප්‍රිය නැතිවුණත් සැබෑ දක්ශයෙක්. බලල බලන්න. අහල බලල විතරක් මදි වෙයි! පනම් අටෙන් කවර්ස් වල සෑහෙන්න වෙනස් විදියේ මූඩ් එකක් තියන කවර් එකක්. නෙවිල් මේකෙ මුල් ගායනයේදී ඉංගිරිසි සම්භාව්‍ය ඌරුව අනුගමනය කරන්නේ. සැබෑ සංවේගජනක පණිවුඩය ලැබෙන්නේ නීලා වික්‍රමසිංහ මහත්මියගේ ගායනයෙන්. (ඒ මට හිතෙන හැටි!). මේකෙං නම් මට එහෙම මුකුත් හිතුනේ නෑ. ඒත් මේකත් නරක නෑ!

18 comments:

  1. ඒකෙත් ගතියක් තියෙනවා.

    ReplyDelete
  2. Ado meka ela machan

    ReplyDelete
  3. මමත් සෑහෙන්න ආසා කරන චරිත දෙකක්. බලන්න මෙතන ඉන්නේ දෙන්නයි, වාදනය කරන්නේ ගිටාර් දෙකක්, එත් කොච්චර අපූරුද ?
    මේ වගේම එකක් තියෙනවා මල් වරුසාවේ song එකට, කසුන් සහ ඉන්ද්‍රචාප ගායනා කරන, ඒක නම් මං කාලයක් සෑහෙන්න අහලා ගිරවා ගෙන හිටියේ harmony sing කරන විදිය, දැන් නම් ayeth අහන්න වෙයි වගේ.
    :)

    ReplyDelete
  4. නදීක ගුරුගේ කියන්නේ දෑනට ඉන්න සුපිරිම සංගීත අද්යක්ශක කෙනෙක්,අපි කියන විදියට කීවොත් සිරාම වෑඩ්ඩෙක්.හෑබෑයි මිනිහා වෑඩ කරන්නේ මෙනිහගෙම ශල්‍යකට,ඒකයි තියන විශිශය,කොහොමත් කේමදාස මාස්ටර් ගත්තොත්,එයාත් යම් ආරකට වෑඩ කරන් ගියපු සුපිරි සංගීතක්ඣයෙක්,
    සුපර් සට‍්ර හා නිකන් ස්ටාර් අතර වෙනස බලන්න නම්,ඔය උඹ දාපු ප්‍රෝග්‍රෑම් එකෙම මාස්ටසර් සිංදුවෙන් පස්සේ අර අනික් ඩයල් එක ටිකීල සන් රයිස් ප්ලේ කරන්වා,මේ ගීත දෙකේ වෙනස බලන්න,ආයි ඊටපස්සේ නදීකත් ඉන්ද්‍රචාපත් වේදිකාව ගීතය ගායනය කරන්වා එකත් මාරම ලස්සනට ප්ලේ කරන්වා...

    ReplyDelete
  5. ගී පද බ්ලොග් එකට මාස්ටර් සර් සින්දුව ලියන්න ගිහින් මට හම්බ වුණා අපූරු බ්ලොග් එකක්. ඒකෙ තියෙන්නෙ එකම එක පෝස්ට් එකයි. ඒ තියෙන්නෙත් මාස්ටර් සර් ගීතයේ කවර් වර්ෂන් ගැන. මම හිතන්නෙ මේ තරම් කවර් වර්ෂන් තියෙන වෙන සිංහල ගීතයක් නැති තරම්...

    http://goo.gl/5ZK5q

    මේකෙ මේ සමන් ද සිල්වා කියන එක නම් වැඩ නෑ. ඒක හොයාගන්නත් ලැබුණෙ නෑ.

    නීලා වික්‍රමසිංහ නෝන කියන එක තමයි අපට හොඳටම වැදිල තියෙන්නෙ. ගොඩක් දෙනෙක් මාර්ටර් සර් ගීතය දන්නෙත් නීලගෙ සින්දුවක් විධියට. නමුත් මම පුද්ගලිකව කැමතියි මුල් එකට. හඬට යටින් යන ශෝකී ගතියක් මට ඒකෙ දැණෙනවා.

    මේ වර්ෂන් එකේ ‍අමුතුම ගල් ගතියක් තියෙනවා. :-)

    ReplyDelete
  6. නදීකගේ උත්තානය කියලා ඉන්ස්ටෘමන්ට් මියුසික් සෙශන් එකක් තියෙනවා බලන්නකෝ..කියලා වැඩක් නෑ....

    ReplyDelete
  7. අර පබා හිනා උනේ ඇයි කියල හිතාගන්න බෑ. එතන හිනා යන දෙයක් උනාද??

    නීලාගේ වර්ෂන් එකට වඩා මේක වෙනස්. ඒත් දෙකටම කැමතියි. මේ වර්ෂන් එක සාමාන්යෙන් ඇහෙන සින්දුවලට වඩා වෙනස්.

    ReplyDelete
  8. මගේ ප්‍රියතම ගායකයෝ තුන්දෙනා කසුන්,ඉන්ද්‍රචාප,නදීක! :)

    ReplyDelete
  9. නදීක කියන්නේ පට්ටම පට්ට සංගීත කාරයෙක් මචන්.. විවාදයක් නෑ මචන්.. ඒත් ඉන්ද්‍රචාප දුවන්නේ එක පීල්ලක විතරයි... එතනින් එහා ට්‍රැක් පනින්නෙම නෑ.. ඒ නිසා එයාගේ සමහර ප්‍රොජෙක්ට් ෆේල් කියලයි මට හිතෙන්නේ.... නදීක ඉන්ද්‍රචාපත් එක්ක කරන එකට වඩා එහා දෙයක් කසුන් එක්ක එකතු වුනානම් පට්ටෙටම කරයි කියලයි මට හිතෙන්නේ මචන්... මෙතනදිත් මම දකින්නේ නදීක තමන්ගේ සඟයාට වඩා හැතැප්ම ගානක් ඉදිරියෙන් ඉන්නවා කියලයි...

    ReplyDelete
  10. ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

    ReplyDelete
  11. නදීක , ඉන්ද්‍රචාප දෙන්නාම තමන්ට ආවෙණික ශෛලියක ඉන්න දක්ශයන් දෙන්නෙක් , නමුත් ඔවුන් එතනින් එහාට යත්දි අසාර්ථක වෙන එකයි කණගාටුව . හොඳම උදාහරණය අබා චිත්‍රපටිය , චිත්‍රපටියේ සංගීතය , රසාස්වාදයක් මතු නොකරන තරමයි , චිත්‍රපටියක් තුලා ගීතමය භාවිතාවක් කියන්නේ යථාර්තය ඉක්මවා යාමක් , ඒහෙම දෙයකදි අනවශ්‍ය ලෙස ජනසංගීත අභාෂය එක්ක යථාර්තවාදි වෙන්න ගිහින් මෙලෝ හරක් නැති සංගීතයක් නිර්මාණය කලාද කියල හිතෙනවා . කේමදාස මාස්ටර් මෙතනදි ඉන්නේ ඉතාම ඉහල තැනක , ගරිල්ලා මකටින් චිත්‍රපටියේ සමස්ථ සංගීත අධ්‍යක්ෂනය ජනගී ඇසුරු කරගෙන කන පිනවන මාධූර්යයක් බවට පත්කරලා තියනවා . දක්ෂයා සහ විශිෂ්ටයා වෙනස් වෙන්නේ අන්න ඒ වගේ දේවලින්

    මේ ගීතයට වගේම භාතියලගේ වර්ෂන් එකටත් මම කැ,මතියි

    ReplyDelete
  12. මේ වීඩියෝ එකම ගැන මීට අවුරුද්දකට විතර කළිං මම ලිව්වා....
    ඒක සමහර විට ඔබ දකින්නත් ඇති. නොදකින්නත් ඇති.
    නිකමට වගේ ආයෙත් ලිංක් එක දාන්නං.
    http://rana-liyana-blog.blogspot.com/2011/04/blog-post.html

    ජය වේවා!!!

    ReplyDelete
  13. නෙවිල් ද නිමල් මෙන්ඩිස් ද වැම්පෝ???

    මට මේක අල්ලලා ගියේ නෑ බං -
    අර "...වෙයිදෝ...ඕ" කියන තැන නිකං මයිකල් ජැක්සන් ගේ සින්දුවක් වාගේ ඇහුණා -
    මම ඕතඩොක්ස් වැඩි ඇති දැන්

    ReplyDelete
    Replies
    1. නිමල් මෙන්ඩිස් කියන්නෙ කඩ්ඩ එක කළු දිය දහර චිත්‍රපටියේ. නෙවිල් ප්‍රනාන්දු කියන්නෙ සිංහල එක.

      Delete
  14. රසවින්දනය පුද්ගලානුබද්ධයි. ඒ මටත් හිතෙන හැටි.

    සිංදුව එච්චරම නරක නෑ...:D

    ReplyDelete
  15. කලින් අහපු මන් ආස ගීයක් වෙනස් කරනවට මන් ආස නැහැ . ඒත් මට ඕන විදියට ලෝකේ කැරකෙන්නේ නැති නිසා ඕන එකක් . නදීක දක්ෂයි . ඉතින් අලුතින් යමක් කළා නම් වඩා වටි.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails